සල්ලි ටිකක් වැඩිපුර ඉක්මනටම හොයන්න....

සුභ දවසක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම...ඉතින් ඔන්න අද අලුත්ම අලුත් මාසයක් නේ..හැබැයි ඉතින් ඔන්න කාට කාටත් කම්මැලි ගතිය ටිකකට අඩු කරන දවසක් ඒ කියන්නේ අද සිකුරාදා දවසක් නිසා හැමෝගෙම හිතට ටිකක් සතුටක් දැනෙනවා මොකද හෙට ටිකක් මහන්සි අරින්න විවේකව ඉන්න තියෙන දවස නේ..අනිද්දාත් එහෙම තමා ඉතින්..
එහෙමත් නැත්නම් පවුලේ අයත් එක්ක කොහේ හරි ඉන්න යන්න කියන්න පුළුවන් නේ..කොහොම උනත් ගොඩක් අයට සදුදා දිනයට වඩා සිකුරාදා දිනය ගැන හිතද්දී ගොඩක් නිදහසක් දැනෙනවා නේද...
ඉතින් යාලුවනේ අපිට ගොඩක් කාලෙකින් ලිපි මගින් මුණ ගැහෙන්න ලැබුනේ නෑ.මමත් මහලොකුවට කියනවා ඊලග ලිපියෙන් හමු වෙමු කියල.එත් ඉතින් අඩුම තරමේ සතියකට වතාවක් වත් ලියන්න ලැබුනේ නැති එකට සමාවෙන්න... හොදයි වැඩිය කතා කරන්න හොද නෑ අපි ඉක්මනටම අද මාතෘකාවට යොමු වෙමුකෝ..
යාලුවනේ කොහොමද අපි මුදල් ටිකක් වැඩිපුර හොයන්නේ...?නිකමට ටිකක් හිතල බලන්න..ඉස්සෙල්ලම හිතන්න ඕන මේ කියපු දේ ගැන.මොකද දවසක් මම මුදල් හොයන ක්‍රමයක් ගැන දාල තිබුන ලිපියකට මට කෙටි පණිවුඩයක් එවල තිබුන අපේ යාළුවෙක් "දැන් මේවා දාන්නේ ඔයා පොහොසත් ද?"කියල...
ඇත්තම කියුවොත් මට ඒ තරම් ලොකු ධනවත්කමක් නැතත් යම් තාක් දුරට මුදල් අතින් පරිපුර්නයි කියල මම හිතනවා...
ඉතින් යාලුවනේ කොහොමද ඇත්තටම අද අපේ මාතෘකාව ගැන ඔයාල දකින්නේ..
කොහොමද යාලුවනේ මේ මුදල් ප්‍රමාණය ටිකක් වැඩි කරගන්නේ..
හොදට මතක තියාගන්න මේ කියන්න යන්නේ මුදල් වැඩි කරගන්න ඒ කියන්නේ අපි සතුව තියෙන යම් මුදල් ප්‍රමාණයක් වැඩි කරගන්න ක්‍රම කිහිපයක් ගැන තමයි කතා කරන්න හිතුවේ..
යාලුවනේ මොහොතක් මේ ඔයාල හිතන අනාගත සිතුවිලි ටික මොහොතකට නතර කරලා පොඩ්ඩක් හිතන්න ඔයාල සතුව පවතින වැඩිම කුසලතාවයක් තියෙන හැකියාව මොකද්ද කියල..නිකමට හිතන්න බලන්න.ඔයාට අධ්‍යාපනික පැත්තෙන් එහෙමත් නැත්නම් සහජ උපත් හැකියාවක් ඇති එහෙමත් නැත්නම් ආසම කරන දෙයක් තුලින් ගොඩ නැගුන තමන්ට ආවේනික වුන හැකියාවක් ඇති මේ වගේ මොනයම් ආකාරයේ හැකියාවක් හෝ ඇති නේද යාලුවනේ..
අන්න ඒ වගේ තමන් සතුව පවතින යම් කිසි හැකියාවක් පිලිබදව ඔයා විසින්ම මොහොතක් කල්පනා කරලා බලන්න..
හොදයි ඉන් පස්සේ ඔයා මොහොතක් කල්පනා කරන්න..මම මගේ හැකියාව වැඩි දියුණු කරගන්න මොනවාද මේ වනවිට කරලා තියෙන්නේ..
මොහොතක් හිතන්න යාලුවනේ.මම උදාහරණයක් දෙන්නම්..
ඔන්න හිතන්න ඔයා ගණිතයට බොහොම දක්ෂ කෙනෙක් කියල.ඉතින් ඔයා ගණිත අංශයෙන් ඉහලින්ම සමත් උන කෙනෙක් කියල හිතන්න එත් ඔයාගේ හැකියාවට මුල්‍ය අංශයේ ඒ කියුවේ අපි හිතමු බැංකුවක රැකියාවක් ලැබුන කියල.ඉතින් ඔයා දැන් ටික කලක් ඒ ආයතනේ සේවය කරන අතරේ අර ඔය සතුව පැවතුන ගණිත විෂයයන් පිළිබද හැකියාව ඒ අකාරයෙන්ම තියෙනවද කියල බලන්න...
සමහරවිටක ඒ තිබුන තරම් වත් නැති වෙන්න පුළුවන්...
ඔයාට ඊට වඩා මුල්‍ය පැත්ත පිළිබද හැකියාවක් ගොඩ නැගිලා තියෙන්න පුළුවන් නේද...
ඉතින් මෙන්න මේ වගේ තත්වෙක ඉදිද්දී ඔයා ගණිතය පැත්තත් දියුණු කරගෙන මේ දෙක එකට සමබරව ගෙනිච්චනම් ඒ කියුවේ නිකමට හිතන්න ඔයා අමතර උපකාරක පන්තියක් ගණිතය විෂයට අදාලව පැවැත්වුවා නම් ඔයාට ලැබෙන මුලික ආදායම් මාර්ග දෙකක් බවට පත්වෙනවා නේද...?
හැබැයි යාලුවනේ ප්‍රධාන වශයෙන් මේ දේවල් වලට බලපාන්නේ කාලය නිවැරදිව කළමනාකරණය කරගැනීම නේද...?
ඉතින් කාලය කළමනාකරණය කරගැනීම පිලිබදව අපි මීට කලින් දවසක කෙටියෙන් කතා කල...
ඉතින් මෙන්න මේ ආකාරයට අපිට අපි සතුව පවතින අවස්ථාවෙන් සහ අපි සතුව පවතින සැබෑම හැකියාව තුලින් සහ අමතර හැකියාවන් තුලින් මුදල් උපයන්න පුළුවන් නේද යාලුවනේ...
මම මේ ලිපියෙන් සදහන් කරන්නේ එවැනි හැකියාවක් අප සතුව පවතිනවා කියල  විතරයි...තරහ වෙන්න එපා මුලින්ම ඒ දේ මතක කරන්නේ ඔයාලගේම හොදට...
මොකද ඒ ක්‍රම ටික කියුවොත් එකවරම මේ අදහස් එකතු කරාට ඔයාලගේ වගේම මගේ හිතට උනත් රැදෙන්නේ නෑ...
ඒ නිසා ඊලග ලිපියෙන් මම මේ ක්‍රම ගැන කියල දෙන්නම්.හැබැයි ඒ දේවල් අත්හද බලන එක ඔයාල සතු යුතුකමක්..ඒ දේ ගොඩක්ම පරිගණක හසුරවන අපේ යහළුවන්ට තමයි වැදගත් වෙන්නේ.
අමතර ආදායමක් ලබන්න මම ඊලග ලිපියෙන් කියල දෙන්නම්කෝ...
යාලුවනේ ප්‍රධාන වශයෙන් අපි හිතන ආකාරය වෙනස් කරන්න ඕන.ඒ කියන්නේ අපිට පුලුවන් මෙන්න මේ දේ විතරයි කියන දේ වෙනස් කරන්නයි උවමනා වෙන්නේ...
යාලුවනේ අපිට එහෙම කෙනෙක් කවුරුවත් කියල නෑ නේද.ඔයා මේ දේ විතරක් කරන්න කියල බල කරලා නෑ නේද...
අනික අපිට අපි සතු හැකියාවන් අදුරගන්න වෙනත් කෙනෙක්ගෙන් අවසර ගන්නත් අවශ්‍ය නෑ නේද.. ඉතින් අන්න ඒ නිසා අපි අපි විසින්ම ගොඩ නැගෙන්න උත්සහ කරමු...
මේ දුන්නේ ඉතාම් කුඩා උදාහරණයක් විතරයි. ඊලග ලිපියෙන් ඉක්මනටම හමු වෙමු යාලුවනේ.....

Post a Comment

2 Comments

  1. වැදගත් ලිපියක් මෙහි ඉතුරු කොටසත් ලගදි පල කරන්න ජය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලුවා..ඔව් දවස් දෙකක් ඇතුලත ඉතුරු කොටස පල කරනවා.....

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....