සුභ දවසක් වේවා යාලුවනේ...ඒ වගේම සතුට සපිරුණ සතුටින් කාලය ගතකරන්න ඉතින් බලාගෙන උන්න සතියක්නේ මේ දවස්වල ගතකරන්නේ..ඉතින් අපේ යාලුවෝ ටික දෙනෙක් මේ වෙලාව වෙද්දීත් කොහේ හරි විනෝද ගමනක් ගිහිල්ල ඇති..එහෙමත් නැත්නම් යන්න සූදානම් වෙනවා වෙන්නත් පුළුවන්..තවත් සමහර කෙනෙක් නම් කොහේ හරි නෑ හිතවත් කෙනෙකුගේ ගෙදර ගිහින් හෝ යන්න කල්පනා කරනවා ඇති..ඔය අතරේම ඉන්නවා ,කොහෙවත් යන්න අකමැති යහළුවෝ යෙහෙළියෝත්..භෝ වෙලාවට යහළුවෝ නම් ඉතින් වැඩි පිරිසක් ඔය නෑ ගෙවල්වල නම් යන්න කැමැත්තක් නෑ..අම්මල යන්න මං ඉන්නම් කියලා නේ කියන්නේ...
හැබැයි ඔන්න යාළුවොත් එක්ක කොහේ හරි යන්න සෙට් වෙනවනම් ආයි ඉතින් එක පයින් එනවා පැනලම.එහෙම නේද..??
හරි හරි බං යමන් යමන් කියල තමයි පටන් ගන්නෙම...
බොරු කියන්න ඕන නෑ අනේ ඉතින් මමත් එහෙමම තමයි මොකද මම ඇවිල්ල අරුම පුදුම කොල්ලෙක් නෙවෙයිනේ...ඔයාලවගේම කෙනෙක් තමයි..
ඉතින් ඇත්තටම මොකද යාලුවනේ අපි මේ ආකාර දෙකකට සතුට බුක්ති විදින්න කල්පනා කරන්නේ..
බලන්න ඔය මොන ගමන තිබුනත් යාලුවෝ එක්ක යන්න හා කියල කියුවත් හෙට දැන් ඔන්න ගමනක් යොදාගෙන ඉන්නවා කියල හිතමු යාලුවෝ එකක කොහේ හරි යන්න..දැන් ඔන්න අද උදේ කියුවොත් තමන් ආදරේ කරන ගෑනු ළමය හෝ ගෑනු ළමයෙක් නම් පිරිමි ළමය කියුවොත් අලුත් අවුරුද්දේ හෙට අපි මුණගැහෙමු කියල මොකද කියන්නේ...??
අර ගමන් ඔක්කොම පැත්තක දාල ඒ ගෑනුළමය හෝ පිරිමි ලමයව මුණගැහෙන්න යාවි හොදට ඇදුම් ඇදල සපත්තු දාල නානාප්‍රකාර වැඩ මෝස්‌තර දාල අවුරුදු කුමාරයා වගේම යාවි නේද..නැත්නම් අවුරුදු කුමාරි වගේ යාවි..(රෙද්දයි හැට්ටෙයි/සරමයි කමිසෙයි ඇදල නෙවෙයි..)
හොදට අර තේරෙන විදියටම කියන්නමොකෝ මොකටද අයෙ බොරු කතා.."කිට මරල" ඇදගෙන යාවි නේ...
ඉතින් මොකද්ද යාලුවනේ මේ එකපාරටම අපේ හිතේ තිබුන අදහස වෙනස් වෙන්න හේතුව..
අර ගෑනු ළමය හෝ පිරිමි ළමය දෙවි කෙනෙක්ද එකපාරටම අනිත් කෙනාගේ අදහස වෙනස් කරේ...
යාලුවනේ දෙන්නෙක් අතර තියෙන බැදීම කියල කියන්නේ එක තමයි..තවත් සමහරෙක් කියවී
පිස්සුද බං,කෙල්ලෝ ලොකු කරන්න හොද නෑ...අපි අපේ ගමන යමන් කියව්වී."හැබැයි ඔහොම කියුවට මොකද යටි හිතින් හිතන්නේ...
අපරාදේ හෙට මීට් උන නම් ඉවරයි කිය කියා හිතින් දුක්වෙනවා..ගෑනු ලමයෙක් නම් මොකද කරන්නේ...
ඔන්න හිතේ තරහ ඇති කරගන්නවා හරි මම කතාකරමනේ එන්න බැරි උනේ..මට වැඩ යාලුවොනේ ලොකු උනේ..අවුලක් නෑ.මම අපහු ඔයාට කතා කරන්නේ නෑ අරක මේක රටේ නැති දේවල් කියල නහයෙන් අඩල ටිකක් තරහ වෙනවා..
එහෙම නැතුව ඔය අතරේම ඉන්නවා හා එහෙනම් අපි වෙනදවසක මීට් වෙමු කියල කියන අයත් ඉන්නවා...
හැබැයි ඒ දෙන්නට දෙන්න අවබෝද කරගත්තු ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් නම් විතරයි,,
මොකද කොච්චර ආදරේ කලත් දෙන්න ජීවත් වෙන්නේ එකම සමාජයක නෙවෙයි කියන දේ තේරුම් ගත්ත කෙනෙක් නම් විතරක් දෙන්නට දෙන්නගේ අදහස සහ වැඩ කටයුතු ගැන අවබෝධයකින් ක්‍රියා කරනව..
එත් බලන්න යාලුවනේ අපි අතරේ මේ ජීවත්වෙන ගොඩක් අය නොදකින පැති සහ නොහිතන පැති ගොඩාක් තියෙනවා..
තවත් කෙනෙක්ට බැරි දෙයක් තවත් කෙනක් කරනවානම් ඒ දේ ගැන ඒ බැරි කෙනා පුළුවන් කෙනාගෙන් අහගන්න කැමැත්තක් දක්වන්නේ නැතුව ඒ බැරි කෙනා ගිහින් තවත් කෙනෙක් එක්ක කියනවා අර පුළුවන් කෙනාට නරක විදියට..හරියට නිකන් අර කියන්නේ ඇස්වහ කටවහ වදින විදියට හෙනට වර්ණනා කරනවා කියල...
ඉතින් බලන්න යාලුවනේ මේ අවුරුද්ද තුලදී ඔය වගේ දේවල් කොයි තරම් වෙන්න ඇතිද..නීකමට බලන්න අල්ලපු ගෙදරට අලුතින් මොනවා හරි දෙයක් ගෙනාව කියමු..එක්කෝ වොෂින් මැෂින් එකක් නැත්නම් ටී.වී. එකක් දැන් ඔන්න අපේ ගෙදර කාටද නලියන්නේ...??
එක දිහා බලාගෙන උන්න ඕපාදුප හොයන ආච්චි කෙනෙක් උන්නොත් මොකද කියන්නේ..(අපෙ අච්චි නම් නැති වෙලා හොදද..)
කියවී අන්න බලපන් අරුණගේ අහට මොකද්ද පෙට්ටියක් ගේනවා ලොරියක දාගෙන..මොකද්ද බලහන් ගිහිල්ල..
ඔන්න ඔහොම කියවී..ඉතින් මොකද්ද කියල දැනගත්තයින් පස්සේ කියවී ...
හපෝ මුන්ගේ කටේ තියෙන්නෙම අතේ සතේ නෑ කියල ඒ වුනාට ඕව ගන්න නම් සල්ලි තියෙනවා කියල කියවී..
ඒ වගේම තමයි අපේ ආදරේ කරන දෙන්නෙක් අතරේ උනත් ඔය වගේ එකිනෙකට සසදන පිරිසක් ඉන්න පුළුවන්,,බලන්න අරයගෙ අරය නම් එහෙම නෙවෙයි..මාර විදියට සලකනවා.අරක මේක කියල කියන අයත් ඉන්නවා....
ඒ අතරේම ඉන්නවා තවකෙනේක්ගේ තවත් කෙනෙක් හොද තැනකට ගියොත් තමන්ගේ කෙනාට එහෙම බැරි උනේ ඇයි කියල දොස් කියන්න පුරුදු උන යාළුවොත් ඉන්නවා නේද...
එහෙම කියන්න තියා හිතන්නවත් හොද නෑ යාලුවනේ..
අපේ ලංකාවේ වගේම මුළු ලෝකෙම අද පිලිගත්ත ප්‍රධාන ආදර්ශ පාඨ කවුරු කියපුවද??මොනවගේ අය කියපුවද උදාහරණයක් දෙන්නම් මහත්මා ඝාන්ධි තුමාගේ අදහස් කොයි වගේද යාලුවනේ..අදටත් ඉන්දියාවේ එතුමාව අදහන පිරිසක් ඉන්නව.එත් එතුමා අදහන්න දෙවි කෙනෙක්වත් නෙවෙයි..එතුමා කියපු දේවල් සහ දීපු ආදර්ශ මත යැපෙන සහ ජීවත් වෙන දහස් ගණන් පිරිස් ඉන්නවා..
යාලුවනේ අපේ ආගමට අනුව මෙලොවදී කරගන්න කුසල කර්මයන් සහ ලබගනිපු දැනුමෙන් යම් ප්‍රතිෂතයක් දැනුම සහ ස්යළුම කුසල් පමණයි ඊලග ආත්මයට බලපාන්නේ...බලන්න අපේ යාලුවෝ මේ දවස් කීපයක සතුටක් භුක්ති විදීමට හරියට බැලුවොත් පැය ගණනක සතුටක් භුක්ති විදීමට සල්ලි කොච්චර පුච්චන්න ඇත්ද...?
එත් අපේ ලංකාවේ වගේම වෙනරටවල වගේම අපේ අහල පහලම අවුරුද්ද සමරන්න අත මිට සරු නැති අවංකවම දුප්පත් අසරණ අය නැත්ද..?
එත් මනුස්සයෝ නේද යාලුවනේ...අද කාලේ ආගම් බේධ ජාති බේද ගැන කතා කරන ගොඩක් අය ඉන්නවා.එත් බලන්න අපි අතරේ කොච්චර ලාභ ලබන ආයතන තියෙනවද ඇදුම් පැළදුම් විකුණලා..
එත් ඒ කිසිම ආයතනයකින් අසරණයන්ට කියල එක ඇදුමක්වත් නොමිලේ දෙනවද...?
ප්‍රසිද්දියේ එහෙම නොකරට පවුද්ගලිකව හෝ එහෙම දෙනවනම් කොයි තරම් පිනක්ද..
කෙනෙක්ට යම් දෙයක් දීල ඒ කෙනාගේ හිත සතුටු කිරීම තරම් සතුටක් මං නම් දකින්නේ නෑ..
යාලුවනේ බලන්න මම උදාහරණයක් දෙන්නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ සමහරවිට මේක කියුව ගමන් හරියට මොකක් සදහා කියුවද කියල තේරුම් ගන්න පුළුවන් වේවිද නම් දන්නේ නෑ එත් අපේ මිනිස්සුත් බහුතරයක් එහෙමයි..
බලන්න අපි ලස්සනට මල් පිපෙන රෝස පැලයක් ගොඩක් සල්ලි වියදන් කරලා කඩේකින් අරන් ආව කියමු..
ඉතින් හොදට සාත්තු කරලා වතුර දාල පොර දාල හදනවා කියමු..
ඔන්න කොච්චර කාලයක් ගියත් එක මලක්වත් පිපුනේ නැත්නම් මොකද කරන්නේ..හොදටම බනිනවා මේ මල් පැලේටයි ඒ පැලේ විකනපු මුදලාලිටයි.. එහෙම නේද..
හැබැයි ඔන්න ඉදල හිටලා අහම්බෙන් දවසක ලස්සනට මලක් පිපුනොත් මොකද කරන්නේ..
අර බැන්න වගේම අපි ඒ මුදලාලිටයි මල් පැලේටයි හොද කියනවද...???
නෑ නේ ?
අර මල දිහා බලල ලස්සනයි කියල සතුටු වෙලා නතර වෙනවා.එහෙම නේද අපි පුරුදු වෙලා ඉන්නේ...
ඉතින් යාලුවනේ හැමෝම පුරුදු වෙන්න මේ අලුත් අවුරුද්දේ අපේ දුර්වලකම් හදාගෙන ගුණ අගුණ දෙකම කතාකරන්න...අගුණ විතරක් කතා කළා කියල අපිට ලැබෙන සතුටක් නෑ නේද යාලුවනේ...අපි අවබෝධෙන් ජීවත් වෙන්න බලමු එහෙනම්...
මොකද අපි හැමදාම කියනවා වගේ යහපත් උතුම් මිනිස්සු කොට්ටාශයක් නේ...????

0 Comments
ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....