ඔයාගේ පරිගණකයෙන් ලෝකේ තියෙන හොදමම මතකය(Hard Drive) හදන්න....

සුභ සතියක් වේවා යාලුවනේ ඔයාල හැමෝටම...ඒ වගේම සාමය සතුට සෙනෙහස ආදරය සපිරුණ අභිමානවත් නිදහස සපිරුණ වසරක් ද වේවා කියලත් පතනවා...ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.අපි ගත කරන කාලයත් එක්ක නොයෙකුත් දේවල් නොසිතපු වෙලාවක නොසිතන මොහොතක නොසිතපු අයුරින් වෙනස් වෙන හිතාගන්නවත් බැරි කාලය ගත කිරීමක් නේද..?
නිකමට හිතන්න යාලුවනේ කොයිතරම් නම් බලාපොරොත්තු අපේ හිත තුල තියෙන්න ඇත්ද ඒ වගේම ඒ බලාපොරොත්තු තුලින් අපේ මනස අපේ සිතුවිලි කොයිතරම් නම් පිරිලා තියෙන්න ඇත්ද...?
ඒ වගේම අපහු හිතන්න යාලුවනේ ඒ අපේ හිතේ තිබුන අදහස් බලාපොරොත්තු ඒ හැමදේම අතුරින් අපි ඒ බලාපොරොත්තු උන විදියටම සාර්ථක වුන දේවල් මොනවා මොනවාද කියල...
අපි ලොකු ලොකු දේවල් ගැන හිතන්න උවමනා නෑ..නිකමට මෙන්න මේ වගේ උදාහරණයක් ගැන හිතන්න.අපිට කොච්චර මුදල් තිබුනත් වියදන් කරන්න ඕන තරම් මුදල් තිබුනත් අපි මගතොටේදී බස් රථයකදී දුම්රියකදී යම්කිසි හිගන මනුස්සයෙක් අවොත් ඒ කෙනා එක්කෝ තමන්ගේ දුක කියල මුදල් ඉල්ලයි.එහෙමත් නැත්නම් ගීතයක්,විරිදුවක්,බටනලාවක් වයල හරි කිනම් හෝ අකාරයකින් යම්කිසි මුදලක් බලාපොරොත්තු වෙනවා කියල හිතන්න..
එත් යාලුවනේ අපේ හිතේ නිකමට හරි මෙන්න මේ වගේ අදහසක් එනවා නේද ඒ කෙනාට කීයක් හරි දෙන්න කලින්..මේ මනුස්සය හැමදාම එනවා.එකම සින්දුව කියනවා.එහෙමත් නැත්නම් ඔය සිගරට් බොන්න අරක්කු බොන්න තමයි සල්ල්ලි ඉල්ලන්නේ...සත පහක්වත් දෙන්න වටින්නේ නෑ කියල හිතනවා. යාලුවනේ එහෙම හිතන අය අතරේම තමන්ටත් ඔය කලක් අවොත් මොකද කරන්නේ කියල හිතල ඇති හැටියට යම්කිසි මුදලක් පරිත්‍යාග කරන අයත් ඉන්නවා නේද..?
එහෙමත් නැත්නම් පිනට කියල හිතල මුදලක් දෙනවා.ඒ පින් බලෙන් මගේ මෙන්න මේ හිතේ තියෙන දේ සාර්ථක වෙන්න කියල හිතනවා නේද..?
යාලුවනේ නිකමට හිතන්න මේ සුළු මොහොතක් ඇතුලත අපේ සහෝදර සහෝදරියෝන්ගේ එහෙමත් නැත්නම් යහළුවෝ යෙහෙලියෝන්ගේ හිත තුල ඇතිවෙන සිතුවිලි ප්‍රමණය වර්ග කරොත් කොයිතරම්ද..?
අපි හැමෝම එක වගේ හිතන්නේ නෑ නේද..?
එක වගේ හිතනවානම් අපි හැමෝම අර එන මනුස්සයට සල්ලි හෝ වෙනයම් දෙයකින් උපකාර කරනවා නේද...?එහෙමත් නැත්නම් හැමෝම මුකුත්ම අයුරකින් උපකාර නොකරම ඉන්නවා...

යාලුවනේ මෙන්න මේ වගේම තමයි අපේ හිත තුල ඇතිවෙන ආදරය සහ සෙනෙහස කියල කියන්නේ.අපි කෙනෙකුට ආදරය කරනවානම් සෙනෙහසක් දක්වනවානම් ඒ කෙනාගේ යම්කිසි විශේෂ දෙයක් මත ඒ ආදරය පදනම් වෙනවා නේද...?
ඉතින් අපි ඒ කෙනා තුලම ජීවත් වෙනවා.නමුත් ඒ ආදරය කියන දේ අපි හැමෝගෙන්ම ඉල්ලන්න යන්නෙත් නෑ ඒ වගේම හැමෝටම ඒ ආදරේ දෙන්න යන්නෙත් නෑ නේද...?
යම්කිසි විශේෂ ලක්ෂණ මත තමයි යම්කිසි කෙනෙකුට ආදරේ සෙනෙහස දෙන්නේ.හැබැයි මේ සෙනෙහස කියුවේ අපේ ආදරවන්ත්යෝන්ගේ සහ ආදරවන්තියන්ගේ ආදරය ගැන නෙම නෙවෙයි..අපේ සමාජය තුල අපි ජීවත් වෙනකොට එකිනෙකා අතරේ ඇතිවෙන ආදරය සෙනෙහස මිතුදම කියන දේත් මෙන්න මේ වගේ නේද...?
නිකමට හිතන්න අපි දකින මුණගැහෙන හැම කෙනාම එක්ක හිනාවෙනවද යාලුවනේ..නෑ නේද.ඒ කෙනා හිනා උනොත් හිනවනේව එහෙමත් නැත්නම් ඊට කලින් කවද හරි දවසක හෝ මොහොතක ඒ කෙනාව යම්කිසි අයුරකින් මුණගැහිලා හො වෙනයම් හේතුවක් මත දන්නා කියන කෙනෙක් වෙන්න උවමනා නේද...?
නමුත් යාලුවනේ හිනහව කියන දේට කිසිම මුදලක් වැයවෙන්නෙවත් තමනට අලාභයක් වෙන්නෙත් නැති එකම දෙයක්...මේ වගේ පොඩිම දෙයක් ගැන අපි සැලකිල්ලක් දක්වන්නේ නැති නිසා ඒ ගැන අපිට ලොකු දෙයක් හිතට දැනෙන්නේ නෑ නේද.එත් ගැබුරින් හිතල බැලුවොත් ලොකු දෙයක් ඒ තුල තියෙනවා නේද යාලුවනේ.
ඉතින් යාලුවනේ දකින දේට වඩා යමක් සැබවින්ම දකින්න නම් ඒ දේ ගැන අපි සාමන්‍ය ආකාරයට වඩා ගැබුරින් හිතන්න පුරුදුවෙනවනම් අපිට මේ ඉන්න දකින ලෝකයට වඩා වෙනස් ලෝකයක් මවන්න විතරක් නෙවෙයි බිහිකරන්නත් ඇත්තටම පුළුවන් නේද..
යාලුවනේ නිකමට හිතන්න..ඇත්තටම අද කාලේ හැම කෙනෙක්ම ඉගනගන්නවා නේද.තාක්ෂනය විද්‍යාව කලාව මොනයම් හෝ දෙයක් මත ඉගනගන්නවා..එත් නිකමට හිතන්න ඇත්තටම කියුවොත් මොකක් සදහාද අපි මේ ඉගනගන්නේ.අවසානයේ රැකියාවක් සදහා නේද...?
එත් යාලුවනේ නිකමට හිතන්න අපි අපේ දැනුම සදහා ඉගනගන්න දේවල් මොනවාද..?කවද හරි මේ මගේ දැනුම සදහා ඉගනගන්නවා කියල හිතල ඉගනග ගන්න දේවල් ඇත්තටම අඩුයි නේද..?
නමුත් යාලුවනේ හිතන්න කෙටි වෙලාවක්.
අපි ඉගනගන්නනවන්ම් දේවල් අනන්තයි.අප්‍රමානයි...හේතුව තමයි මේ ලෝකෙට යම්කිසි දෙයක් බිහිකරපු අය ගනින්නවත් බැරි තරම්..
ඒ හැමෝගෙම ලග තියෙන හැකියාව නේද අපි මේ ලන්කරගන්න හදන්නේ..හරියට නිකන් ගුරුවරු 100 දෙනෙකුගේ හැකියාව එක පරිගනකයක මතකයට ගබඩා කරගන්නවා වගේ වැඩක් නේද...ඒ කියන්නේ ලෝකේ තියෙන හොදම පරිගණක මතකය හා සමානයි.?
නිකමට හිතන්න අපි ඒ හැසිරීමෙන් ඔබ්බට ගිහිල්ල ඒ ගන්න දැනුමෙන් මෙනේම අපේ නව දැනුම යොදවල අපිට නව නිර්මාණයක් බිහි කරන්න බැරි වෙයිද...?
ඇත්තටම පුළුවන් යාලුවනේ ඒ දේ බිහි කරන්න නම් අපේ හිත තුල තියෙන කම්මැලි කම සහ වැඩකට නැති බිය කියන දේ සහ ලැජ්ජාව කියන දේ අයින් කරගනන් උවමනා වෙනවා..
මේ තුන නැත්නම මේ තුන ඕනවට වඩා  ගණන් නොගන්නවනම් අපිට ඕනෑම කටුක අත්දැකීමක් ජයගන්න බැරි වෙන්නේ නෑ යාලුවනේ...
ඔයාල හැමෝටම හිතන්න පුළුවන්..
මොකද අපි හැමෝම පරිගණකය භවිතා කරනවානම් ඒ දේට අමුතුවෙන් හිතන්න මොලයක් අවශ්‍ය වෙන්නේ නෑ...මොකද අපි හැමෝම මනුස්සයෝ නේද.....

Post a Comment

0 Comments