ලෝකේ කවුරුත් නොහදපු අලුත්ම දෙයක් හදන්න ලේසිම ක්‍රමයක්....

සුබ සති අන්තයක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම..ඉතින් ඇත්තම කියුවොත් හරියටම මාසයකට වැඩි කාලයකින් පස්සේ තමයි මේ අලුත් ලිපියක් ලියන්නේ..ඉතින් ඒ ගැන නම් හැම කෙනෙක්ගෙන්ම සමාව ඉලනවා.ගොඩක් අය ඇහුව මොකද දැන් ලියන්නේ නැත්තේ වැඩේ ඇත ඇරලා දාල වගේ නේද කියල..
අපෝ නෑ කියල තමයි ඉතින් කියන්න තියෙන්නේ.යාලුවනේ මේ පහු ගිය දවස් කීපය තුල ඇත්තටම හැම බාහිර හැම වැඩක්ම ටිකකට සීමා කරන්න උනා.
හිතුවේ නැති වෙලවාක මගේ ආදරණීය තාත්ත අසනීප උනා.කෙටියෙන් කියුවොත් මේ ලෝකේ හැමෝම වගේ අහන්න අකමැතිම රෝගය.ඒ වගේම අහන අහන හැමෝටම වගේ හැදෙන අර කතාවට කියන්නේ මහා කරුම ලෙඩක් කියල අන්න ඒ ලෙඩේ තමයි..අක්මාවේ පිලිකාවක්..ඉතින් ඔන්න ඔය හේතුව නිසා රෝහල් වලම තමයි මේ කාලය ගත කලේ.. දැන් ඉතින් ඒ දේවල් ටිකකට වගේ අඩු නිසා කොහොම හරි අද ලිපියක් ලියන්න කියල හිතුව...
ඉතින් යාලුවනේ ඔන්න මගේ නිදහසට හේතුව උඩින් සදහන් කර නේ.. ඇත්තටම ඒ කෑල්ල මේ වෙබ් අඩවියට අවශ්‍යමද??
ටිකක් අවශ්‍යයි ඒ ඉතින් අපේ යාලුවෝ මගෙන් අහපු ගැටලුවට උත්තරයක් ඕන නිසානේ.නැතුවනම් කිසිම වැදගත් කමක් නෑ නේද..?නිකමටවත් ඔයාල එහෙම හිතුවද ?
ගොඩක් දුරට හිතෙන්න ඇති සමහර වෙලාවට..
"අනේ අපිට මොකටෙයි මේ මිනිහගේ තාත්ත අසනීප උන එක..?මෙලව වැඩක් තියෙයි...?"ඔහොම හිතුන අයත් ඉන්න පුළුවන්..
හොදයි ඇත්තටම බලන්න අනුන්ගේ විස්තරයක් තමන්ට වැඩක් නෑ ඒ දේට මමත් ඉතින් එකගයි යාලුවනේ..ඒ වුනාට බලන්න අපි කොයි තරම් නම් අනුන් මත යැපෙන්න නෙවෙයි අනුන් දීහා බලාගෙන් ඒ ආකාරයට හැඩගැහෙන්න උතසාහ ගන්නවද,,,?
අනුන්ගේ දෙයක් අපිට අවශ්‍යම නෑ කියල කොයිතරම් නම් හිතින් හිතාගෙන ඉදියත් අවසානේ අපි කරලා තියෙන්නේ අනුන් ගැනම හිතපු එක සහ අනුන්ට ඕන විදියට හැඩගැසීම නේ..
මම උදාහරණයක් දෙන්නම් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් විදියට..
බලන්න අපි පොඩි කාලේ ඉගන ගන්නේ කවුරු කියන විදියටද..?අපි මුලින්ම ඉගන ගන්නේ අම්මල තාත්තලට ඕන විදියට..ඊට පස්සසේ ගුරුවරු කියන විදියට සහෝදර සහෝදරියෝ කියන විදියට යාලුවෝ කියන විදියට එහෙමත් නැත්නම් කාලයත් එක්ක යද්දී පෙම්වතා හෝ පෙම්වතිය කියන විදියට..
එහෙම නේද යාලුවනේ..
කොච්චර නෑ  කියුවත් මම නම් හිතන්නේ ඒ විදියම තමයි..
හැබැයි ඒ තමයි සාමාන්‍ය ආකාරය..
හිතන්න බලන්න කොහොමද එහෙම ගොඩ නැගුනේ ඒ වගේ අපි පුරුදුවෙන්න..අපි නිකමටවත් හිතනවද යාලුවනේ ඒ තරම් දුරකට මේ වගේ දෙයක් කොහොමද ඇත්තටම උනේ කියල.
ඇත්තටම ඇයි අපි මේ අනුන් දැකල ඒ වගේ හැඩගැහෙන්න පුරුදු උනේ ??
යාලුවනේ එක ගොඩක් ලොකු බැදීම් පරාසයක්..මම දැකපු විදියට තමයි මේ කියන්නේ හැබැයි මේවයි වෙනසක් තියෙනවනම් ඇත්තටම කියනවනම් මම හරි අසයි..මොකද ඒ දේවල් දැනගන්න තමයි මේ වගේ හිතට එන ඒවා ලියන්නේ..
බලන්නකෝ..අපේ අම්මයි තාත්තයි අපිට ඒ කාලේ දෙන උපදෙස් මත නේ අපි ඒ කාලය ගොඩ නාග ගන්නේ..ඊට පස්සේ එයාල රැකියාවට ගියාම ආච්ච්යි සීයයි කියන විදියට ඉන්නවා.
බලන්න ඊට පස්සේ අම්මල රැකියාවට ගිහින් ගෙදර ආව ගමන් අපි අච්චිටයි සීයටයි ඕන කරන් විදියට ඉනවාද කියල.එහෙම නෑ නේද යාලුවනේ..අපි ඉන්නේ අර අම්මල කියපු විදියට නේද..?
මොකද්ද ඇත්තටම මේකට හේතුව,,,?
හේතුව සදහා උදාහරණයක් දෙන්නම්,නිවැරදිව තේරුම් ගන්න.මේ කියන්නේ අපේ පුරුදු වීම සදහා උදාහරණයක්..
බලන්න අපිට කවුරුවත් උගන්වනවාද දුම්රියපොලක ඉදගෙන ඉන්න වෙලාවක කෝච්චිය එනවා දැකල ඒක නවත්වන්න ඉස්සරහට අත දිගු කරන්නේ නෑ කියල..එත් බස් එකක් නවත්වන්න එහෙම නෙවෙයි නේද..?
මේක කියුව ගමන් බලාවි යකෝ මු පිස්සෙක්නේ..ඕක තේරෙන්නේ නැත්තේ මී හරක් නෙවෙයිනේ මිනිස්සු කියල කියාවිද දන්නේ නෑ.
නෑ යාලුවනේ බලන්න ටිකක් ගැබුරින් හිතල.මම එතන සදහන් කලේ අපේ වැඩිහිටියෝ පොඩි කාලේදී එහෙම කරන්න ඕන නෑ දුම්රිය මේ ස්ටේෂන් එකේදී නවත්වනවා කියල කියනවද..?කියනවා එත් වැඩිපුර කියන්නේ නෑ නේද..?
එත් අපි දන්නවා එහෙම නතර කරන්න අත දාන්න  ඕන නෑ කියල.මොකද්ද මේකට හේතුව යාලුවනේ.
හරි සියුම් තැනක් එත් ලොකු ගැබුරු දෙයක් හිතන්න පුළුවන්....
අපි ඒ දේ ඇහුවට වඩා දැකපු දෙයක් නේද යාලුවනේ.කෙනක් දිහා එහෙමත් නැත්නම් සමාජය දිහා බලන් ඉදල ගතිපු ආදර්ශයක් නේද..?
යාළුවනේ අපි කරන කියන දේවල් වලින් බහුතරයක්ම හරියට කල්පනා කරලා බැලුවොත් අපි හිතින් හිතා ගතිපුව නෙවෙයි කෙනෙක් දිහා හො සමාජය දිහා දැකල අපි ඒ තුලින් හැඩ ගැහුන දේවල් නේද..?
හරියට දැක්කොත් ඒ දේ නිවැරදිව තෙරරුම් යනවා..
එහෙම නොවුනොත් ඒ කියන්නේ වෙනත් කෙනෙක් කරපු දෙයක් නැතුව අලුත් දෙයක් අපි කරොත් ඒ දේ ලෝකෙට නව හදුන්ව දීමක් වෙන්නේ නැත්ද..?
හැබයි යාලුවනේ ඒ කියුවේ අරය කෑවොත් මේ වෙලාවේ මම නොකා ඉන්නවා කියනවා වගේ දෙයක් නෙවෙයි...
අපි වෙනත් කෙනෙකුගේ චර්යාවෙන් සහ සිතුවිලි වලින් වෙනස් වීම තමයි වෙන්න උවමනා කරන්නේ.ඒ දේවල් හරියට දැක්කොත් ඒ දේ තහවුරු වෙනව නේද..?
එහෙමනම් යාලුවනේ අලුත් දෙයක් මේ ලෝකෙට දායාද කරන්න නම් අපි වෙන අය වගේ හිතන්නේ නැතිව වෙනත්ම ආකාරයකට හිතන්න සහ කටයුතු කරන්න උවමනා වෙන්ව..
ඉතින් ඒ තුලින් තමයි නව ආකල්ප නව නිපැයුම් මේ ලෝකයට දායාද වෙලා තියෙන්නේ.
ඒ දේවල් දිහා බලන් ඉදල තමයි අපිත් ඒ ආකාරයට ගොඩ නැගිලා තියෙන්නේ..මේක නේද යාලුවනේ අපි මේ ගත කරන අහන දකින ජීවන චර්යාවේ සැබෑම ස්වරුපය..
මොහොතකට හිතන්නකෝ..අපි අපේ ඒ චර්යාවන් මුලක ඉදන් වෙනස්කරලා අලුත්ම ස්වරුපයක් ගත්තොත් කොහොමට තියේවිද..?
අපි ඇත්තටම වෙනත් අයගෙන් වෙනස් උන පුද්ගලයෙක් වෙනව නේද...?අන්න ඒ තුල අපේම කියල දෙයක් ගොඩනගන්න පුළුවන් නේද..මොහොතකට කල්පනා කරන්න යාලුවනේ.
අපි තුල මේ සිදුකරගන්න යතාවබෝධය තුලින් අපිට මේ අපේ සමාජයට මෙහෙවරක් කරන්න බැරිකමක් නෑ නේද..?
අපි නිවැරදි ආකාරයට ගොඩ නැගුනොත් අපිට මේ වගේ වෙනසක් සිද්දකරන්න පුළුවන්.බැරි නෑ..මම එකටත් උදාහරණයක් දෙන්නම්.මේ ලිපය මුලින්ම කියවන්න පටන් ගන්න වෙලාවේ තිබුන සිතුවිලි නෙවෙයි නේ නේද මේ මොහොතේ තියෙන්නේ..ඇයි ඒ සිතුවිලි වෙනස් උනේ..? ඒ විදියටම අපිටත් වෙනස් වෙන්න පුළුවන් නේද යාලුවනේ..
ටිකක් ගැබුරින් හිතන්න..අපිට පුළුවන්..මොකද අපි හැමෝම මනුස්සයොනේ..

Post a Comment

2 Comments

  1. සම්පුර්ණ හරි කතාව ++++++
    අදමයි ඕං ගොඩ වැදුනේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලුව...අපේ මනුස්සයෝ අඩවියට ආදරයෙන් පිලිගන්නවා..

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....