ෆේස් බුක් Account එකක් ලේසියෙන්ම හැක් කරන සරලම ක්‍රමය...


සුපුරුදු පරිදි සුභ දවසක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම...ඉතින් ඔන්න අද මම වෙනස් ආකාරයේ ලිපියකින් දවස ආරම්භ කරන්න හිතුව..
ඉතින් දැන් මේ දවස්වල හැමෝටම වගේ නැතුවම බැරි වෙලා තියෙන එකම දේනේ ෆේස්බුක් සාමාජ වෙබ් අඩවියේ ගිණුමක් කියන එක.. ඉතින් ඒ වගේම තමයි මේ දේ හරහා නොයෙකුත් අකටයුතු දේවල් වෙනවනේ...
අන්න ඒ වෙලාවට තමයි මේ දේ අවශ්‍ය වෙන්නේ..අපිට අනුන්ගේ ගිණුමක් නැති කරලා දන්නා එහෙමත් නැත්නම් එයාගේ ගිණුමේ යම් යම් වෙනස් කම් කීපයක් කරන්න උවමනා වෙලා තිබුනොත් ඔන්න පහසුවෙන් මේ ක්‍රම අනුගමනය කරලා වැඩේ කරගන්න පුළුවන්.. හැබැයි ඉතින් වැරදුනොත් එහෙම තරහගන්නත් එපා.. මට බනින්නත් එපා හොදද...
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු...
මුලින්ම කරන්න ඕන ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හදාගන්න කැමති නමක් දීල..
ඊට පස්සේ ඕපන් කරගන්න නොට් පෑඩ් ෆයිල් එකක්.. 
මෙන්න වැදගත්ම දේ.
ඒ ෆයිල් එක නම් කරගන්න ඕන ඔයා හැක් කරන්න හදන අදාළ ගිණුම හිමි කෙනාගේ නමින්.උදාහරණයක් දෙන්නම්
"ඔසද චතුරංග" කියන ගිණුම නම්  osanda-chathuranga.txt කියල නම් කරගන්න හොදද..
ඊට පස්සේ කරන්න ඕන ඔයා ඒ ගිණුම් හිමියාගේ ගිණුමට ගිහින් උඩ තියෙන 
ඇඩ්‍රස් බාර් එකේ ලිපිනය කොපි කරලා අර නොට් පෑඩ් ෆයිල් එක ඇතුලේ පේස්ට් කරගන්න
ඊට පස්සේ කරන්න ඕන මෙන්න 
මේ පහත සදහන් කේතය කොපි කරලා අදාළ ගිණුම් හිමියාගේ ඇඩ්රස් එක ඉවර වෙන තැනට කර්සර් එක ගෙනිහින් තියල පේස්ට් කරන්න...
මෙන්න කේතය -

[[800-128.123.23.34/09090786511000#-/AAKYTER-HCK-A-O-PPU123.08]]

ඔන්න දැන් තමයි අවසානම දේ ..
මේ කේතය කොපි කරලා පේස්ට් කරපු ගමන් ඔයාගේ කී බෝඩ් එකේ F13 key එක ඔබන්න.එතකොටම ඔයා අර හදපු නොට් පෑඩ් ෆයිල් එකට අදාළ කෙනාගේ යුසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඉබේම කොපි වෙනවා.....
දැන් ඉතින් ඔන්න කිසිම අවුලක් නෑ..කාගෙන්වත් කරදරයකුත් නෑනේ...හොදට හැක් කරගෙන ඉන්න පුළුවන්..
හැබැයි ඉතින් මේක කරන්න පුළුවන් F13 key  එක තියෙන වාසනාවන්තයෝන්ට විතරයි..ඉතින් ඔන්න අද දවසේ විහිළු කතාවත් ඉවර උනා...අපහු දවසක පොඩි විහිළු කතාවක් අරගෙන එන්නම්කෝ...

Post a Comment

14 Comments

  1. ඇත්තම කිව්වොත් ලෙසටම ඇන්දුනා බන් මුල් හරියෙදි, f13 key එක කියද්දියි මීටර් උනේ ජෝක් එකක් කියල :D

    ReplyDelete
    Replies
    1. අහ්හ්.....ගණන් ගන්න එපා යාලුව...හැමදාම ලිපි කියවද්දී කම්මැලි කමක් දැනෙනවනේ..වෙනසකටත් එක්ක මේ වගේ එකක් දැම්මේ...ස්තුතියි ඇත්තම අදහස පල කරාට....

      Delete
  2. මම කලින් කියවා ඇත.. FB එකෙන්ම.. ඒ වෙලාවේදී නම් අහුඋනා..ඒත් කියවලා ඉවර වෙලා වැඩ කරීමට පුරුදුව සිටි නිසා බේරුනා.. :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්....හොද පුරුද්දක් යාලුවා...පොඩ්ඩක් වෙනසකත් එක්ක තමා ඉතින් මේ වගේ එකක් දැම්මේ..සතුටුයි අදහස් වලට...ස්තුතියි...!!

      Delete
  3. හොඳයි... ටිකක් මෝඩ ආතල් එකක් නොවුන නම්....

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහසින් නම් පෙන්නේ ඔයා රැවටිලා කියල...ගණන් ගන්න එපා විහිළුවක් කරේ වෙනසකටනේ.....ස්තුතියි අදහසට...

      Delete
  4. F13 එකක් වෙනම set කරගන්න වෙයි වගේ :P

    ReplyDelete
    Replies
    1. උතසාහ කරලා බලන්න..බැරි වෙන එකක් නෑ... :D

      Delete
  5. Ai bn uba me wage ewwa danne lol

    ReplyDelete
    Replies
    1. හැමදාම සොයනවා නේ අලුත් විදියට දෙයක්..ඉතින් හිනාවෙන්නත් අලුත් විදියේ ක්‍රමයක් සෙව්වා.එතකොට තමා මේ ක්‍රමය ලැබුනේ..

      Delete
  6. Sirawata wada karanawa. Kohomada mee method eka hoyagaththe...???

    ReplyDelete
    Replies
    1. මේක සොයාගත්තේ මල්ෂාන් අංක දෙක දරන පුද්ගලයා විසින්....ස්තුතියි ස්තුතියි....

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....