අලුත්ම විදියට ඔන්ලයින් ආදරයක් පටන් ගන්න....

සුභ සති අන්තයක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම ..ඉතින් ඔන්න මටත් අද නම් පොඩි නිදහසක් ලැබුන ටිකක් වැඩිපුර අදහස් දක්වල ලිපියක් ලියන්න.කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා ඒ වගේම හිතන්නත් ගොඩක් දේවල් තියෙනවා වෙනදට සාපේක්ෂව..මොකද ඉතින් ඇත්තම කියුවොත් හිතනවට වඩා  යමක් දකින්න සහ පෙනෙනවාට වඩා යමක් දැකීමට ආස කරන කෙනෙක් වෙනුවෙන් නේ මේ අපි හැමදාම ලිපි පළකරන්නේ..
ඉතින් යාලුවනේ කොහොමද මීට සතියකට පෙර අපේ යාළුවොන්ගේ යෙහෙළියන්ගේ හදවත්වල ඒ වගේම සිතුවිලි වල තිබුන පිබිදීම...ගොඩක් බලාපොරොත්තු හීන ගොඩක් අතරේ ජීවත් වෙන්න ඇති නේද?
ඒ වගේම ඒ දේවල් සපල කරගන්න පෙරුම් පුරාගෙන ඉදපු අය ඒ ආකාරයෙන්ම සපල කරගන්නත් ඇති නේද?සමහරවිට ඒ හිතාගෙන ඉදපු ආකාරයෙන් එහෙම නොවෙන්නත් ඉඩ තියෙන්න ඇති නේද...?
ඉතින් මොකක් ගැනද අපි මේ කතාකරන්න යන්නේ..
නිකමට හරි දැනෙන්න ඇති නේද අපේ යාලුවොන්ට මොකක් සම්බන්දවද අපි කතා කරන්න යන්නේ කියල..සමහර අයට නම් නිකමට වගේ දැනෙන්න ඇති එත් සමහර අයට නම් දැනෙන්න නැතුව ඇති..පොඩි අදහසක් දැක්වුවේ ආදරවන්තයෝන්ගේ සහ ආදරවන්තියන්ගේ දිනය ගැන..
ඉතින් යාලුවනේ නිකමට හිතල බලන්න දැන් ඒ දිනය ඇවිල්ල සතියක් ගියා නේද..
මොහොතක් හිතන්න එදා 14 වෙනිදා එනකල් මග බල බල ඉදපු අය ඒ වගේම 14 වෙනිදට කරන්න ඉදපු දේවල් සැලසුම් කල අපේ යාලුවෝ  යෙහෙළියෝ සතියකට පස්සේ ඒ අකරයේනම් ඉන්නවද කියල බලන්න..පොඩි සරල උදාහරණයක් දෙන්නම්කො.
14 වෙනිදා අපි ආදරෙන් ඉදියට සමහරවිට එදා වෙනදාටත් වඩා සතුටින් ආදරෙන් ඉන්න ඇති නේද?
එත් අද වෙනකොට එහෙමත් නැත්නම් 14 වෙනිදට පස්සේ දවසෙම වෙන්නත් පුළුවන් මොකක් හරි ගැටලුවක් ඇති වෙලා දුකින් ඉදපු අය ඇති නේද...?
සමහරවිට 14 වෙනිදා උන දෙයක් නිසාම සතුට කියන දේ ගිලිහිලා ගිහිල්ල කොහෙවත් නැති ගැටලුවකින් තමන්ගේ ආදරයට ගැටළු කරදර යම් යම් අවිශ්වාස හේතු එන්න පුළුවන් නේද...?එහෙම වෙලා දුකින් ඉන්න අයත් ඇති නේද??
ඒ වගේම ඒ ප්‍රශ්න නිසා ආදරේ නැති උන අයත් මේ වෙද්දී ඇති.එක්කෝ තරහවෙලා ආයේ යහළු වෙනකල් ඉන්න අයත් ඉන්න පුළුවන් නේද...?
මේ ලගදී අපි හැමෝටම වගේ අහන්න දකින්න ලබුනනනේ විවිධ හේතු කාරනා මත මුණු පොත නිසා සියදිවි නසාගන්න සිදු උන යෙහෙලියන් පිලිබදව..
ඇත්තටම යාලුවනේ ඇයි අපිට මේ ආදරය කරුණාව සෙනෙහස කියන දේ ඔස්සේ මේ තරම් යහපත් දේවල් කරන්න ඉඩකඩ තියෙද්දී නිකරුනේ තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නේ...?
ඇත්තටම හිතන්න එක දෙයකට ආස කරන ඔයා තවත් දෙයකින් පළිගන්නවා නේද?
මේ ගැන නිකමට හිතන්න තාක්ෂනය කියන දේ වැදගත් දේට පමණක් යොදාගන්නේ නැතුව පලදායි දෙයින් ප්‍රයෝජන ගන්නේ නැතුව කරන දේවල් නිසා අයහපත් ක්‍රියාවන් සිදුවෙනවා නේද..?
නිකමට හිතන්න යාලුවනේ ඔයාල අපි හැමෝම මුණු පොත භාවිතා කරනවා එත් ඒ දේට වශී වෙන්න හොදද...?
දවසෙම මුනුපොතේ එල්ලිලා ඉන්න උවමනා නෑ නේද..?ඒ වගේම ආදරය ආරම්භ කරන්නත් අවසාන කරන්නත් මේ දවස්වල මුනුපොත ගොඩක් ප්‍රසිද්ධයි නේද..?
මුනුපොත විතරක් නෙවෙයි..අන්තර්ජාල කතාබහට ලක් කරගන්න පුළුවන් සෑම දෙයක් මගින්ම මේ දේවල් සිද්දවෙනවා නේද..?
යාලුවනේ ඔයාල හැමෝම මේ ගැනත් හිතන්න..ලෝකේ ඉන්න උගත්ම සහ බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය නේද මනුස්සයෝ කියල කියන්නේ.
ඇත්තටම හිතල බැලුවොත් මේ මනුස්සයෝ අතරේ අමනුස්සකමක් කියන දේ ඇති කරන්න පොලභවන්නේ කවුද?
කොහොමද මේ "අමනුස්ස" කියන දේ ඇති වුනේ.අපි කරන ක්‍රියාවෙන් නේද යාලුවනේ...?
නිකමට හිතන්න මේ කෙල්ල මේ කොල්ල උන්ගේ තියෙන කරුමෙට ෆේස්බුක් /මුනුපොත නිසා මරුන කියල අපේ ගොඩක් අය කියනවා ඒ වගේම ප්‍රචාරය කරනවා...
මේ හැමදෙයකම් ඉක්මනටම දැනගත්තේ කොහොමද?
නිකමට හිතන්න යාලුවනේ.
ඔයා ඒ බව දැනගත්තෙත් මේ මුනුපොත මගින්ම වෙන්න පුළුවන් නේද..?ඇත්තටම මුනුපොත තුල අපි හැසිරෙන්න ඕන නියම අර්ථවත් රටාවක් තියෙනවා නේද යාලුවනේ.අපේ ප්‍රයෝජනයට පමණක් මේ දේ යොදාගන්න නේද උවමනා කරන්නේ.එහෙම නැතුව තමන්ගේ පවුද්ගලිකත්වය ලෝකෙට විදහදක්වන්න මේ දේ යොදාගත්තොත් ඒ කෙනාට ලැබෙන පලවිපාක ගොඩක් වෙනස් ආකාරයක දේවල් වෙන්න පුළුවන් නේද..?
මොකද අපි අතරේ ඉන්න හැමෝගෙම මනස සිතුවිලි හිතන පතන ආකාරය එකවගේ නෑ නේද...?එක එක අය එක එක විදියට හිතන පතන අය..ඒ වගේම  ඔනල්යින් ආදරේ කරන්න අපිට ලැබුන අලුත්ම සංකල්පය මේ දේවල් නේද...?
ඉතින් ඒ අය එක්ක ඒ අයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකින් හිතන ඔයා හැසිරෙන ඕන වෙනස්ම ආකාරයකට නේද යාලුවනේ..
ඇයි අපි මේ ගැන වෙනද වඩා නොහිතන්නේ..වර්තමානය වෙනකොට ගොඩක් අය අන්තර්ජාලය කියන දේ දන්නවා.එත් මේ තුලින් ගන්න පුළුවන් ප්‍රයෝජන නියම ආකාරයෙන් ගන්න දන්නේ බොහොම අතලොස්සක් නේද යාලුවනේ.
ඇත්තටම කියුවොත් තාක්ෂනය කියන්නේ අනාගෙතේ වගේම වර්තමානය වන විටත් මුළු ලෝකය බවට පත්වෙලා ඉවරයි.ඉගනගන්න තියෙන දේවල් අනන්තයි අප්‍රමානයි..
යාලුවනේ අපි හැමෝම මේ ලෝකෙට ඉපදිලා මුලික අධ්‍යාපනය ලබන කාලෙදිම අපේ හිතේ කවදාහරි දවසක් මේ කෙනා බවට පත්වෙනවා කියල අදහසක් තියෙනවා/තිබුන  නේද.?ඇයි යාලුවනේ එහෙමනම් ඒ කෙනා බවට අද වෙනකොට අපිට පත්වෙන්න බැරි වෙලා තියෙන්නේ..?
මොකක්හරි අපේ ජීවිතයට භාදාවක් එන්න ඇති නේද?
ඒ වගේම මොකක් හරි අඩුපාඩුවක් දැනෙන්න ඇති නේද..?
මේ ගැටළු හේතුවෙන් ඔයාට ඒ තැනට එන්න බැරි වෙන්න ඇති.එහෙමත් නැත්නම් කාලයක් යද්දී ඔයාගේ හිතේ තිබුන ඒ අරමුණ කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් ඇති.පොඩි උදාහරණයක් දෙන්නම් ඉස්සර ගුරුවරියක් වෙන්න ඉදපු කොපමණ අය අද තාක්ෂණික විශ්ව විද්‍යාල වල තම උසස් අද්‍යාපනය හදාරනවද යාලුවනේ...?
ඉතින් එච්චර වෙනස් වීමකට ලක්වෙන්න පුළුවන් උගත්කමක් බුද්ධියක් තියෙන අපේ අය ඇයි මේ තාක්ෂනය කියන දේ නිසි අයුරින් ප්‍රයෝජනයට ගන්නේ නැතුව ඒ දේ පලදායිව ලෝකයට පෙන්වල දෙන්න නැතිව ඒ තුලින් තමන් වගේම අනුන්වත් වෙනස්ම තත්වයේ පහත තැනකට අදාල දාන හදන්නේ..?
යාලුවනේ අපි හැමෝම මැරෙනවා නේද දවසක.
එත් නොමැරෙනවා කියල හිතාගෙන කටයුතු කරන සත්ව කොට්ටාශයක් නේද අපි හැමෝම..?
යාලුවනේ ඇයි අපි නිකමටවත් මොහොතක්වත් අපි ආව ගමන ගැන හැරිලා බලන්නේ නැත්තේ...?
අපි මොකටද මේ ලෝකයට බිහිවුනේ.?
යම්කිසි වෙනසක් කරන්න නේද?
අපේ මුලිකම අරමුණ වෙන්න ඕන මේ සමාජයට යම්කිසි හෝ දෙයක් ඉතුරුකරලා යන එක නේද.ඒ ඉතුරුකරලා යන දේ සමාජයට කවදාහරි වැදගත් වෙන දෙයක් උනොත් කොයිතරම් නම් වටිනවද....මොහොතක් හිතන්න යාලුවනේ ආදරය කියන්නේ සෙල්ලමක් නෙවෙයි නේද?
විශ්වාසයක් ඒ වගේම ආදරය කියන දේ විදින්න පමණක් යොදාගන්න මොකද ලෝකේ ඉන්න උගත්ම සහ බුද්ධිමත්ම පිරිසක් වන අපි මේ වගේ මෝඩ වැඩ කරද්දී අපි අපි විසින්ම පහත තත්වෙකට පත්වෙනවා නේද යාලුවනේ..
ඇයි අපි අපි ගැනම නොහිතන්නේ...?
හිතනවානම් යාලුවනේ මනුස්සයෙකුට වෙනස් වෙන්න ක්‍රම අනතවත් තියෙනවා නේද...?ඇයි අපි සිතුවිලි වලින් වෙනස් වෙන්න උතසහ නොදරන්නේ.එහෙම වෙනස් වෙනවනම් අපිට කරන්න පුළුවන් යහපත් මෙනම් වැඩදායක දේවල් අනන්තයි නේද...?
ඒ වගේම අපිට සමාජයෙන් ලැබෙන පිළිගැනීමේ පැතිකඩ වැඩියි නේද...?
මොහොතක් හිතන්න යාලුවනේ...හැම වෙලාවෙම සිතුවිල්ල මතින් අපි වෙනස් වෙමු.බැරිවෙන්නේ නෑ...!
උත්සහ කරලා බලන්න.ඔයාල හැමෝටම දකිනවට වඩා යමක් පෙනෙන්න ඉඩ තියෙනවා..මොකද අපි හැමෝම උගත් බුද්ධිමත් මනුස්සයෝ.....

Post a Comment

2 Comments

  1. අකුරු වල සයිස් එක පොඩියි කියවන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා ඒ බව දැනුවත් කලාට....

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....