කොහොමද අපි ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නේ..

සුභ දවසක් මෙන්ම සුභ සති අන්තයක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම...වෙනද වගේ නම් කෙටි කාලයෙන්  ඉක්මනින් ලිපි පලකරන්න නොහැකි වීම සම්බන්ධව සමාව ඉල්ලනවා.ඉතින් අද රටේ පවතින මත බේධ එක්ක ලිපියක් ලියන්න ඕන ගොඩක් දේවල් ගැන හිතල මතල.මොකද පොඩි තැනක් උනත් වැරදුනත් ඇති ලොකු දෙයක් සමාජයට දෙන්න.
ඉතින් එහෙමයි කියල නිහඩව ඉන්නත් බෑ..මොකද යම් යම් කෙනා හිතන පතන විදිය අපිට වෙනස් කරන්න බෑ කියල අපේ යහළුවෝ යෙහෙළියෝ දැනටමත් අවබෝධ කරගෙන ඇතැයි කියල මම හිතනවා..
ඉතින් යාලුවනේ මම හිතුව දිගු ලිපියක් ලියන්න කාලය පැමිණීමත් සමගම ආරම්භ කරනකල් එතෙක් අපේ යාලුවොන්ට හිතන්න කෙටි ක්‍රම සමගින් උදාහරණ දීල යම් දෙයක් අවබෝධ කරවන්න කියල..
මොකද හැමදෙයටම කාලයට ඉඩ දෙන එක ඒ තරම් සුදුසු කරුණක් නොවන නිසා.මොකද කාලය ඇවිත් හැමදේම විසධනකල් සිටියානම් අද ලෝකේ මේ තරම් දියුණු වෙන්නේ නෑ කියලයි මගේ හැගීම..
හොදයි යාලුවනේ අපි අද ලිපිය එහෙනම් මෙතනින් ආරම්භ කරමු..
යාලුවනේ අපි හැමදාම කතාකරන දෙයක් තමයි කොහොමද අපි ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නේ..ඒ කියුවේ අන් අය අතරින් විශේෂ වූ කෙනෙක් වෙන්නේ..?
ඒ කියන්නේ ක්‍රම දෙකක් තියෙනවනේ ඕන නම් අපිට අනිත් අය අතරින් කැපී පෙනෙන්න පුළුවන් අපේ ක්‍රියාව හොද ආකාරයකින් පෙන්නුවොත් හෝ වැරදි ආකාරයකින් පෙන්නුවොත්.
මොකද්ද යාලුවනේ මේ ක්‍රම දෙකෙන් අපිට පහසුවෙන්ම කරන්න පුළුවන්.
නිකමට හිතන්න ඔයාලම..
ඇත්තම කියුවොත් කෙටිම කාලයක් තුලදී ඉක්මනින්ම අපිට කරන්න පහසුම දේ තමයි යම්කිසි වැරදි ක්‍රියාවක් සමාජයක් ඉස්සරා සිදු කිරීම.ඒ තුලින් අපිට ඉක්මනින් ඒ සමාජය තුල කැපී පෙනෙන චරිතයක් බවට පෙන්න පුළුවන්,ඒ දේ ඇත්තක් නේද...?
එත් යාලුවනේ මෙහෙම හිතන්න අපි ඒ ආකාරයෙන් සමාජ ඉස්සරහ කැපී පෙනුනට ඒ භාහිරයට විතරයි නේද.?
අපේ අවංක බව තුල කිසිම ජනප්‍රිය තාවයක් නෑ නේද..?
ඒ වගේම වැඩි කාලයක් ඒ කෙනා පිළිබද සමාජයේ හොද හැගීමක් රැදෙන්නේ නෑ..ඒ වගේම තමයි කරපු හොද ක්‍රියාවන් පවා කෙටි කාලයකින් අමතක කරලා දානවා.මෙන්න මේ දේවල් තමයි ඒ වගේ ආකාරයකින් ප්‍රසිද්ධ උන අයට කෙටි කාලීනව ලැබෙන ප්‍රතිපල...
මේ උදාහරණය ගැන හිතන්නකෝ..
පහන් දෙකක් අරගෙන ඒ පහන් දෙකටම එකම ආකාරයේ තිර දෙකක් දාල එකම ප්‍රමාණයට තෙල් දාල දල්වනවා කියල හිතන්න.
එත් එක පහනක තිරය ටිකක් උඩට උස්සල දල්වනවා කියල හිතන්න..
ඉතින් දැන් බලන්න මොන පහනෙද වැඩි ආලෝකයක් ලැබෙන්නේ...?
අර තිරය ටිකක් ඉහලට දාපු පහනේ නේද?
එකේ  වැඩි ආලෝකයක් වගේම ලොකු දැල්ලක් ලැබෙනවා..ඒ දල්ල හුළගට වැනි වැනි ලස්සනට පෙන්වා..
එත් අනිත් පහනේ පොඩි ආලෝකයක් වගේම පොඩි දැල්ලක්..ලැබෙනේ.එකේ එච්චර ලස්සනකුත් නෑ නේද??
එත් බලන්න යාලුවනේ මේ පහන් දෙකෙන් ඉක්මනටම නිවෙන්නේ මොන පහනද...?
කොච්චර ආලෝකය දුන්නත් කොච්චර ලස්සනට තිබුනත් අර ලොකු දල්ල සහිත පහන ඉක්මනටම නිවිලා යනවා...එත් පොඩි දල්ල තිබුන පහන ගොඩක් කාලයක් තියෙනවා..
මෙන්න මේ වගේ තමයි යාලුවනේ අපේ ක්‍රියාවත්...
අපි හැසිරෙන්න උවමනා කරන්නේ මෙන්න මේ පොඩි පහන වගේ නොවේද...?
අපේ හැසිරීමට සල්ලි දේපල තාන්න මාන්න උසස් කුල මල අවශ්‍ය වෙන්නේ නෑ..තමන් හරි ආකාරයෙන් ජීවත් වීම පමණයි නේද වැදගත් වෙන්නේ..?
ඒ විදියට ජීවත් උනොත් අපිට ගොඩක් කාලයක් සමාජයට නිවැරදි දේ දෙමින් සමාජය තුල වැජබෙන්න පුළුවන් කම තියෙනවා නේද යාලුවනේ...
ඉතින් යාලුවනේ මේ සරල උදාහරණය ගැන ටිකක් ගැබුරින් හිතුවොත් අපිට අපේ ජීවිතය හදාගන්න ගොඩක් දේවල් මතක් වෙන්න පුළුවන්.
කෙටියෙන් කියුවොත් අපි අද මේ කරන දේවල් ඒ කියන්නේ අපි යම් යම් ලොකු ලොකු හීන බලාපොරොත්තු තියාගෙන ගොඩක් දේවල් වලින් කරදරයට පත්වෙනවා.ඒ කියන්නේ අධික තන්හාව අශාවන් සමග තරග කරමින්.තවත් කනෙකුට වඩා මම ධනයෙන් මගේ දේපල වලින් මගේ රැකියාවෙන් මගේ නිලතල වලින් උසස් වෙන්න ඕන කියල..
එත් යාලුවනේ ඒ දෙවල් අතරම අපි අපේ අනාගතය වෙනුවෙන් වගේම අපේ සිත තුලට අවංකවම ධාර්මිකත්වය වෙනුවෙන් කැප කරන දේවල අඩු වෙන්න පුළුවන් නේද.ඒ දේවල් සදහා කැප කරන කාලය ගොඩක් අඩු වෙන්න පුළුවන් කියල මම හිතනවා..
ඉතින් මෙන්න මේ දේ ගැන හරි අවබෝධයෙන් යුක්තව සෑම දෙයක් ගැනම මතකයේ තබාගනිම්න් සමාජයේ ඉහල තැනකට එන්න සත්ක්‍රියාවලි මගින් කැපවෙන්න පුරුදු වෙන්න කියල මතක් කරන්න කැමතියි...
අපි කාටවත් හිතන්න පතන්න බැරි වෙන්නේ නෑ යාලුවනේ..මොකද අපි හැමතිස්සෙම මේ හැමදෙයක්ම කරන්නේ මනසින් උසස් සත්වයින් හැටියට නේද...?

Post a Comment

3 Comments

  1. මචෝ මේ බොග බලන්න හිතෙන්නැත්තේ අකුරු පුංචි නිසා අකුරු ලොකුකරකරපන්

    ReplyDelete
    Replies
    1. හොදයි යාලුවා..ගොඩක් ස්තුතියි ඒ බව දැනුම් දුන්නට....

      Delete
  2. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....