ඔයාගේ පෙන් ඩ්‍රයිව් එකෙන් රැම් එක වැඩි කරගන්න...

සුභ සතියක් යාලුවනේ ඔයාල හැමෝටම...හැමදාකම සමාව ඉල්ලන්නත් බෑනේ ලිපි ලියන්න බැරි උන කියල.ඔන්න ඉතින් හැමෝටම වටින කියන දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ..
ඔන්න අපෙ පරිගණකයේ වැඩ කර කර ඉන්න යලුවෝ හැමෝටම වගේ උවමනා කරන දෙයක්නේ මේ වේගවත් බව වැඩිකරගැනීම කියන එක..ඉතින් ඒ සදහා අපි හැමෝම නොයෙකුත් දේවල් කරනවා.ඒ කියන්නේ කාලෙන් කාලෙට තමන්ගේ පරිගණකය වේගවත් කරගැනීම සදහා නොයෙකුත් උපක්‍රම යොදාගන්නවා...ඔන්න සමහර විට අපි අපේ රැම් ධාරිතාව වැඩි කරගන්නවා.එහෙමත් නැත්නම් දෘඪ තැටියේ ධාරිතාව වැඩි කරගන්නවා එහෙමත් නැත්නම ප්‍රොසෙසරයේ වේගවත් කරගන්නවා..ඉතින් මේ හැමදේටම අපේ අයියල අක්කල නංගිලා මල්ලිලා නම් දක්ෂයිනේ..එත් අපේ වැඩිහිටියෝ මේ දේවල් ගැන වැඩිපුරම දැනුමක් නෑ...
එත් දන්නා කියන අයත් නැතුවම නෙවෙයි.එත් බහුතරයක් එහෙමනේ..මේ කියන්න යන්නේ අපි හැමෝටම කොයි කාටත් වැදගත් වන දෙයක් ගැන..
අපි දැන් පරිගණකයේ වැඩ කර කර ඉන ගමන් ඔන්න එකපාරටම හිරවෙනවා...පොලවේ ගහල යන්න හිතෙනවනෙ..ඉතින් ඔන්න අහල බලල දැන ගන්නවා අපේ පරිගණකයේ තාවකාලික මතකය අඩුයි කියල.ඒ කියන්නේ අර රැම් ධාරිතාව අඩුයි කියල...
ඉතින් ඔන්න මේකට අලුත්  රැම් එකක් ගහන්න සල්ලිත් නෑ කියල හිතමුකෝ..ඉතින් මේ සදහා කෙටි ක්‍රමයක් තියෙනවා අපේ ලග තියෙන පෙන් ඩ්‍රයිව් එක  රැම් එකක් කරගන්න පුළුවන්...
ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඒ දේ කරන්න ඕන යාලුවනේ..අත්හදා බලන්නකෝ,යම් කිසි වෙනසක් දැනේවි...
මේ සදහා 512MB වගේ හෝ ඊට වඩා වැඩි අගයක ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකේ හිස්ව තියෙන්න ඕන...නැත්නම් මුළු පෙන් එකම හිස්ව තිබුනත් කමක් නෑ..
ඉතින් මෙන්න මෙහෙමයි මේ දේ කරන්නේ..
මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ද කරලා MY COMPUTER අයිකනය උඩ ක්ලික් කරලා පෙන් එකේ අයිකනය මත Right Click කරලා පෙන් එකේ properties වලට යන්නකෝ..
ඔන්න දැන් පොඩි පණිවුඩ පෙට්ටියක් එවි...
එකේ ඉහලම තියෙනවනේ තෝරන්න කීපයක්..අන්න එකේ දකුණු පැත්තේ ඉහලම ඇති Readyboost කියල එකක්..අන්න ඒක දැන් ක්ලික් කරලා බලන්න..
ඊට පස්සේ තෝරන්න එවි.
ඒ කියන්නේ අර ටික් එකක් දාන්න එවි ස්ථාන තුනක...
Use this Device
 කියන තැනට ටික් එකක් දාල පහල තියෙනනවා නේ අර එහාට මෙහාට ගෙනියල වැඩි අගයක් දෙන්න එකක්..අන්න එක දකුණු පැත්තට ගෙනියන්නකෝ..එතනට 512 අගයට වඩා වැඩි අගයක් දීල Apply කරලා OK  බොත්තම ඔබල බලන්නකෝ...
හැබැයි මේ අවස්ථාවේ පෙන් එකේ තියෙන ඉඩ ප්‍රමානයෙන් අපිට වෙනත් ප්‍රයෝජන නම් ගන්න බෑ..මේකෙන් ඉවත් වෙන්න නම් අපහු අර Do not use this device කියන එකට ටික් එකක් දාල ඇප්ලයි කරාම හරි..
ඉතින් බලන්නකෝ ඔයාලත් මේ දේ අත්හදා බලල වෙනසක් එහෙම තියෙනවද කියල..හදිසියට හැමෝටම වගේ වැදගත් වෙනවා නේද..මේකට ඉතින් ස්තුති කරන්න ඕන කාටද???
ඔන්න මේ දේ දන්නේ නැති අපේ යාලුවොන්ට තම තමන්ගේ යාලුවෝ ඉස්සරහ පොඩි වැඩ කෑල්ලක් දාන්නත් පුළුවන් නේද...???

Post a Comment

0 Comments