සුපිරි වේගෙන් ගියොත් වැඩේ හරි....|ඔන්න අපේ යාලුවෝ ටිකක් එළවලා....

සුභ උදෑසනක් වේවා එහෙනම්,ඉතින් අපේ යාලුවෝ ගොඩක් ය කැමතියිනේ රටේ තොටේ සිද්දවෙන දේවල් ගැන යාවත් කාලින වෙන්න.ඉතින් එක පැත්තකින් අපි ඒ දේවල් ගැන දැනගෙන ඉන්න ඕන.මොකද නිකන් අපි ජීවත් වෙන්නේ උපන්නාට වැනෙනවා සේ ජීවත් වෙලා වැඩක් නෑනේ නේද...?යාලුවනේ ඔන්න ඉතින් දවසේ සිද්දවෙච්ච අලුත් පුවත් ගැන ඉක්මනටම අපේ මනුස්සයෝන්ගේ දැනුවත් වීම පිණිස "පුවත්" ඔස්සේ එකම ලිපයකින් එළිදක්වන්න හිතුව..

ඉතින් ඔන්න මුලින්ම සිද්දවෙච්ච දෙයක් තමයි මේ කියන්න යන්නේ..
වේගෙන් ගියොත් ප්‍රශ්න වැඩයි

අපේ යාලුවෝ වේගෙන් යන්න කියල හිතාගෙනම බාවිතා කරන අවස්ථා තියෙනවනේ..කාලය කළමනාකරණයෙන් තොරව වේගෙන් යන්න ගියොත් කරදර කොහොමත් වැඩයි..ඉතින් 
දක්ෂින අධිවේගී මාර්ගයේ 52 වෙනි කිලෝමීටර් කනුව අසලදී අද උදේ. 5.45 ට විතර අර ලස්සන  ඩොල්පින් රථයක් ගිනි අරගෙන විනාශ වෙලා තියෙනවා යාලුවනේ....හැබැයි එකේ ඉදපු රියදුරු මහත්මය ඇතුළු හැමෝම එලියට පැනල ජීවිතේ බේරාගෙන කියල තමයි දැනගන්න ලැබුනේ..ඉතින් තමන්ගේ පවුලේ සාමාජිකයෝ ටිකක් අකුරැස්සට අකුරැස්සට යමින් ඉන්දෙද්දී කුරුදුගහ හැතැප්මේම කියන හරියේදී තමයි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ..


ඔන්න අපේ යාලුවෝ ටිකක් එළවලා....

ඉතින් අපේ යාලුවෝ යනවනේ සල්ලි අගහිග කම් නිසා හෝ..වෙන යම් හේතු නිසා අපේ රටේ රැකියාවල් නෑ කියල වෙන වෙන රටවල් වලට.හැබැයි ඒ නීත්‍යනුකුලව නෙවෙයි.හොරට නේ යන්න හදන්නේ.එහෙම ගිහිපු අපේ යාලුවෝ ටිකකට ඔන්න අපහු එන්න සිද්දවෙලා කියල ආරංචියක් ආව....
ඕස්ට්‍රේලියාවේ තියෙනවනේ දුපත් ගොඩක්..ඉතින් ඔය අතරේ තියෙන නාවුරු දූපතේ රදවා උන්නු තවත් ශ්‍රී ලාංකිකයෝ 39 දෙනෙක් ඊයේ සවස විශේෂ ගුවන්යානයකින් අපේ රටට ගෙන්නුවනේ..  ඉතින් ඒ රටේ  රැදී සිටීමට අවශ්‍ය ලියිකියවිලි අපේ ඒ යාලුවෝ ලග නොතිබීම නිසා තමයි  ඔවුන් මේ විදියට  පිටුවහල් කරල තියෙන්නේ..
ඉතින් මේ ආපු  පිරිස අතර ද්‍රවිඩ ජාතිකයෝ 31 සහ සිංහල ජාතිකයෝ 08 දෙනෙක් උන්න.. මේ අතර කාන්තාවන් 03 ක් සහ පිරිමින් 36 ක් වගේ ඉදල..
මේ අය ඉතින් ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන  පෙදෙස් වල පදිංචිකරුවෝ කියල තමයි දැනගන්න ලැබුනේ.
මෙම පිරිස රාජ්‍ය බුද්ධි සේවා තොරතුරු අංශයෙන් සහ ගුවන්තොටුපොළ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු විමර්ශන වලට යොමු කරලා ඊට පස්සේ අද මීගමුව අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි කියල තමයි දැනගත්තේ....

Post a Comment

0 Comments