ස්ලෝ කිය කියා ඉන්නේ නැතිව පටස් ගාල PC එක ස්පීඩ් කරගන්න..

සුභ උදෑසනක් වේවා යාලුවනේ....ඉතින් ඔන්න අද පලකරන්න හදන්නේ අපේ යාලුවෝ ගොඩක් ආස කරන මාතෘකාවක් ගැන ලිපියක්..
ඉතින් ඔන්න හැමෝම කියනවා ,ඒ වගේම කතාකරනවා තම තමන්ගේ පරිගණකය ගැන සහ පරිගනකෙයේ අලුතින් දාන වැඩකිඩ ගැන..
අපේ පාසල් යන යාළුවොත් ඉතින් අලුතින් මොකක් හරි දෙයක් සොයගත්තොත් එකටම කියන්නෙත් හරි අගේකින් නේ.
ඔන්න හැමෝම වගේ කියනවා නේ තමන්ගේ පරිගණකය හෙමින් වැඩ කරනකොට ඒ කියන්නේ තේරෙන විදියට කියනවා නම් අපි කියන්නේ
"මචං මගේ මැෂින් එක පට්ට ස්ලෝ වෙලා බං...මොකද මංදා..අප්පිරියයි.හැමදාම ෆොර්මැට් කරනවා ඉවරයක් නෑ කියල."
ඉතින් ඔහොමනේ කියන්නේ..ඇත්තටම මොකද්ද මේ දේට හේතුව වෙන්න ඇත්තේ..
අපි හොද වයිරස අරක්ශකයක් සහිතව පරිගණකය වැඩ කරද්දීත් එහෙම ස්ලෝ වෙන්න බෑ නේ.එක්කෝ එහෙමනම් තාවකාලික මතකය හෙවත් රැම් ධාරිතාව අඩු වෙන්න ඕන.එහෙමත් නෑ කියල හිතමුකෝ..
එහෙම නැත්නම් ප්‍රොසෙසරය වේගවත් නොවෙන්න ඕන..අපි එහෙමත් නෑ කියල හිතමුකෝ..
ඉතින් මෙන්න මේ හේතු තමයි සාමන්‍යයෙන් පරිගණකයක් ස්ලෝ වෙන්න එහෙමත් නැත්නම් හිරවෙන්න බලපාන්නේ...
හැබැයි යාලුවනේ මීට අමතරව අපිට නොදැනුවත්වම සිද්දවෙන තවත් දේවල් තියෙනවා..අන්න ඒ අයුරින් ස්ලෝ වෙන එක නවත්වගන්න ක්‍රමයක් තමයි අද මේ කියන්න හදන්නේ..
අපි භවිතා කරන ෆයිල් සහ ෆෝල්ඩර් වෙගේම හදන දත්ත සහ සේව් කරන ෆයිල් තියෙනවනේ එක එක ෆොර්මැට් එකෙන්..(තේරුම් යනවිදියට කියන්නේ)
ඉතින් අන්න ඒ දේවල් අපි අපිට ඕන ඕන තැන්වල නේ දාන්නේ.
සමහරවෙලාවට ඩෙස්ක්ටොප් එක පුරාවටම තියෙනවා එහෙමත් නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකේ ප්‍රදාන කොටස්වල ඩ්‍රයිවර්ස් ඇතුලේ ඔහේ දාල තියෙනවා..
කවුරුහරි ඇවිත් මචං මට අර මගේ ෆයිල් එක පොඩ්ඩක් ගන්න ඕන කියල ඉල්ලුවොත් හොයාගන්න තියා හිතාගන්නවත් බෑ..
ඉතින් කරන්නේ මයි කොම්පියුටර් ගිහිල්ල සර්ච් කරනවා.එහෙම නේ..?
ඔන්න අද ඉතින් කියන්න යන්නේ මේ හැමදේටම සුදුසු ඒ කියන්නේ වින්ඩෝස් 7/සහ වින්ඩෝස් 8 යන මෙහෙයුම් පද්දති දෙකටම වැඩකරන විදියට සකසපු මේ දත්ත එක තැන් කරන මෘදුකාංගය ගැන..
මේකත් හරියටම කියනවනම් අර මෙහෙයුම් පද්දතිය විසින් දෘඩ තැටියේ දත්ත ඩිෆරෙග් කරනවා හා සමානයි..
මේකේ නම තමයි SMART DEFRAG 2 
ඉතින් මෙන්න මේ මෘදුකාංගය භාගත කරගෙන ස්ථාපනය කරගත්තොත් ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයේ තියෙන දත්ත නියම ආකාරයෙන් එක පිලිවලකට සකසාගන්න.අන්න ඒ හේතුව නිසා පරිගණකයට හැකි වෙනවා පහසුවෙන් ඔයාට අවශ්‍ය කරලා තියෙන දේ ලබාදෙන්න.ඉතින් වේගවත් නොවී අරීද...

කරලම බලන්නකෝ...මෙන්න මෙතනින් මේක නොමිලේම බාගන්න..

අපහු දවසක හමු වෙමුකෝ අලුත් දෙයකින්...

Post a Comment

0 Comments