අලුත් අවුරුද්දේ ඇත්ත කතා කරමු...

තින් යාලුවනේ සුභ උදෑසනක් සමගින්ම ඔයා ඇතුළු ඔයාගේ පවුලේ සියලු දෙනාටමත්...ඔයාගේ යාලුවෝ හිත මිතුරෝ ඒ හැමෝටමත් ආදරේ කරන කාටත් සතුට බලාපොරොත්තුවන හැමෝටමත් නිදුක් නිරෝගී සුවය ලැබිල..ජීවිතේ ඇත්ත යථාර්තය අවබෝධ කරගන්න පහසුවන  ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!! කියල එහෙනම් අද ඔන්න මුලින්ම පතනවා..
ඉතින් යාලුවනේ කොහොමද අවුරුද්ද ජය ඇති නේ ගජරාමෙට...අද උදේම අවුරුද්ද උදා වෙනකල් ඇගිලි ගැන ගැන උන්න අපේ යාලුවෝ ඇති තවත් විශේෂ කෙනෙක්ට යාලුවොන්ට නෑදෑයොන්ට හිත මිතුරෝන්ට අසල් වාසීන්ට වගේම දන්නා අදුරන කොයි කටත් අන්තර්ජාලය හරහා සුබ පැතුම් පණිවුඩ පින්තුර රුප රාමු එකතු කරලා අසතුටු වෙන්න ඇති නේද...??
ඉතින් හමෝම වගේ ඒ දේවල් කළා නේද...?
ඉතින් යාලුවනේ ඔන්න ඊට පස්සේ පැයක් විතර පොඩි නින්දක් දාල එහෙමත් නැත්නම් කඩි මුඩියේම ලක ලැස්ති වෙලා කිරි උතුරවන මුට්ටි, කිරි ,ලිප් ගල්, ටකරන් තැටි, ඊටපස්සේ දර වගේ ඒවා ලේස්ති කරගන්න ඇති ඉතින් අපේ අම්මල තාත්තල නම්..
ඔය අතරේ ඉතින් උදේ පාන්දරම සුභ පැතුම් එකතු කල කෙනෙක් සමග එළිවෙනකල් කතා කර කර උන්න අපේ යහළුවෝ යෙහෙලියොත් නැතුවම නෙවෙයිනේ..ඉතින් ඔන්න බලන්න ඔය හැමදේම කරලා අවුරුද්ද උදා වෙද්දී  ඉදල උදේ 6.30 විතර වෙනකල් උන්න නේ අපි නැකත් දෙකක් විතර පහු කරලා...
ඔන්න මම නිකමට දෙයක් අහන්නම්,,,අපේ යහළුවෝ මේ නැකත් දෙක පහු කරේ එහෙමත් නැත්නම් මේ නැකත් දෙකට ලහි ලහියේම ලෑස්තිවෙලා ඒ නැකතට නියමිත දේවල් කරේ උදේ පාන්දර නැගිටපු ගමන් මුනසොදල,දත්මැදල අලුත් ඇදුම් ඇදල ලස්සනට පිරිසිදුවටද....ඔන්න හිතට අවංකව කියන්න බලන්න..කියන්න ඕන නෑ නිකමට හිතන්න බලන්න..අවුරුද්ද උදවෙනකොටම ඒ වගේ ලස්සනට පිරිසිදුවට උන්නද...?
මං නම් හිතන්නේ බොහොම අතලොස්සක් වගේ තමයි එහෙම ඉන්න ඇත්තේ..අවංකව කියන්නම් මම නම් අවුරුද්ද උදවෙනකොට ඇද උඩ උන්නේ...හැමෝටම සුභපැතුම් පණිවුඩයක් නියම වෙලාවට යනවිදියට සකසල මම ඉතින් වෙනද වගේ නිදාගත්තා..
ඉතින් යාලුවනේ ඔන්න ඔහොම උන්න..
 ඉතින් කිරි උතුරවන වෙලාවත් ආව..ගිය අවුරුද්දේ වගේ අලුත් ඇදුමක් ඇදගෙනද මේ අවුරුද්දේ කිරි උතිරෙව්වේ..??
ගොඩක් දෙනෙක් නම් ඉතින් හොදට පිරිසිදුවෙලා අලුත් ඇදුම් ඇදගෙන වැඩ අල්ලලා ගනුදෙනු කරලා ආහාර අනුභව කරන්න නම් ඇති,,,
මෙන්න මේක නේද යාලුවනේ අපි ඇත්තටම කතාකරොත් යථාර්තය කියන්නේ..අපි තාම හැසිරෙන්නේ අලුත් අවුරුද්දට නියමිත විදියටද...?එහෙමත් නැත්නම් යම්කිසි සීමා වෙච්ච යම් මොහොතකට අදාලව විකසනය වුන දෙයකට අනුවද...?
ඇත්තටම සමරනවනම් ඒ නැකත් චාරිත්‍ර පිළිපදිනවනම් අවුරුද්ද උදාවුණ වෙලාවේ ඉදල අපි අලුත් වෙන්න ඕන..එහෙම නේද.හැබැයි ඇදුමෙන් පැලදුමෙන් විතරක් නෙවෙයි.අපේ අදහස් උදහස් නව සිතුම් පැතුම් වලින් නව අදිෂ්ඨාන තුලින් යම්කිසි ඉලක්කයක් කරා මම මේ අවුරුද්දේ යනවා කියන අදහස ඇතුව අපි මේ අවුරුද්ද ආරම්භ කරන්න ඕන නේද..
එතකොට තමයි අපේ දියුණුව කියල කියන දේ යම් තාක් දුරට හරි ලගාවෙන්නේ..බලන්න අපි අවුරුද්ද එනකල් ඇගිලි ගැන ගැන එක රතිංචා(fire cracker)කරලෙන් කරල එක එක පත්තු කර කර උන්න..ඉතින් උදා වෙද්දී ගොඩක් පත්තු කරා..නැකතක් අව ගමන් තව ටිකක් පත්තු කරා...බලන්න දැන්.
ඒ වගේම සද්දේ ඇහෙනවද..ඉදල හිටලා එකක් දෙකක් ඇහෙනවා...නානු ගැන දවසට බලන්න ඒ නැකතටත් ඔය වගේ ඇහෙනවද..?එක්කෝ රැකී රක්ශාවලට යන දවසටත් ඔහොම ඇහෙනවද...
එහෙමනම් යාලුවනේ අපි කනබොන ගනුදෙනු කරන එක විතරද වුරුද්දේ වැදගත්...පිරිසිදු කමට..එහෙමත් නැත්නම් මේ වගේ අවුරුද්ද සමරන්න සල්ලි ලැබෙන එකම ක්‍රමය අපේ රැකියාවට යන වෙලාව වැදගත් නැත්ද....
ඉතින් හරියට බැලුවොත් ඒ නැකත් දෙක නේද ගොඩක් වැදගත් මොකද නිරෝගී කම තමයි ප්‍රදාන වශයෙන්ම ඕන..නිරෝගී කම නැත්නම් රැකියාවත් නෑ මිල මුදලුත් නෑ..මේ වගේ ජයට අවුරුදු කන්නත් බෑ..ඇත්ත කතා කලොත් එහෙම නේද...
ඉතින් යාලුවනේ මෙන මේ වගේ අපේ අතින් ගිලිහෙන අපේ නොසැලකිල්ලට ලක්වෙන අපේ හිතට හැංගිච්ච කරුණු කාරණා ගොඩක් තියෙනවා,,..(ඒ නැකත් දෙකටත් රතිංචා පත්තුකරන්න කියන එක නෙවෙයි හොදද..)
ඉතින් අන්න ඒ දේවල් අපි මනසින් නියම ආකාරයෙන් දැක්කොත් අපිට යම්කිසි නොදැකපු පැත්තක් ගැන තහවුරු වෙනවා.එහෙම නේද..?
ඉතින් යාලුවනේ මේ අවුරුද්දේ ඉදලවත් සැබෑව සහ යතාර්තය මැනවින් අවාබෝධ කරගන්න හැකියාව ලැබෙන...සශ්‍රීකමත් අලුත් අවුරුද්දක් අවබෝධෙන් ගතකරන්න වාසනාව උදාවේවා කියල අපේ මනුස්සයෝන්ට ප්‍රර්ථනා කරනවා එහෙනම්.අද ඉතින් ගොඩක් අයට වැඩ ඇතිනේ.අරෙහෙ මෙහෙ යන්න එන්න යාලුවෝ එක්ක යන්න එන්න ගොඩක් වැඩ ඇතිනේ....ඉතින් දැනට ඉතින් පොඩි ලිපියකින් ආරම්භ කරන්නම්...මම ඔසද චතුරංග මල්ලිකාරච්චි..

කියන්න ගොඩක් සතුටුයි පරණ අවුරුද්ද දවසේ තමයි අපේ මනුස්සයෝ.කොම් එකට තෙමසක් සම්පුර්ණ වුන්නේ...ගොඩක් ස්තුතියි යාලුවනේ...

Post a Comment

2 Comments

  1. හොදයි හොදයි අම්මප මම ගෙදර ඉදියේත් නෑ අවුරුදු දා.හරක් ටිකක් එක්ක ආතල් ගන්න ගිය.

    ReplyDelete
    Replies
    1. එහෙනම් යාලුවමම කියපු දේවල් වල යම් තාක් සත්‍යතාවයක් තියෙනවා නේද....???

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....