මොලේ අවුල් කරන පෙට්ටිය....

තින් යාලුවනේ ඔන්න අළුත් මාසයක් අද ඉදල...
සතියේ අගදී උනත් මුලින්ම පතනවා හෙට උදාවෙන සති අන්තය සුබම සුබ වෙන්න කියල අලුත් මාසෙත් එක්කම.......
හැබැයි ඉතින් ප්‍රර්තනාවන් වලට නම් මම කැමති නෑ...මොකද හැමදෙයක්ම අපි විසින්ම ලබාගන්න ඕන මිසක් කාටවත් බෑ ඒ දේවල් අපිට ඕනෑම විදියට දෙන්න...

ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ තමයි ලිපියක් ලියන්නේ...මේ දවස්වල පොඩ්ඩක් අපේ ගෙදර අන්තර්ජාල පහසුකම් විසන්ධි වෙලා තමයි තිබුනේ.සමාවෙන්න ඕන එකට නම්...
ඉතින් ඔන්න අද කියන්න යන්නේ අපේ සමාජයට උදේ ඉදන් දවල් වෙනකල් ගොඩක් උපදෙස් දීල මේ මේ දේවල් කරන්න එපා අපේ ජීවිතේ නිකන් නාස්ති වෙනවා අරක මේක කියල හොදට උපදෙස් දීල දවල් 12න් පස්සේ ඉදල රෑ 10 විතර වෙනකල් ඒ දෙන උපදෙස් සතපහකට මායිම් කරන්නේ නැතුව අර උදේ ඉදන් කියපු දේවල් ඔක්කොම අමතක වෙලා යන්න මිනිස්සු වෙනස් කරන මැජික් පෙට්ටිය ගැන තමයි අද කියන්න යන්නේ...
ඉතින් යාලුවනේ ඔන්න කියපු ගමන්ම අපේ අයට සමහරවිට ටක්ගාල තේරුම් යන්නත් ඇති මේ කියන්නේ මොකක් ගැනද කියල...යාලුවනේ මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න අදහස් කලේ කුමන හේතුවක් නිසාද කියල..මම අද උදේ මූනු පොත දිග අරිනකොට දැක්ක අපේ යාලුවෝ අතරේ බෙදා හැරුන පොඩි දැන්වීම් පින්තුරයක්..
එකේ තිබුනේ නම් හැබැයි මෙන්න මේ වගේ අදහසක්...
අපේ මේ විකාශය කරන මැජික් පෙට්ටිය හෙවත් රුප පෙට්ටියේ යන පුවත් විකාශන මැදිරිය විශේෂ දවස් දෙකක් අතර කරලා තියෙන වෙනස්කමක් සම්බන්දයෙන්..
අතපසු වීමකින් හෝ වෙසක් මාසේ පළවෙනිදා ඒ මාසයට අදාලව කිසිම වෙනසක් කරලා නොතිබුනත් ගොඩක් අලංකාරවත් විදියට සරසල තිබුන දෙසැම්බර් මාසේ පළමු දවසේ...මෙන්න මේ විශේෂත්වයට හේතුව මොකද්ද කියල හොයන්න කියල අපේ යාලුවෝ අතරේ බෙදාහරපු පින්තුරයක් නිසා තමයි මේ ලිපිය ලියන්න හිතුවේ අපේ "රුප පෙට්ටිය" කියල කියන මාතෘකාව හරහා...
හැබැයි මුලින්ම කියන්න ඕන මම ඒ පින්තුරේ ගැන නම් කතා කරන්නේ නෑ...මොකද ගොඩක් දේවල් කියනවනේ අද කාලේ ආගමික මතවාද ඇති කරන්න එහෙමත් නැත්නම් සමාජ පසුබෑම් වලට ලක් කරන්න..ඉතින් ඒ වගේ ඇවිලෙන ගින්නකට පිදුරු දානවා වගේ වැඩ කරන එක මේ අවස්ථාවේ හොද නෑ කියල හිතෙන නිසා ඒ පින්තුරය ගැන නම් මම කතා නොකරමි කියල කියනවා..
ඉතින් යාලුවනේ අපේ මාතෘකාව තමයි රුප පෙට්ටිය හෙවත් මොලේ අවුල් කරවන මැජික් පෙට්ටිය ගැන...

ගොඩක් ඉතින් යාලුවෝ මේ ගැන කියද්දී තරහ වේවිද දන්නේ නෑ..එත් යාලුවනේ මේ ගැන නිකමට අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවම අපිට තේරෙනවා අපිව නොදැනුවත්වම ගොනාට අන්දවලා කියල නේ...?
බලන්න නිකමට...
යාලුවනේ අපේ රට තුල ගොඩක් ආගම් තියෙනව...ගොඩක් ආගම් අදහන විවිධ ජාතින් ඉන්නව..එත් අපේ ඒ ආගම අදහන්න ආගමික වැඩ කටයුතු කරන්න ඒ ඒ ආගමට අදාලව වෙනමම ටී.වී නාලිකාවක් අවශ්‍යද..නෑ නේද.?එත් හැම නාලිකාවකම හැම ආගමකටම අදාලව වැඩසටහන් ප්‍රචාරය වෙනවද නැත්ද කියල මම කියන්න ඕන නෑ නේද යාලුවනේ..ඉතින් එතනම ආගමික මතවාද රැසක් කියල තේරෙනවා නේද.අයි අපි ඇස පෙනිලත් අන්දයෝ වගේ හැසිරෙන්නේ යාලුවනේ..තනියම හිතන්න හැමදෙයක් ගැනම.පස්සේ  තමන් විසින්ම ගොඩ නැගෙන්න උත්සහ ගන්න යාලුවනේ..
යාලුවනේ පොඩ්ඩක් බලන්නකෝ..විශේෂයෙන්ම අපේ යෙහෙලියන් තමයි මේ දේට ගොඩක් අර ඇබ්බැහි වෙලා කියන තත්වෙට පත්වෙලා තියෙන්නේ..
එයාල උදේ 6 ට අවදි උනා කියමුකෝ..

ඉතින් ඔන්න පොඩ්ඩක් මුන සෝදලා වැඩ පටන්ගන්නෙම මේ රුප පෙට්ටිය දාගෙන නේ..?
එක්කෝ ගේ අතුගාන්නෙ ඒක දාගෙන.ඊට පස්සේ කන්න ඉදගන්නෙත් මේක ඉස්සරහ..ඊට පස්සේ කාල ඉවර වෙලා පිගාන සෝදන්න යන්නෙත් වැඩසටහන ඉවරවෙලා..
ඊට පස්සේ ටක්ගාල ඇවිත් අපහු ඉදගෙන කට ඇරගෙන බලාගෙන ඉන්නවා සිංදු වලට දාපු එක එක කතාවස්තු බල බල...ඉතින් අපහු දවල්ට නාන්න යනවනම් කවදාවත් ටී.වී එකේ ෆ්ලග් එකෙන් ඔෆ්ෆ් කරන්නේ නෑ..
අර remote control(දුරස්ථ පාලකය) මගින් ක්‍රියා විරහිත කරලා යනවා..ඇයි ඉතින් කොන්දේ පිහදාන්නෙත් එක අපහු බල බල නේ..මේ කියන්නේ බොරුද?

ඉතින් ඔන්න අපහු දවල්ට යනවනේ නැවත විකාශය කියල පහුගිය ටෙලිනාට්‍ය අරව මේව හැම දෙයක්ම..අපහු ඉතින් කට පාඩම් කිරීම සදහා වගේ ඒවත් බලල පැයක් දෙකක් නිදාගන්නවා ගොඩාක් මහන්සි උනා වගේ..

ඉතින් අපහු හවස තුන තුනහමාරට වගේ ඔන්න අවදිවෙලා අපහු දාගන්නවා..ඊටපස්සේ ඉතින් මේ අවුරුදු 20ක් 25ක් වෙන්න ඉන්න අය පවා පොඩි ළමයි වගේ කාර්ටූන් බලන්න ගන්නවා..අපහු ඒ ටික ඉවර උනාම අපහු අර උදේ බලපු සිංදු වල කතාවස්තු නරබනවා..
ඔන්න අම්ම කෑගහනවා රෑට උයන්න උදව් කරන්න කියල එත් ඉතින් අක්ක කෙනෙක් ඉන්නවා නම් නංගි ටී.වී එකේම තමයි අක්කට වැඩ ටික බාර දීල..
ඉතින් ආපහු ඔක්කොම කරලා එනවා කතා ටික බලන්න..ඇයි ඒවා නොබැලුවොත් ඉතින් රෑට නොකෑව වගේ නේ අපේ යෙහෙලියෝන්ට.
මොකද ඊලග දවසේ පන්තියක් තියෙනවා නම් යද්දී එද්දී කතා කරන්න දේකුත් නෑනේ..ඒ නිසා ඉතින් කට ඇරගෙන සියලු වැඩ ඇත ඇරලා ඒ දේවල් බලලම තමයි නිදාගන්නේ..දැන් ඔන්න හරි.එදා දවස සංතෘපතයි කියල හිතාගන්නව,...

යාලුවනේ පොඩ්ඩක් ඔහොමම හිතල බලන්නකෝ...
ඔයාල උදේට බලනවා නේ එක එක වැඩසටහන්...
සමාජයේ ඉන්න පිළිගත් විශේෂ මිනිස්සු ඒ කියන්නේ ගොඩක් බුද්දිමත් ප්‍රභුවරු ගෙන්නවල විවිධ සාකච්චා පවත්වනවා අපේ ජීවිතේ කොහොමද හැඩගස්වා ගන්නේ කියල..
ඉතින් එයාලත් ඇවිල්ල කාලය කළමනාකරණය කරගන්න විවිධ ක්‍රම කියල දෙනවා.එත් කවදාකවත් කියනවද මේ ටී.වී එක නිසා එහෙමත් නැත්නම් තමන්ගේ නාලිකාව නිසා සමාජයට ඇතිවෙලා තියෙන අහිතකර බලපෑමක් තියෙනවද නැත්ද කියල...
එත් එන කෙනා එහෙම කියන්නේ කැමතිත් නෑ..මොකද අපහු එයට එහෙම කීවොත් කිසිම අවස්තාවක් නෑ කියල දන්නවා..
යාලුවනේ උදේ වරුව ප්‍රබෝදමත් කරන්න සමාජය දිනුවෙන් දියුණුවට පත් කරන්න නම් උදේට උපදෙස් දීල හරියනවද?
උදේට ඒවා පිළිපදින්න නම් රෑට උපදෙස් දෙන්න ඕන..
රෑට උපදෙස් දුන්නොත් උදේට යන ටෙලි නාට්‍ය වලට ඇබ්බැහි වෙන්න එපා දවස ගොඩක් හොද සාර්ථක කරගන්න නම් තමන්ගේ දේවල් දියුණු කරගන්න කියල ගැම්මක් දුන්නොත් අර එක කතාවක්වත් බලනවද නෑනේ...?
එතනම රැවටීමක් නේද එයාල කරලා,කියල තියෙන්නේ අපේ යාලුවොන්ට හිතාගන්න බෑ..
ඔයාලට විතරක් නෙවෙයි මට උනත් එහෙම තමයි..
එත් අපි හැම දෙයක්ම මේ සිද්ද වෙන පිලිවල මොකටද මොකක් සදහාද කියල තේරුම් ගත්තොත් අපිට තනියම හිතාගන්න පුළුවන් යාලුවනේ..

මේ හැමදෙයක්ම යම්කිසි සම්මතයක් තුල ගොඩ නැගිච්ච දේවල්..
ඉතින් ඒ සම්මතය තුල හිටියොත් නම් අපිට කවදාවත් වෙනසක් දකින්න ලැබෙන්නේ නෑ...
යාලුවනේ හැමදේකටම හොදම උදාහරණයක් තියෙනව..
මේ ඉන්න සම්මතය වෙනස් කරන්න හැදුවොත් අලුත් දෙයක් ලැබෙනවා කියන දේට හොදම උදාහරණය තමයි අපේ බුදුරජානන් වහන්සේගේ උතුම් වෑයම..
එතුමා මිනිස්සු,සත්වයෝ අපි හැමෝවම මේ සම්මතයෙන් අයින් කරන්න පුළුවන් මාර්ගය හොයාගත්තේ ඒ නිසා..
ඉතින් යාලුවනේ අපි ඒ මාර්ගය හැරියට දකිනවනම් මේ කිසිම මැජික් පෙට්ටියකට අපිව පුදුම කරවන්න බැරි වෙනව..
බලන්න මේ රුපවාහිනිය මගින් අපේ කොච්චර නම් වැඩ කටයුතු දියුණු කරනවද එහෙමත් නැත්නම් අඩපණ කරවනවද කියල.කොච්චර නම් කාලය කා දමනවාද කියල..
ඒ දේ අපිට නොදැනුවත්වම කරන පුංචිම දේ මොකද්ද දන්නවද...?
ඔය නාලිකාවේ පැත්තකින් දාල තියෙන විසිහතර පැයේ කටු නැති ඉලක්කම් දුවන ඔරලෝසුව...
ඔන්න ඕකට අනුවනේ අපි ටී.වී බලන්නේ නේ??
එකේ යන වෙලවා බල බලා ආ ත පොඩ්ඩයි.හරියටම 11ට නතර කරනවා..නෑ නෑ 11.15 ට ම වහනවා..එක්කෝ 11.30 ටම වහනවා..අනේ ඔන්න 12 ටම වහමු කියා කියා හිතින් හිත හිත නේ මේ දේවල් බලන්නේ..
යාලුවනේ රැවටෙන්න එපා...
තමන් විසින්ම තමන්ව මුලාවට පත්කරගන්න එපා..ටී.වී එකට ප්‍රයෝජවත් කෙනා අපිව කරවන්න එපා/අපිට ප්‍රයෝජනවත් කෙනා ටී.වී එක බවට පත් කරගන්න හැමතිස්සෙම පුරුදු වෙන්න යාලුවනේ..
එතකොට නොදැනුවත්වම සම්මතය තුලින් අපිට බැහැරවෙලා අපේ දියුණුව ලගාකරගන්නා බැරිවෙන එකක් නෑ කියල හිතනවා.....ඉතින් මේ අලුත් මාසේ ඒ කියන්නේ අවුරුද්දේ මාස දෙකක් ගියා දැනුනෙවත් නෑ කියා කියා ඉන්නේ නැතුව කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල ඉල්ලා සිටිනවා..තවත් ලිපියකින් හමුවෙනකල් දැනට නවතින්නම් යාලුවනේ..හැබැයි අමතක කරන්න එපා මේ මැජික් පෙට්ටියෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන නැතුව නෙවෙයි හොදද..ඒ ප්‍රයෝජන ගැන මුලින් කතා කරොත් වැරදි කන්න කන්න පැණි වක්කරනවා වගේ වැඩක්නේ ඒ නිසා කියුවේ නෑ ටික දවසකින් කියන්නම් හොදද...

Post a Comment

2 Comments

  1. aka thamai ne.kale kana wadak.api nam owa balanne naaaaa.:)

    ReplyDelete
    Replies
    1. ඔව් එත් බැලුවේ නෑ කියල පාඩුවක් වෙන්නෙත් නෑ රූපවාහිනියෙන් ගන්න තියෙන ප්‍රයෝජන ටික විතරක් වෙනත් කිසියම් හෝ මාර්ගයකින් ගන්නවනම්,,,එත් සමහර අය පුරුදුවෙලා තියෙනවා අන්තර්ජාලය හරහා දැන් ටී.වී බලන්නත්....

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....