උපාධි නැතුවම ලෝකෙට අලුත්ම දෙයක් බිහි කරන්න..

සුභ සති අන්තයක් වේවා  යාලුවනේ ඔයාල හැමෝටම...ඉතින් මේ සති අන්තයේ කතා කරන්න කියල හිතුවේ ටිකක් වෙනස් ආකාරයේ මාතෘකාවක් ගැන.ඔන්න අලුත් අවුරුද්දේ ඉතින් මුල්ම මාසේ අවසාන දවස අද..මාසෙකුත් ගියා..දැනුනෙවත් නෑ කියල අද යාලුවෝ එක්ක කියපු අය ඇති නේද..?
ඇත්තටම මේ ගැනත් හිතන්නකෝ...ඉතින් මාසයක් ගෙවිලා ඉවර උනා අපිට දැනුනෙවත් නෑ.ඒ වගේම ආපස්සට පොඩ්ඩක් නැවතිලා බලන්න මීට මාසෙකට කලින් ඒ කියන්නේ ජනවාරි පළමු වෙනිදා ඔයා මොනවාද හිතුවේ...
ඇත්තම කියුවොත් මෙන්න මේ වගේ දෙයක් හිතන්න ඇති.අලුත් අවුරුද්දක අලුත්ම දවසක ගොඩක් හොදින් මේ අවුරුද්ද ගත කරන්න ඕන කියල කොහොමත් හිතනවනේ.ඒ වගේම මේ මාසේ ඇතුලත එහෙමත් නැත්නම් ,ඒ අවුරුද්ද ඇතුලත මම මෙන්න මේ  මේ දේවල් කොහොම හරි කරනවා කියල හිතාගන්නත් ඇති නේද..එත් යාළුවනේ අපි  කී දෙනාගෙන් කී දෙනෙක්ද මේ අපේ හිතට එදා අව මීට මාසයකට කලින් ආව ඒ ධනාත්මක සිතුවිල්ල මාසයක් ඇතුලත සාර්ථකව නිමකරන්න සහ ඒ දෙයින් සාර්ථකව ප්‍රතිපල ලබාගන්න පුළුවන් උනේ...?
සමහරවිට පුළුවන් උන අයත් ඉන්න පුළුවන් ඒ වගේම බැරි උන අයත් ඉන්න පුළුවන්.ඇත්තටම මොකද්ද මේ දේට හේතුව,යාලුවනේ අපේ හිතේ එදා තිබුන ඒ සිතුවීල්ල එයින් පස්සෙත් ඒ කියන්නේ සිතපු මොහොතට පසුවත් ඒ ආකාරයෙන්ම තිබුන නම් අපි හැමදාකම ගැම්මෙන් වැඩ කරනවා නේද.ඒ කියන්නේ ගොඩක් උවමනාවෙන් අධිෂ්ඨානයෙන් වෙනදාටත් වඩා හොදට කැපවෙලා අපේ අරමුණු කරා අපි ගමන් කරනවා නේද යාලුවනේ...
එත් එහෙම නොවෙන්න හේතුව කුමක්ද යන්න අපි මොහොතක් කල්පනා කරන්න උත්සහ ගත්තොත් යම් තාක් දුරට හරි ඒ දේට පිළිතුරක් ලැබෙනවා නේද..?
ඇත්තටම අපි මෙන්න මේ ගැන හිතන්නකෝ.අපි යාලුවෝ ටිකක් එක්ක එකතු උන වෙලාවක කතාකරන මාතෘකාවක් ගැන.එක මාතෘකාවක් නෙවෙයි නේද?
අපි කරන කියන දේවල් ගැන එහෙමත් නැත්නම් අපි කරන රැකියාව ගැන එහෙමත් නැත්නම් පාසලේ සිදු උන දේවල් ගැන එහෙමත් නැත්නම් යාලුවෝ එක්ක කරපු කියපු දෙයක් ගැන එහෙමත් නැත්නම් අනාගතේදී කරන්න ඉන්න යම්කිසි දෙයක් බලාපොරොත්තුවක් ගැන විවිධ අදහස් පලකරනවා නේද...?
එත් නිකමට හිතන්න යාලුවනේ ඒ දේවල් කතා කරන අතර තුරේම ඒ කිට්ටුවම් ඉන්න පුළුවන් මුකුත්ම කතා නොකරන ගොඩක් නිශ්ශබ්ධව ඉන්න කැමති පුද්ගලයෙක්.ඉතින් ටික වෙලාවකින් කවුරු හරි කෙනෙක් එයාගෙන් අහනවා නේද මොකද මචං කතාවක් නැත්තේ...?
නැත්නම් වෙනත් ආකාරයකින් හරි එයාගෙන් අහනවා නේද මොකද කතාකරන්නේ නැත්තේ ගැටලුවක්ද කියල...
ඇත්තටම යාලුවනේ අපි අතරේ ඉන්න අය විවිධ ආකාරයේ විවිධ විදියට හිතන අය...ඒ දේට හොදම උදාහරණය යාලුවනේ මොහොතක් හිතන්න ඇයි මේ ලෝකෙට අලුත් දෙයක් බිහි වෙන්න හේතුව...?
හැමෝටම ඒ දේට අධ්‍යාපනය වගේම උපාධියක් අවශ්‍යද..?නෑ යාලුවනේ...
අපි  හැමදාකම එකම දේ එකම විදියට හිතුවොත් අලුත් දෙයක් බිහිවෙන්නේ නෑ නේද....?
අපි අලුත් දෙයක් අලුත් විදියට හිතුවොත්....
ඒ කියුවේ මොකද්ද???
දේත් ගැබුරින් හිතන්න යාලුවනේ අලුත් දෙයක් අලුත් විදියට හිතනවා කියන්නේ මේ අපේ නෙතට ගැටුන අලුත් දෙයක් උදාහරණයක් දෙන්නම්කො ඔන්න හොද ස්මාර්ට් ෆෝන් එකක් ගැන හිතන්නකෝ..මේ දවස්වල ඉතින් ගොඩක් අය දන්නවනේ..අන්න ඒ දේ තවත් අලුත් ආකාරයකට බිහිවෙන්න නම් ඒ ගැන අලුත්ම විදියට හිතනන උවමනා නේද ?

අන්න ඒ දේ තමයි යාලුවනේ මම කෙටියෙන් පැහැදිලි කලේ...
යාලුවනේ කවමදාකවත් එක දෙයක් ගැන එකම ආකාරයට හිතන්න පුරුදු වෙන්න එපා.ඒ දෙයින් වෙන්නේ ඒ ගැන හිතන්න අපිව කම්මැලි කරවන එක.ඒ දේ ගැන විවිධ ආකාරයෙන් විවිධ දේවල් ගැන හිතුවොත් අලුත් අදහස් අනන්තවත් අපේ හිතට එනවා නේද...?
වෙනස් වෙන්න යාලුවනේ..මොකද අපි මනුස්සයෝ...අපි මේ හැමදෙයක්ම නිර්මාණය කලේ මේ අපේ තිබුන උපතින් ආව මොලය දියුණු කරලා මිසක් නව අංග උපාංග අපේ ශරීරයට එකතු කරගෙන නෙවෙයි නේද යාලුවනේ....
ඉතින් හැමදාකම වෙනස් වෙන්න යාලුවනේ.අපිට පුළුවන් බැරි වෙන්නේ නෑ කවදාවත්..
යාලුවනේ අපි කතා කරන දේවල එකතු කලාම ඒ ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්.
ඒ වගේම තවත් ආකාරයකින් හිතන්න අපි දවසක් ඇතුලත එහෙමත් නැත්නම් එක අදවසක එක පැයක් ඇතුලත කරන දෙයක් ගැන මොහොතක් හිතන්න..ඇත්තම කියුවොත් අපි කරන දෙයකට අනුබල දෙන්නේ කවුද?
අපේ සිතුවිල්ල නේද...?
එත් යාලුවනේ ඒ කරන කියන හැම දෙයක්ම හොද හෝ නරක කියල කොටස් දෙකකට බෙදන්න පුළුවන්..ඉතින් යාලුවනේ එතැනින්ම අපිට තේරුම් යනවා නේද සිතුවිල්ල කියන දේත් ඒ ආකාරයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියල.මොකද අපි කරන දේත් පදනම් වෙන්නේ ඒ සිතුවිල්ල මත නේද.
යාලුවනේ අපි ඉගනගන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් අපි රැකියාවක් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් කාලයත් එක්ක ගෙදර නිදහසේ තමන්ගේ පවුලේ සාමාජිකයන් එක්ක ගතකරන කාලයක් වෙන්නත් පුළුවන් නේද...?
ඉතින් මෙන්න මේ වගේ එක දෙයක් ගැන ඔයාල නිකන් ඉන්න වෙලාවක ඒ කියන්නේ කිසිම දෙයක් හිතට එන්නේ නැති වෙලාවක අර අපි කියන්නේ මාර කම්මැලියි කියල .. අන්න ඒ වගේ වෙලාවක මොහොතක් තනිවම හිතන්නකෝ...
යම්කිසි අලුත් අදහසක් ඔයාල හැමෝටම හිතට එවි....මොකද අපි හැමෝම මනුස්සයෝ...හැමදේටම උත්සාහ ගන්න යාලුවනේ බැරි වෙන්නේ නෑ..

Post a Comment

2 Comments

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....