අවුරුදු 12 සිට විවාහ ගිවිසගැනීම් අහන්න සහ දකින්න....

සුභ සති අන්තයක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම ඉතින් කොහොමද මේ දවස්වල කාලය ගත කරේ කියල ඇහුවොත් මම,
සමහර පිරිසක් අහවි ..ආ දැන්ද මේ වගේ ලිපි ලියන්න ඕන කියල මතක් උනේ කියල අහවි..එහෙමත් නැත්නම් මෙච්චර දවසක් කොහෙද හිටියේ කියල අහවි...නැත්නම් අර යාළුවෙක් කාලෙකින් කොහොමද කියල ඇහුවම දෙන උත්ත්රවලට සමාන ටිකක් කියවී..එහෙමනේ යාලුවනේ අපි පුරුදුවෙලා තියෙන්නේ.ඉතින් ඇත්තටම කොහොමද මේ දවස්වල කාලය ගතකරේ...?
සමාවෙන්න ඕන මේ සතිය ඇතුලත අඩුම තරමේ ලිපි තුනක්වත් පලකරන්න නොහැකි වීම සම්බන්දව...
අද ටිකක් වෙනස් විදියේ දෙයක් ගැන තමයි කියන්න හැදුවේ....
ඉතින් අද දවස ගැන නොකියම බෑනේ...හැමෝම වගේ දන්නවා ඇති සමහරවිට අද දවසේ විශේෂත්වය.ඉතින් යාලුවනේ අපි කොහොමද මේ ලෝකෙට ආවේ කියල අපි පොඩි කාලේ අම්මගෙන් අහනවනේ..ඉතින් මීට කලිනුත් අපි ඒ ගැන කතා කරනේ..මම හිතන්නේ මතක ඇති..මෙතනින් ගිහින් බලන්නකෝ අමතක නම්..
ඉතින් අද දවසේ විශේෂත්වය ඇතිවෙන්න හේතුව තමයි හරියටම කල්පනා කලොත් අද අපි මේ ලෝකෙට බිහිවීම නේද...?
අපිට තාත්ත කෙනෙක් ලැබුනේ කොහොමද...?අපේ අම්ම තාත්ත විවාහ උන නිසාද?
නැත්නම් අම්මගේ කුසින් අපි මේ ලෝකෙට බිහිවීම මුල්වුණා සාධකය නිසාද
.යාලුවනේ ජීව විද්‍යාවට අනුව කිවොත්...හැබැයි මේ දේ කියන්නේ මේ වෙබ් අඩවිය කියවන අයට අසභ්‍ය වෙබ් අඩවියකවත් එහෙම ලිපි පලකරන එකක්වත් කියල කියන්න නම් නෙවෙයි..සත්‍යය කුමක්ද කියන දේ වැටහීම සදහා පමණයි..ඇත්තම කියුවොත් ජීවියෙක් බිහිවෙන්න නම් යුක්තානුවක් කියන දේ ගොඩනැගෙන්න උවමනයි යාලුවනේ..ඉතින් ඒ යුක්තානුව කියන දේ ගොඩ නැගෙන්නේ ස්ත්‍රී සහ පුරුෂ එකතුවීමකින් සැකසෙන එක ශුක්‍රානුවක් සහ ඩිම්භයක් එකතුවීම මගින්...
ඉන් එහාට ග්‍රස්ටුලීභාවනය කියල දෙයක් සිද්දවෙනවා..එතනින් කොටස් කීපයකට විකසනය වුන ජීවියෙක් ගොඩනැගෙන්න ප්‍රති සංදී සිතක් එකතුවෙනවා..ඉන් එහාට කියන්න ගියොත් මෙතන ජීවවිද්‍යා පාඩමක් වෙනවනේ.කෙටියෙන් තමා කියුවේ..
ඉතින් යාලුවනේ මෙන්න මේ හේතුව නිසා එහෙමත් නැත්නම් අපේ රත්තරන් අම්ම සහ තාත්ත නිසා අද අපි මේ ලෝකෙට බිහිවුණා...
කවදා හරි අපි දෙමවුපියන්ට සැලකීම යන මාතෘකාව යටතේ කතාවක් කරන්න කියුවොත් මේ දෙන්න ගැනම කියන්න ඕන නේද.එත් හරියට හිතල බලන්න කතාවෙන් වැඩි කොටසක් අපි සාපේක්ෂව කතාකරන්නේ අම්මට සලකන විදිය ගැන නේද...?
ඊටපස්සේ කතාව අවසන් කරන්න කලින් බොහොම කෙටියෙන් හෝ සාමාන්‍යයෙන් අම්ම ගැන කතාකලාට වඩා අඩුවෙන් තමයි තාත්ත ගැන වර්ණා කරන්නේ..මේ කියන්නේ ඇත්ත නේද.
ඔයාල විතරක් නෙවෙයි ඒ කාලේ මමත් එහෙමම තමයි...ඒ යාලුවනේ අපි ඒ කලේ පුරුදුවෙලා උන්න හැටිනේ..
එත් යාලුවනේ අපේ අනාගතය ගොඩනගන්න ආදරය වැඩිපුර නොපෙන්වුවත් වැඩිපුර කැපවෙලා තියෙන්නේ කවුද කියල හොදට කල්පනා කරන්නකෝ..
ඇත්තම කියුවොත් ගෑනු ලමයි කියල බෙධයක් නෑ..
මොහොතක් හිතන්නකෝ..
අම්ම බැන්නමද ගොඩක් දුක තාත්ත බැන්නමද...?
අම්ම කෙනෙක් හැමතිස්සෙම තමන්ගේ ළමයින්ට බනිනවා..එක එක උපදෙස් දෙනවා තොරතෝංචියක් නැතිව කියවනවා කියවනවා ඉවරයක් නෑ..පොඩ්ඩ වැරදුන ගමන් කෑ ගහනවා..ඉතින් තාත්තට ගිහින් කියුවොත් තාත්තේ මට අරක අරන් දෙන්න කියල..තාත්ත මොකද්ද කියන්නේ..ආ ගිහින් අම්මගෙනුත් අහල බලන්න..අම්මට කියල බලන්න කියල කියනවනේ...?
යාලුවනේ අම්මාකෙනෙක් සතුව කල්පනාකාරී බව ගොඩක් වැඩියි.උපදෙස් දීම අතින් ගොඩක් ඉහලයි..ඒ වගේම පුදුම ආදරයක් තියෙන්නේ.එයාල ඒ ආදරේ පෙන්වනවා වැඩියි.එත් තත්තකෙනෙක් එහෙම නැතුව නෙවෙයි..
තාත්ත කෙනේක්ගේ ආදරේ තනිකරම හිතේ තියෙන්නේ...මෙහෙම කියුවම සමහර කෙනෙක් අහවි "උබ ඔහොම කියන්නේ උබත් තාත්ත කෙනෙක්ද?"
කියල..
නෑ නෑ ඒ උතුම් පදවියට එන්න තව ගොඩක් කල් තියෙනවා..හැබැයි යාලුවනේ ඒ තත්වෙට එන්න නියමිත වයසක් තියෙනවද කියල ගැටලුවක් එන්නත් පුළුවන්..
මොකද අපේ රටේ වගේම ලෝකේ දැන් තියෙන කාලය සහ තාලය එක්ක ගත්තම අවුරුදු 12 සිට විවාහ ගිවිසගැනීම් අහන්න සහ දකින්න ලැබෙනවනේ...
හරි ඉතින් තාත්ත කෙනෙක් ආදරේ කරන ආකාරය දන්නේ තාත්ත කෙනක් ම විතරයි ඇත්තටම...බලන්න අපි අම්මගේ කුසේ ඉන්න කාලේදීම අපිට අඩු පාඩුවක් නැතිව නොකා නොබී හරි...ඒ කියන්නේ ඇත්තම කියුවොත් අපේ රටේ තාමත් ඉතා ධනවත් පිරිසක් වගේම සාමාන්‍ය ධනවත්  පිරිසත් සහ සාමන්‍ය පිරිසත් සමගින් ගොඩක්ම දුප්පත් අයත් නැතුවම නෙවෙයිනේ.
බලන්නකෝ මෙන්නේ මෙහෙම..
ලංකාවේ ඉන්න ගොඩක් ධනවත් පොහොසත් පවුල්වල ළමයින් මේ වගේ පරිගණකයක් ඉස්සරහ එහෙමත් නැත්නම් මොහොකින් හරි මේ ලිපිය කියවාවිද..?
මේ ලිපිය නෙවෙයි වෙන ලිපියක් උනත්....?
නෑ නේද...?
යාලුවනේ ඇයි එහෙම වෙලා තියෙන්නේ..එයාල ඉගන ගන්න කාලේ පරිගණකය භාවිතා කළා..ඉතින් ඉන් පස්සේ එයාලට ඒ දේවල් අවශ්‍ය වෙන්නේ මුදල් පාලනයට එහෙමත් නැත්නම් තමන්ගේ ව්‍යාපරා දියුනුකරගන්න..එහෙමත් නැත්නම් තමන් ගැන මොනවාද ලෝකය කතාකරන්නේ කියන දේ බලාගන්න.ඉතින් ඒ දේවල් කියවන්නත් තව තව සේවකයෝ යොදවනවා..එහෙම නේද..?
බලන්න ඊට පහලින් ඉන්න සමාජය ගැන...
එයාල යම්තාක් දුරට පරිගණකය භාවිතා කරනවා..මොකද එයාලට කෙටි නිදහසක් තියෙනවා...ඒ වගේම ලොකුවටම සල්ලිත් නෑ...බොහෝවේලාවට ධනවත් තාත්ත  කෙනෙක් ඉන්න පවුලක ළමයි ඒ තාත්තගේ අඩිපාරේ යනවා ඒ ව්‍යාපාර වලම නිරත වෙනවා...
හැබැයි දැන් එහෙම නෑ...
ගොඩක් වෙලාවට ඒ වගේ පවුලක ළමයි මුදල් යොදවල හෝ වෙනත් රටකට යවල හෝ එක්කෝ නීති විද්‍යාව එහෙමත් නැත්නම් දොස්තර මහත්මයෙක් නෝනා කෙනෙක් කරන්න බලනවා..
ඉතින් බලන්න ඔය දෙකටම නැති පවුලක් ඒ කියන්නේ සාමාන්‍ය පවුලක තත්වය ඔයිට වඩා හාත්පසින්ම වෙනස් නේද...?
ඉතින් ඊටත් වඩා මුදල් අගහිග කම් තියෙන පවුලක තත්වය මොනවගේ ඇතිද යාලුවනේ.
බලන්න ඇයි මම මේ පවුල් පසුබිම් ගැන කතා කරේ...
අද දවසට මොකටද මේ පවුල් පසුබිම පදනම් උනේ..යාලුවනේ මේ හැම පවුලකම ගෘහ මුලිකයා අපේ තාත්ත නේද..
බලන්න හැම පවුලකම ඉන්න තාත්ත කෙනෙක්ගේ හිතේ තියෙන ආදරය කොයිතරම් දුරට වෙනස්වෙනවද කියල..හැබැයි හැම තත්තකෙනේක්ගේම අරමුණ එකයි...හොදට මතක තියාගන්න.
ගොඩක් ධනවත් පවුලක තාත්ත කෙනෙක් තමන්ගේ ළමයින්ට දක්වන ආදරය සෙනහස ආරක්ෂාව කරුණාව දයාව හා සමානද ගොඩක් දුප්පත් පවුලක තාත්ත කෙනේක්ගේ සහ සාමාන්‍ය පවුලක තාත්ත කෙනේක්ගෙ හැසිරීමෙන් පෙනෙන්නේ..?
යාලුවනේ බලන්න...
සාමාන්‍ය පවුලක ළමයෙක් ධනවත් පවුලක ළමයෙක් එක්ක ගැටලුවක් ඇති උනොත් ඒ දේ තුලින් සාමාන්‍ය පවුලක ඉන්න ළමයට ඇතිවන බලපෑම වැඩියි.ඒ වගේම තමයි දැනට පවතින විදියට මොනවරැද්ද කරත් ඒ සල්ලි තියෙන පවුලේ ළමයට ලැබෙන නිදහස ගොඩක් වැඩි නේද...?
එත් යාලුවනේ මේ හැම තාත්ත කෙනෙක්ම ඉන්න සමාජයෙන් වෙනකරවල නිකමට පැත්තකට අරගෙන බැලුවොත්..තමන්ට තියෙන වත්පොහොසත්කම් මිල මුදල් සියල්ල නැතිකරලා අරගෙන බැලුවොත් තමන්ට ඉතුරු තමන්ගේ පවුල විතරයි නේද ....?
එහෙම බැලුවොත් අපි හැමෝම මනුස්සයෝ කියන තත්වයට අවිල්ල නිකන්ම..තමන්ට තියෙන තාන්න මාන්න නිලතල බලතල නිසා පිය පදවිය වෙනස් වින විවිද ආදරයක් දකින්න ලැබෙන සමාජයක නේද යාලුවනේ අපි ඉන්නේ...?
එත් අපි නොදැනුවත්වම අපි පැළදගෙන ඉන්න මේ භාහිර ආභරණ ටික ගලවල පැත්තකින් තිබ්බොත් අපිත් සාමාන්‍ය මිනිහෙක්ම තමයි..
ඉතින් හොද තාත්ත කෙනෙක් නම්...ඒ කියන්නේ නරක තාත්තල ඉන්න නිසයි..තාත්ත කියන නමට පිය පදවියට කැළලක් ඇතිවන අන්දමේ තාත්තල තවමත් අපේ සමාජයේ ඉන්න නිසා එහෙම කියුවේ...
බොරුවක් නෙවෙයි නේද යාලුවනේ.ඇත්ත හංගල බොරුවට වචන ප්‍රකාශ කරන එක නෙවෙයිනේ මනුස්සකම් කියන්නේ...
සත්‍යය තුලින් සමාජය ගොඩනගන්න ආදර්ශ දෙන එකෙයි මනුසත් බව කියන්නේ.
ඉතින් යාලුවනේ අන්න ඒ නිසා අපි හැමෝම එකම තැනකට ගත්තම අපේ වෙනසක් නැතිවෙන තැනකට අපේ තාත්තල එන්න නම් සියලු නිල තල වත්පොහොසත්කම් තාන්න මාන්න පැත්තකින් තියන්න ඕන නේද.
හැබැයි එහෙම තිබ්බත් එකිනෙකාගෙන් එකිනෙකට වෙනස්වෙන එක කාරණාවක් තියෙනව..
මොකද්ද යාලුවනේ ඒ කියන්නේ..කළු සුදු බේදයද...?
නෑ අපි සතුව පැවතුන සහ පවතින ගුණ යහපත් කම් විතරයි නේද අපි අතරින් එකිනෙකට වෙනස් වෙන්නේ.
ඉතින් අපේ හැම තාත්ත කෙනෙක්ම තමන්ගේ දරුවන්ට දෙන ආදරය සෙනෙහස හා සමානවම අපිට ලබා දෙන ගුණ යහපත් කම් සහ අවවාද එකතු කරලා ගත්තම ඒ තාත්ත අනිත් තාත්ත කෙනෙක්ගෙන් වෙනස් කරන්න පුළුවන් කියල සැබෑව අපිට තේරුම් ගත හැකි  නේද යාලුවනේ..එත් හොදට නිවැරදිව කල්පනා කලොත් හැම පියතුමෙක්ම එකම තැන ඉන්නේ තාත්ත කියන තැනදි.එත් කවමදාකවත් කිසිම කෙනෙකුට කියන්න බෑ ඔයාගේ තාත්ත නරකයි මගේ තාත්ත හොදයි කියල...තාත්ත කෙනෙක්ම තමයි ඒ දේ ත්රුම් ගන්න ඕන තමන්ගේ දරුවන් වෙනුවෙන් මම ගොඩ නැගෙන්න අවශ්‍ය මොන ආකාරයටද කියල..හැබැයි ලොකු වගකීමක් තියෙනවා එහෙම ගොඩනැගුන තාත්තට වටිනාකමක් දීල අපි දරුවන් විදියට නියම ළමයි විදියට හැඩගැහෙන්න අවශ්‍යයි නේද...
ඉතින් අපි ළමයින් හැටියට එහෙමත් නැත්නම් බාල පිරිස හැටියට විතරක්ම නෙවෙයි දරුවන් හැටියට එතුමන්ට ගරු කරන්න ඕන විදිය කියන්න මේ වගේ කියල සීමා කරන්න බෑ නේද.
අපිට පුළුවන් උපරිමෙන් හැම අවස්තාවකදීම පුළුවන් හැම උදව්වක්ම කරන එක නේද යාලුවනේ උතුම් කාරනාව..සහ අපේ වගකීම සහ යුතුකම..
ඉතින් අපි අද වගේ දවසකවත් හොදින් සිහියේ තබාගනිමින් අපි අපේ අම්ම මෙන්ම තාත්තටත් මැනවින් ආදරේ කරනවා වගේම හැමදාකම සලකන්න එහෙමත් නැත්නම් ආරක්ෂාව කරුණාව සෙනෙහස ලබාදෙන්න සහ දෙනවට වඩා යම් අයුරකින් හරි දිනෙන් දින වැඩිපුර දෙන්න තව තවත් පුරුදු වීම නේද අවශ්‍ය..
ඉතින් උතුම් මනුසත් කම හේතු කරගෙන අපි හැමෝම ඒ දේ මුල් කරගෙන නියම ආකාරයෙන් හැඩගැසෙමු නේද....

Post a Comment

1 Comments

  1. Best Casino Deals for Borgata Hotel & Casino - JamBase
    Discover the best 진주 출장안마 Borgata Hotel & Casino deal and enjoy deals on hotels, motels, 광주광역 출장안마 Borgata 구미 출장안마 Hotel 수원 출장안마 & Casino offers luxury resort 전주 출장샵 accommodations,

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....