පටස් ගාල පෙන් ඩ්‍රයිව්,ෆෝන් චිප්,සී.ඩී වලින් එන ඔක්කොම වයිරස් අල්ලමු...

සුභ උදෑසනක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම...මුලින්ම ගොඩක්ම ගොඩක් සමාව ඉල්ලනවා මේ සති දෙක තුලදීම කිසිම ලිපියක් පලකරන්න බැරිවීම සම්බන්දව හොදද..
අඩුම තරමේ පොසොන් පෝය දවසේවත් මට ලිපියක් පලකරන්න බැරි උන.ඉතින් මගේ ලගම මිතුරෝ නම් දන්නවා පහුගිය දවස් ටිකේ මම පරිගණකය ලග උන්නේ නෑ කියල..ඉතින් ගෙදර ඉදියේත් නෑ..
ඉතින් ඔන්න මේ මාසේ මුල ඉදලවත් අලුතින් ලිපියක් ලියනවා කියල හිතාගෙන උන්නත් ඒකත් කරන්න බැරි උන.
නමුත් ඉතින් කරුණු කාරණා ගොඩක් සොයාගත්තා,එත් කියන්න ලියන්න වෙලාවක් තමයි නැත්තේ...ප්‍රධාන හේතුව තමයි මේ දවස්වල මෘදුකාංග කීපයක් සකසනවා ආයතන කීපයකට ඉතින් වෙලාව නෑ ඇත්තටම කියනවා නම්...
ඉතින් මේ පහුගිය දවස දෙක තුනේ මට ලොකු අවශ්‍යතාවයක් ඇති වුන අරෙහෙට මෙහෙට යන එනකොට සහ වෙන වෙන අයගේ පරිගණකවලින් දත්ත ලබාගෙන මගේ පරිගණකයට දාගත්තම ඒවායින් හැමෝටම වගේ මටත් කරදරයක් වන මේ වයිරස වලින් ආරක්ෂා වෙන්න..මොකද මගේ වයිරස ආරක්ෂකයා කල් ඉකුත් වේලා..
ඒ කියන්නේ බහුතරයක්ම පෙන් ඩ්‍රයිව් වලින් සහ ෆෝන් චිප් වලින් තමයි.ඊට අමතරව සී ඩී තැටි වලිනුත් බලපානවා.වැඩිපුරම අර දෙක තමයි යාලුවනේ.
ඔන්න ඉතින් මේ සදහා විසදුමක් සොයන වෙලාවේ තමයි මේ දේ ලැබුනේ..
අපේ යාළුවොන්ටත් වැඩිපුරම වැදගත් මේ වගේ දේ කියල මට නිකමට වගේ හිතෙනවා..
ඉතින් ඔන්න පොඩි මෘදුකාංගයක් සකසල තියෙනවා මේ දේවල් වලින් ගැලවෙන්න.මේකේ නම තමයි
usb disk security..
හැබැයි නැවත වාරයක් සමාව ඉල්ලනවා මේ ලිපියත් තාක්ෂණික ලිපියක් වීම සම්බන්දව..මොකද ඇත්තම කියනවනම් මේ ලිපිය ලියන්න කාලය යන්නේ අඩුවෙන් නිසා තමයි මේ මාසෙට ආරම්භක ලිපියක් හැටියට ලියන්නේ.තරහ ගන්න නම් එපා...
ඉතින් මෙන්න තියෙනවා බාගත කරගන්න සබැදුම ඉතින් බලන්නකෝ ස්ථාපිත කරගෙනම.
බොහොම පහසුයි මේක බාවිතා කරන්න.
මේක හැබැයි ගොඩක් අයට ගැටලුවක් තමයි මේක ස්ථාපිත කරන්න ඕන අපේ පෙන් එකටද නැත්නම් චිප් එකටද කියන එක..
එහෙම නෙවෙයි යාලුවනේ මේක අපි අපේ පරිගණකයටම තමයි ස්ථාපිත කරගන්න ඕන හොදද..
ඉතින් බලන්නකෝ...වාසියක් තමයි මේක යාවත්කාලින කරන්න අවශ්‍ය නෑ..
ඒ වගේම සී.ඩී තැටියක් දැම්මත් AUTO RUN  වයිරස අල්ලනවා නිකන්ම.බලන්නකෝ අත්හදා බලල එහෙමනම්..
ගැටලුවක් අවොත් අදහසකින් අහන්න කියල දෙන්නම්කෝ....

Post a Comment

0 Comments