ඩයනා,වීනස්,ඇපලෝ කියන්නේ ...........

සුභ සතියක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම...ඉතින් අදින් ඔන්න අලුත් විදියට හිතල පතල මේ සතිය මේ මේ විදියට වැඩ ටික කරගන්න ඕන, කොහොම හරි මම ලබන සිකුරාදා දිනය වන විට මේ දේ කරන්න ඕන කියල හිතාගෙන තම තමන්ගේ රැකියාවට ගිය අපේ යාලුවෝ වගේම ඉගනගනිමින් ඉන්න අයත් අදින් පාසල් යන්න වගේම උපකාරක පන්තිවලට සහබාගි වෙන්නත් ඇති කියල හිතනවා.
ඉතින් ඔය අතරතුරේ ගෙදරට වෙලා ඉන්න අයත් නැතුවම නෙවෙයිනේ..පත්තර පොත් පත් ලියන කියවන අය වගේම පරිගණකය ඉස්සරහට වෙලත් එදිනෙද කටයුතුවල නිරත වෙන අය නැතුවම නෙවෙයි..
ඉති ඔයාල අපි හැමෝටම අලුත් අලුත් අදහස් උදහස් අතුවනේ මේ හැමදෙයක්ම කරන්නේ.
මම කවදාහරි මෙන්නේ මේ තත්වෙට එන්න හිතනවා කියන අරමුණ අතුවනේ..එහෙම නේද.
ඉතින් ඒ සියලු පැතුම් ඉටුවෙන සුභ සතියක්ම වේවා...

අද යාලුවනේ කියන්න යන්නේ මට මේ ගිය සතියේ එක ගුරුවරයෙක් කියුව මෙන්න මෙහෙම කතාවක්..
පුතා මොනවාද දැන් කරන්නේ කියල ඇහුව.මම කියුව 
සර්,මේ දවස්වල නම් ගෙදර ඉන්නේ..
දැනට ඉතින් වෙබ් ඩිසයිනින් කරනවා මගේම කියල පොඩි ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් තියෙනවා කියුව..
ඉතින් සර් කියුව ..
ශා හොදයි හොදයි එතකොට ඩිග්‍රී එක කරනවා නේද ඇහුව.ඉතින් මම
ඔව් සර් කරනගමන් නිකන් ඉන්න එකේ මේ දේවලුත් කරනවා කියල කියුව.ඉතින් සර් කොහොමද සර්ගේ සැපදුක කියලත් මම අහන්න අමතක කලේ නෑ.
ඒ කාලේ සර් උගන්වද්දී අපි ඉදපු හැටිත් සර්ට හොදට මතකයි..ඒ දේවලුත් සර් මතක් කරනගමන් 
සර් මගෙන් ඇහුව ආගමට දහමට අදාළ මොනවාද කරන්නේ ඇහුව.මොකද සර් බුද්දාගම තමයි උගන්වන්නේ..
ඉතින් මම කියුව, සර් 
අගම් භේදයක් නැතුව කරන එක දෙයක් තියෙනවා කියල මනුස්සයෝ ඩොට් කොම් කියල වෙබ් අඩවියක් තියෙනවා සර්
කැමති වෙලාවක සර්ට ගිහින් බලන්න කියලත් කියල මෙගේම දහස් ලියල තියෙන්නේ කියලත් කියුව මම..
ඉතින් සර් කියවල ගෙදරදී මට දුරකථන ඇමතුමක් දීල මෙන්න මෙහෙම කියුව..
“පුතා ඔයා කොහොමද මේ විදියට හිතන්නේ කියල ඇහුව..කොහොමද පුරුදු උනේ කියලත් ඇහුව..”යාලුවනේ ඇත්තටම මට දෙන්න උත්තරයක් නැති උන..
මම කියුව එක නම් සර් ඇත්තටම මම දන්නෙත් නෑ.කියල කියුව..ඉතින් ඊ ලගට සර් ගොඩක් මාව අගය කළා..නිහතමානීව මම ඇත්තටම සතුටු වෙනවා..සර් මට කියුව පුතා පුළුවන් නම් බුදු පිළිම නෙලීම ගැන අදහස් ටිකක් දෙන්න කියලා කියුව..ඉතින් ඇත්තටම මම හොයාගත්ත විදියට නම් කරුණු බොහොම ටිකයි,,ඉතින් ඒ ටික තමයි අද ඉදිරිපත් කරන්න හදන්නේ.කොහොමද කියල කියවලම බලන්නකෝ අපේ යාලුවෝ එහෙනම්...

යාලුවනේ අපි හැමෝම පුරුදුවෙලා ඉන්නවා ගොඩක් ප්‍රසිද්ද එහෙමත් නැත්නම් ගොඩක් ලොකු ලස්සන වගේම ගොඩක් අනුහස් තියෙන තැනක් කියල කියුවොත් ඒ තැනට වන්දනා මාන කරන්න..එහෙම නේද..?
ඒ කියන්නේ පන්සලක් හෝ වේවා එහෙමත් නැත්නම් පුජා ස්ථානයක් හෝ වේවා එහෙමත් නැත්නම් බුදු පිළිමයක් හෝ අවසාන වශයෙන් යම් කිසි ගසක් වෙන්නත් පුළුවන් බෝ ගසක් එහෙමත් නැත්නම් නුග ගසක් වගේ වෙන්නත් පුළුවන්..එහෙම නේද..?

අපි අපේ ආගමට අදාලව අපේ ආගමේ කියවෙන විදියට ගරු කිරීමක් හැටියටත් ආශිර්වාද ලබාගැනීමටත් මෙන්ම ආරක්ෂාව පතා පුජවල් පවත්වල පඩුරු ගැටගහන්න පුරුදුවෙලා ඉන්නවා නේද යාලුවනේ..
ඒ වගේම ඒ දේවල් නොකලත් ඒ වගේ තැනකට පඩුරක් දාල ඔලුව පහත් කරලා වැද නමස්කාර කරන්නත් අමතක කරන්නේ නෑ..එහෙමත් නැත්නම් වාහනයක යනවනම් අසුනින් නැගිටලා ආචාර කරන්නත් අමතක කරන්නෙම නෑ නේද යාලුවනේ..

ඇත්තම කියුවොත් බුදුන් වහන්සේගෙ අනුහස් සහ ආශ්චර්යය ගැන මම මගේ නෙත් දෙකෙන්ම දුටු දෙවල් නැතුව නෙවෙයි..
අපි හැමෝටම මතකයි සුනාමි උවදුර ගැන.ඇත්තටම යාලුවනේ මමත් මාතර ඉතින් මුහුදට වැඩි දුරක් නෑ..එත් අපි ඉන්නේ දුපතක නිසා සුනාමි උවදුර අපිට ආවේ නෑ.
නමුත් එදා අපි දැක්ක දේවල් අතර ගොඩක් පුදුම දේවල් තිබුන.සියලුම ගොඩනැගිලි කඩාගෙන බිදිලා ගිහින් තිබුනත් ඒ අසලම බුදුපිළිම වලට කිසිම හානියක් වෙලා තිබුනේ නෑ..ඇත්තටම අපි හැමෝටම ඒ කාලේ හිතාගන්නත් බැරිව ගියා හැමෝම වගේ ඒ ගැන කතාකරන්නත් පටන් ගත්තනේ.
ඉතින් යාලුවනේ කොහොමද මේ වගේ විශේෂ කම් තියෙන ආශ්චර්යමත් පිළිම වහන්සේලා නිර්මාණය වෙන්න ගත්තේ..
යාලුවනේ මේ බුදු පිළිම නෙලීම ආරම්භ උනේ ගාන්ධාර නමවන ප්‍රදේශයෙන්.ඒ කියන්නේ ඉන්දියාවේ තමයි මුලින්ම මෙහෙම කලාව අරම්ඹ කරන්න හේතු උනේ.
නමුත් ගාන්ධාර වැසියන් මේ වගේ බුදහ පිළිම නිර්මාණය කරන්න මුලින්ම බියක් තිබුන කියල කියනවා..
ඉතින් මේ කිසිම දෙයකට බිය නොවුන ග්‍රීක ජනතාව ග්‍රීක මෙන්ම රෝම අභාශය ඇතුව එහෙමත් නැත්නම් ග්‍රීක සහ රෝම කලාකරුවන්ගේ හැකියාවන් සමගින් ගාන්ධාර දේශය තුල මේ ආකාරයෙන් පිළිම නෙලන්න පටන් ගත්තලු,
නමුත් විශේෂතම කරුණ තමයි මේ ආකාරයෙන් නෙලීම් කරපු පිළිම වල භාහිර ස්වරුපය බුදුරුවට අසමාන වීම.ඒ නෙලපු පිළිම වහන්සේලා ගොඩක් වෙලාවට ඩයනා,වීනස්,ඇපලෝ කියන්නේ ග්‍රීක දෙවි වරුන්.ඉතින් ඒ හා සමානයි කියල තමයි කියන්නේ.අන්න ඒ නිසා ගාන්ධාර වැසියන් සහ පාලකයින් මේ සම්බන්දව වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.නමුත් මේ ආකාරයෙන් නෙලීම් කරද්දී බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ පෙන්නුම් කරද්දී නියම ආකාරයෙන් ග්‍රීක කලාකරුවන් පෙන්වා තිබීම අගය කලයුතු කරුණක් කියලත් සදහන් වෙලා තියෙනවා..

මේ ආකාරයෙන් යාලුවනේ බුදුන් වහන්සේ සතුව සත්ත්වයින් කෙරෙහි තිබුන මහා කරුණාව ඉස්මතු වෙන ආකාරය මෙන්ම ශරීරයට ඉතා ලවන ආකාරයෙන් දෙඅත් පිහිට තිබුන අතර බුදුන් වහන්සේගේ දෙනෙත් යුගල අඩවන්ව පවතින ආකාරයෙන් නිර්මාණය කරලා තිබුනළු.
ඒ වගේම කාරුණිකත්වය විදහා දක්වමින් සිහින් තොල් සගලක් සමගින් දෙකම්මුල් පරිමනුකුලාව දක්වා තිබීම විශේෂව කැපී පෙනුණු දෙයක් කියලත් සදහන්වෙනවා..එමෙන්ම ශරීරය සෘජුවම නොපැවතුනත් මදක් ඉදිරියට එන විදියට සහ හිසකෙස් ස්වභාවික ආකාරයෙන්ම පෙන්වන අතරේ සිවුර පමණක් ග්‍රීක පුජකවරුන් සතුව පවතින ටෝගාවකට සමානව තිබුන කියල සදහන්වෙනවා..ඒ වගේම එහි රැලි ගනවා සහ ලිහිල්ව දක්නට ලැබුන අතර පද්මාකාරව අසුන් ගත අයුරින් සකසන්න කලාකරුව සමත්වෙලා.ඉතින් මේ ආකාරයෙන් ග්‍රීක කලාකරුවන් අතින් නිමවුන ගාන්ධාර බුද්ද ප්‍රතිම නෙලීමේ ශිල්පයට මහායාන අදහස් මුලික වශයෙන්ම බලපාන්නට ඇතැයි විචාරකයන්ගේ අදහස වෙලා තියෙන්නේ...

ඉතින් යාලුවනේ මෙන්න මේ දේවල් තමයි මුලික වශයෙන් දැනට නම් බුදු පිළිම නෙලීමේ කලාව ආරම්භය සම්බන්ධව දැනගන්න ලැබුනේ. තවත් කරුණු සොයාගත්ත ගමන් ඉදිරිපත් කරන්නම්කෝ..ඔයාල සතුවත් යම් යම් කරුණු පවතිනවානම් මීට අමතරව අපිට එකතුකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා..මොකද අපි හැමෝම අපි දන්නදෙවල් බෙදා හදා ගන්න එකනේ මේ ඉන්න කාලේ කරන්න පුළුවන් හොදම සහ වටිනාම දේ...අනික අපි හැමෝම උතුම් මනුස්සයොනේ.. 

Post a Comment

0 Comments