හැමෝටම දුක සතුට ගෙන දෙන මොකද්ද මේ (FFF)අකුරු තුන..

සුභ උදෑසනක් වේවා යාලුවනේ ඔයාල සියලුම දෙනාටම...ඒ වගේම සුභ සති අන්තයක් වේවා.අලුත් අවුරුද්දට සුභ පතන්නත් නොහැකි වීම සම්බන්ධව මුලින්ම කණගාටුව ප්‍රකාශ කරනවා යාලුවනේ.ලිපි ලියන්න වගේම වෙබ් අඩවි කිහිපයකම අලුත් කිරීම් තිබුන නේ.ඒ වගේම ඉගන ගන්න පැත්තෙනුත් වැඩකටයුතු බොහොමයක් තිබුන එකතුවෙලා...හරි දැන් ඉතින් ඒ දේවල් වලින් වැඩක් නෑනේ..
අපි හැමදාම කතා කලේ අතීතය ගැන කතා කරන්න එපා..මොකද අතීතය ගැන හිතල ඒ අතීතය තුලින් ආදර්ශ ගනු ලබනවා මිසක ඒ අතීතය ගැන හිත හිත ඉදීම තුල අපේ ජීවිතයට කිසිම පලදායිතාවයක් නැති බව හොදට හිතට ගන්න උවමනයි නේද යාලුවනේ...
ඒ වගේම තමයි හිතට ගන්න උවමනා කරන තවත් සහ අනෙක් වැදගත්ම කරුණ තමයි අනාගතය තුලම රජ වීම නතර කරන්න ඕන නේද යාලුවනේ.මොහොතක හිතන්න..අපි අනාගතේ මෙන්න මේ දේ මේ විදියට කරනවා කියල හිතට ගන්න එක ගොඩක් වැදගත් නමුත් ඒ දේ වෙනුවෙන් කිසිම කැප කිරීමක් සිදු කරන්නේ නැතිව ඒ දේ ගැන හිත හිත ඉදිය කියල කිසිම තෙරරුමක් නැහැ නේද යාලුවනේ...අපි හැම තිස්සෙම අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කුමක්ද නැත්ද යන්න පිලිබදව මනාව අවබෝධයකින් යුතුව කටයුතු කිරීම තුල එකෙන් අපේ ජීවිතය මොහොතක් ගෙවනවාට වඩා තවත් මොහොතක යහපත් සහ පලදායි ආකාරයට ගෙවන්න අපිට නොදැනුවත්වම පුළුවන් වනවා නේද...
ඉතින් යාලුවනේ අද ලිපිය පලකරන්න කියල හිතුවේ අපේ යාලුවෝ යෙහෙළියෝ වෙනුවෙන්..අ.පො.උසස් පෙළ විභාගය සහ අනෙකුත් තරග විභාග සම්බන්ධව..යාලුවනේ මුලින්ම කියන්න ඕන මමත් උසස් පෙළ අසමත් උන අත්දැකීම් තියෙන  කෙනෙක්.මම ඒ ගැන මීට කලින් කියල තියෙනව ලිපි කිහිපයකදීම.යාලුවනේ මොහොතක් හිතන්න අපි අතරේ ඉන්නවා ප්‍රතිපල වලට විශිෂ්ඨ සාමාර්ථ හතරක්ම ලබාගන්න යහළුවෝ යෙහෙළියෝ ඒ වගේම සාමාන්‍ය සමර්ථ ලබාගන්න අයත් ඉන්නව ඒ වගේම එක විෂයක් අසමත් වෙන අයත් ඉන්නවා..ඒ වගේම විෂයන් තුනම අසමත් වෙන අයත් ඉන්නවා..යාලුවනේ අධ්‍යාපනය කියන්නේ කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වන දෙයක්.
මොකද අධ්‍යාපනය කියන දේ අපි ඉපදෙන දවසේ ඉදන්ම මරණය දක්වාම පවතින සහ නොනවතින ක්‍රියාවලියක්..හොදට හිතන්න යාලුවනේ අපි ඉපදෙනකොට කිසිම දෙයක් දන්නේ නෑ..අඩුම තරමේ මව් කුසින් එලියට ඇවිල්ල මේ කොහෙද ඉන්නේ කියලවත් දන්නෙවත නෑ..එත් යාලුවනේ ටිකෙන් ටික ඉගන ගෙන අවසානයේ මරණයට ලංවෙනකොට අපේ හිත අපිටම කියනවා මම දැන් මැරෙන්න කිට්ටුයි බෙහෙත් ගන්න උවමනයි..එක්කෝ මාව රෝහලකට ගෙනියන්න,එක්කෝ රෝහලෙන් කරන ප්‍රතිකාර මට පලදායි නෑ වෙන රෝහලකට ගෙනියන්න කියල කියනවා..
යාලුවනේ මොහොතක් අපි තනිවම කල්පනා කරලා බලන්න.මේ සෑම දෙයක්ම එකතුවෙන්නේ අපි ඉගනගන්න දේවල්වලට නේද යාලුවනේ..
අපිට පුළුවන් නේද යාලුවනේ අපිට  උවමනයි නම් අපේ පාසල් අධ්‍යාපනය කැමති අවුරුද්දකදී නතර කරන්න.එත් කවදාවත් ජීවත් වෙන්න පාසල් අධ්‍යාපනය අත්‍යවශ්යමද යාලුවනේ.?අපේ රටේ පාසල් නොගිහින් ධනවතෙකු උන යහපත් පුරවැසියෙකු උන මහත්ම මහත්මීන් නැත්ද?අපේ රටේ විතරක්ම නෙවෙයි නේද යාලුවනේ වෙනත් රටවල් වලින් ඕන තරම් ආදර්ශ ගන්න පුළුවන් නේද..?(යාලුවනේ මේ අපේ යාලුවෝ ලබන අධ්‍යාපනයවත් පාසල් අධ්‍යාපනයවත් අවතක්සේරුවකට ලක් කරනවා කියල නම් හිතන්න එපා)
යාලුවනේ උ.පෙ කියන දේ අපි ලියන්නේ තවත් තරග විභාග කිහිපයක්ම ලියල නේද.?ඒ තරග විභාග වලදී වැඩි ප්‍රතිපල ලබාගත්ත අය උ.පෙ විභාගයේදී අඩු ලකුණු ගතිපු අවස්ථා නැත්ද යාලුවනේ...?
ඒ වගේම ඒ දේ අනිත් පැත්ත සිදු උන වාර අනන්තයි නේද...?
ඉතින් අපි කියනව  ඒ මාරයිනේ කොහොමට ඉදපු කෙනෙක්ද මාර රිසාල්ට් එකක් නේ දාල තියෙන්නේ කියල කියනවා නේද..?
යාලුවනේ ඇත්තම කියුවොත් ඒ තමයි කැපවීම කියල කියන්නේ.අපි යම්කිසි දෙයක් වෙනුවෙන් අපිට පුළුවන් හැම අයුරකින්ම කැපවෙනවනම් සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුළුවන්.ඒ දේ මම ගොඩක් වෙලාවට විශ්වාස කරනවා යාලුවනේ.මොකද අපි සෑම කෙනෙකුටම මහන්සි වෙන්න උවමනා කරන්නේ ඒ දේ වනුවෙන් මම මෙන්න මේ වගේ දෙයක් කවද හරි කරනවා කියල උනන්දුව සහ කැපවීම.ඒ වගේම කවදාවත් බිදෙන්නේ නැති අරමුණක් තියෙන්න උවමනයි යාලුවනේ...
හැබැයි ඔය දේවල් අතරේ අපේ ආදරේ කරන යහළු යෙහෙළියෝ ඉදින්න පුළුවන්..
ඉතින් විභාගය අසමත් උනා කියල කෙනෙක් තවත් කෙනෙක්ව තනිකරලා දාල ගිය අවස්තාවන් කොපමණ නම් තියෙනවද යාලුවනේ.එත් මම ඒ දේ නිවැරදි කරුණක් කියල පිළිගන්නේ නෑ.භවුතික දේවල් තුලින් කෙනෙකුගේ හැකියාව දකින්න ගණනය කරන්න පුරුදු වෙන එක  හොද කරුණක් නෙවෙයි.ඒ වගේම තමයි ආදරය කියන දේ ඒ දේවල් තුලින් බලාපොරොත්තුවෙන කෙනෙක් නම් එතන සැබෑ ආදරයක් නෑ කියල හිතනවා..
ආදරේ කියන දේත් යාලුවනේ අධ්‍යාපනය හා සමානයි..ඒ දේත් උපතේ සිට මරණය දක්වාම තියෙනවා නේද.

මොහොතක් හිතන්න යාලුවනේ මම මේ  ගත්ත උදාහරණ දෙක පිලිබදව...මම නිවැරදිද නම් දන්නේ නෑ..අපි ගොඩක් දුරට අධ්‍යාපනය ලබන්නේ කුමක් වෙනුවෙන්ද?
ඇත්තම කියුවොත් ආදරය වෙනුවෙන් නේද..මුලින්ම අපි අපේ ජීවිතයට ආදරයි,ඊටපස්සේ දෙමව්පියෝන්ට,ඊටපස්සේ පවුලේ අයට සහ විශේෂ කෙනෙකුට...නේද?
ඉතින් මේ හැම කැප කිරීමක්ම කරන්නේ අපිට හෝ වෙන යම්කෙනෙකුට තියෙන ආදරක් නිසා නේද..?
එත් යාලුවනේ දුකකට තියෙන්නේ මේ ආදරය නිසා අධ්‍යාපනය නැතිවෙනවා.ඒ වගේම අධ්‍යාපනය නිසා ආදරය නැතිවෙනවා...
මේ දෙක සමබරව කිසිම කෙනෙකුට කරන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ..කවදාහරි එක දෙයක් මගින් අනිත් දේ නැතිවෙනවා.ආදරේ කරන්න නම් ඒ වෙලාවට අධ්‍යාපනය නතර කරන්න වෙනව නේද..?
ඒ වගේම තමයි අධ්‍යාපනය කරන්න නම් ආදරය ඒ කාලයේදී නතර කරන්න වෙනවා නේද...?
ඇත්තටම යාලුවනේ අපි මේ ගෙවන ජීවිතයේ එක මොහොතක් ගැන ගැබුරින් හිතුවොත් ගොඩක් දේවල් ඔස්සේ අපිට අපේ ජීවිතය කුමක්ද කියල දකින්න පුළුවන්.කිසිම භාදකයක් නෑ.අවශ්‍ය වෙන්නේ අපේ සිතුවිලි එක තැනකට අරන් මේ මොකද්ද යන්න පිලිබදව තනිවම ගැබුරට හිතන එක.ඒ අවස්ථාවේදී ඔයාල හැමෝටම හැමතනම් නැතත් යම් අවස්ථා කිහිපයක් හෝ දැනේවි ජීවිතේ වැරදුනේ කොතනද කොතනද හදාගන්න උවමනා කියල...
ඉතින් යාලුවනේ උ.පෙ කියන දේ ගැන කවදාවත් මොහොතක්වත් රින පැත්තට හිතන්න එපා.ඒ දෙයින් ජීවිතේ කොටසක් සාර්ථක කරගන්න පුළුවන්.ඒ වගේම සම්පුර්නවම සාර්ථක කරගන්නත් පුළුවන්.නිකමට හිතන්න උ.පෙ අසමත් කෙනෙකුගේ ආයතනයක උ.පෙ සමත් අය දැනටත් රැකියාව සිදු කරන අවස්ථා තියෙනවා නේද යාලුවනේ...අපි වැටෙන්නම ඕන නේද නැගිටින්න නම්.කවදාවත් ඒ නැගිටින අවස්ථාවේදී ආයේ වැටෙන්නේ නෑ කියල හිතන්න එපා..මම ආයේ වැටෙයි.වැටුනොත් එදාට හැබැයි මම මීට වඩා ඉක්මනට නැගිටිනවා කියල හිතට සිතුවිල්ලක් එනවනම් අපිව කවදාවත් කාලයක් ගියාට පසුව ඊලග මොහොතේ වැටෙන්නේ නෑ කියල මම හිතනව යාලුවනේ...
මොකද හැමදාම කියනවා වගේ අපි හැමෝම උසස් බුද්ධියක් තියෙන උතුම් මනුස්සයෝ...

Post a Comment

1 Comments

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....