සුබ සතියක් වේවා යාලුවනේ...ඉතින් ගොඩක් යාලුවෝ. ඒ වගේම අපේ යාළුවොන්ගේ සහෝදර සහෝදරියෝ අම්මල තාත්තල ඔන්න අද ඉදල හා හා පුරා කියල තම තමන්ගේ රැකියාවට සතුටින් යන්න ඇති නේද අලුත් අවුරුද්දේ ගොඩක් සාර්ථක වෙන්න ඕන කියල පතාගෙන අලුත් විදියට වැඩ අරබන්න නේද යාලුවනේ..
ඔය අතරේ ඉතින් කැවිලි පෙවිලි ටිකකුත් ඔතාගෙන යන්න ඇති යාළුවොත් එක්ක බෙදා හදාගෙන කාල සතුටු වෙන්න..ඉතින් තාමත් විනෝද චාරිකා වල නිරත වෙන අයත් නැතුවම නෙවෙයිනේ..
හැබැයි ඉතින් ඔය කිසිම දෙකට නැතුව වෙනද වගේම ගෙදර ඉන්න අයත් නැතුවම නෙවෙයි...
එකත් එහෙම අතරේ අමතක කරන්න හොද නෑ අවුරුද්ද නම් ඇවිත් ගියා දැන් ඉතුරු දවස් ටික ගෙවන්න සල්ලි අතේ කීයක්වත් නැතිව ලතවෙන අපේ අම්මල තාත්තලත් ඔය අතරේම ඉන්නව ඇති නේද...
ඔන්න ඉතින් අපේ හැමෝටම නොයෙකුත් සතුටු හිතෙන දේවල් වගේම දුක හිතෙන දේවල් වලින් පිරුන සමාජයක නේ අපි මේ ඉන්නේ..
ඉතින් අපි හැමෝටම සතුට වගේම අවසානයේ දුකත් උරුම වෙන්න හේතු ගොඩක් තියෙනවා කියල දැන දැන තමයි අපි මේ තාවකාලික සැපයක් කෙරෙහි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න හදන්නේ..
හැබැයි ඒ කියන්නේ ජීවත් වෙලා වැඩක් නෑ මැරෙන්න කියල කියන එකද යාලුවනේ..නෑ සියදිවි නසා ගැනීමත් එක්තරා පාප කර්මයක් කියල ඔයාල අපි හැමෝවම වගේ දන්නවනේ..ඉතින් මොකද්ද යාලුවනේ මේ දේවල් අවබෝධ කරගන්න පුළුවන් තත්වය...
අපි අපේ මේ ජීවිත කාලෙන් වැඩි හරියක් කල් ගත කරන්නේ මොකක් බලාපොරොත්තුවෙන්ද කියල කල්පනා කලොත් ඒ දේ නියම ආකාරයෙන් අවබෝධ වෙනවා...
බලන්න යාලුවනේ අපි කොච්චර දුක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ මොකක් නිසාද???
යම්කිසි දවසක සැප ලබන්න ඕන කියල හිතාගෙන නේද...
ඉතින් ඒ සදහා අපි කොයි තරම් දුක් විදිනවද..
එහෙම බැලුවම අපි සැපයක් ලබල තියෙනවද නෑ නේද..?අපේ හිතේ හැම දෙකටම කලින් ස්ථිරත්වයක් තියෙන්න ඕන යාලුවනේ...
මම පොඩි උදාහරණයක් දෙන්නම්....
අපේ පවුලේ අය වගේම සහෝදර සහෝදරියෝ දන්නවා මම නිකන් පිස්සු පොරක් කියල.අමුතු විදියට හිතන පතන කෙනෙක් කියල..එයාලත් මේ වෙබ් අඩවිය කියවනවා.සමහර අය නම් හැමදාකම කියවනවා..ලිපියක් පල උනේ නැත්නම් කෙටි පණිවිඩයක් හරි දානවා...
ඉතින් ඔන්න අවුරුද්දට එයාල අවම ඊයේ හවස මාව වටකරගත්ත(ලොකු කමකට නම් කියනවා නෙවෙයි..ඇත්තටම මම දන්නා දෙයක් නෑ හොදද..)
ඉතින් අරම කට්ටිය එකතුවෙලා මට කියුව..
"ඒයි මනුස්සය..අපිට බන ටිකක් කියන්න..ඔයා ඉතින් ධර්මෙන් නේ කතාව,අපිටත් හැදෙන්න මොනවා හරි කියන්න" කියල කියුව...
යාලුවනේ මම ඉතින් බැලුව මෙතනට කොහොමද මාතෘකාවක් ගන්න ඕන කියල..ඇත්තටම මට ප්‍රධාන මාතෘකාවක් මගේ හිතට ආවේ නෑ..මොකද එතන විවිධ පුද්ගලයෝ උන්න..විවිධ මත දරන අය ඉදිය..
ඉතින් මම කෝකටත් කියල මුලින්ම එක ප්‍රශ්නයක් ඇහුව..
"හරි හරි මම ඉතින් කියන්නම්..එහෙනම් දැන් මං මේ කියනදේවල් අහල ඔයාල මොකද්ද කරන්න ඉන්නේ "
කියල ඇහුව..
ඉතින් එයාල කියනව(හැමෝම නෙවෙයි)
"නෑ ඉතින් බලමු නිකන් කියන ඒවා අහන් ඉදල ඉතින් පොඩ්ඩක් හැදෙන්න පිළිපදින්න බලන්න ඇහුවේ ඉතින් කියනෝ..."
කියල කියුව...
ඉතින් යාලුවනේ මම කතාවට ආරම්භයක් ගත්ත..කොහොමද දන්නවද "ඇයි අපේ ඒ යාළුවොන්ගේ හිතේ කිසිම අරමුණක් නොතිබ්බේ..එයාල පිළිතුර දුන්නේ
"හැදෙන්න ඕන"කියන ස්ථිර අදහසින්ද නෑ..
නිකන් හැදෙන්න බලන්න..ඕන නම් එපා නැත්නම් එත් එපා වගේ අර හිතේ අදහස විචලනය වෙමින් තමයි අහපු මුල්ම ගැටලුවට පිළිතුරක් දුන්නේ.. "
හරි දැන් ඔන්න ඒ කතාව ඉවරයි...
ඉතින් ඇයි යාලුවනේ එහෙම උනේ..එහෙම වෙලා අපිට මේ සසරින් එතෙර වෙන්න පුලුවන්ද..
කවදාවත් බෑ.
අපේ නායකතුමා අවධාරණයෙන් අපිට කියුවේ නිවැරදි අදිෂ්ටානයෙන් යුක්තව සෑම දෙයක්ම කරන්න කියල..
හැබැයි පාරාජය තුල ජයග්‍රහණය සැගවිලා තියෙනවා කියලත් අවබෝධ කරගන්න ඕන..ඒ වගේම අසාර්ථකත්වය තුල සාර්ථකත්වය තියෙනවනේ යාලුවනේ...
අන්න ඒ වගේ තමයි..
මේ වගේ අපේ හිත විචලනය වෙමින් කවදාවත් ඒ මාර්ගයක යන්න අපහසුයි..එකට හේතුව තමයි අපේ හිත දුවපු මාර්ග වැඩයි යාලුවනේ..මට දැනුන විදියට උදාහරණයක් දෙන්නම් මුදුන් මුලක් එක්ක තියෙන තන්තුමුල් වගේ අපේ සිතුවිලි..
මුදුන් මුල ඇවිල්ල අපේ සැප කයන දේ..ඉතින් ඒ සැප සොයාගෙන අපි නොයෙකුත් වැඩ කරනවා..අපේ හිත හතර වටෙටම දුවනවා නිකන් අර පැතිරුණ තන්තු මුල් වගේ..අපේ හිත ගොඩක් ව්‍යාකුල වෙලා නේද..
හිතට නිදහසක් නෑ කියල කියන්නේ අන්න ඒ නිසා..
එත් අපේ හිත කෙලින්ම එකම දෙකට පමණක් නම් අපිට පහසුයි මේ සැප ලබාගන්න....
එකට මුලිනම අපේ හිතට ඇතුළුවන නව ආශාවල් වලට මග සලසන දොරටු වහන්න ඕන යාලුවනේ..ඒක කරන්න කාටවත් බෑ..අපිම අපි විසින්ම වහගන්න ඕන..ගොඩක් දේවල් කෙරෙහි අපි ඇතිකරගන්න ආශාව නැති කරගන්න ඕන.
ඉතින් අපි අපි විසින්ම අපේ හිත පාලනය කරගන්නවා නම් හරි.එතකොට කවදාවත් අපේ මේ මායාවල් වලට හිත රවට්ටන්න බෑ..
බලන්න යාලුවනේ මේ පහත මං දක්වල තියෙන චාමර වීරසිංහ මහත්මයාගේ ගීතය..ඒ ගීතයේ පද මාලාවේ අර්ථය තේරුම් ගන්න බලන්නකෝ..යම් දෙයක් ඔයාලට තේරුම් යාවි...මොකද්ද තේරුම් යන්නේ?ඇයි අපි කොච්චර කරලත් අපි ලබන්න බලාපොරොත්තු වන දේ අපිට නොලැබෙන්නේ...තනියම හිතන්න යාලුවනේ..යම් දෙයක් දකීවි.
අපි අසු බන මදි උනාද මේ දම් දීපේ
සිල් ගත්ත පිං කෙරුව දිවා රෑ දෙකේ
අතරමං උනේ කොහොමද අපේ ජීවිතේ
අපේ ජීවිතේ..
සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ..
පැතුවා හැමදා පේ වී අපි නිර්වානේ..
දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවනේ.
වැද වැටුනා සාදු කියා අපි තුන් සරණේ..
භාර හාර වී වැද වැද අටමස්තානේ
කරුණා කෙරුවා පේ වී මුණි සිරිපාදේ..
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ...
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි අසු බන මදි උනාද මේ දම් දීපේ
සිල් ගත්ත පිං කෙරුව දිවා රෑ දෙකේ
අතරමං උනේ කොහොමද අපේ ජීවිතේ
අපේ ජීවිතේ..
ඉතින් යාලුවනේ අපි මේ රැවටිලා ඉන්න ලෝකෙට තව තවත් රැවටෙන්නේ නැතුව යථාර්තය අවබෝධ කරගෙන නිවැරදි කොතනද යන්න වටහාගෙන අලුත් අවුරුද්ද පරිපුර්ණ කරගන්න උත්සහ ගන්න කියල මම අපේ යාලුවොන්ගෙන් ඉල්ලනවා....මොකද අපි කාටවත් බැරි දෙයක් නෑ.අපි හැමෝම හිත දියුණු කරන්න නෙවෙයි..හිතන විදිය දියිනු කරන්න හැකියාව නොඅඩුවම පවතින උතූම් මනුස්සයෝ පිරිසක් නේද...උත්සහ කරලා බලන්නකෝ..

2 Comments
උබේ උදාහරණ නම් එලට හිතට වදිනව.
ReplyDeleteස්තුතියි යාලුවා....
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....