කසිප්පු පෙරන්නේ ආදරේට......

යාලුවනේ
රටේ තොටේ සිද්දවෙන දේවල් ගැන විපරම් කරලා බලද්දී මට මෙන්න මේ  දේ මුණ ගැහුනේ..
ඇත්තටම කියනවා නම් මේ දේ කොටස් කීපයකට බෙදල බලන්න පුළුවන් එක එක මාතෘකා එක්ක සංසන්දය කරලා..
ඒ කියුවේ වැරදි සහ නිවැරදි කොයි කොයි අවස්ථවෙදිද කියල තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන..කෙනෙක් හිතයි
කසිප්පු පෙරනවා කියල කියුව ගමන් අපෝ ඒක නම් ඉතින් කොහොමත් වැරදි වැඩක්..
අනිවර්යයෙන්ව වැරදි වැඩක්,පොලිසියට අල්ලලා දෙන්න ඕන කියල කියවී..
ඔව් ඇත්තෙන්ම ඒ දේ නිවරදීයි කියල මමත් හිතනවා..එත් පොලිසිය තුල හරියටම නීතිය ක්‍රියාත්මක වෙනවද නැත්ද නම් දන්නේ නෑ.මොකද නිතිය පෙන්වල දෙන උසාවිය කියන තැන බොරු කියන කොයි තරම් කරනවද නැත්ද කියල අපි හැමෝම දන්නා කියන කරුණක් නේ...?
මේ දේ කියවල බලන්නකෝ යාලුවනේ..
මේ ලංකාවේ තමන්ගේ දරුවන්ට උගන්වන්න අතට සල්ලි නැති නිසා සහ අසරණකම නිසා කරන රැකියාවක ප්‍රතිපලයක්..

"ගලේවෙල ප්‍රදේශයේ දෑස් අඳ යුවලක් දරු දෙදෙනා ජීවත් කර වීමට කසිප්පු පෙරති. දෘෂ්‍යාබාධිතයන්ගේ දිනය වූ අද ඔවුන් දඹුල්ල උසාවියේ නඩුවකට පෙනී සිටීමට අද ආහ. 45 හැවිරිදි පියාගේ ඇස් අන්ධ වී ඇත්තේ 1989 දීය. ඔහුගේ බිරියගේ (39) ඇසක් අහිමි වී ඇත්තේ කුඩා කාලයේදීය. එක් ඇසක් යාන්තමින් පෙනෙයි. කළයකින් මත්පැන් බෝතල් හතක් පෙරා විකුණා දරුවන් පාසල් යැවීමට මුදල් සොයා ගැනීම හැර අන් දෙයක් නැතැයි ඔවුහු කියති. උදව්වක් දෙන්නේ නම් මේ නීති විරෝධි රස්සාවෙන් ඉවත් වන බව ඔවුහු කියති. ඔවුන්ගේ දුරකතන අංකය 072 39 12 729 (ලංකාදීප පුවත් )"

යාලුවනේ අපේ හිත යම්කිසි වේදනාවකින් ඉන්නකොට කොහොමද අපිට දැනෙන්නේ...?
අපි උදාහරණයක් ගත්තොත් අපේ අතේ සතයකවත් නෑ කියල කියන වෙලාවක් එනවනේ.අපි අන්න ඒ වගේ වෙලාවක් හිතට ගත්තොත් මොකද දැනෙන්නේ...කොහෙන්ද කීයක් හරි හොයාගන්නේ?
දහ අතේ ණය වෙලා ඉන්න වෙලාවක කාගෙන්වත් ඉල්ලන්න කෙනෙක්වත් නැති වෙලාවක මොකද කරන්නේ...?
සමහරවිට ගෑනු කෙනෙක්නම් උපරිමෙන් අඩනවා...පිරිමි කෙනෙක් නම් හිතේ දුකටම කල්පනා කර කර ඉදිවී..
යාලුවනේ අපි කියනවා කුලී වැඩක්වත් කරලා සල්ලි කීයක් හරි හොයාගන්න ඕන කියල..
එත් යම් යම් හේතු මත හැමෝටම කුලී වැඩ කරන්න බෑ නේද??
පොඩි උදාහරණයක් ගත්තොත් යම්කිසි සමාජයත් එක්ක ඉහල තත්වෙක ඉන්න.ලොකු වැටුපක් ගන්න උසස් රැකියාවක් කරන කෙනෙක් එකපාරටම කුලී වැඩ කරන්න යනවද?
නෑ නේද යාලුවනේ..
එයාගේ හිතේ හේතු කීපයක් තියෙනවාමුලින්ම ලැජ්ජාව කියන දේ තියෙනව.
ඒ එක හේතුවක් නිසා..
මොකද අර රැකියාවට යන එන කාලේ එයා පෙන්නුවේ සල්ලි තියෙන චරිතයක් සමාජයට..
නමුත් සල්ලි නැති චරිතයක් එයා මුල ඉදලම සමාජයට පෙන්නුවානම් එතන ලැජ්ජාව කියන දේ එන්නේ නෑ.
නමුත් සල්ලි තියෙන කෙනා ඒ මුදල් යම්කිසි කලමනාකරිතාවයකින් යුක්තව බාවිතා කරා නම් ඒ සල්ලි නැති තත්වයකට මුණ දෙන්න වෙන්නේ නෑ නේද...?
අපි හැමවෙලවකදිම බලන්න ඕන අපිට අවශ්‍ය දේ විතරක් කරගන්න..ඒ වගේම තමයි තමන්ට තියෙන හැටියට ඒ ආශාවල් ඉටු කරගන්න..
යාලුවනේ මේ පුවත දැක්කම මොකද දැනුනේ..
තමන්ගේ ළමයි දෙන්නට උගන්වන්න මේ අඳ මව් පියන් දෙන්න කරන දේ..
මේ කතාව සත්‍ය සිදුවීමක් නම් ඇත්තටම අනුකම්පාවක් උපද්දවනවා..
නමුත් මෙතන ලාභ ලැබීමේ සහ ව්‍යාපාරයක් හැටියට කරනවානම් එතන කපටි වැඩක්..
එත් මේ ළමයි දෙන්න මේ දේ වැරදි වැඩක් කියල දන්නවා.නමුත් ඒ දෙන්න මේ දේ සදහා යොමු නොවී ඉන්න එක ගැන අපි හිතල බැලුවොත් මේ දෙමව්පියන් ළමයි ට වැරදි අදහස් දීල නැ කියලත් හිතෙනවා..
නමුත් යාලුවනේ මේ ඉගන ගන්න ළමයි දෙන්න කවද හරි හොද තැනකට ගියොත් එයාලගේ අතීතය තරම් සුන්දර අතීතයක් නෑ කියල මට හිතෙනවා.
එයාලට ජීවිතේ තියෙන උපරිම දුක් ගැහැට විදලා අත්දැකීම් තියෙනවා..
ඒ වගේම සැප විදින්න වාසනාවත් තියෙනව.
යම්කිසි දවසක ඒ අතීතය ගැන ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්..හැබැයි ඒ නිහතමානීව..
අපේ අම්ම තාත්ත මට ඉගැන්නුවේ කසිප්පු පෙරලා කියල කියන්න සමාජය ඉස්සරහ ලොකු ශක්තියක් තියෙන්න ඕන..
එත් යාලුවනේ අද සමාජයේ ඉන්න ගොඩක් උගත් බුද්දිමත් අයගේ අතීතය ඒ අය සදහන් කරනවා..
එතකොට අපිට ලොකු ගැම්මක් එනවා..
"යකෝ සිරාවට  අපි මේ තරම් සැප විදලත් කිසිම දෙයක් ලබාගෙන නෑ කියල..."
ඔව් ඇත්තෙන්ම එහෙම තමයි.එත් අපි තනියම ගොඩනැගෙන්න උත්සහ ගන්නවනම් හරි.
එතකොට ලබෙන සමාජ අත්දැකීම් අපමණයි කියලා හිතනවා..
මේ සමාජයත් එක්ක ගැටෙන කෙනා තුල තියෙන අත්දැකීම පුටුවක් උද ඉදගෙන මුදල් අතට ගන්න කෙනා ලග නෑ යාලුවනේ..
මේ දෙගොල්ලන්ට කියුවොත් අපේ සමාජය ගැන කතාවක් පවත්වන්න කියල ගොඩක් ලස්සන වෙන්නේ අතීතය තුල දුක් විදපු කෙනාගේ කතාව..
මොකද එයා තුල දුක සහ සැප කියන දෙකටම කරුණු තියෙනවා...
යාලුවනේ අපේ නායකතුමා කියුවෙත් මැදුම් පිළිවෙත අනුගමනය කරන්න කියල.
ශරීරයට වැඩිපුර සැප දෙන්නත් එපා..දුක දෙන්නත් එපා..
නමුත් ඒ දෙකම අපේ මනස තමයි තීරණය කරන්නේ.එත් අපිට ඕන විදියට අපේ මනස පාලනය කරගෙන මනසට ඕන විදියට අපිව පාලනය කරන්න නොදී වග බලාගත්තොත් මේ දේ කරත හැකි,
අපි අපේ ආගමට අනුකුලව ජීවත් වෙනවනම් ඇත්තටම කවදාවත් දුක් විදින්න වෙන එකක් නෑ කියල මම හිතනවා..
මොකද අපේ ආගමේ තරම් ධනාත්මක චින්තනය අපේ හිත හදාගන්න තරම් කොහෙවත් නෑ කියල මම හිතනවා..
පොඩ්ඩක් ඒ ගැන ඔහොමම හිතල බලන්නකෝ..
ඕනෑම දුකකදී අපි අන්තිමට හිත හදාගත්තේ 
"ඕක තමයි ජීවිතේ..බුදු හාමුදුරුවොත් කියල තියනවනේ.."
කියල නේද...ඉතින් ඇයි ඒ බව ඒ ඒ අවස්ථාවට විතරක් හිතට ගන්නේ..හැම වෙලාවකදීම ඒ දේ සිහියේ තියාගන්නවනම් අපිට වරදින්නේ නෑ නේද.....

Post a Comment

2 Comments

  1. මට නම් මුල්‍යමය අතින් කරන්න පුළුවන් උදව්වක් නැහැ අර අඳ මවටයි පියාටයි.ඒත් මම ඕක බුකියේ ශෙයා කරන්නම් පුළුවන් දේ හැටියට.

    ReplyDelete
    Replies
    1. එකට කමක් න යාලුවා..අපිට පුළුවන් හැම දෙයකින්ම උදව් කරන එක තමයි යුතුකම සහ අපේ මනුස්සකම ...ගොඩක් ස්තුතියි...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....