ස්වයං...ව කරන්න අපිට ඇති දේ සහ හැකි දේවල්.....

සුභ දවසක්  වේවා යාලුවනේ ඔයාල හැමෝටම..ඒ වගේම සුභ සති අන්තයක් වේවා කියලත් පතනවා හැමෝටම.ඔන්න අද ඉතින් සුපුරුදු පරිදි අපි සින්න සහ සිතන විදිය වෙනස් කරන්න සහ සිතපු විදියේ වැරද්දක් තියනවද කියන එක පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න කියල දෙන්න ලිපියක් තමයි මේ ලියන්නේ..
ආපස්සට හැරිලා අපිට වැරදුන තැනක් ගැන හොයල බලන්න ඕන අනුන් ලවාද නැත්නම් තමන් විසින්මද කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා නේද,බලන්නකෝ අපි සමහර වෙලාවට කියනවා අපේ ලගම ඉන්න යාලුවට මචං මගේ වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවා වගේ දැක්කොත් මට කියපන් හොදේ..නැත්නම් සමහර ආයතනවල එහෙමත් නැත්නම් වාහනවල එහෙමත් නැත්නම විවිද සේවා ස්ථානවල දැන්වීම එහෙම ගහල තියේනවා පැමිණිල්ලක් වැරැද්දක් අඩුපාඩුවක් එහෙම දැක්කොත් මෙන්න මේ අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න කියල.එහෙමත් නැත්නම් මෙන්න මේ පෙට්ටියට අදහස් පලකරලා කොලයක් දාල යන්න කියල කියනවා ඒ මොකටද යාලුවනේ එහෙම කියන්නේ..
ඉතින් අපි අපේ වැරදි අඩු පාඩු අවම කරගනීමේ පරමාර්ථය සහ හොද නිවැරදි සේවාවක් ලබාදෙන්න නේද..ඉතින් අන්න ඒ හේතුව නිසා අපේ හෝ අපේ ආයතනයක් හෝ සේවා ස්ථානයක් දිනෙන් දින වැරදි අඩුපාඩු හදාගනිමින් හොද සේවාවකට යාමේ හැකියාව පවතිනවා..
හැබැයි පොඩ්ඩක් හිතන්න බලන්න අපේ පවුද්ගලික ජීවිතය තුලදී එහෙමත් නැත්නම් සමාජයෙන් ඉවත් වෙලා තනියම ඉන්න වෙලාවක අපේ වැරදි අඩුපාඩු කියල දෙන්න කවුද ඉන්නේ.
එහෙමත් නැත්නම් අපේ වැරදි අඩුපාඩු හදාගන්න හිතන්න කාලයක් වෙන් වෙන්නේ කොහොමද.අපිට ඇත්තම කියුවොත් ඒ ගැන හිතන්නවත් වෙලාවක් එනවද..එහෙමත් නැත්නම හිතන්න උවමනවකවත් එනවද ඇත්තම කියුවොත් අපි ලග වැරැද්දක් නැති විදියටම අපි ඉන්නවා...
බලන්න මම පොඩි උදාහරනයක් දෙන්නම්..
ඔන්න පෝය දවස කියන්නේ ගොඩක් අයට නිදහසක් ලැබෙන දවසක් නේ.ඉතින් හැමෝටම වගේ රැකියාවට යන අයට පවා නිදහසක් ලැබෙනවනේ.ඉතින් එදාට බන අහන්න බන කතා බලන්න ටී.වී එකේ සහ රේඩියෝ එකේ අහන්න දකින්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා..
ඉතින් ඔන්න ඔහොම බලන අහන වෙලාවක අපි හිතමු උදේ 8 ට යම් බන කතාවක් යනවා කියල..ඉතින් අම්ම ඇවිත් ඒක දාල බලන්න හදනවා.ඉතින් එවෙලේම පොඩි ළමයෙක් එහෙමත් නැත්නම් පොඩිම පුතා ඇවිත් ඒ නාලිකාව වෙනස් කරලා උදේ ඒ වෙලාවට යන කාර්ටුන් එකක් දන්නා හදනවා.ඉතින් අම්මට තරහ එනවා ඇවිත් අර ළමයට බනිනවා පෝය දවසටවත් බණක් අහන්න විදියක් නෑ කියල පටන් අරන් හොදටම බනිනවා...
එහෙම නේද යාලුවනේ..සමහරවිට ඔයාලත් අහල දැකල පුරුදු අත්දැකීමක් වෙන්න ඇති මේ දේත්..
ඉතින් බලන්න කාගේද වැරැද්ද කියල.අර ළමයට ටී.වී එකේ කාර්ටුන් පුරුදු කරේ කවුද.බත් කවන්න එහෙමත් නැත්නම් අම්මලාගේ පහසුවටම වෙනදට හැම දේම කරගන්න පහසු වෙන්න ළමයට ටී.වී එක ඒ වෙලාවට හුරු පුරුදු කරනවා..
පස්සේ එක දවසකදී අම්මලට උවමනා  දේ නැති වෙනකොට ළමයට බනිනවා.යාලුවනේ මෙතන කාගේද වැරැද්ද..ඒ ළමයාගේ චින්තනය සහ සිතුවිලි වල වැරැද්දක් තියෙනවද ඇත්තටම නෑ මම නම් හිතන විදියට..
බලන්න පොඩි කාලෙදිම ඒ ළමයට බන කතා යන නාලිකාවක් පුරුදු කර නම් බලන්න එයා හැමදාම ඒ වගේ නාලිකාවක් තමයි බලන්නේ..අපි උනත් එහෙම තමයි.නමුත් අපිට පුරුදු උන දෙයකින් එක වර නිදහස් වෙන්න අමාරුයි...
ඒ වගේම අපේ වැඩි හිටියො එකවර ඒ දේවල් ළමයින්ගෙන් ඉවත් කරන්න හදනවා..ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි.නිකමට හිතන්න...
 තේරුම් ගන්න හොදටම හැකියාව තියෙන අපිට අපේ ජීවිතයට පුරුදු උන දෙයක් නතර කරගන්න කොයිතරම් අමාරුද කියල.එහෙම එකේ පොඩි ළමයෙක්ගේ හිත වෙනස් කරන්නේ කොහොමද..
අනිත් දේ තමයි පොඩි ළමයෙකුට කතාකරන්න ඕන අනුබල දෙන්න ඕන ක්‍රමයක් තියෙනවා..ආදරය සහ සෙනෙහස කියන දේ පුරුදු විදියටම දෙනවා වගේ දෙයක් කරන්න කියුවොත් ඒ ළමය යම්තාක් දුරට හරි අහනවා නේද..
තරහින් කියුවොත් කවදාවත් අහන්නේ නෑ..අපිත් එහෙම තමයි නේද යාලුවනේ..ඇයි ඒ එහෙම වෙන්නේ අපිත් පොඩි ලමයිද?
නෑ..අපිත් පුරුදු වෙලා ඉන්න ක්‍රමයක් තියෙනවා.ඒ විදියට නැත්නම් අපිට උනත් ඒ කෙනාව ගැලපෙන්නේ නැති තත්වයක් එනවා.මෙන්න මේ නිසා අපිට එක තැනක රැකියාවක් කරන්න බැරි වෙනවා,එක්කෝ අපි එක කඩේකින් බඩු අරගෙන ඒ කඩේ මුදලාලිව සංසන්දනය කරනවා තවත් කඩේක මුදලාලි කෙනෙක් එක්ක.
ඉතින් ඒ නිසා හැමදාම බඩු ගන්න එක කඩයක් තෝරාගන්නවා.
මේ වගේ හේතු නිසාම බලන්න අපි  තමන්ට ගැලපෙන එක  හොද යලුවෙක්ව හැමදාටම හොයාගන්නවා..
ඒ වගේම තමයි අහල පහලින් හොද අසල්වැසි එක ගෙයක් සොයාගන්නවා..
මෙන්න මේ මේ අයුරින් තමයි අපේ සමාජය ගොඩ නැගිලා තියෙන්නේ හරියට කල්පනාකරලා බලන්නකෝ මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියල..
ඉතින් අපි කියනවා තවත් කෙනෙක් එක්ක අපෝ අර ගෙදර 'කුසුමා' කිසිම වැඩක් නෑ.මහා ජරා කටක් තියෙන්නේ අරක මේක කියල කෙනෙක් තව කෙනෙක් එක්ක කතා කරනවා...
ඒ වගේම යාළුවෙක් තවත් යාළුවෙක් එක්ක තව යාළුවෙක් ගැන වැරදි අදහස්  කියනවා...එහෙමත් නැත්නම් රැකියා ස්ථානයේ පිරිසක් තවත් පිරිසක් එක්ක මතවාද ඇති කරගන්නවා..එහෙම නේද යාලුවනේ...?
මේ හැමදේටම මොකද්ද යාලුවනේ බලපාල තියෙන්නේ.
නිකමට හිතන්න මේ අපේ අතින සිදුකරන වැරදි අඩුපාඩු ගැන හොයල බලල ලියුම් එවන්න /කෝල් කරන්න දැනුම් දෙන්න කිසිම ස්ථානයක් වෙන් කරලා තියෙනවද?නෑ නේද..?
අඩුම තරමේ අපේ සිත තුළවත් යම් කිසි තැනක් වෙන් කරලා තියෙනවද එත් නෑ නේද...?
එතකොට කොහොමද අපි මේ වැරදි අඩුපාඩු වලින්  ගැලවිලා හොද දවසකට එහෙමත් නැත්නම් හොද පුද්ගලයෙකු බවට පත් වෙන්නේ...කවුද අපිට කියල දෙන්නේ ..
යාලුවනේ ඒක අපිට කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕන.අපි විසින්ම ඒ නරක දේවල් ඇත අරින්න ඕන..ඒ ගමන්ම අපි අපේ බාල පරපුරට ආදර්ශමත් වෙන්න ඕන.ඒ දේ ගෙදරින් නේද  මුලින්ම  හදන්න ඕන..අර රුපවාහිනියට පුරුදු කර වගේ හොද දේවල්වලට පුරුදු කරන්න ඕන  නේද..?
මොකද අපිටත් පොඩි කාලයක් තිබුන නේද යාලුවනේ.
අපිත් ඒ කාලේ ලබාගත්ත අත්දකීම් සහ පුරුදු වීම මත නේද අද මේ ගමන යන්නේ.අන්න ඒ නිසා අපි දැනගන්න ඕන ඉස්සරහට පියවරක් තබන හැම වෙලාවකම අපි මුලින් තිබ්බ පියවර කොයි ආකාරයේ එකක්ද කියල හිතන එක...
මොකද ඉදිරියට තබන හැම පියවරක්ම හරි විදියට තියන්න නම් පසු පසින් තියපු පියවර ගැන හොද අවධානයක් තියෙන්න අවශ්‍යයි නේද යාලුවනේ...
අන්න ඒ බව හොදට අපි මතකයේ තියාගෙන නිවැරදි ආකාරයෙන් හිතන්න පුරුදුවෙලා අපි අපේ වැරදි අඩුපාඩු ස්වයං අධ්‍යනය තුලින් ගොඩ නගාගන්න හැමදාකම උත්සාහ ගමු යාලුවනේ...ඒ තුලින් අපි නොදැනුවත්වම අපිට ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා..අපිට නොදනුවත්වම අවසානයේ අපේ හිතට ගොඩක් ලොකු සතුටක් ලැබෙනවා අපි නිවැරදි මාර්ගයක් ගමන් කරනවා කියල කියන හැගීම මත...එහෙම නේද...?මොහොතක් හිතල බලන්නකෝ...

Post a Comment

4 Comments

  1. පට්ට කතාව.on

    ReplyDelete
  2. ඇත්ත.... ගොඩක් දෙනාට තමන්ගේ වැරදි අඩුපාඩු වෙනුවට පෙනෙන්නේ අනිත් අයගේ වැරදි අඩුපාඩු... මොකද එයාල ඒ දේ දිහා බලන්නේ තමන්ට සාපේක්ෂව.. තවත් කෙනෙක් කරන දේ තමන් හිතන විදියට එකඟ නම් කියනව " ඔව් එයා හරි " නැත්නම් බනිනවා "අපෝ එක නම් මහා කැත වැඩක් කියල" .. මේ දේවල් රඳා පවතින්නේ එකිනෙකාගේ ආකල්ප මත.. අපි හැමෝම අපි කරන ක්‍රියා දිහා බලන්නේ තමන්ගේ ආකල්ප වලට අනුව වගේම අනිත් අය ඒ දිහා බලන්නේ එයාලගේ ආකල්ප මත එයාලගේ කෝණයෙන් ... මේ නිසා බොහෝ දෙනෙක් පිලි ගත්තු සමාජ සම්මතයක් බිහි වෙලා තියෙනවා.. ඒ සම්මතයෙන් ඔබ්බට අඩිය තියන කෙනාව පිළිකුල් කරනවා එහෙමත් නැත්නම් ගැරහීමට ලක් කරනවා..
    මට හරි දේ ඔයාට හරි නොවෙන්න පුළුවන් ... ඒ නිසා හැම කෙනාගේ අතින්ම වැරදි සිදු වෙනවා.. කෙනෙක් ගේ වැරද්දක් පෙන්නලා දෙන එක බොහොම හොඳ දෙයක් උනත් එකටත් ක්‍රමයක් සහ විදිහක් තියෙනවා..
    "මම නම් අම්ම තාත්තා උනත් වැරද්දක් කරා නම් කියනවා මුනටම ".. කියන මේ ප්‍රකාශය පෞද්ගලිකව මම නම් අනුමත කරන්නේ නෑ.. මොකද අපි හැම කෙනෙක්ටම ආත්මයක් සහ ගරුත්වයක් තියෙනවා.. කෙනෙක් ගේ වැරද්දක් පෙන්නලා දෙද්දී හෙමින් සැරේ ආදරෙන් සුදුසු වෙලාවක පෙන්නලා දෙන්න .. සතෙක්ට උනත් ආදරෙන් දෙයක් කිවොත් උන් අහන බව මතකයේ තියා ගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඕව යාලුවා...ඔය පලකල අදහස තුල ගොඩක් ගැබුරු පති ගොඩක් තියෙනවා ආදරය තුලින් වර්තමානය සකසාගන්න ගොඩක් අය ඉන්නවා ඒ වගේම සතෙක් උනත් ආදරය තුලින් දැනෙන හැගීමට ගරු කරනවා ඒ ආදරේ කරන කෙනාට.එත් මේ සමාජයට ඒ දේවල් ගැබුරින් දකින්න තවමත් බැරි වෙලා තියෙනවා.සතට කියන දේ ඇති වෙනවා නැතිවෙනවා කියල දැනගත්තත් තාවකාලික ලෝකය තුල සදාකාලික දේවල් පසු පස හැබෑ යන පිරිස තවමත් ක්‍රමයෙන් වැඩිවෙලා මිසක් අඩුවීමක් දකින්න ලැබෙන්නේ නෑ නේද..?

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....