ඔන්න යාලුවේ මුලින්ම සුබ සති අන්තයක් වේවා..!
කියල පතමින් අද ලිපිය ලියන්න මුල පුරන්නම්..
යාලුවනේ ඔන්න අද කියන්න යන්නේ අපි ඉතින් හැමදාකම පුරුදු කරන්න හදන්නේ මේ සම්මතය තුලින් ඉවත් වෙලා අලුත් විදියකට ගැබුරින් හිතල යතාර්ථය දකින්න නේ..
ඔන්න ඉතින් කියල දෙන්නම් මොකද්ද මේ ඇතිකරගන්න තරහ කියන දේ තුල ඇත්තටම සැගවිලා තියෙන්නේ කියල...
ඉතින් යාලුවනේ ගන්නම්කො මුලින්ම හොද උදාහරණයක් කොයි කාටත් ගැලපෙන විදියට හිතට දැනෙන විදියට සරලව සහ පැහැදිලව...
ඔන්න දැන් මගේ හොද යාලුවෙක් උන්න කියල හිතමු.ඔන්න ඔයාගේ හොදම හිතවත කියල එක්කෝ හිතමු.එහෙමත් නැත්නම් තමන්ගේ ප්ම්වතා හෝ පෙම්වතියේගේ හොදම යාලුවා තමන්ගේත් හොදම යාලුවනේ.මොකද ඉතින් තමන්ගේ ආදරේට වෙන හැම ගැටලුවකදිම්ම වලිගෙ වගේ ඉන්නේ ඒ කෙනා නිසා එයානේ තමන්ගේ හොදම යාලුව නේ??
ඉතින් ඔන්න තමන්ගේ හොදම යාලුව එක්ක කතා කරන්න ඕන බොහොම පරිස්සමෙන්.පොඩි වචනයක් වැරදුනත් ඇති ඉතින් පටස් ගාල තරහ යනවා,අඩනවා,එක්කෝ එයා කියනවා ඔයාගේ එක්කෙනා මට මෙහෙම කියුව බලනො හලෝ මම කොහොමෙයි එයාට කරන්නේ එත් එය එහෙම කියන්න වටිනවද...අරක මේක බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා කියල කියවනවානේ ඉතින්..
ඔන්න ඔහොම ටිකවෙලාවක් ගිහින් තමන්ට එපාවෙන මොහොතක් වෙනවනේ..මොකද හැමදේකටම සීමාවක් කියල දෙයක් තියෙනවනේ.
ඉතිනොන්න ඔය සීමාව කියන දේ ඉක්මවා ගිය ගමන්ම අපි කියනවා මල පනිනවා කියල..ඉතින් ඔය මල පැනීමේ සීමාව පහුවෙන්න කලින් අපේ හිත තුල ඇතිවෙන්නේ යම්කිසි එපාවීමක්.එහෙමත් නැත්නම් කලකිරීමක්.ඉතින් ඒ දේට හිත ටිකක් දුකින් ඉන්නකොට තව තව දේවල් හිතට එනකොට ඔන්න මලපනිනවා...
තව උදාහරණයක් ගත්තොත් ඔන්න දැන් හිතාගෙන ඉන්නවා කියමුකෝ අපේ යෙහෙලියක් ඔන්න තව ටිකකින් මම facebook පැත්තේ ගිහින් හොදට චැට් කරන්න ඕන අරය එක්ක..
එතකොට ඉතින් ගොඩක් සතුටුයි ඔක්කොම වැඩ ටික හරි කියල හිතාගෙන ඉන්නවා කියල හිතමු..
ඔන්න ඉතින් මුනුපොත් පැත්තට යන්න හදනකොටම අයිය ඇවිත් බනිනවා කියල හිතමු.
"තමුසේ මොකද්ද මේ කොම්පියුටරයක් බදාගෙන කරන්නේ දවස තිස්සෙම පලයන් ගිහින් වැඩක් බලාගනින් කියල බැන්න කියල හිතමු.."
ඔන්න ඉතින් ඔක්කොම දේවල් ඉවරයිනේ ඉතින් සිහින මාලිගාව බලා ඉදිද්දී කඩා වැටුන වගේ වැඩක්නේ,,
ඉතින් ඔන්න යනවා කාමරේට..
පොතක් අතට අරගෙනත් ඉතින් සිහිය තියෙන්නේ වෙන ..පැත්තක
ඉතින් හිතනවා හිටපන්කෝ...
"මම කොහොමහරි මගේම කියල කොම්පියුටරයක් ගන්නව ඩොන්ගල් එකකුත් එක්ක.එක්කෝ ලැප්ටොප් එකක් ගන්නවා..නෑ නෑ මම තමුසෙට වඩා හොද ෆෝන් එකක් අරගන්නව්.එතකොට කිසි කරදරයක් නෑනේ"
කියල ඔන්න හිතනවා..
ඉතින් එහෙම හිතන්නේ උපරිම දවසයි..
අපහු හෙට උදේට අර කොම්පියුටරයෙන්ම යනවනේ අර මුනුපොත පැත්තට..
ඉතින් ඔන්න..හැබැයි වෙනද වගේ එකපාරටම යන්නේ නෑ..
පොඩ්ඩක් අයිය යනකල් ඉදල තමයි ගිහින් වැඩ ටික කරගන්නේ...බොරුද...?
අපේ නංගිලා අක්කල විතරක් නෙවෙයි අයියල ඉන්න මල්ලිලා උනත් මෙහෙමම තමයි කියල හිතනවා...
ඉතින් අපේ මාතෘකාවට හැරුනොත් මේ උදාහරණත් එක්ක මොකක් ගැනද කියන්නේ කියල හිතෙයි..
යාලුවනේ අපි තරහා කියන දේ අපේ හිතට එකතු කරගන්න යන්නේ සුළු මොහොතයි...
එත් ඒ තරහ අපේ හිතින් අයින් කරගන්න ගොඩක් කල් යනව නේද..?
එත් තරහ කියන දේ ඉක්මනටම නැති වෙන්නේ දෙන්නෙක් අතර විතරයි
ඒ ඉතින් අපේ ආදරේ කරන දෙන්නෙක් අතර තමයි ඉතින්..නේද..ඔන්න බලන්න අද හොදට බැනගන්නවා ආපහු කතාකරන්නේවත් msg කරන්නේවත් නෑ කියල හිතාගෙන..අපහු හෙට උදේ දාන පලවෙනි කෙටි පනිවිදෙන්ම දෙන්න වෙනදාටත් වඩා ආදරෙයි නේ...?
ඉතින් ඇත්තටම මොකද්ද මේ තරහ කියල කියන්නේ යාලුවනේ..
ඒ දේ හිතේ ඇතිවන්නේකොයි වගේ දෙයක් නිසාද??
ඇත්තටම කියුවොත් තරහ කියල කියන්නේ ප්‍රතික්ෂේප කිරීම හා සමාන දෙයක්..හැබැයි තරහ කියන දේ ඇතුලත පලි ගැනීම කියන දේ සහ එකට එක කිරීම කියන දේ අන්තර් ගතවෙනවා...
මොකද තරහ වෙන්නේ හේතුවක් නිසා සහ ඒ හේතුව මත ගොඩනැගෙන යම් යම් දේවල් තියෙනවනේ..
හැබැයි යාලුවීමේ ක්‍රියාවලියට බලපාන්නේ මේ තරහ වීම තමයි..
බලන්න ගොඩක් තරහින් ඉදපු කෙනෙක් තමන් ලෙඩ උන වෙලාවක හරි කරදරයක් උන වෙලාවක හරි උදව්වක් කරොත් පුදුම සතුටක් නේද ලැබෙන්නේ..?
මේ තරහ කියන අකුරු තුන අතරේ ලොකු දෙයක් සැගවිලා තියෙනවා යාලුවනේ.
ඇත්තටම යාලුවෙන්න නම් තරහ වෙලා ඉන්න ඕන..
මොකද අපි යාළුවෙක් කියල කියන්නේ මොකද??
තරහ වෙලා ඉදපු කෙනෙක් එක්ක මුලින්ම කතා කර නිසාවෙන්ද?
නෑනේ අපි අදුරන්නෙවත් නැති කෙනෙක් එක්ක කතා කරලා යහළුකමයක් ඇතිකරගත්තොත් විතරයි ඒ කෙනා සමග තරහ වෙන්න පුළුවන් වෙන්නේ..
අපිට කියන්න පුලුවන්ද ජීවිතේට කතා නොකරපු කෙනෙක් පෙන්වල අපෝ මං එයා එක්ක තරහයි කියල,,,බෑ නේ??
ඒ වගේ තමයි යාලුවනේ...අපේ හිත තුල ගොඩ නැගෙන අකමැත්ත ගොඩක් දුරට ප්‍රචාරය කරන ක්‍රමය තමයි තරහ වීම කියල කියන්නේ..එත් මේ තරහ වීම තුල ගොඩනැගෙන බලාපොරොත්තුව තමයි කවද හරි යාලුවීම කියන දේ...?
එත් වෙනස තමයි යාලුවීම තුල කවදාවත් බලාපොරොත්තු තියාගන්නේ නෑ කවදාහරි තරහ වෙනවා කියල..එහෙම නේද යාලුවනේ...
තරහ කියන දේ වචනයකට විතරක් සීමා කරන්න පුළුවන් නම් අපි හැමෝම යාලුවෝ නේද..පුළුවන් තරම් අපි අපේ සම්මතය තුලින් ඉවත් වෙන්න පුළුවන් නම් මේ සමාජය වෙනස් කරන්න පුළුවන්..ඒ අපි හිතන විදිය වෙනස් කිරීම තුලින් නේද යාලුවනේ...
ඉතින් අයි අපි කෙනෙක් සමග තරහක් ඇති කරගන්නේ..එය එක්ක තරහ උනා කියල අපිට ලැබෙන්නේ සතුටක්ද දුකක්ද එහෙමත් නැත්නම් අපිරිසිදු සිතුවිලි ගොඩක්ද...?
අපේ ජීවිතයට වැදගත් වෙන දෙයක් සමාජයත් එක්ක අපේ ජීවිතේට එකතුකරගන්නව නම් අපි කවදාවත් තරහ කියන දේ පතුරවන්නේ නෑ නේද යාලුවනේ...සමාජයේ ආදර්ශමත් කෙනෙක් වෙන්න නම් හොදම දේ තමයි සතුටින් සහ උතුම් ගුණධර්ම සුරකින පුද්ගලයෙක් වීම...එහෙම නේද??

0 Comments
ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....