සහතික උපාධි පෙන්නුවම සල්ලි දෙනවද...?

සුභ දවසක් යාලුවනේ ඔයාල හැමෝටම....ගොඩක් කාලයකින් තමයි ඉතින් මේ ලිපියක් ලියන්නේ.ඇත්තටම මේ දවස්වල නම් ගෙදර නෙවෙයි ඉදියේ..ඔන්න ඉතින් මේ දවස්වල නම් ටිකක් නිදහස්.අනික ලියන්නම් වාලේ ලියල වැඩකුත් නෑනේ..ඉතින් ඔන්න අද ටිකක් අපේ යාලුවොන්ට හිතන්න පුළුවන් ලිපියක් ලියන්නම්..
මුලින්ම ඔන්න අද මම පොඩි ගැටලුවක් අහන්නම්කො...කවුරු හරි ඔයාගේ ඇහැට ඇගිල්ලකින් ඇන්නොත් රිදෙන තරම කොහොමද...?ඒ වගේම රිදෙනවට වඩා ඔයාට තරහ යන ප්‍රමාණය කොහොමද..?
ඔන්න මෙහෙම හිතන්නකෝ තවත් විදියකට ඔයා කොහේ හරි යන වෙලාවක එක පාරටම ඔයාගේ ඇහේ සතෙක් වැදුන කියල හිතන්න...එතකොටත් ඒ වගේම රිදෙනවනේ...
ඉතින් ඒ වෙලාවටත් කොයි වගේ තරහක් එනවද..
ඇත්තම කියුවොත් ඉතින් ඒ සතාට දන්නා තරමින් උපරිමෙන් ම බනිනවා නේ..?ඉතින් කොහොමද බනින්නේ කියල අලුතින් කියන්න ඕන නෑ නේ..?
ඇයි ඒ තරම් අපිට තරහක් එන්නේ යාලුවනේ..පොඩ්ඩක් අපි කල්පනා කරලා බලන්න ඇයි අපි ඒ තරහ පාලනය කරගන්නේ නැත්තේ කියල..
ඇත්තටම අපිට තරහ කියල කියන දේ ස්වභාවිකවම හිතට එන දෙයක්නේ..කවුරුවත් අපිට කියන්නේ නෑ නේ මේ මේ හේතුව නිසා තරහ ඇති කරගන්න කියල..
නමුත් යාලුවනේ අපි අපේ දැනුමට අනුව අපේ ආගමට අනුව දන්නවා නේ තවත් කෙනෙක් තවත් කෙනෙකුට තරහ පතුරවනවනම් ඒක පවක් කියල නේද..ඉතින් අපි තරහ කියන දේ කෙනකුගෙන් කෙනෙකුට පතුරවන්නේ නෑ..
නමුත් යාලුවනේ එහම පතුරවන තරහ කියන දේ නැති කරගන්න පහසුයි..හොදට හිතල බලන්න..මොකද මේ දේ අපි හැමෝටම තේරුම් යන විදියට කියනවනම් අර කොටවනවා කියල කියන්නේ ඒ දෙටනේ..
ඉතින් යාලුවනේ අපිට පහසුවෙන් ඒ තවකෙනෙක් අතරේ පතුරවන තරහ කියන දේ නැති කරගන්න පුළුවන් නේද....ඔයාගේ හිතට තරහක් අව නම් ඒ තරහ පිට කිරීමට ඔය ගන්න ක්‍රියා මාර්ග ඔයා ලග විතරක්ම තියාගෙන කොහොමහරි ඒ තරහ පිට කරගන්නවා වෙනුවට ඒ තරහ පිට කරගැනීමට ඔය තවත් කෙනෙක්ව හවුල් කරගැනීම කොයි ආකාරයේ වැරැද්දක් ද කියල ඔයාලටම තේරුම්  ගැනීමට පුළුවන් නේද යාලුවනේ..
මොහොතක් හිතල බලන්න අපිට ඒ වගේ තව කෙනෙක් අතරේ හෝ ඔයාගේ තරහ ඇති කරගෙන ඒ තරහ නැතිකර නොගැනීමෙන් කොයිතරම් අවාසි සිද්ද වෙනවද කියල ...
ඔයාට ඉන්න හිතවත් පිරිස අඩු වෙනවා,ඒ වගේම ඔය කෙරෙහි මිනිස්සු සහ යහළුවෝ හිතාගෙන ඉන්න ආකල්ප නරක ආකල්ප බවට ඉබේටම පත් වෙනවා..
අපි කොයි යම් දවසක නෙවෙයි ඊලග මොහොතේදී හෝ මේ සෑම දෙයක්ම හැම බදීමකින්ම මිදිලා නැති වෙලා යන්න පුළුවන් නේද යාලුවනේ..අන්න ඒ දේ තරයේ මතක තබා ගන්නවනම් අපේ හිතේ තරහ කියන දේ පහ කරන්න ගොඩක්ම පහසුයි..
තරහ ඇති කරගන්න ඔයාගෙත් සහ තරහ  වුන ඔයාගේ යාලුවටත් යම් කිසි දවසක එකම තැනකදී මිය යන්න වෙනවා නේද..ඉතින් යාලුවනේ මොකටද අපි ඒ සුළු මොහොතට තරහක් ඇති කරගන්නේ..
හැමෝම එක්ක සතුටින් ඉදල ජීවිතයෙන් සමුගන්න පුළුවන් නේද.කාටවත් එතකොට කරදරයක් නෑ.අපි ඉන්න කාලයේ හොදින් සමාජයේ අයට ආදර්ශමත් ආකාරයෙන් ඉදියොත් අපි සමාජයෙන් ඉවත් වෙලා ගිය දවසට අපි නොදැනුවත්වම අමරණීය නමක් ගොඩ නගපු යහපත් පුරවැසියෙක් වෙනවා නේද යාලුවනේ....
අද අපි ජීවත් වෙන සමාජයේ කොයිතරම් නම් ගැටළු මතුවෙනවද බොහොමයක් යම් යම් නිල තල හේතු කොටගෙන එහෙමත් නැත්නම් ප්‍රේම සම්බන්ධතා මත..එහෙමත් නැත්නම් දේපල මුදල් තණ්හාවක් හේතු කොටගෙන..
එහෙම නේද යාලුවනේ...නිකමට ඔයාල මොහොතක් තනියම හිතන්න අපි මේ ගෙවපු ජීවිත කාලේදී අපි කොයිතරම් දෙනෙක් එක්ක තරහ ඇති කරගෙනද ඉන්නේ කියල.ඒ වගේම හිතන්න අපිට එහෙමත් නැත්නම් අපේ හිතට කොයිතරම් වාසි ප්‍රමාණයක් හෝ අවාසි ප්‍රමාණයක් අත්වෙලා තියෙනවද ඒ ඇති කරගත්ත තරහ තුලින්..
සමහරවිට ඔයාලට අවාසිම විතරක් වෙන්න පුළුවන්..
අපි හැම වෙලාවකම ආගම ධර්මය අදහන වෙලාවේදී හිතින් හිතනවා මම කාටවත් කා සමගවත් තරහ හිතක් ඇති කරගන්නේ නෑ කියල එත් යාලුවනේ ඒ යම්කිසි ගාත්වකට විතරයි එහෙමත් නැත්නම් ආගම අදහන වෙලාවට විතරයි..
ඉන් අනතුරුව අර සුපුරුදු ජීවිතයම නේද..
බලන්න අල්ලපු ගෙදර කෙනා එක්ක තරහයි නම් එක පාරක් ආගම ඇදහල ඇවිත් අපහු යාලු වෙනවද..?නෑ නේ තව තව තරහක් ඇති වෙන විදියේ වැඩක් කරනවා..ඇත්තටම් යාලුවනේ ඒ දේ නේද අපේ සමාජයේ බහුතරයක් සිද්දවෙන්නේ...
තවත් විදියකට හිතන්නකෝ..ඔන්න යාලුවනේ අපි අතරේම ඉන්න සමහර යාලුවෝ තවත් යාළුවෙක්ව හොදට ඉගන ගන්නවනම් එහෙමත් නැත්නම්  තව යාලුවෙක්ට වෙනත් ගුරුවරයෙක් හොද කියනවනම් ඒ යාලුව එක්කයි ඒ ගුරුවරයා එක්කයි තරහක් සහ ඉරිසියාවක් ඇතිකරගන්නව නේද..
ඒ දේවල් ඉබේටම අපේ මනසින් සිද්දවෙන දේවල්.නමුත් අපිට මෙන්න මේ වගේ දේවල් අපේ මනසින් ඉවත් කරගන්න නම් අපි හිතන විදිය වෙනස් කරගන්න ඕන..
පොඩි උදාහරණයක් දෙන්නමෝ.ඔන්න දැන් උසස් පෙළ ආරම්භ උනානේ.ඉතින් හැමෝටම කියන්නේ තමන්ට පුළුවන් අයුරින් ඒ විභාගයට මුහුණ දෙන කියල විතරයි..
මොකද විභාග සමත් උන පලියටම මේ ලෝකේ හොද තැනකට යන්න බෑ.විභාග අසමත් වෙලා තමන් සතු හැකියාව තුලින්ම ගොඩ නැගුන අය අනන්තවත් අපේ මේ පුංච් රටේ වගේම ලෝකේ පුරාම ඉන්නවා..
නිකමට හිතන්නකෝ..මේ කියන්නේ සමත් උන අයට ලජ්ජා කරන්නවත් එයාලව පොඩි මට්ටමකට දන්නවත් නෙවෙයි..
අපිට උපාදියක් තිබිල සහතික තිබිල එත් ගෙදරට වෙලා ඉන්න අය නැත්ද...?ඉතින් ගැබුරින් හිතන්න සහතික උපාධි පෙන්නුවම සල්ලි දෙනවද...?අපි විසින් ඉගනගෙන අපේ වටිනාකමට තවත් කෙනෙක් ලග නැවිලා පත්වෙලා වැඩ කරලා පොඩි මුදලක් හොයනවා..යාලුවනේ තනියම හිතන්න..ඔයා කිසිම දෙයක් නැති කෙනෙක් පොඩියට ව්‍යාපාරයක් ආරම්භ කරලා කාලයක් යද්දී හොද තැනකට අවොත් එයා යටතේ අර උපාධි ගත්ත අය රැකියාවල් කරවී නේද...?
මෙන්න මේ වගේ තමයි යාලුවනේ අපේ තරහ කියන දේත් රැදිලා තියෙන්නේ..තනියම හිතන්න අපි අපේ හිත පිරිසිදු කරගන්න තවත් කෙනෙකුගේ අවවාද අත්‍යවශ්යමද??නෑ නේද..එක්කෝ තව කෙනෙක් යටතේ ඉගෙන ගෙන  ඒ දේවල් අපේ මනසින් තරයේ තද  කරගන්න ඕනද..එත් නෑ නේද..
අපිට පුළුවන් අපේම කියල නැවුම් සිතුවිලි වලින් ඒ කියන්නේ පැහැදිලි හොද සිතුවිලි වලින් එදිනෙද ජීවිතය ගොඩ නගන්න..ඒ හැමෝම අතරේ ගුණයහපත් කම සහ සමගිය තුලින් නේද...එතකොටයි යාලුවනේ අපි හැම අතින්ම පරිපුර්ණ අය කියල මට නම හැගෙන්නේ...ඔයාලත් මේ ගැන හිතන්න බලන්න...ඒ නිසා අද අදම සුපුරුදු හිතන විදියෙන් අලුත් ආකාරයකට හිතන්න පුරුදු වෙන්න..

Post a Comment

4 Comments

  1. ඔය තරහා කියන දේ නම් මටත් උපරිමේටම තියනවා...පාලනය කරගන්නවා කියලා හිතුවට කේන්තියක් හිතට ආවහම අර මුකුත් මතක නෑ,... අනේ මන්දා ඉතින්.....මේ තරහා යන එක නෑතිකරගන්න තියනවනම් කියලා මටම හිතෙනවා අනන්තවත් අප්පා :D

    ReplyDelete
    Replies
    1. යාලුවා ස්තුතියි අදහසට... ඔයාට කරන්න ක්‍රම කීපයක් තියෙනවා තරහ කියන දේ අඩු කරගන්න..ඉස්සෙල්ලම කල්පනා කරන්නකෝ ඔයාට වැඩිපුරම තරහ ඇවිත් තියෙන්නේ මොන හේතුවක් මතද කියල....අන්න ඒ හේතුව සහ ඉන් පස්සේ ඔයාට තරහ ඇවිත් තියෙන්නේ වැඩිපුරම තව මොන වගේ හේතු මතද කියල එකින් එක ඔය හිතන්නකෝ,එහෙම හිත හිත පොඩියට කොලේක ලියන්න බලන්න ඒ තරහ එන අවස්තාවන් ප්‍රමාණය..අපි හිතමු දවසකට 10 සැරයක් තරහ ආව කියල.අන්න ඒ ඒ අවස්ථාවන් ඔයා කොලේක සටහන කරගන්න උත්සාහ කරන්නකෝ...මේ තමයි පළමු පියවර..හොදද...උත්සාහ කරලා බලන්න..

      Delete
  2. Replies
    1. ඔයාලටත් දැනගන්න තමයි කියුවේ යාලුව...කොහොමද දැනෙන දේ සැබෑවක්ද කියලත් කියනවනම් හොදයි..ස්තුතියි ජනක යාලුවා...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....