සල්ලි වැඩිපුර ඉක්මනටම හොයන්න....(දෙවන ලිපිය)


සුභ සති අන්තයක වේවා යාලුවනේ ඔයාල හැමෝටම..ඉතින් හැමදාම වගේම ලිපි ලියන්න ඉඩක් ලැබුනේ නැති උනාට  ලැබුන ගමන් ලියන්න කියල හිතුන.ඒ ඉතින් කලින් දීපු පොරොන්දුවක් ඉටු කරන්නත් අමතක නොකරපු නිසා.අපි මීට කලින් ලිපිය නෙවෙයි ඊට කලින් ලිපිය මගින් පොඩි දැනුවත් කිරීමක් කළා මතක ඇති කියල හිතනවා කොහොමද විවිධ ආකාරයෙන් මුදල් හොයන්නේ කියල..
ඔන්න ඉතින් යාලුවනේ අද අපි කතා කරන්න හදන්නේ ඒ වගේ කොහොමද සල්ලි හොයන්නේ කියන එකේ ගැන ටිකක් ඉදිරියට..
හොදයි වැඩි වැඩි කතා උවමනා නෑනේ අපි අපේ මාතෘකාව ගැනම කතාකරමුකෝ..
යාලුවනේ මුලින්ම බලන්න ඇයි අපිට මුදල් උවමනා වෙන්නේ කියල..ඒ කියුවේ මෙන්න මේ වගේ විදියට.ඇත්තම කියුවොත් අපි කුඩා කාලයේ ඉදන් අපිව රැකබලාගෙන සෑම පහසුකමක්ම සපයල දීල අපිව රැකබලා ගන්නේ අපේ දෙමව්පියෝ හරි වැඩි හිටි කෙනෙක් නේද..ඉතින් අපිට යම්කිසි අවශ්‍යතාවයක් තිබුනොත් අපි හැමදාම කලේ ඒ අයගෙන් මුදල් ඉල්ලනවා නැත්නම් අවශ්‍යතාවය කියල ඒ අයට කියල ඒ දේ ගෙන්වා ගන්නවා...
ඉතින් ඔන්න ඔහොම කාලයක් යද්දී තමා අපිට අපේම කියල මුදල් අවශ්‍යතා පැන නගින්නේ.කාටත් තේරුම් යන සරල උදාහරණයක් දෙන්නම්කො..
මොහොතක් ආපස්සට හැරිලා බලන්න..
කවුරුහරි යාළුවෙක් තවත් යාලුවෙකුට හෝ යෙහෙළියකට ආදරේ කරනව කියල හිතන්න..කවුරුවත් ඒ දේ මුලින්ම අම්මලට කියල පටන් ගන්නේ නෑනේ..බොහොම කලාතුරකින් නේ ඒ වගේ කරන්නේ..
ඔන්න ඔය අවස්ථාවකදී උවමනා කරන මුදල් අම්මලාගෙන් ඉල්ලන්න බෑනේ හැමදාකම.එක්කෝ යාළුවෙකුගෙන් ඉල්ලනවා.නැත්නම් කොහෙන් හරි ණයට ගන්නවා..පස්සේ ඒ ගනිපු සල්ලි ගෙවන්නත් උවමනා නේද..
මෙන්න මේ වගේ දේවල් නිසා ඒ කියන්නේ පවුද්ගලික අවශ්‍යතාවයන් මත තමන්ටම කියල මුදල් උවමනා එනවා..
මීට වඩා තවත් ගොඩක් උදාහරණ ඔයාගේ ජීවිතය තුලම ඇති කියල මම හිතනවා යාලුවනේ..ඉතින් ඇත්තටම බලන්න.මෙන්න මේ දේ ගැන හිතන්න අපේ රට තුල වගේම වෙනත් රටාවලත් ගොඩක් දුෂ්කර ජීවිතයක් ගත කරලා ලෝකප්‍රසිද්ද උන අය නැත්ද..?
අනන්තවත් ඉන්නවා නේද යාලුවනේ..ඉගන ගන්න අනන්තවත් වෙහෙස මහන්සි වෙලා මුදල් හොයල සාර්ථක උන අය නැත්ද?
එවැනි අය සමහරවිට ඔයාලා ලගම ඇති.ලෝකෙටම ප්‍රසිද්ධ නොවුනත් තමන්ගේ හදවත තුල ප්‍රසිද්ධ ඇති මෙය ඉස්සර මෙන්න මෙහෙමයි ජීවත් උනේ එත් දැන් බලන්න..රජෙක් වගේ ඉන්නවා කියල..
යාලුවනේ මෙන්න මේ දේට අපි වේලාවකදී කියනවා එක ඒ මනුස්සයාගේ පෙර ලැබීම වෙන්නැති කියල..එහෙමත් නැත්නම් වාසනාව තියෙන්න ඕන කියල..
එත් බොහොම කලාතුරකින් කියනවා එයා ගොඩක් උත්සහ වන්ත උනා..තමන්ට පුළුවන් හැමදේම කරලා තමයි ඔය තැනට අද ආවේ.. ඔන්න ඔයවගේ ගොඩක් දේවල් අපේ හදවත්වල ජනිත වෙනවා නේද යාලුවනේ..?
ඉතින් මේ මුදල් හොයන එක ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කෙනාට විතරයි කියල වෙන් කරන්න බෑ යාලුවනේ..
මම උදාහරණයක් දෙන්නම්..ඔයා හෝ මම වෙළද  පොලක කෙසෙල් විකුනනවා කියල හිතන්න.එක කෙසෙල් ගෙඩියකින් ලාභය රුපියලක් තැබුවොත් දවසකට කෙසෙල්ගෙඩි 1000ක් විකුනනවා කියන්න.අඩුම තරමේ මාසයකට 30000 කට ආසන්න මුදලක් හෝ ඊට වැඩියෙන් සෙවීමටත් අවස්ථාව තියෙනවා නේද..?
හැබැයි ඒ කෙනා මහන්සි වෙන්න අවශ්‍යයි..ගොඩක් දුක් පීඩා වදින්න අවශ්‍යයි.එත් යම් දවසක ඒ වෙළද පොළ ආශ්‍රිත තියෙන හොදම පලතුරු වෙළදසල බවට පත්කරගන්න බැරිකමක් නෑ නේද?..
අන්න ඒ දේට තම යාලුවනේ එක අරමුණක ඉදීම වැදගත් වෙන්නේ.
ඒ වගේම තමා තමන් මොන දේ කරත් අනුන් මොන විදියට හිතුවත් මම මේ දේ කරන්නේ මගේ යහපත වෙනුවෙන් මේ දෙයින් අසාධාරනයක් මම කාටවත් කරන්නේ නැත්නම් මේ දෙයින් මම කාටවත් හිංසාවක් කරන්නේ නැත්නම් මට ලෝකය මොන දේ කියුවත් කමක් නෑ කියල හිතන ශක්තිමත් හිතක් තිබීම වැදගත් වෙනවා..
යාලුවනේ ඒ වගේම තම මුදල් සෙවීමේදී ගොඩක් අය කැමති නෑ තවත් කෙනෙකුට යටත් වෙලා ඉන්න.මෙන්න මේ දේ ගැන හිතන්න..
යම් කෙනෙක් ඉගනගත්ත කියන්න හොද උපාධියක් අරගෙන.එත් මුලින්ම රැකියාවට ගියාම ලැබෙන වැටුප ලොකු මුදලක් නොවෙන්න පුළුවන්.ඉතින් අපි හිතනවා යකෝ මෙච්චර මේ කට්ට කාල උපාධියක් ගත්තේ මේ වගේ පඩියක් ගන්නද කියල හිතනවා..
යාලුවනේ අපි මුලින්ම හිතාගන්න ඕන අපි මේ හැමදේම කරන්න මුලික පියවර තැබුවේ අතේ සතයක්වත් නැතුව කියල.
ඒ නිසා මුලින්ම ලද දෙයින් සතුටු වෙන්නයි අවශ්‍ය.ලොකු කමකට කියනවා නම් නෙවේ..දැනට මට ලොකු මුදලක් නම් ලැබෙන්නේ නෑ එත් මම සතුටින් කියන්න කැමතියි මීට අවුරුදු දෙකකට කලින් මම මගේ දන්වීම් කරන ආයතනය දාල ලැබුවේ මුල්ම ලාභය රුපියල් 60 යි.මම එකෙන් කරේ රුපියල් 10 නිල් පෑන් දෙකයි රු 50ක රීලෝඩ් එකක් දාගත්ත.මට තාම ඒ දේ අමතක නෑ යාලුවනේ.
ඉතින් යාලුවනේ මුලිකම දේ තමයි නිවැරදි අධිෂ්ඨානය.හොදයි අපි පෙර ලිපියෙන් සදහන් කරා පරිගණකය ආශ්‍රිතව මුදල් හොයන්න අසාවෙන් ඉන්න අය වෙනුවෙන් අදහස් ටිකක් සපයනව කියල.
යාලුවනේ නිකමට හිතන්න.
ඒ වගේ ආසාවෙන් උවමනාවෙන් ඉන්න ගොඩක් අය ඇත්තටම බලාගෙන ඉන්නේ එකවර සල්ලි හොයන්න නේද.මුලින් යම්කිසි දෙයක් ඉගනගෙන එහෙමත් නැත්නම් එක දෙයක් වැඩිපුර අද්‍යනය කරලා ඒ තුලින් දියුණුවෙලා මුදල් උපයන්න කැමැත්තක් නෑ නේද..?
මම උනත් එහෙම තමයි ඉස්සර..අපි හිතන්නේ ඇඩ්ස් ටිකක් ක්ලික් කරගෙන එහෙමත් නැත්නම් වෙබ් අඩවි වල දැන්වීම් දාල එහෙමත් නැත්නම් දැන්වීම් විකුණලා මුදල් හොයන්න පුළුවන් කියල.එත් යාලුවනේ ඇයි අපිට ඒ දේ සාර්ථක නොවුන ගමන් මේ මොන මගුලක්ද කියල හිතල පරිගණකයත් වහල දාල එපාවෙලා වගේ යන්නේ..
මම හිතනවා මේ අන්තර්ජාල මුදල් උපයන්න උත්සහ ගනිපු හැමෝටම වගේ ඒ අත්දැකීම ඇති කියල.ගොඩක් උත්සහ ගත්තත් අවසානේ බැරි උනාම දමල ගහල යනවා..
අපහු ඊලග දවසෙත් ඒ ගැන නිකමට වගේ උත්සහ ගන්නවා..අපහු බැරි වෙනවා.ඉතින් තවත් කෙනෙක් ඇහුවොත් කියනවා අනේ බං ඒ මගුල හරි යන්නේ නෑ..මට නම් එපාවුණා කියල..
එත් ඔයා උතසහ කරොත් කොහොමද ඒ දේ කරන්න නිවැරදි ක්‍රමය කියල.ප්‍රධාන වශයෙන් තියෙන මුලිකම පසුබැස්ම තමයි ඉංග්‍රීසි කියවන්න අපි තුල තියෙන කම්මැලි කම.ඒ කියන්නේ අලුත් වචනයක් දැක්ක ගමන් ඒ දේට බයවෙනවා..
යාලුවනේ ඒ වගේ අපි තුලම තියෙන ගැටළු අපි විසින්ම මග ඇර ගන්න උවමනයි මේ වගේ දේවල් වලින් සාර්ථක වෙන්න..ඉතින් මුලිකම දේ තමයි සෑම දෙයක්ම කියවන්න පුරුදු වෙන්න.අන්තර්ජාල මුදල් පිලිබදව ලිපි ඕනෑතරම් අන්තර්ජාලය තුලම තියෙනවා..
මමත් ටිකෙන් ටික සරලව කියල දෙන්නම්.හැබැයි එකවර කියන්න අපහසුතාවයන් තියෙනවා.මොකද ඇත්තටම කියුවොත් මේ අන්තර්ජාල මුදල් කරණය ලංකාව තුල කරනවානම් අවසර 100% ක් ම ඇතුව නෙවෙයිනේ කරන්න ඕන.
එත් මේ අන්තරජාල මුදල්කරණය තුල අවසරලත් නිවැරදි ක්‍රම ගොඩක් තියෙනවා යාලුවනේ.හැබැයි ඒ දේවල් කරද්දී හොර වැඩ නැතුව නිවරදියටම කරන්න අවශ්‍යයි..හැබැයි එත් අමාරුයි.හිතන තරම් පහසු නෑ.ඒ කියන්නේ අපි අපේ ඉල්ලීම සිදුකල පමණින් ඒ ආයතන වලින් අවසර ලබාදෙන්නේ නෑ.නමුත් මේ දේවල් තුලින් ජයගන්න නම් අපි අපේම අනන්‍යතාවයක් ගොඩ නගාගන්න අවශ්‍යයි යාලුවනේ..
එ කියන්නේ අපේම කලාත්මක හැකියාවක් වෙනස්ම විදියට ගොඩනගාගන්න උවමනා කරනවා.විවිධ නිර්මාණ මේ සතුව තියෙනවා.Graphic Designing/Web Designing/Web Themes/Videos/Ads/Logo/Bannesr/Leaflets
ඔන්න ඔයවගේ දේවල් අපි විවිධ ආකාරයෙන් වවෙනස්ම විදියකට කලාත්මක ආකර්ශනීයව සිදු කරන්න පුළුවන් නම් පහසුවෙන්ම අන්තර්ජාල මුදල් උපයන්න පුළුවන් ඒ වගේම ලංකාව තුලත් හොද ආදායම් මාර්ගයක් ලබාගැනීමට පුළුවන් කියල කියන්න කැමතියි යාලුවනේ..
හැබැයි මේ හැමදේම එක දවසින් නම් ඉගනගන්න බෑ.ටික කාලයක් යනවා.ඒ දේට වැඩිපුරම බලපාන්නේ අපේ ඉවසීමේ හැකියාව...මෙන්න මේ පුරුදු ටික මුලින් හදාගමු යාලුවනේ.ටිකෙන් ටික ඔයාල නොදැනුවත්වම සාර්ථක වේවි.මම මට පුළුවන් පැත්තෙන් මම යන්න මාර්ගය සපයන්නම්....මෙන්න මේ දේවල් මේ ගමන යන්න වැදගත් වෙනවා යාලුවනේ..  Adobe Photoshop/Illustrator/Dream-viewer/Blogging/HTML/CSS/J query/SEO මේ දේවල් ගැන ඉගන ගන්න ඔයාල..
මමත් මේ සදහා  ටිකෙන් ටික උදව් කරන්නම්කො..
නත්තල් මාසේ නේ යාලුවනේ.ඉතින් අපේ නංගිලා මල්ලිලා නිවාඩු කාලේ ගෙදර ඉදගෙන පරිගණකය තුලින් කාලය අපතේ යවනවා වෙනුවට මේ වගේ දෙයක් ඉගනගත්ත කියල පාඩුවක් වෙයි කියල මම හිතන්නේ නම් නෑ..ඉතින් ඊලග ලිපියෙන් ඉක්මනටම හමු වෙමු යාලුවනේ...මතක තියාගන්න..මේ හැමදේම අපිට ලබාදුන්නේ මනුස්සයෙක්...ඉතින් එත් මනුස්සයෙක් නම් අපිත් මනුස්සයෙක්....

Post a Comment

2 Comments

  1. Nice article. Thank you for sharing :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුව....

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....