යක්කු/ප්‍රේතයෝ එළවන්නේ නැතුව එයාලගෙන් සල්ලි උපයන්න....


යාලුවනේ ඉතින් ඔයාල හැමෝටම සුභම සුභ සති අන්තයක් වේවා කියල පතනවා.ඉතින් සතියකට එක ලිපියක් වගේ තමයි  පලකරන්න කාලය ලැබෙන්නේ.ඒ ගැන නම් සමාවෙන්න ඕන..එත් ඉතින් ලියන්න කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා ටිකෙන් ටික මම කියන්නම්කො..
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට මේ කාලය දැනෙන හැගෙන ආකාරය.රටේ තොටේ සිද්ධවෙන සිදුවීම් ගැන අහන දකිනකොට ඒ වගේම තම තමන්ගේ එදිනෙද ජීවිතය තුල නොයෙකුත් දේවල් වලින් විවිධ මට්ටමේ අත්දැකීම් ලැබෙනකොට මොනවාද ඔයාලගේ හිතට දැනෙන්නේ.
සමහරවිට යම් අවස්තාවකදී ඔයාලගේ හිතට දැනෙන්න පුළුවන් මේ වගේම හැමදාකම ඉන්න පුළුවන් නම් කොච්චර හොදද කියල..ඊට පස්සේ තව අවස්තාවක දැනෙන්න පුළුවන් මේ මොන ජීවිතයක්ද කවද මේ ජීවිතෙන් ගැලවෙන්න පුළුවන් වේවිද කියල එහෙම නේද යාලුවනේ..තවත් අවස්තාවක හිතෙනවා ඇති මේ වගේ දුක් විදින තව කොයිතරම් නම් කට්ටිය ඇත්ද..අපි මේ මොනවාද විදින දුක කියල හිතෙන්නත් පුලුවන්..තවත් අවස්ථාවකදී නම් හිතෙනව් බොහොම කලාතුරකින් යම් පිරිසකට අපි මේ අනන්ත අප්‍රමාණ සැප සම්පත් විදිනවා එත් මේ දේවල් මේ ජීවිත කාලෙටම නොදැකපු අහිංසක දුප්පත් ජනතාවකුත් මේ අපේ ලෝකේ ජීවත් වෙනවා නේද කියලත් හිතට දැනෙන අය මේ අතරේම ඉන්නවා නේද යාලුවනේ..
ඉතින් බලන්නකෝ ඔයාල විසින්ම තනියම කල්පනා කරලා කොහොමද අපි මේ හැම දෙකටම පොදු උන තැනකට එන්නේ කියලා..ඒ කියන්නේ මේ කියුවේ සමාජයේ විවිද මානසික මට්ටම්.ඒ කියන්නේ අපි හිතන පතන හිතට දැනෙන දනවන සහ හැමෝටම වගේ මුහුණ පාන්නට සිද්ධවෙන එක එක අවස්තාවන්න් ගැන තමයි මේ කෙටියෙන් කියුවේ..
ඉතින් යාලුවනේ මෙන්න මේ දේවල් ගැනත් නිකමට වගේ හිතල බලන්නකෝ..මම අද පොඩි කරුණු දෙක තුනක් ගැන කියන්නම් ඔයාල තනිවම කල්පනා කරන්න බලන්න.ඔයාල අහල ඇති නේද මෝහනය කරනවා කියල දෙයක්.ගොඩක් මිල මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්.ඒ කියන්නේ ඔයාව මෝහනය කරලා ඔයාගේ හිතේ තියෙන දේවල් කියනවා අනිත් අයට එහෙමත් නැත්නම් ඔයාටම කියනවා.සමහර වෙලාවට ඒ සෑම දෙයක්ම ඇත්ත වෙන්න පුළුවන්.ඉතින් යාලුවනේ බලන්න ඔය හැම දෙයකින්ම මුදල් උපයනවා වගේම ඔයාට අවස්තාවක් ලබා දීල තියෙනවද මෝහනය කිරීමෙන් ධනපතියෙකු වෙන්න ක්‍රමයක් කියල.
ඒ කියන්නේ මෝහනය කරලා ඔයාව ධනවතෙකු කරන්න ක්‍රම කියල දෙනවා කියල අහල තියෙනවද.නෑ නේද..?සමහර විට මෙන්න මේ දේ අහල ඇති..
පුනුරුප්පත්තිය ගැන කියවනවා එහෙමත් නැත්නම් ඒ සම්බන්ධව මානසික හැගීම් මොනවාද කියල සොයා බලල කියනව කියල අහල තියෙනවද..
අන්න ඒ වගේ තැන වලින් අපිට අපේ දියුණුව ලගාකර දෙනවා කියල අහල තියෙනවද යාලුවනේ..
තවත් දේවල් තියෙනවා ඒ කියන්නේ ඔය එක එක අනවින/කොඩිවින/යකුන් ප්‍රේතයින් වගේ නොයෙකුත් දේවල් වලින් අපිව ආරක්ෂා කරවනවා එහෙමත් නැත්නම් ඒ දේවල් වලින් අපිට ධනය අත්කරවල දියුණුව ලගාකරවන ස්ථාන අහල බලල තියෙනවද..?
යාළුවනේ මොහොතක් හිතන්න අපිට හානියක් කරවන්න පැමිනේනෙන ඔය යකුන් ප්‍රේතයින්ව අපි එලවනවා හා සමානව එයාලට අවශ්‍ය කරන දේ අපිට ලබා දීල අපේ දියුණුවටත් තියාගන්න පුළුවන් වෙන්න ඕන නේද..?එහෙම නම් ඇයි අපි ඒ දේත් නොකරන්නේ..අන්න ඒ දේ තමයි යාලුවනේ මේ මම යතාර්තවත්ව කියන්නේ.සෑම දේකම අපි නොදකින පැත්ත ඒ කියන්නේ බාහිර දේ නෙවෙයි ඇතුලාන්තය මොකද්ද කියල දකින්න පුරුදු වෙන්න ඕන කියල..
යාලුවනේ මොහොතක් හිතන්න මේ මෝහනය කියල කියන දේ සත්‍යයක් නම් ඇයි ඒ දේ රජයේ රෝහල්වල නිල විද්‍යා ආචාර්යවරු දාල එහෙමත් නැත්නම් දොස්තර මහත්වරු දාල බෙහෙත් හේත් නොදෙන්නේ..?
තව ඒ දේවල් සත්‍යයක් කියල මුළු ලොවටම පෙන්වල දීල විවිධ වටින සහතික සම්මාන අරගෙන තම තමන්ගේ රටට කීර්තියක් අත් කරවල දෙන්නත් පුලුවන් කම තියෙනවා නේද යාලුවනේ.තව බලන්න මෙන්න මේ කරුණ දිහාත් නැවත ඉපදීම කියල කියන්නේ ඔය පුනුරුප්පත්තිය කියන දේ සත්‍යයක් කියල පෙන්වල දීලත් ඒ වගේම ප්‍රශංසා අරගෙන හොද නමක් තම රටට අත් පත්කරවල දෙන්න පුළුවන් කම තියෙනවා නේද යාලුවනේ..
එත් ඇයි එහෙම දේවල් නොවෙන්නේ...අපි මේ හැමදෙයක්ම විශ්වාස කරන්න කලින් ඒ දේවල් ගැනත් හිතනවා නම් එහෙම එකවර විශ්වාස කරන එකක් නෑ කියල මම හිතනවා.යාලුවනේ අපේ දියුණුව තියෙන්නේ අපේ මේ ඇහැට නොපෙනෙන මනස තුලද..නෑ කවදාවත් නෑ මනස තුල නෙවෙයි.මනස තුල ජනිත වෙන අපේ සිතුවිලි තුල නේද යාලුවනේ..
ඉතින් ඒ සිතුවිලි හැම දෙයක්ම හොද සිතුවිලි නම් අධිෂ්ඨාන ශීලී සිතුවිලි නම් අපි කවදාවත් කම්මැලි කෙනෙක් වෙන්නේ නෑ.
නමුත් ඒ සිතුවිලි කම්මැලි සිතුවිලි නිසා අපි තවමත් එකම තැන මං මුලා වෙලා වේගේ ඉන්නවා.
මේ හැම දෙකින්ම මිදෙන්න පාර කියල දුන්නු අප නායක තුමා..බුදුන් වහන්සේ,මහම්මත් තුමා,ජෙසුස් වහන්සේ ඇතුළු ආගමිකව අදහන නායක තුමන්ලා මාර්ගය නිවැරදිව කියල දීල තියෙද්දිත් අපි ඇයි එයාලට කරන නිගරු කිරීමක් හැටියට ඒ මාර්ගයේ නොයන්නේ..ඉතින් යාලුවනේ අපේ එතුමන්ලව දැක්කේ නෑ නේද ඒ කියන්නේ..
බුදුන් වහන්සේ දේශනා කරා නේද යාලුවනේ උන්වහන්සේ දේශනා කල ධර්මය නිවැරදිව දැක්කොත් ඔහු බුදුන් වහන්සේ දැක්ක හා සමානයි කියල..යාලුවනේ මොහොතක් හිතන්න ඉතින් ඒ සද්ධර්මය දේශනා කරන්න මුදලක් ගන්නවනම් කවුරුන් හෝ විසින් ඒ බුදුන් වහන්සේ විකුනනවා හා සමානයි නේද..?මම දන්නේ නෑ මේ කියන්නේ ඇත්තක්ද නත්තක්ද කියල.මේ මගේ හිතට දැනෙන දේවල් තමයි කියන්නේ..නමුත් කාටවත් තරහ ගන්නවත් බේධ කරන්නවත් නම් නෙවෙයි.මේ අපේ සමාජය ගැන මම දකින දේ තමයි යාලුවනේ කියන්නේ.ඔයාලටත් හැගෙන දේවල් ගොඩක් ඇති කියල හිතනවා ඒ අදහසුත් අපේ ගමනට ගොඩක් වැදගත්..
හැමෝම දකින දේට වඩා දෙයක් බලන්නත් පේන දේට වඩා යමක් දකින්නත් පුළුවන්කම ඇති කරගත්තොත් මේ සෑම දෙයකින්ම නිවැරදි පල නෙලාගන්න පුළුවන් වෙයි කියල හිතනවා.අපිට බැරි වෙන එකක් නෑ.මොකද අපි හැමෝම උතුම් චින්තන හැකියාවක් ඇති මනුස්සයෝ...නේද?

Post a Comment

0 Comments