ගොඩක් පැතිවලින් ඉක්මනටම ධනවෙතෙක් වෙන්න

සුභ දිනයක් යාලුවනේ ඔයාල හැමෝටම....හරියටම මාස දෙකකටත් වැඩි කාලෙකින් පස්සේ තමයි ලිපියක් මේ ලියන්නේ.ඉතින් අලුත් අවුරුද්දට සුභ පතන්න ලැබුනෙත් නෑ.හැමදාම අපි කතාකරනවා වගේ කරදර වෙන්නේ මනුස්සයන්ටමනේ. ඔන්න මටත් මේ අවුරුද්ද ආරම්භයේ ඉදලම ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා..
අවසානේ මගේ ආදරණීය තාත්ත අපි අතරින් වෙන් වුනා අලුත් අවුරුද්දට දින හතරකට කලින්.මුණු පොතේ යහළුවෝ නම් ඒ බව දන්නවා ඇති කියල හිතනවා..
හරි ඉතින් ඒ ගැන කතා කළා කියල ඔයාල කාටවත් පලදායි නෑ කියල හිතනවා මම.මොකද අතීතය තුල අපි කාලය ගත කරනවා කියන්නේ කිසිම පලක් නොමැති දෙයක් කියල අපි කතා කරනවනේ හැමදාකම..
ඉතින් යාලුවනේ ඔයාල හැමෝටම ඔන්න ලැබුවා වූ අලුත් අවුරුද්ද හැම දෙයක්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන ජයෙන් ජයම අත්වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම ප්‍රර්ථනා කරනවා..
එත් එක්කම මේ මාසේ තමයි බවුද්ධ අයගේ..ඒ වගේම ලෝකෙටම යථාර්තය අවබෝධ කරලා දීපු යන්න උවමනා කරන මාර්ගය හරි විදියට කියල දුන්න අප නායකතුමා..අප ලොවුතුරා බුදු පියාණන් වහන්සේගේ තෙමගුල් දිනය සමරන්න උවමනා කරන්නේ...
එත් යාලුවනේ මේ දවස්වල අපේ යහළුවෝ යෙහෙළියෝ ගොඩක් ආගමික ප්‍රශ්න ඇතිකරගෙන නේද?
අපේ සමාජයේ ඉතින් බැලුවොත් ඇත්නම් මොකක් හරි ගැටලුවක්.
ඒ ගැන නම් කතාකරන්නත් නිකන් බයක් දැනෙනවා.මොකද වචනයක් වැරදුනත් ඇති නේ මොකක් හරි දෙයක් කියල වැරැද්දක් කියනවනේ...??
ඉතින් ආගම සම්බන්ධව කතා කරන්න ඕන බොහොම පරිස්සමෙන්.අපේ මේ ලිපි ලියන්නේ කියන්නේ ඇත්තම කියුවොත් සිංහල කියවල තේරුම් ගැනීමට පුළුවන් ඕනෑම යහලුවෙකුට සහ යෙහෙලියෙකුට විතරයි..ඒ කියන්නේ සිංහල තේරුම් යන ඕනෑම මනුස්සයෙකුට පුළුවන්.
හැබැයි උවමනා කරන්නේ හිතන විදිය වෙනස් කරන්න නේද..
හොදයි යාලුවනේ අපි අද කතා කරන්නේ මොන වගේ දෙයක් ගැනද...?
ලිපිය ලියන්න පටන් ගත්තේ නම් ඇත්තම කියුවොත් මාතෘකාවක් රහිතව...
අපි අද ඒ දේ මාතෘකාවක් කරගනිමු..
ඇත්තටම මොකද්ද යාලුවනේ එහෙම වෙන්න හේතුව..?
අපි ගොඩක් වෙලාවට කරන්න දෙයක් නැති උනාම මොනවහරි කරනවා කිසිම කල්පනාවකින් තොරව.කවුරුහරි ඇහුවොත් මොකද කරන්නේ කියල,
 මුකුත් නෑ අනේ..නිකන් ඉන්නවා..
එක්කෝ වරදක් නෑ විශේෂයක් නෑ ඔහේ ඉන්නව කියල කියනවා...
එත් ඇත්තම කතාව නම් ඒ වෙලාවෙත් අපි මොකක් හරි වැඩක් කර කර නේද ඉන්නේ..?
හොදයි මෙහෙම හිතන්න..
ඔන්න අපි ලොකු වැඩක ඉන්නවා හදිසියේම ඒ වෙලාවට තමන් කැමතිම කෙනෙකුගෙන් ඇමතුමක් එනවා කියල හිතන්න.
සමහරවිට ඒ කෙනා ඇහුවොත් ඔයා වැඩක්ද කරදරයිද මේ වෙලාවේ කතාකරන එක කියල...අපි මොකද කියන්නේ..
මොන වැඩේ කලත් කියනවා නේද නෑ නෑ පිස්සුද කතා කරන්න කියල..
එත් ඒ වෙලාවට වෙනත් කෙනෙක් කතා කලොත් මොකද්ද කියන්නේ..?
මම හදිසි වැඩක  ඉන්නේ පස්සේ කථාකරන්නම් කියනවා....
නිකමට හිතන්න යාලුවනේ ඇයි අපි ඒ පුද්ගලයන් දෙන්නට විශේෂ බවක් වෙනස් ආකාරයකින් පේනවනනේ.
සමහරවිට ඒ කතාකළ දෙන්න යෙහෙලියන් දෙන්නෙක් වෙන්නත් පුළුවන්.එක්කෝ යහළුවෝ දෙන්නෙක් වෙන්නත් පුළුවන්..එහෙමත් නැත්නම් යහළුවෙක් හෝ යෙහෙලියක් වෙන්නත් පුළුවන්..?
ඉතින් ඇයි අපි ඒ වගේ වෙනසක් හිතන්නේ.අපේ හිත යාලුවනේ ගොඩක් වෙනස්.
ඒ දේ තේරුම් ගැනීමට ගොඩක් අපහසුයි.
මොකද අපි ආස කරන්නේ හිතට උවමනා විදියට ඉන්න නේද...?
හිත අපිට උවමනා විදියට ඉන්න සලස්වා ගන්නවා නම් එහෙම වෙන්නේ නෑ නේද??
නිකමට හිතන්න අපි මේ කරන්නේ හැමදාකම අපේ හිත කියන දේ නේද..ඇදුමක් ගන්න ගියත් හිතට හරි නැත්නම් එක ගන්නේ නෑ නේද?
කොච්චර වටිනාකමක් තිබුනත් හිත පිනවීම නේද කරන්නේ...?
කාලයක් යද්දී ඒ ඇදුම කිලිටි වෙනවා...ඉතින් හිත කියනවා දැන් ඒ ඇදුම අදින්න එපා කියල.
ඉතින් අපි අලුත් ඇදුමක් ගන්න යනවා.
නිකමට හිතන්න ඒ දෙයින්ම් තේරුම් ගන්න පුළුවන් නේද අපේ හිතත් අර ඇදුම මුලිනම් දැකපු වෙලාවේ ඉදන් අදින්න එපා කියපු වෙලාව දක්වා කාලය තුල ටිකෙන් ටික කිලිටි වෙලා කියල..
මොකද්ද ඇත්තටම කිලිටි උනේ.අපේ හිතද?
නෑ යාලුවනේ අපේ සිතට ඒ වෙලාවේ අව ඒ සිතුවිල්ල කාලයත් එක්ක ටිකෙන් ටික කිලිටි වෙලා.එහෙම නේද..?
ඉතින් අන්න ඒ දේවල් මත අපේ ආශාවන් කාලයත් එක්ක වෙනස් වෙනවා..
ඉතින් ඔන්න ඔය හේතුව නිසා අපි සමහරවෙලාවට කියනවා මිනිස්සුන්ට හරි ගියාම මුල අමතක වෙනවා කියල.
මුල අමතක කිරීම නම් කවදාවත් කරන්න සුදුසු දෙයක් නෙවෙයි කියලයි මගේ පිළිගැනීම.මොකද යාලුවනේ අපි මේ කරන කියන සෑම දෙයක්ම අපේ ජීවිතේට ලැබෙන අත්දැකීම් නෙවෙයිද?
කවදාහරි දවසක අපිට තවත් කෙනෙකුට කියන්න පුළුවන් කමක් තියෙනවා නේද අපි සතු අත්දැකීම්...
හැබැයි යාලුවනේ ඒ දේවල් නරක දේවල් උනොත් වටිනාකමක් නැතිවෙනවා කියල හැමෝටම පැහැදිලියි කියල මම හිතනවා.
නිකමට හිතන්න.අපි ගොඩක් කාලයක් හොදින් ඉන්නවා කියල.එත් ඒ දේවල් පෙන්වමින් තමන් කරන කියන දේ හොදයි කියල සමාජයට පෙන්වමින් කාලයක් යන අතරතුරේ වංචනික ක්‍රියා හොර රහසේ කරන්න අපේ සිත අපිටම කියුවොත් අපේ  ඒ දේටත් පෙලබෙනවා නේද..?
එහෙම උන ගමන් මොකද්ද වෙන්නේ..
අපේ සමාජයෙන් අපි නොදැනුවත්වම වංචනිකයෙක් හොරෙක් එහෙමත් නැත්නම් නරක පුද්ගලයෙක් කියල ඉබේටම හංවඩු ගැහෙනවා නේද..
එක සිතුවිල්ලකින් ගොඩක් පැතිවලින් ඉක්මනටම ධනවෙතෙක් වෙන්න පුළුවන් නේද..?
ඇයි යාලුවනේ ඉතින් අපි අපි විසින්ම අපේ නම ගරුත්වය නැතිකරගන්නේ.කොයි තරම් හොද විදියට ඉදියත් අවසානයේ එහෙම උනහම වැඩක් නෑ නේද...?
මොහොතක් හිතන්න යාලුවනේ..අපි අපේ අනාගතය හැඩගස්වා ගන්න ඕන හරි ක්‍රමයකට නේද.මොකද හැමදාකම අපේ නම අපේ චරිතය හොද කියන විදියට අපිටම විතරයි හදාගන්න පුළුවන්.අපිව අපි විසින් හැදෙනවා මිසක් වෙනත් කෙනෙකුට ඒ දේ කරන්න බෑ...අපිට බැරි වෙන එකක් නෑ..මොකද අපි උතුම් මනුසත් කමින් යුක්ත අය නේද..?

 වෙසක් මාසය නේද යාලුවනේ මේ වගේ දේවල් අපිට ගොඩක් ලබාගන්න ඒ වගේම මේ වගේ හැඩගැහෙන්න අපේ මනස නිරවුල් කරගන්න ඉඩක් ලබාගන්න මාසය..
කොච්චර කලත් අපි හැමෝම වෙසක් පොහොයටවත් පන්සලට යන්න උතසාහ ගන්නවා නේද.?ඉතින් යාලුවනේ ඒ පුරුද්ද අපි හැමදාකම ඇති කරගන්න උතසහ කරමු...
කොයිතරම් නම් හිතේ බරකින් දුකකින් ඉදියත් තමන්ගේ ආගම සමග ඒ දුක කරදරය බෙදා හදා ගත්තට පස්සේ හිතට ලොකු සැනසීමක් ලැබෙනවා නේද..?
හිතට අවංකවම කල්පනා කලොත් මේ දේ අපිට අත්දකීම්න් ම කියත හැකි නේද යාලුවනේ...
ඉතින් අපේ ඒ ගැන හිතන්න පුරුදු වෙමු.
ඒ වෙනුවෙන් කැපවෙලා 
අපි අපි විසින්ම ගොඩ නැගෙමු.අපේ යහළුවෝ හැමෝටම පුළුවන් කියල මම හිතනවා...

Post a Comment

4 Comments

  1. බුදුන් වහන්සේ නායකතුමෙකු නොවෙයි!

    ReplyDelete
    Replies
    1. ඔව් එත් ගොඩක් පති වලින් නායකත්වයට සුදුසු උන කෙනෙක් කියල මම හිතනවා...සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්.ගොඩක් ස්තුතියි යාලුවා...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....