සුභ සතියක් කියල එහෙනම් අපේ යහළුවෝ හැමෝටම ඔන්න වෙනද වගේ පතන්නම්කො....ඉතින් කොහොමද යාලුවනේ.අලුත් සතියක ආරම්භයක්..ඒ වගේම අලුත් මාසයක ආරම්භයක්..
අද ඉතින් හැමෝම බොරුවක් කියල නිකන් ගොන් ජෝක් එකක් කරල දවසේ වැඩ පටන් ගන්න ඇත්තේ නේ...?
ඉතින් මොනවාද යාලුවනේ අද ඔයාල කියපු බොරු...?
කට්ටිය රැවටුනාද ඒ...?
යාලුවනේ ඔන්න් අද තරම් නියම දවසක් නෑ කියල හිතනවා එක පිරිසකට...මට නම් ඒකමයි අද දවස අප්‍රේල් පළවෙනිදා කියල මතක් උන ගමන් හිතට ආවේ..හොදයි ඒක අපි පස්සේ කතාකරමුකෝ.
ඔන්න යාලුවනේ අද ඉතින් අපි ඇත්තක් කියුවත් පිළිගන්නේ නෑ නේ...මල පනිනවා සමහර අයට නම්.මොකද කියන හැම එකටම කියන්නේ අනේ ඉතින් ඔයා හිතන්නේ මම අහු උන කියලද ??
අද අප්‍රේල් පළවෙනිදා හොදේ..මෝඩයාගේ දිනේ කියල කියුවම ඉතින් අර කතාව කියන කෙනාට හොදට තද වෙනවනේ...
ඕන මගුලක් කරගන්න කියල කතාව නවත්වනවා...
ඔන්න ඉතින් අද දවසෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අපේ යාලුවොන්ට.
එක ක්‍රමයක් මං උදාහරනෙකට කියන්නම්...
හැබැයි ඉතින් මේවා විහිළු හොදද....කරන්න නම් එපා.මොකද වෙච්ච පොරොන්දු කඩන්න උගන්වන එක මනුස්සකම නෙවෙයිනේ.
අපි ඉතින් යතාර්තය ගැන කතාකරන ම්නිස්සුනේ.බලන්නකෝ ඔන්න අපි හැමදාම ගන්න උදාහරණෙ අදත් ගමුකො එහෙනම්...
ඔන්න ආදරණීය දේපලක් ඉන්නව කියල හිතමු..
මේ ගෑනු ළමය ඉතින් යාලු උන දවසේ ඉදලම පිරිමි ළමයාගෙන් පොරොන්දු ගන්නවා නේ මාර විදියට...
ඔයා කවදාවත් මව දාල යන්න එපා..ඔයා කවදාවත් අරක කරන්න එපා...මේක කරන්න එපා..බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා.....
කියල කීයක් නම් පොරොන්දු ගන්නවද...?
ඔන්න ඉතින් ඒ පොරොන්දු කඩ කරා කියල කියමුකෝ..කියාගන්න බැනේ ඊට පස්සේ ඒ ගෑනු ළමයට...
"මගේ අතින් ඔයාට උන පොරොන්දුව කැඩුන මගේ බ්ලාබ්ලා..... කියල ආදරෙන් කියන්න බැනේ."
ඊටපස්සේ ඉතින් වෙන ටික හිතාගන්න පුළුවන් නේ...
ඉතින් යාලුවනේ අද වගේ දවසකින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් නේ...
මම නම් එහෙමයි.(බොරු බොරු හොදද)..
ඔන්න ඒකත් දැන් හිතන්නේ අද පළවෙනිදා යකෝ සිරාවටම මේ මිනිහත් එහෙම තමයි කියල නේ..
අපේ යාලුවෝ අන්තිමට අනිත් පැත්තට හිතන්නේ "බොරු බොරු " කියල කියපු එක නේ...?
ඔන්න බලන්න අපේ යහළුවෙක් කවුරු හරි යෙහෙළියකට කියල තියෙනව කියල හිතමු
"මම අපහු කවදාවත් අරක්කු උගුරක් කටේ තියන්නේ නෑ කියල.."(උගුරක් නොබී බෝතල් ගණන් බොනවාද නම් දන්නේ නෑ)
ඉතින් ඔන්න එහෙම කියපු අයට නම් අද කියාපු දවස නේ...
හැබැයි හොරාට ඒ පොරොන්දු කඩ කරන අයට හොදද...මොකද අද බය නැතුව කටක් ඇරලා කියන්න පුළුවන් නේ...
අනේ මගේ බ්ලාබ්ලා මම අද ඇත්තටම බිව්වා..
ඔන්න ඉතින් අපේ යෙහෙළියෝ කියනවා
"අනේ යන්න බ්ලාබ්ලා මං දන්නව අද ඔයා මට බොරු කියනවා කියල..."
අද පළවෙනිදා නේ..මම රැවටෙන්නේ නෑ..."
කියලා කියවී.
අනේ ඉතින් ඒ යහළුවට තනියම හිනා යයි.
ඔය වගේ කී දෙනෙක් නම් අද ඇත්ත කියන්න ඇත්ද??එත් විශ්වාස කරන අය ඉදීවිද??
ඇසින් නොදක නම් විශ්වාස කරන අය නෑ....
ඒ තරමටම මේ දවස ජනප්‍රිය වෙලා බොරු කියන දවස කියල..
හැබැයි ඔන්න අද දවස වඩාත්ම ගැලපෙන්නේ.ඒ කියුවේ මෝඩයාගේ දවස කියල කියන්න පුළුවන්
මේ සිගරට් අරක්කු බොන සහ සමාජයේ තියෙන ජරාම වැඩ කරන අයගේ දවස කියල..ඇත්ත තමයි එහෙම ගත්තොත් නම්.
මම දැක්ක එක ප්‍රසිද්ද ස්ථානයක් ගහල තියෙනවා
"කොච්චර පොරක් උනත් දුම් බොනකොට මෝඩ පාටයි නේ?"
මේක කියනවට වඩා හොදයි කනට ගැහුවා නම් නේ...ඇත්තටම නියම වැඩක් කවුරු උනත් කරලා තියෙන්නේ.හිතට වදින්න අවවාද දෙන්න ඕන ඒ විදියට තමයි..
ඉතින් ඉතින් යාලුවනේ අද ඔන්න නරක වැඩ කරලා ඇත්තම කියන්න පුළුවන් නේ....
මොකද කවුරුත් විශ්වාස කරන්නේ අපෝ ඕක බොරුවක් කියලනේ.ඔන්න ඉතින් අද රෑට කට්ටියට එකතු උන නම් කරන්න වැඩ ගොඩක් තියෙනවනේ..අපේ යාලුවෝ කොහොමද මේ සුරාවට ඇබ්බැහි වෙලා තියෙන්නේ කියල කියනවනම් ඔන්න කෙනෙක් දෙසැම්බර් 31 පොඩ්ඩක් බාවිතා කරනවා..පොඩ්ඩක් නෙවෙයි අර කතාවට කියන්නේ වටෙන්නම ගහනවා කියලා අන්න එහෙම ගහනවා අවුරුද්දේ අන්තිම දවස කියල...
ඊට පස්සේ මොකද කරන්නේ..
හා අද අවුරුද්දේ මුල්ම දවස..ජනවාරි පළවෙනිදා..සතුටට ඉතින් පොඩ්ඩක් බාවිතා කරනවා..මාර මිනිස්සු ඉන්නේ නේ බැලුවම..?
යාලුවනේ බලන්න අපේ යාලුවෝ කී දෙනෙක් මේ වැඩකට නැති දේට ඇබ්බැහි වෙලාද කියල...
මේ අලුත් අවුරුද්දේ කොයි තරම් නම් ඔය දේ සිද්දවෙනවද..?කී දාහක් නම් නිකරුනේ වියදම් කරනවද.
එත් අන්තිමට කියනවා අවුරුද්ද කන්නවත් සල්ලි නෑ කියල.එත් අරක්කු සිගරට් වලට නම් වියදම් කරන්න නෙවෙයි කන්න උනත් සල්ලි තියෙනව..
ඇයි කෙනෙක්ට හිතෙන්නේ නැත්තේ මේ ජරාවක් බීල පැය 5ක් හයක් වෙන සිහියකට ගිහින් හැමෝටම අප්පිරිය වෙන විදියේ කෙනෙක් වෙන්නේ කියල...?
තමන්ට තියෙන කාඩ් එක එහෙමත් නැත්නම් අර ගරුත්වය..එහෙමත් නැත්නම් තත්වේ කියන දේ නැති කරගන්නේ තමන් විසින්ම නේ...
ඉතින් ඒ දේ නැතිකරගෙන තමන් විසින්ම අවසානේ දුක් වෙනවා
"අනුන් කරපු දෙකට මමත් අහු උනා කියල.එක්කෝ කියවී උන් මට පෙව්වේ කියල.."
පිස්සු කතානේ යාලුවනේ..කවදාවත් බලෙන් පොවන්න ඇහැකිද??
තමන් කැමැත්තක් ඇතුව ඒ අය එක්ක ඉදගත්තා නම් එතන බලහත් කාර කමක් නෑ නේ.අපේ අම්මලත් මහලොකුවට කියනවා අනේ අපේ පුතාට යාලුවෝ පොවලා කියල..හිනා වෙන්න ඕන ඔන්න ඕවට මම නම් දකින්නේ..
තමන්ගේ පුතා බබා නෙවෙයිනේ?අරක්කු බොන්නේ නැත්නම් බොන යාලුවෝ වර්ජනය කරන්න තරම්
මොලයක් නැත්ද...?
යාලුවනේ මේ ඇල්කොහොල් කියන එක අපේ ශරීරයට අවශ්‍යයි තමයි..එත් ඒක බෝතල් ගණන් ලීටර් ගණන අවශ්‍යයි කියල නම් මම අහල නෑ..
පොඩ්ඩක් හිතල මතල කල්පනා කරලා හැඩගැහෙන්න යාලුවනේ..
මත්ද්‍රව්‍ය/සුදු වලට වියදම් කරන සල්ලි ඉතුරු කරලා වෙසක් එකට දන්සලක් දෙන්න එහෙමත් නැත්නම් වෙසක් එකට පන්සලට දෙන්න..ඒක පිනක් නේද..?සමහරු කියවී අපෝ පන්සලට දුන්නට මෙලව පිනක් නෑ කියල..එහෙමනම් ඒ සල්ලි බැංකු පොතක දාගන්නකෝ..තම්න්ටමනේ කවද හරි..එහෙම නේද යාලුවනේ.අපිට අපිව වෙනස් කරගන්න බැරි නම් කාටද වෙනස් කරන්න පුළුවන්.කවුරු උපදෙස් දුන්නත් ඒ දේවල් අහන උන්නත් අපිට අපි විස්න්ම ඒ දේවල් පිළිපැදිය නොහැකි නම් එහෙම වෙනස් වෙන්න බෑ නේද යාලුවනේ...
අපි උප්පත්තියෙන්ම මොලයක් සහ හිතීමේ හැකියාව තියෙන සත්වයින් කොටසක්..
ඉතින් තව තව මෝඩ වැඩ නොකර තමා විසින්ම ගොඩ නැගිලා වට පිටේ ඉන්න අයටත් ආදර්ශමත් පුරවැසියෙක් වෙන්න බලන්න යාලුවනේ...එකයි උතුම් මනුස්සකම කියන්නේ.

6 Comments
අවංකවම කියන්නනං බං මං නම් ඊයෙත් සෙට් උනා...
ReplyDeletemati harakekma tami
Deletegood osa.oya hari eet me arakku sigart navtvanna hari amrui ape gon minissunta
ReplyDeleteඔව් හිමයා යෙහෙළිය..ස්තුතියි...
Deleteඔබ හරි.එත් මේ ලෝකේ සිතන්න පුළුවන් සහ සිතීම තුලින් යම් දෙයක් අවබෝධ කරගන්න පුළුවන් මනුස්සයෙක්ට නම් නවත්වන්න බැරිකමක් නෑ..එකට තමන් විසින්ම ගොඩනැගෙන්නයි ඕන.එහෙම නේද...???
කියලා වැඩක් නෑ
ReplyDeleteමම හිතන්නේ කෙල්ල නේද නම..???කමක්නෑ නේ ඒහෙම කියුවට..??ඔය අදහස් කරන්න ඇත්තෙත් මම හිතන්නේ හිමාය යෙහෙළියගේ අදහසම වෙන්න ඇති නේද යාලුවා..අපි හැමෝම එකතුවෙලා ඇත්තම කියුවොත් ගෑනු ළමයින්ට පුළුවන මේ බීමත් කම නවත්වන්න..ඉතින් ඔයාල හැම වෙලාවකම උත්සහ ගන්න ඕනි හොදද..එත් ඉතින් බොන කෙනාගේ මෝඩකම් යවන්න නම් ගොඩක් අපහසුයි කියලා මම පිලිගන්නවා..ස්තුතියි යාලුවා....
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....