සුභ දිනයක් කියල යාලුවනේ එහෙනම් අදත් ඔන්න කියන්නම්කො..ඉතින් කොහොමද යාලුවනේ මේ දවස්ටිකේ අලුත් අලුත් මොනවාද දැනගත්තේ...??
ඉතින් හැමදාම මම කියාගෙන කියාගෙන යනවා අපේ යාලුවෝ ගැන විස්තර අහන්නේ නැහැනේ...?
ඔයාල ගැන අදහස් වලින් ඉතින් කියන්න විස්තර...හොදද.
දන්නෙම නැතුවම අප්‍රේල් මාසෙත් ඉවර වේගෙන යනවා නේ...එන්න එන්න අපේ මනුස්සයෝ වෙබ් අඩවිය දැන් මාස තුනකට කිට්ටු වෙන්නත් එනවා..ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා කියල කියන්නත් සතුටුයි..
ලබන මාසේ 12 වෙනිදට තමයි ඉතින් අපේ මේ වෙබ් අඩවියට මාස තුනක් කල් පිරෙන්නේ..මොකද ඒ ගැන ඔයාලගේ අදහස්?ඒවත් අපිට ගොඩක් වටිනවා හොදද යාලුවනේ....ඉතින් ඔන්න අද කියන්න හදන්නේ මොකක් ගැනද මේ..මොකද්ද මේ ගහන සීන් එක...??
මොකක් ගැනද මේ කියන්න යන්නේ ඒ..?
යාලුවනේ ඔන්න ඔහොම පොඩ්ඩක් කියවනගමන් හරි කියවල ඉවර වෙලා හරි පොඩ්ඩක් යන්න බලන්න අපේ පුංචි කාලෙට.
සමහරු කියවී කොහෙඅද අපේ ලොකු..දැනටත් ඉතින් පුංචි යහළුවෝ යෙහෙලියෝද දන්නේ නෑ ඉන්නේ..
කොහොම උනත් අපිට අවුරුදු 12 ට කලින් වගේ කාලේ ඇතුලතට යන්නකෝ....
මතකයිද ඔයාලට ඒ කාලේ සිද්ද වුන දේවල්??ඔන්න මං අහනවා පොඩි කාලේ මොනවද කරේ..
මතක් කරන්න බලන්න අවුරුදු දෙකේදී අමතක නොවෙන සිද්ධියක්..?
ඉතින් හොදට ඔන්න හිතල බලන්න එහෙම අහපු ගමන්ම අපි මොකක්ද කරන්නේ.මුලින්ම මොකද්ද කියන්නේ..
"පොඩ්ඩක් ඉන්න බලන්න"
ඔන්න ඕකනේ...අපි ටිකක් කල්පනා කරලා අවුරුදු දෙකේදී කරපුව මතක් කරනවා නේ...ඔන්න බලන්නකෝ මෙහෙම එහෙනම්.
කියන්න බලන්න මොන්ටිසොරියේදී වෙච්ච අමතක නොවෙන සිද්දියක්..
ඔන්න දැන් නම් ටක් ගාල මතක් වෙයි..ටීචර් බැනපු එකක්/යාළුවෙක් එක්ක තරහ උන දෙයක්/නැත්නම් උපන් දිනේ දවසේ පාටියක් දීපු හැටි..නේ?
ඇයි යාලුවනේ අපිට ඒ මාතෘකාවක් දීපු ගමන්ම විතරක් ඉක්මනටම මතක් උනේ...?
හරිනම් ඉතින් කලින් ගැටලුව අහපු වෙලාවෙදිත් මතක් වෙන්න ඕන නේද..?
මොකද්ද යාලුවනේ අපිට මෙතනින් දැනගන්න පුළුවන්.අපේ මනස හැඩගැහිලා තියෙන්නේ යාවත්කාලින වීමත් සමගම යාලුවනේ.ඔයාල අහල තියෙනවා නේද ඔය එක එක කෑම බීම කවන්න ඔයාගේ දරුවටත් එතකොට ඉගනගන්න පුළුවන් වෙනවලු.මතක ශක්තිය වැඩි වෙනවලු..හැබැයි එයාල කියන්නේ නෑ මතකය ආවර්ජනයටත් මේ කෑම මුල් වෙනවා කියල..
මොකද්ද මේ ආවර්ජනය කියල කියන්නේ..
ඒක තමයි යාලුවනේ අර කෙටියෙන් කියනවනම් කාලයත් එක්ක කාලෙන් කාලෙට නැවත නැවත ඒ සිදුවීම මතක් කිරීම..
ඔන්න බලන්න උදාහරණයක් දෙන්නම්..
ඒ කාලේ අපේ අම්මල තාත්තල අපිට ගහනවා බනිනවා පුදුම විදියට..වැඩිය නෙවෙයි දවල්ට බත් කන්නේ නැතුව කවන එක පැත්තකට දාල කියන දේ අහන්නේ නැතුව අපි අරෙහෙ මෙහෙ දුව දුව සෙල්ලම් කරද්දී අපේ අම්ම කොයිතරම් ගහන්න ඇතිද??
එක්කෝ අම්ම නැත්නම් ආච්චි අම්මගෙන් කොයිතරම් ගුටි කන්න ඇත්ද...?බොරු නෙවෙයි නේ..
ඉතින් ඔන්න ඔය දේවල් අපිට ඒ කාලේදී හොදට මතකයි..
මොකටද යාලුවනේ මේ අපිට ගැහුවේ බන්නේ..තරහකටද..?නැනේ අපිට තියෙන සැබෑම ආදරෙටමනේ..
අපිට කවන්නේ ඒ අයට කරන්න වෙන වැඩ නැතුවද...නෑ. ආදරේට.
අපිව අරක්ෂකරන්න පෝෂණය කරන්න සහ එයාලගේ ආදරේ අපිට දෙන්න.කොච්චර ගැහුවත් බැන්නත් අම්ම කෙනෙක්ගේ හිතේ තරහ කියන දේ කවදාවත් රැදෙන්නේ නෑ කියල මං නම් හිතනවා..
ඒ වගේම තමයි අපිට අම්ම ඉන්න තාක් අපිට අම්මගේ අගේ හොදටම දැනෙන්නේ නෑ..මොකද හැම දේම කරලා දෙනවනේ.අම්ම ටික දවසකට ගෙදර නොහිටියොත් මොකද වෙන්නේ??හොදට ඒ අඩුව දැනෙනනවනේ...?
ශික් අම්ම හිටිය නම් මෙච්චර කරදරයක් නෑ කියල හිතින් හිතනවා...
වැඩිය ඕන නෑ..ඔන්න උදාහරණයක් කියන්නම්..
කවුරු හරි යාළුවෙක් අපි හිතමු ආදර සම්බන්දයක් ගොඩ නගා ගත්ත කියල.ඔන්න ඕක ගෙදරට කියන්න දවසක් එනවනේ..ඉතින් ඔන්න කාටද මුලින්ම කියන්නේ..??
ගාන්න ඕන හැම බටර් පාරම ගාල මුලින්ම කියනවා සහෝදරයෙක්ට හෝ සහෝදරියෙක්ට..
මල්ලි කෙනෙක් නම් මුලින්ම අක්කට..අක්ක නම් මුලින්ම මල්ලිට..හැබැයි කියන්නේ
"මේ තමුසෙ අම්මට එහෙම කියන්න එපා..මරනෝ හොදෙයි කියුවොත්."එහෙමනේ..ආයි සුළුවෙන් නෙවෙයි තර්ජනය කරලා කියන්නේ..ඔන්න ඉතින් මල්ලිට නියම චාන්ස් එක.අක්ක නියම ටොපියක්නේ දුන්නේ..
ඔන්න මල්ලිට රීලෝඩ් එකක් ඕන නම් කියනවා අක්කට දාන්න කියල..
සල්ලි නෑ කියුවොත් "ඉන්නෝ මං අම්මට කියන්නම් "ඔන්න ටක්ගාල කොහෙන්හරි කීයක් හරි දෙනවනේ..
හැබැයි මල්ලි මොකද කරන්නේ...
අයියලත් එහෙමම තමයි ඉතින් දැන් ඔන්න දවසක් ආව කියමු අම්මට කියන ඉතින් මේ දවසට කලින් අම්මට ඕක ගැන කොහෙන් හරි ආරංචියක් ඇවිත්කියමු..අම්ම ඇවිත් කියනවා මල්ලිට හෝ අයියට..
පුතා බලන්න අක්කගේ මේක ඇත්තක්ද මේ මට ආරංචියක් ආව කියල කොහොමහරි හරි අහනවනේ..
ඉතින් මල්ලි කියන්නේ මොකද්ද..
"නෑ නෑ එහෙම එකක් නෑ..අම්මට පිස්සුද.."
අම්ම මොකද්ද කියන්නේ.ඔව් ඔව් කාගේ කාගේත් ඒවා ගැන මං හොයාගන්නම්කො..කියල කියුවම මල්ලි ටක් ගාල මරු වෙනවා..
අයිය කෙනෙක් නම් ඉතින් ගීයා කවුද කින්ද මන්ද කියල හොයන්නෙවත් නෑ හොද ප්‍රහාරයක් දියත් කරලා එනවා නේ...?
ඉතින් තාත්තට දැනගන්න අවොත් මොකද කරන්නේ...ආයි ඉතින් කතා නෑ නේ..?
වැඩ විතරයි...කොට්ටෙයි,මෙට්ටෙයි මුළු ශරීරේම තෙත් වෙනකල් කදුළු ගගේ පීනන්න ඇහැකියි තාත්තට හොරා **නොමනා** ප්‍රේම සබදතාවක් කරගෙන ගියොත්....?හැබැයි මේ සම්බන්දෙ තමන්ගේ පවුලට ගැලපෙන එකක් නම් ටිකක් තාත්ත කල්පනකරනවා.හොයල බලනවා..එක තමයි වැඩිහිටි කම සහ සමාජය මගින් ලැබුන ස්වභාවික දැනුම.
ඉතින් ඔන්න කොහොම හරි මේ වැරදි දේකට අපිට අම්ම තාත්ත එහෙමත් නැත්නම් අයිය අක්ක ගැහුවා බැන්න කියල කියමු..
එත් ඒ අය එක්ක තරහ වෙන එකද ලොකු කම..තරහවෙලා ගෙදර අයව අත ඇරලා අපකීර්තියක් ඇති කරලා දීල ගෙදරින් පැනල යන එකද යාලුවනේ වීරකම..
එහෙමත් නැත්නම් අලුත්ම විදියට මොනවහරි බීල දෙන්නම මිය යන එකද යුතුකම..නැත්නම් ගගක මුහුදකට පනින එකද...?
මොන තරම් ගොන් වැඩක් ද නේ...?
තමන්ට මේ පෙර කරපු පිනකට මේ තරම හොද මනුස්ස ජීවිතයක් දීල තියෙන එකේ ඒ දෙයින් ප්‍රයෝජන ගන්න බැරි කොයි තරම් අනුවන මිනිස්සු අපි අතරේ ඉන්නවද..??
යාලුවනේ මේ කොහොමද අපිට නින්දා ගැරහුම් අපහාස එන්නේ...?
අපේ නායක තුමා අට ලෝ දහම ගැන කියල තියෙනවනේ..අන්න ඒ දේට නුව තමයි මේ හැම දේම සිද්ධ වෙන්නේ..අන්තිමට අපි හිත හදාගන්නෙත් ඔය ගැන හිතලමනේ...
යාලුවනේ අපේ වැඩිහිටියෝ දෙන උපදෙස් අනුශාසනා පිලි අරගෙන.එයාලගෙත් දැනුම උපයෝගී කරගෙන ජීවිතේ හැඩ ගස්වාගන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න මග ඇරෙනවා කියල තමයි මගේ හැගීම..
අපේ ඉතින් යහළුවෝ යෙහෙළියෝ අලුතෙන් විවාහ උනාට පස්සේ ඔන්න අපේ අම්මලාගෙන් අහන්න කෝල් කරන්නේ එළවලු මාළු උයන විදිය අහගන්න නේ..?
එත් ඒ අය අතරේ යම් විරසක වීමක් ආවොත් මොකද වෙන්නේ..කවුද ඉතුරු වෙන්නේ දවසක..අපේ වැඩිහිටියෝ නේද..අපේ අම්මල තාත්තල සහෝදර සහෝදරියෝ විතරයි පිහිටට ඉන්නේ..
ඉතින් ඇයි හැමදාකම වෙනසක් නොවෙන අම්මල තාත්තලාගේ ආදරේට ගරහන වැඩ අද සමාජයේ සිද්ද කරන්නේ..?
ඒ දේවල් ගැන හරි අවබෝධයක් අපේ යහළුවෝ අතරට යවනවනම ඒ දේවල් නතර කරන්න පුළුවන්.බැරිකමක් නෑ නේද..?
හැම ප්‍රශ්නයකටම විසදුම් සොයන්න උත්සහ ගන්නවනම් හරි..උත්සහ නොගෙන ප්‍රශ්නවලින් පැනල යන්න මෝඩ තීරණ ගත්තොත් අපිට කවදාවත් සමාජයට වැඩ දායි වැඩිහිටියෙක් වෙන්න නම් බැරිව යනවා.මොකද අපිට අත් දැකීම් නැතිවෙනවා..
අපි කොහොමද තවත් කෙනෙකුට නිවැරදි උපදෙසක් දෙන්නේ..යාලුවනේ මේ හැමදෙයක්ම අපේ ජීවිතයටයි වැදගත් වෙන්නේ..අපේ ජීවිතේ තියෙන්නේ විදින්න මිසක් විදවන්නේ නෙවෙයිනේ.මේ ඉන්න කලේ ගන්න අත්දැකීම් මත අනාගතය තුලදී සිද්දවෙන වැරදි අඩුපාඩු වලදී නියම විසදුම සොයාගන්න අපිට පහසු වෙනව.එතනයි යහපැවැත්ම කියල කියන්නේ...අපිට එතකොට කවදාවත් අපේ දරුවෙක්ට උනත් වැරදි මාර්ගය බය නැතුව මේක කියල පෙන්වල දෙන්න පුළුවන් කමක් තියෙනවා නේද...
යාලුවනේ අපේ අම්ම තාත්ත අක්කල අයියල අපිට ඉන්නේ අපේම හොදට කියල හැම වෙලාකදිම මතක තියාගන්න..ඒ වගේම තමයි ඉන්න හොදම යාලුවත් අමතක කරන්න එපා... එයත් හොද කෙනෙක් නම් විතරක් වැඩිහිටියෙක් හා සමානයි..
ඒ දවස්වල කතාවක් පවත්වන්න කියුවොත් අපි කියන්නෙම වැඩි හිටියන්ට සැලකීම ගැන.එත් එහෙම කතා කරපු අය අද ඒ විදියටම ඉන්නවද කියන එක නම් ගැටලුවක් නේද..
අපි අපි විසින්ම තනියම හොද පුද්ගලයෙක් වෙන්න බලන්න යාලුවනේ..පස්සේ පස්සේ අපි දිහා බලන් ඉන්න අයත් අපි වගේම හැඩ ගැහේවි..හැමදාකම මොන දේ උනත් තම තමන්ගේ දෙමව්පියෝන්ට සලකන්න පුරුදු වෙන්න..එහෙම උනොත් කවදාවත් ආපහු මේ වැඩිහිටි අනාත නිවස නිල වශයෙන් වීවෘත කරන්න වෙන්නේ නෑ...

6 Comments
uba hari.kalen kaleta ape evunta ammala tattalage age nati venava
ReplyDeleteස්තුතියි යාලුවා...ඔය කියන දේ ඇත්ත.අපි හැමෝටම හරියන දවසක් අපු ගමන් මුල අමතක වීම තියෙනවනේ.එත් එයාල දන්නේ නෑ අපිට වරදින දවසකුත් එන බව..ඒ දේ හරි හැටි තේරුම් ගිය දවසක තමයි මුල නැවත මතක් වෙන්නේ...
Deleteබං මං මේකට මුකුත් කිව්වේ නැත්තේ මගේ අම්ම නෑ.මට ඒ අඩුව මතක් වෙනවා.අද අම්ම උන්න නම් කියල හිතෙනවා.මගේ අම්ම මට අවුරුදු 21දි නැති උනා.පිළිකාවකින්...මම හැමදාකම අම්මට ආදරෙයි.දැනටත් මම මගේ අම්ම කියපු දේවල් හැම දාම කරනවා බං.උබ සමාජයට හොද වැඩක් මේ කරන්නේ.දිගටම කරන පලයන්...!
ReplyDeleteදුක් වෙන්න එපා යාලුවා...මරණය කියන දේ අපිට කොයි මොහොත හෝ අත්වෙන්න පුළුවන් දෙයක්..ඔය අම්ම ඉන්න කාලේ අම්මට ගොඩක් සලකන්න ඇති කියල හිතනවා..ඒ පිනම සමහරවිට ඇති ඔයාට මේ ආත්මෙදි හොද තැනකට යන්න....අම්මගේ ආදරේ කියන දේ කවමදාකවත් අපේ හිතින් ගිලිහෙන්නේ න කියල අපි හැමෝටම දැනෙන දවසක් එනවා.ඔයාට ඒ ඇත දැකීම තියෙනවනේ..අම්ම වෙනුවෙන් පුළුවන් හැම වෙලාවකදීම පිං දහම් කරලා කුසල් රැස්කරන්න යාලුව...හැබැයි දුක් වෙන්න එපා......!!!ඔයත් සමාජයට ගොඩක් ආදර්ශමත් කෙනෙක් කියල කියන්න කැමතියි..
Deleteදයාබර දරුවෝ මමත් ඔයාගේ වයසේ පුතෙක් ඉන්න පියෙක් මම පාසලක විදුහල්පති කෙනෙක් ගමේ මහා විද්‍යාලය මම පුංචි කාලේ ඉගෙන ගත්ත පාසලේ එක මට ලොකු සතුටක් මම හැම වෙලාවේම හදන්නේ ඔයාගේ වගේ අදහස් තියන ළමයි ලෝකෙට යවන්න.මම නිතරම මට හම්බවෙන හොද ලිපි මුද්‍රණය කරලා පාසලේ බිත්ති පුවතත් කරනවා.මට ඔයාගේ මනුස්සයෝ පිටුව හමු උනේ අද.කොහොම උනත් ඔයාගේ අදහස් නං රත්තරන් වටිනවා තම කියවන්න ලැබුනේ ටිකය් ලොකු පිනක් ඔය කරනවා ඔයාගේ වයසට වඩා දහසක් වටිනා මම තව කියවල තවත් දවසක ඔයාට ලියන්නම්.තෙරුවන් සරණයි
ReplyDeleteසර්...ඇත්තටම කියුවොත් මේ අදහස කියවද්දී මුලින්ම මම බයවුණා.මට බැනල ඇති කියලයි දැනුනේ.එත් අවසන් ටික කියවද්දී මගේ ඇග හීතල උන...ඒ සතුටට..ගොඩාක් ස්තුතියි සර්...ජුනි මාසේ,ඒ කියුවේ මේ මාසේ ගොඩක් ලිපි පලකරන්නවා සර් කරන මෙහෙය වෙනත් ගුරුවරු කරනවා කියල කියන්න අමාරුයි. එත් සර් ලොකු දෙයක් කරනවා ළමයින් වෙනුවෙන්,,සුභ පතනවා.....!!
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....