මොකද ඉතින් මේ සති දෙක තුනේ කරන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ?
අපි ඉතින් හැමදාම මොකද්ද මේ කියන්නේ...?හැදෙන්න හැදෙන්න..මේ දේ ගැන බලන්න මොකද්ද මේ කියන්නේ කියල නේ...
එත් කියල කියල කොච්චර කියුවත් මේක තේරුම් ගන්න හරිම අමාරු දෙයක්.මොකද මේ කියන ගැබුරු දේ හිතට අර සීල් එකක් වගේ වද්දවන්න හරිම අමාරුයි යාලුවනේ.ඒක අර හිතට වද්ද ගත්තයින් පස්සේ නම් දැනෙනවා අපි මොනවාද මේ මෙච්චර කාලයක් තිස්සේ දැකපු මායාව කියල තමන්ටම දැනෙනවා යාලුවනේ...
ඔන්න දැන් ඔය ටික කියවද්දී මොකද්ද යකෝ මේ කියවන්නේ අගක් මුලක් නැති විකාරයක් කියල මෙලව දෙයක් තේරුනේ නෑ කියල හිතාවි..
හරි ඔන්න මම දැන් තමයි පටන් ගන්නේ අද ලිපිය..
ඔන්න එහෙනම් මුලින්ම මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම් උත්තරේ දෙන්න ..ඕන්න අහපු ගමන්ම..මට නෙවෙයි ඔයාල හිතින්ම උත්තරේ ඉක්මනින්ම දෙන්න බලන්නකෝ..
සමහරවිට පුළුවන් වෙයි සමහරවිට නෙවෙයි බොහෝ දුරට යම් දෙයක් පැහැදිලි වෙයි..
ඔන්න එහෙනම් ගැටලුව..
අපි හැමෝම දන්නා "පන්සිල පද පහේ තුන් වෙනි පද පෙළ" ඉක්මනට කියන්න..???
කො කො කෝ ඉකමනට..?
ප්‍රශ්නේ අහපු ගමන් උත්තරේ ඕන..?
පුළුවන් උනාද ප්‍රශ්නේ දැකපු ගමන්...
මං හිතන්නේ මෙන්න මේ අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න යන වෙලාවට වඩා වෙලාවක් කලින් ගැටලුවට උත්තර දෙන්න ගතවෙන්න ඇති කියල..
ඔන්න එහෙනම් ඊලග ප්‍රශ්නේ යොමු කරනවා උත්තරේ දෙන්න බලන්න..හැමෝටම ලේසි විදියට අපේ සමාජයේ අපේ යහළුවෝ මේ ප්‍රශ්නේ අහන විදියටම මමත් අහන්නම්කො..මොකටද බොරු වැඩ කෑලි..??ඔන්න එහෙනම් උත්තරේ දෙන්නන බලන්න
පන්සිල් වල තියෙන..
"අදින්නා දානා වේරමණී....වලින් පස්සේ මොකද්ද තියෙන පදය...?
ඔන්න හැමෝගෙම කටට නිකන්ම එන්න ඇති මුසාවාද වේරමණී සික්ඛාපධන් සමාධියාමී කියල ද?නෑනේ "කාමේසු මිච්ජාචාරා වේරමණී සික්ක්හාපාදන් සමාදියාමි"
කියල කටට ඉබේටම ආව නේද යාලුවනේ..?(යුනිකෝඩ් බාවිතා කරද්දී නිවැරදිම අක්ෂර වින්‍යාසය නොතිබීම පිලිබදව නම් ගැටළු ඇති කරගන්න එපා යාලුවනේ...)
ඉතින් කොහොමහරි මොන ගැටළුවටද යාලුවනේ ඉක්මනටම පිළිතුරක් ගන්න පුළුවන් උනේ..හිතට එකගව කල්පනා කරලා බැලුවොත් දෙවැනි ගැටලුවට නේද..?
ඇයි යාලුවනේ එහෙම උනේ...?
යාලුවනේ අපි හැම දෙයක්ම මේ කරන්න පුරුදුවෙලා ඉන්නේ යම්කිසි අනු පිලිවලකට.අපි දන්නවද ඇත්තටම කියුවොත් අපි මේ කරන දේවල් අපිට ආවේ කොහොමද කියලා..නැහැනේ?
අපේ අම්ම තාත්ත අක්ක අයියල එහෙමත් නැත්නම් සමාජය තුල කවුරු හෝ වෙන යම් කෙනෙක් කරන දේවල් දිහා බලාගෙන ඉදල එක එක අයගේ අභාෂයන් ලබාගෙන ඒවා පිළිපදින්න තමයි අපි පුරුදුවෙලා ඉන්නේ..
එත් අපි හරි අවබෝධයකින් යුක්තව අපි හැම දෙයක්ම ඉගන ගත්තා යයි කියල කියුවොත් මේ හැම දෙයකින්ම අර චක්‍රවර්ති කියන පදවියට අපි සුදුසුකම් ලබන්න ඕන නේ..ඒ කියුවේ අර ශරීරය තුල ස්නායු ආවේග ගමන් ගන්න වේගය හා සමානවම අපිට ඉක්මනින් මතක් වීමේ හැකියාව තියෙන්න ඕන..
එත් එහෙම නෑ කියල තේරෙනවා නේද..?ඉතින් අපි ඇත්තටම එහෙම බැලුවොත් හිතින් දියුණු වෙලාද..?
නෑ නේ..එතකොට අපි පිටට පෙන්වන දේද අපේ ඇතුලේ තියෙන්නේ යාලුවනේ නැහැ නෙද...?
අපී හොදට ඉගන ගත්ත කියල කියමුකෝ..දැන් ඔන්න මම තමයි හොදම උගත් පුද්ගලය කියල හිතන කෙනෙක් ගමුකො.
යාලුවනේ මම ඒ උගත් කම කියන දේට කවදාවත් අගවුරව කරන්නේ නෑ..මොකද මම උගතෙක් නෙවෙයි කියල මම දන්නා නිසා.එත් මම දකින දේ තමයි මේ කියන්නේ යන්න යන්නේ..
මම උපමා කරන්නේ යාලුවනේ උගත්කම කියල කියන්නේ මේසෙකට දාපු රෙද්දක් වගේ...
බලන්න ලී වලින් නිකන් ඔය අහක දාන ලී පටි ටිකකින් අමුණලා හදා ගනිපු පොඩි මේසයක් කියල..
අන්න ඒ මේසෙට මාර ලස්සන රෙද්දක් දාල කවුරු හරි ආවම එක උඩින් කෑම බීම තියල සංග්‍රහ කරනවා කියල හිතමු..
දැන් අර මෙසේ වටිනාකමක් පේනවා නේද??
එත් මෙසෙට තියෙන වටිනාකම මොකද්ද කියල බලන්න නම් අර රෙද්ද අයින් කරලා බලන්න ඕන..
එත් මෙසෙට තියෙන වටිනාකම මොකද්ද කියල බලන්න නම් අර රෙද්ද අයින් කරලා බලන්න ඕන..
සමහරවිය වේයෝ කපු දිරපු ලී වලින් හැදිච්ච මේසයක වෙන්න ඇති..
ඉතින් මේ මේස රෙද්ද වගේ තමයි අපි ඉගන ගත්ත උගත් දේ...
ඒ දේ මගින් අපිට යම් ආවරණයක් එහෙමත් නැත්නම් ආභරණයක් කියලත් කියුවොත් වඩා නිවැරදියි..මේ ආභරණය පලදාගත්ත කයක් විතරයි උගතෙක් කියල කියන්නේ..එත් ඒ උගත් කමට නියම වටිනාකම දෙන්න නම් එයා මනසින් උසස බුද්ධිමතෙක් වෙන්න ඕන කියල මම හිතනවා..මම නෙවෙයි මුලින්ම හිතුවේ..මට කලින් හිතපු අපේ නායකතුමා මේ ගැන හොදටම බුද්ධ දේශනාවේ සදහන් කරලා තියෙනවනේ යාලුවනේ..
ඉතින් යාලුවනේ මොකද්ද අපි කරන්න ඕන එහෙමනම්..
අපි හැමවෙලවකදිම අපේ මනස වෙහෙසවන්න ඕන සැබෑව මොකද්ද ඇතුලාන්තය මොකද්ද කියන දේ පසක් කරගන්න.එතකොට අපිට දැනෙනවා යාලුවනේ මෙතන මේ දේ තුල ඇති යමක් නෑ කියල.අපි මොකද්ද මේ දැක්කේ කියල හිතේවි..
අපි බලන්න මේ අවුරුදු කාලේ මානසික උන්මාදයකින් පෙලිච්ච රෝගියෝ වගේ..
වැඩිය උදාහරණ ඕන නෑ..මේ ඇදුම් ගන්න යන්න..බඩු මුට්ටු ගෙන්න යන්න..කඩ සාප්පු වලට යන අපේ යෙහෙළියෝ කොහොමද යන්නේ..??
තමන්ගේ මුනට කොන්ඩේට මොන තරම් දේවල් කරනවද..?ලස්සනවෙලා අරව මේවා හැම එකම උලාගෙන යනවා ෂොපින් කරන්න..දුවත් එක්ක යන අම්මත් ඒ වගේම තමයි...ඔන්න දැන් බලන්නකෝ එහෙම ඇවිදින්න යන කෙනාද පැය තුන හතරක් අවුවේ ඇවිදලා ඇවිදලා බඩු ගොඩක් අතේ තියාගෙන බස් එකට නගින්නේ...?
තමන්ගේ මුනට කොන්ඩේට මොන තරම් දේවල් කරනවද..?ලස්සනවෙලා අරව මේවා හැම එකම උලාගෙන යනවා ෂොපින් කරන්න..දුවත් එක්ක යන අම්මත් ඒ වගේම තමයි...ඔන්න දැන් බලන්නකෝ එහෙම ඇවිදින්න යන කෙනාද පැය තුන හතරක් අවුවේ ඇවිදලා ඇවිදලා බඩු ගොඩක් අතේ තියාගෙන බස් එකට නගින්නේ...?
නැහැනේ..?දාඩිය පෙරාගෙන අර ගාගෙන අපු දේවල් දහදියට දියවිල ගිහිල්ල..කොන්ඩේ අවුල් වෙලා සැබෑ රුපෙටම ඇවිල්ල නේ...?
ඔන්න දැන් බස් එකේ යනකොට මුණ ගැහුන කෙනෙක් අපහු එනකොටත් මුණගැහුනොත් මොකද වෙන්නේ..??
හිතාගන්න පුළුවන් නේද යාලුවනේ...ඇයි යාලුවනේ අපි මේ බොරු දේවල් වලට රැවටිලා ඉන්නේ..තව කෙනෙක්ව රවට්ටන්න හදන්නේ..තෑගී ගන්නද..??
එහෙම බොරුවක් කරලා කටද හරි යන්නේ..
මේ කියන්නේ ලස්සන වෙන්න හැඩ වැඩ වෙන්න එපා කියන එක නෙවෙයි ඒ උදාහරණය තුලින් පෙන්වපු අපි ලෝකෙට පෙන්වන නොයෙකුත් බොරු වැඩ වලින් කවුද රවට්ටන්න හදන්නේ..අපිවම නේද යාලුවනේ..
ඉතින් මේ දේවල් දැකීම තුලින් කෙනෙක් රැවටෙනවනම් මුලාවට පත්වෙනවානම් ඒ කෙනත් වැරදියි..
එත් එයාට පුළුවන් මේ දකින දේ තුල කිසිම අත්තක් නෑ කියල තේරුම් ගන්න..එහෙමනම් මේ දෙපාර්ශ්වයම සමතයකට පත්වෙනවා..
ඒ කියුවේ ඔන්න දෙන්නම් උදාහරණයක්..අරවගේ ලස්සන ගෑනු ළමයෙක් යනකොට ඒ කෙනා දකින පිරිමි ළමයෙක්ට ආසාවක් ඇති උනොත් සහ එයා ඔය පෙනේ කෙනී නෙවෙයි කියල තේරුම් ගන්න පුළුවන් නම් හරි නේද..?
එයාට දකින්න පුළුවන් නම් මේ දැකපු ගනු ළමයාගේ ඇති දෙයක් නෑ කියල හරියට යථාර්තය තේරුම් ගන්න පුළුවන් නම් එතන සැබෑම සංසිද්ධිය තේරුම් ගැනීමට සහ ඒ දෙයට අනුකුලව හැඩගැහෙන්න පුළුවන් නේද යාලුවනේ..
ඒ වගේම තමයි අපි දකින හැම දෙයක් තුලම යතාර්තය මේ විදියටම අවබෝධ කරගන්න පුළුවන් නම් අපේ ඇහැ රවට්ටවන්න මුලා කරන්න කිසිම කෙනෙකුට බෑ නේද යාලුවනේ..එහෙම වෙනවනම් අපිට කවාදාවත් මේ තරම් ආශාවල් පොදී ගහගෙන කරදර වලට මුණ දෙන්න වෙන්නේ නෑ නේද යාලුවනේ..
අපි මේ රැවටිලා තියෙන දේ මොකද්ද කියල පොඩ්ඩ පොඩ්ඩ තේරුම් ගන්න පුළුවන් උනොත් යම් දවසක අපිට සැබෑම දේ දකින්න පුළුවන් වෙයි යාලුවනේ..ඉතින් හැම දේ ගැනම අවබෝදයක් ඇති කරගෙන යම් තාක් දුරට හරි යතාර්ථය අවබෝධ කරගන්න අද ඉදලම පුළුවන් තරම් උත්සහ ගන්න කියල ඉල්ලා සිටිනවා යාලුවනේ..කවදාවත් ඇහැට අපිව රවට්ටන්න දෙන්න එපා..මොකද ඇහැට වඩා උසස් දෙයක් අපිට දකින දෙයින් හිතාගන්න පුළුවන් ශක්තියක් තියෙනව කියල මතක තියාගන්න යාලුවනේ...

4 Comments
අමුතුම අදහස්නේ මේවා
ReplyDeleteස්තුතියි යාලුවා...ඔව් අපි හැමදේම අලුතින් ඇත්ත මොකද්ද ඇතුලාන්තය මොකද්ද යත්ර්තය මොකද්ද කියල හිතට වදින්නයි කියල දෙන්න හදන්නේ..
Deleteඔව් බං මේ ගෑනු නම් පාරට බැස්සම පිස්සියෝ වගේ.වාහනවල යන එන එවුන් උන්ට බන බන ඩ්‍රයිවින් කරන්නේ..ඇයි ඉතින් කෙප්ප වැස්සියෝ වගේ නේ පාරේ ඇවිදින්නේ
ReplyDeleteයාලුවා ඔයාගේ වචන මාලාවට නම් හිනා යනවා..උපමාවයි ඔයාගේ නමට අදාලව නම් පළකරපු අදහස නම් නියමයි..කෙටියෙන්ම ඇත්ත කියල තියෙනව..හැබැයි වැරදි කරන පිරිනි අයත් නැතුවම නෙවෙයි නේද යාලුවා...??
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....