පාප්තුමා තෝරගන්නේ කොහොමද...?

න්න යාලුවනේ ගොඩක් දවසකට පස්සේ අපහු මුණගැහෙනවා....
පොඩ්ඩක් මම අපේ රජරට පැත්තේ සවාරියක් ගියානේ මේ පහුගිය දවස් දෙක තුනේ..ඉතින් මුකුත්ම ලියන්න බැරි උනා..සමාව දෙයි කියල හිතනවා අපේ යාලුවෝ..මොකද ඉතින් මමත් මනුස්සයෙක්නේ,,,,..

ඉතින් මුලින්ම සතියේ මැද මුණගැහෙන්නේ අලුත් පුවතක් එක්ක..
ලෝකේ තියෙන කුඩාම රාජ්‍යයේ උණුසුම් පුවතක් එක්ක තමයි අද මුණ ගැහෙන්නේ..ඉතින් ඔන්න මේ දවස්වල කතාබහ කරන ප්‍රධාන මාතෘකාවක් නේ පාප්තුම පත්කරගන්න විදිය.එඅත් මෙතන සිද්දවෙන්නේ මොකක්ද කියල අපේ යාලුවෝ හරියටම දන්නේ නැනේ..මේ වගේ දේවල් ගොඩක් ඔය තරග විභාග වල ප්‍රශ්න සදහා අහනවා නේ..ඉතින් ටිකක් හරි වැදගත් වෙයි කියල හිතනවා..
 ඉතින් ඔන්න කොටි 120ක් පමණ කතෝලික පිරිසගේ ආගමික නායක තුමා තෝරාගැනීම ලෝකේ කුඩාම රාජ්‍යය වන වතිකානුවේදී ගිය අගහරුවදා රෑ ඒ කියන්නේ මීට පැය ගණනකට කලින් අරඹා තිබුන..ඉතින් මේ සදහා කාර්දිනල්වරු 115ක වගේ පිරිසක් සහබාගි වුන..බාහිර ලෝකය සමඟ කිසිම සබඳතාවක් පවත්වන්නේ නැතිව සිස්ටයින් දෙව් මැදුරේදී මෙම තේරීමට ඔවුහු සහභාගීවී වෙලා ඉන්නවා කියල තමයි දැනගන්න ලැබුනේ.. ඒ වගේම තමයි අවුරුදු 80 ට අඩු කාර්දිනල්වරුන්ට ඡන්දය හිමි මෙම ක්‍රියාවලියේදී කැපී පෙනෙ ලක්ෂණයවුනේ මොකද්ද දන්නවද..
කිසිම කාර්දිනල් වරයකු අපේක්ෂකයකු ලෙස තරඟයට ඉදිරිපත් වුනේ නැති එක...නමුත් මෙතන සිද්දවෙන්නේ නම් කාර්දිනල්වරු සිය ඡන්දය ලබාදීමෙන් සුදුස්සා තෝරාගන්න එක..
කොහොමහරි අවසානයේ සිද්දවෙන්නේ අවම වශයෙන් කාර්දින්ල්වරු 77 ගේ ඡන්දය හිමිවන කාර්දිනල් වරයා පාප්තුමා වශයෙන් තෝරාගැනීම තමයි..
ඉතින් එහි වටදෙකක් තමයිඊයේ පැවැත්වුනේ.ඉතින් සතුටින් කියන්න ඕන දෙයක් තියෙනවා මේ සිද්දවෙන වැඩ පිලිවලට ශ්‍රී ලංකාවේ මැල්කම් කාර්දිනල් රංජිත් අගරදගුරු තුමා ද මෙයට සහභාගී වෙනව කියල.. ඉතින් ඔන්න අපේ රටේ සිද්දවෙන වැදගත් දෙයක් වගේම තමයි මේ සිදුවීම ලෝකේ පුරාම මේ දවස්වල නම් ගොඩක් ප්‍රසිද්ද දෙයක්..ඉතින් ඉතාලි පුවත්පත් මැල්කම් කාර්දිනල් තුමා ගැන විශේෂ ලිපි රාශියක් මේ දිනවල පලකරනව කියල තමයි සොයල බලද්දී දැනගන්න ලැබුනේ යාලුවනේ..
 කාර්දිනල්වරයකු තෝරාගැනීමට නොහැකි වුවහොත් සිස්ටයින් දෙව් මැදුරෙන් කළු දුම් තෝරාගතහොත් සුදු දුම් ද නිකුත් කරනවා කියලත් දැනගන්න ලැබුන.. ඒ උනාට ඉතින් මේ දේවල් බලන්න නම් තව දින තුනක්වත් ගතවෙතියි කියල තමයි කියන්න ඕන...

Post a Comment

0 Comments