හොදම ඒවා එකින් එක තොර තෝර යනවා...

සුභ සතියක් වේවා යාලුවනේ...දින කීපයකට පහුව තමයි අද ලිපියක් ලියන්න ඉඩකඩ ලැබුනේ.ඉතින් හැම දෙයක්ම කළමනාකරණය කරගන්න ඕන නේ.අනික ආවට ගියාට ලිපියක් ලියන්නත් බැනේ,හරියට නිකන් ලියන්න ඕනවට ලියල හරි යන්නෙත් නෑනේ..ඉතින් ඔන්න කලපානාවෙන් යුක්තව එහෙමත් නැත්නනම් නිවැරදි සිහියෙන් යුක්තව ලියන්න ඕන ලිපියක් නේ..ඉතින්  කරුණු හිතට අව වෙලාවේ ලියන්න කියල හිතුව... එහෙමනම් කියවලම බලන්නකෝ.හැබැයි අද එක ගොඩක් කෙටියෙන් ලියුවේ..
අපි පරිගණකයේ හෝ වෙනයම් යන්ත්‍රයක් ගමුකො.එහෙමත් නැත්නම් අපි හැමෝටම හුරු පුරුදු ජංගම දුරකථනය ගමුකො..ඔන්න එහෙම කියද්දී තව දෙයක් මතක් උන.දන්නවද අපි මේ දැන් හැමදෙයක්ම කරන එස් එම් එස් කලාව ආරම්භ වෙලා දැනට අවුරුදු 20ක් වගේ වෙනවා කියල ආරංචියක් දැනගන්න ලැබුන.නිවැරදිව කරුණු සොයගත්තොත් ඒ ගැනත් ඉදිරියේදී කියන්නම්කො..
ඉතින් මේ වගේ එක්කෝ පරිගණකය හෝ වේවා ජංගම දුරකථනය හෝ වේවා අපිට නැතුවම බැරි දෙයක් ගමුකො.ඒ කියන්නේ හැමදෙයක්ම එහෙමත් නැත්නම් බහුලවම ගොඩක් වෙලාවට  අපි භාවිතා කරන දෙයක් අරගෙන බලන්න..මොකක් දිහාද...?
බලන්නකෝ අපි ඒ උපකරණය භවිතා කරන අතරතුරේදී යම්කිසි දෝෂයක් ආව කියල හිතමු..නිකන් සරල උදාරණයක් ගමු.පරිගණකය ගත්තොත් අපි දැන් යම්කිසි රුප ටිකක් එහෙමත් නැත්නම් සිංදු ටිකක් එක ගොනුවක තිබිල අනිත් ගොනුවකට දන්න ඕන වෙලා තියෙනවා කියල හිතන්න..තේරෙන විදියට කියුවොත් එක ෆෝල්ඩර් එකක තියෙන සිංදු ටිකකින් තෝරලා ගත්ත ලස්සන සිංදු ටිකක් අනිත් ෆෝල්ඩර් එකට දාන්න උවමනා වෙලා කියල හිතමු.
දැන් ඔන්න සිංදු 500ක් විතර තියෙන තැනකින් අපි දැන් හොදම  ඒවා එකින් එක තොර තෝර යනවා කියල හිතමු..Ctrl + යතුර මගින් නේ ඉතින් සෙල්ලම දාන්න වෙන්නේ.ඉතින් ඔහොම ඔබගෙන ඔන්න එක එක තෝරාගෙන යද්දී එක පාරටම අර තෝරපුව ටික අපහු මොකක් හරි යතුරක් එබිලා හෝ Ctrl + යතුර අත ඇරිලා හෝ නැතිවෙනවා.අපි හිතමු සිංදු 250ක් විතර තෝරලා ඉවර වෙද්දී ඔහොම උන කියල..කොහොමද මුල්ම සැරේ හිතට එන්නේ..අයියෝ අපරාදේ..ශික් කියල යන්තම් කියල අපහු තෝරනවා..
ඔන්න අපහු සැරයක් එහෙම උනා කියල හිතන්න..ඉතින් එතකොටත් අරවගේ අයියෝ අපරාදේ ශික් කියල වැඩේ කරනවද නැත්නම් මොන මගුලක්ද..අප්පිරියයි කියල හිතනවද..?
ටිකක් මුල්ම සැරේට වඩා හිතට තරහයි වගේ නේ..?
ඉතින් බලන්න තව එක සැරයක් ඒ ගැම්මටම ඔහොම උනොත් ඊලගට කියවෙන වචන මොනවාද කියල මම කියන්න ඕන නෑ නේද යාලුවනේ..?
ඉතින් බලන්න තවත් උදාහරණයක් ගන්නකො..ඔන්න සරල විදියට හිතන්න ආදරේ කරන දෙන්නෙක් ඉන්නවා..ගෑනු ළමයට ගෙදර අයගෙන් ගොඩක් පරිස්සම් වෙන්න වෙලා කියල හිතමු.එත් පිරිමි ළමයට එහෙම ගැටළු නෑ කියල හිතන්නකෝ..
ඉතින් ඔන්න පිරිමි ළමයට අර ගෑනු ළමයට එස් එම් එස් හෝ කෝල් නොකර ඉන්නම බෑ කියලත් හිතමු..දැන් ඔන්න වෙලාවක අර ගෑනු ළමයට ජංගම දුරකථනය ලගටවත් ගන්න බැරි තත්වයක් උදාවෙලා කියල හිතන්න..
ගෙදර හැමෝම ඉන්න වෙලාවක..හොදද.
ඔන්න අර පිරිමි ළමය දැන් කෝල් එකක් ගන්නවා..නෑ උත්තරයක් නෑ..ඉතින් හිතනවා කොහේ හරි ගිහින් කියල.කුස්සියට නැත්නම් එලියට එහෙමත් නැත්නම් කඩේට..නැත්නම් ගෙදර කෙනෙක් ලග ඇති කියලත් හිතනවා..
හැබැයි එහෙම හිතනවද බලන්න හැමදාම ඔන්න හවස 4ට කෝල් කරනවා කියල ගෑනු ළමය දන්නවා නම් ඒ වෙලාවට කෝල් කරද්දී උත්තරයක් නැති උනොත්..?මොකද්ද හිතෙන්නේ...?
තරහකුත් එනවා ඒ වගේම බයකුත් එනවනේ. දෙයියනේ ගෙදරටවත් අහුවෙලාද කියල..ඔන්න ඔහොම කිසිම ගැටලුවක් නැතිවෙලාවක අර ගෑනු ළමය දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වුව හොත් කොහොමද අර පිරිමි ළමයට තද වෙන තදවිල්ල..
ආයි ඉතින් කියන්න ඕන නෑ නේද..?
කවද හරි විවාහ උනොත් ඒ පිරිමි ළමයාගේ වෙන්න ඉන්න නැන්දම්මට කිවිසුම් යනවිදියටනේ අපේ ගොඩක් අය බනින්නේ නේද...?
ඉතින් යාලුවනේ ඔහොම්මම අපි නැවතිලා පොඩ්ඩක් මෙන්න මේ ගැටළු දෙක ගත්තේ කුමක් සදහාද මොකක් පෙන්වීම උදෙසාද කියල හිතන්නකෝ..
ඇත්තටම බලන්න අපි කොයි තරම් තරහ ගන්නවද අපි විසින්ම..සමහරවිට ඒ වැදගත් දෙයක් නිසා නොවෙන්න පුළුවන් අවස්ථා අනන්තයි නේද..
නිකමට හිතන්න යාලුවනේ මගේ කියල කිසිම දෙයක් නැති මේ ලෝකේ අපි මොන දෙයක් මගේ කරගැනීම උදෙසාද මේ තරම් තරහ ගන්නේ..
එහෙමත් නැත්නම් අපි අපේ නිවැරදි සිහිය නොමැතිකම නිසා ක්ෂණිකව කෝපයට පත්වෙන අවස්ථා නැත්ද..?අනන්තවත් තියෙනවා නේද..
බලන්න අර සිංදු තොරණ වෙලාවේ අපි ඔක්කොම එකවර තෝරන්නේ නැතිව ටික ටික තෝරන්න පුරුදු උන නම් අපිට ඒ වගේ තරහක් එන්නේ නෑ නේද..?
තරහ ආවත් ඒ දේ ඉකමනින් යටපත් වෙනවා..ඒ වගේම නේද ඉවසීම සහ සංයමය කියන දේ අපි තුල යම්තාක් දුරට හරි ගොඩ නගාගෙන යම් කෙනෙක් ගෙ ගති පැවතුම එහෙමත් නැත්නම් ඒ කෙනා කොයිවගේ පරිසරයක්ද ඉන්නේ ඒ කෙනාට තියෙන බාධාවල් මොනවාද කියන දේ මනාව තේරුම් ගැනීමේ හැකියාව පවතිනවානම් අර පිරිමි ළමයට ඒ තරම් තරහ එන්නේ නෑ කියල මම හිතනවා...
මේ දේවල් යාලුවනේ අපි දකින්න ඕන දේවල්.මොකද කොහෙන්වත් කඩෙන් මිලට ගන්න බෑ.අපි තුලම අපේ සමාජය තුලම අපේ වටපිටාවෙන් අප හැමෝටම සිද්දවෙන ජීවන අත්දැකීම් මේ දේවල්ම නේද..?
ඇයි ඉතින් අපි හැමදාකම මේ දේවල් අපිට වෙලත් අපි ඒ දේවල් තව තව ගොඩනැගෙන්න අවස්තාවම සලසල දෙනවා මිසක ඒ දේවල් යටපත් කරමින් අපිව මනා පුද්ගලයෙකු බවට හැඩගස්වගන්න අපි විසින් ක්‍රියාත්මක නොවන්නේ...
අන්න එතන නේද යාලුවනේ අපි කරන ලොකුම වැරැද්ද තියෙන්නේ..අපිට පුළුවන් නම් අපේ හිත අපේ මානසිකත්වය මනාව පාලනය කරගන්න මේ ආකාරයට තරහක් එන්නේ නෑ නේද?
ඉතින් යාලුවනේ අපි මිනිසත් බව වෙනුවෙන් අපෙන් කෙනෙක්ට පෙන්විය යුතු සැබෑ ආදර්ශමත් බව වෙනුවෙන් සහ අපේ බුද්ධිමත් භාවය වෙනුවෙන් අපි අපි විසින්ම ගොඩ නැගෙමු..
මේ දේවල් සමාජයට එකතු කරේ අපි නම් අපි විසින්ම ඒ දේවල් සමාජයෙන් ඈත් කරන්නත් ඕන නේද...?ඒ වගකීම අපි සතුවමයි පවතින්නේ....එහෙම නේද ....?

Post a Comment

0 Comments