ඉතින් වෙන හේතුවක් නිසා නම් නෙවෙයි අපේ ගමේම මගේ හොද යාළුවෙක් හදිසියේම ජීවතුන් අතරින් සමුගත්ත..
එයාගේ සැත්කමක් සිද්දකිරිමේදී සිද්දවුනු වැරදීමක් කියල ජීවිතෙන් වන්දි ගෙවන්න උන කියල තමයි කියන්නේ.හරියටම මේවයි ඇත්ත නැත්ත නම් මම දන්නේ නෑ..දැන් ඉතින් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයිනේ..
එත් මේ ලිපිය ලියන්න හිතුවේ එයා නිසා..
ඇත්තම කියුවොත් අපේ මේ ජීවිතේ කොයි තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියල අපිවත් දන්නේ නෑ..අපි හැසිරෙන්නේ සමාජයත් එක්ක ගැටෙන්නේ ගොඩක් හිතේ බලාපොරොත්තු පොදී බැදගෙන.
යම්කිසි රැකියාවක් කරනවානම් ඒ ලැබෙන මුදලින් කරන්න කොයි තරම් දේවල් බලාපොරොත්තු වෙනවද..
ඒ වගේම තමයි යාලුවනේ අපි ඒකතු කරගත්ත දෙයක් තියෙනවනම් ඒ දේවල් හේතු කරගෙන අපි මේ මේ දෙයින් මේ මේ දේ කරනවා කියල කවද හරි දවසක මේ තත්වෙට එනවා කියල ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා..
ඉතින් ආදරේ කරන අපි හැමෝම වගේ ආදරේ නොලබන අය ඒ කියුවේ කාගෙවත් සරණක් නැති අයගේ හිත්වල කොයි තරම බලාපොරොත්තු ඇතිද යාලුවනේ..
අපි යම්කිසි දෙයක් ලබාගෙන තමයි තව බලාපොරොත්තු තියගන්නේ එත් ඒ තරමවත් දෙයක් නැතුව..එදා වෙලා කන්න බොන්න හොයාගන්නවත් නැති කාත් කවුරුවත් නැති අසරනයෙක්ගේ හිතට එන බලාපොරොත්තු එක්ක සසදල බලනකොට අපේ හිත ඒ හිත එක්ක අහසතරම් දුරයි වගේ නේද...
යාලුවනේ අපි හැම වෙලාවකම හිතන්න ඕන කොයි මොහොතේ හරි අපි මේ හැමදෙයක්ම ඇත ඇරලා යන්න වෙනවා කියල..
අඩුම තරමේ හිතන්න පුරුදු වෙන්න අපි මියගිය මොහොතේ ඉදල අපේ අවසන් කටයුතු කියල කියන්නේ එක්කෝ මිහිදන් කරනවා නැත්නම් ආදාහනය කරනවා නේ..
අපේ ගොඩක් අයගේ හිතේ තියෙන්නේ මරුන දවසේ ඉදල ඒ දවස් දෙක තුන යනකලුත් ඒ කෙනා ඉන්නවා කියලනේ..ඒ අපේ හිත හැඩගැහිච්ච හැටි යාලුවනේ..මරුන වෙලාවෙම මිහිදන් කළා නම් අප ඒ කාලේ ඉදලම අපේ හිතට ඒ වගේ හැගීමක් දැනීමක් එන්නේ නෑ..
එත් බලන්න යාලුවනේ අපි කොයි තරම මායම් වලට අහුවෙලා ඉන්නවද කියල..
අපි මේ ජීවත් වෙන්නේ තවත් කෙනෙක්ව ආදර්ශයට අරගෙන..
මම එහෙම කියන්නේ ආදර්ශයට ගන්න කියන එක මත ලේසියෙන් මේ දේ තේරුම් කරන්න පුළුවන් නිසා.අපේ යාළුවෙක් ගොඩක් හොද තැනකට ගිහින් ඉන්නවනම් අපිත් බලන්නේ එයා වගේ හොද තැනකට යන්න.එහෙමත් නැත්නම් එයාට වඩා හොද තැනකට යන්න එහෙම නේද..
එත් යාලුවනේ අපි දෙන්නම මනුස්සයෝ..
අපි දෙන්නටම අවසානයේ සිද්දවෙන්නේ එකම ඉරණමකට මුහුණ දෙන්න..
එත් අපි දෙන්නගෙන් කවුරුවත් ඒ රැකියාව වත් උපයපු මුදල්වත් අරගෙන යන්නේ නෑ නේද යාලුවනේ..
අපි දෙන්නම අරගෙන යන්නේ අපි ජීවත් වෙලා ඉන්න තාක් කරගනිපු කුසල කර්මයක් තියෙනවනම් එච්චරයි නේද..
හැබැයි ඒ දේ විතරක් අපිට වෙනස් කරගන්න පුළුවන් යාලුවනේ..
ඒ අපි කරන පිං මත..
අපි අවුරුදු 10 ඉදලම පිං කරනවා නම් තව කෙනෙක් අවුරුදු 20දි පිං කරන්න පටන් ගත්තොත් අපි දෙන්නාම අවුරුදු 40 දී මිය ගියොත් අපි දෙන්න අරන් යන පින සහ කුසල කර්මය වැඩි අර අවුරුදු 10 ඉදන් පිං කල කෙනා නේද?
ඒ වගේම සමාජයට දායාද කරපු හොද ගති ලක්ෂණ වැඩිපුර තියෙන්නෙත් ඒ කෙනාට..ඉතින් යාලුවනේ සමාජ තුල සදා අමරණීය කෙනෙක් වෙන්න නම් ඒ විදියට හැසිරෙන්න ඕන...
මං හිතන්නේ මගේ යාලුවත් ඒ වගේ කෙනෙක් එයට අවුරුදු 25ක් සම්පුර්ණ වෙන්නේ මේ අවුරුද්දේ..එයාගේ නම ආසිරි සජීව...ආසිරි යලි අප අතරම ඉපදෙන්න ඕන කියල මම පතනවා..අපේ මනුස්සයොත් එහෙම පත්වී කියල හිතනවා..
එත් දන්නා තරමින් එය කරපු සමාජ සේවය සහ ගති පැවතුම් හැමදාකම අපේ හිත්වල තියෙනව...
ඇත්තටම අපි උනත් ඊලග මොහොතේ නැති වෙන්න පුළුවන්..අවසාන වශයෙන් මං ගීතයක් ඉදිරිපත් කරලා මේ ලිපිය නිම කරන්නම් යාලුවනේ..
පණ්ඩිත් අමරදේව මහත්මයාගේ ඉතාම ලස්සන සහ අර්ථවත් ගීතයක්..කියවලම බලන්නකෝ..
ඉපිද මරේ යලි ඉපිදේ
නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරී මරේ
දස දහස් වරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ...
කුමට නැටුම් කෙලි කවට සිනා
මරුට නොමැත කිසි දිනකදී බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආදා..
යන්නට සිදු වෙන්නේ
ඉන්නට බැරි වන්නේ..
නොතිර සසර සාගරේ..
කුණු කය නිසරුයි නැත පවතින්නේ..
කල හොද පමණයි මෙලොව රැදෙන්නේ..
නැති බැරි කම ලෙඩ දුක් ඇති වන්නේ.
අපටයි මිනුසුනි අයි එය නොසිතන්නේ..
නොතිර සසර සාගරේ..

0 Comments
ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....