ආදරේ වැඩි කරගන්න පැනඩෝල් බොන්න...

යාලුවනේ හැමෝටම සුබ සති අන්තයක් වෙන්න ඕන කියල මුලින්ම කියනවා..ඉතින් දෙවනියට සමාව ඉල්ලනවා ලිපියක් පලකරන්න බැරිවුනාට පහුගිය දවස් ටිකේ...
පොඩ්ඩක් වැඩ ගොඩකට හිර වෙලා ඉදිය..මේ දවස් ටිකේ ගෙදරත් නෙවෙයි ඉදියේ...ඉතින් ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ ඇසින් දුටු සිදුවීමක් ගැන..හැබැයි සිදුවීමේ කොටසක් විතරයි ඇසින් දැක්කේ...
මේ කවුද කින්ද මංද කියල පුද්ගලයොන්ගේ නම් ගම නම් මම දන්නා නෑ...සිද්ද වුන කතාව නම මම දන්නවා ඉතින් හැමෝටම ආදර්ශමත් වෙන්න කියල හිතල අද ලිපියෙන් ඒ ගැන කියන්න ඕන කියල හිතුව,ඉතින් කියවලම බලන්නකෝ...

යාලුවනේ මම ඊයේ කොලඹ ප්‍රධාන පෙලේ රෝහලකට ගියා අපේ තාත්තගේ පොඩි උවමනාවකට..
ඉතින් ඔන්න මම අදාළ රෝහල් වාට්ටු සංකීර්ණයේ තිබුන බාහිර රෝගී අංශයේ කිට්ටුව තිබුන පුටුවක් ඉදගෙන යන එන රෝගීන් දිහා බල බල උන්න..මට ඉතින් කරන්න වැඩකුත් නෑ...පත්තරේ කියව කියව ඉදලත් කම්මැලි වගේනේ ඉතින් වට පිට බල බල ඉදිය..ඔන්න ඔහොම ඉන්නකොට එකපාරටම ත්‍රී රෝද රථයකින් එකපාරටම එක තරුනයෙක්ව තව අයියල දෙන්නෙක් උස්සල අරගෙන ටක්ගාල ලග තිබුන ට්‍රොලි එකට අරගෙන කලබලෙන් කලබලෙන් වගේ තල්ලුකරගෙන ආව..
ඉතින් මාත් නැගිටලා බැලුව මොකද්ද උනේ කියල..ඉතින් මගේ ලගම තමයි ඇවිත් දොස්තර මහත්මය එනකල් තියාගෙන ඉදියේ.ඉතින්  මං නිකමට වගේ ඇහුව අර අපු කෙනෙක්ගෙන්
 "අයියේ මේ මොනා වෙලාද?"
 කියල..ඉතින් එයා දෙමල යාලුවෙක්..කියුවේ මෙච්චරයි 
"පොඩි ලව් සීන් එකක් පිස්සෙක්නේ මූ"
ඉතින් එය එක්ක අපු අනිත් යාලුව එතකොටම මට පොඩි බඩුවක් පෙන්නුවා...
මොකද්ද දන්නවද 
"හිස් පැනඩෝල් කාඩ් තුනක්"
ඉතින් මට ටක්ගාල වැඩේ පැහැදිලි උනා..මේ යාලුවා පැනඩෝල් 36ක් වගේ බීල..කාඩ් එකක පැනඩෝල් 12ක් තියෙනවනේ නේ?ඉතින් තුනක්ම බීල..
හිටගන්නවත් පන නෑ..අත උස්සන්න කියුව අත උස්සන්නවත් බැරි උන..
මම නෙවෙයි අත උස්සන්න කියුවේ එතන ඉදපු හෙදියන් තමයි ඔක්කොම කලේ මම ඉතින් බලාගෙන උන්න..
යාලුවනේ අපේ සමහර අය හෙද සේවක සේවිකාවනට බනිනවා හොයන්නේ බලන්නේ නෑ කියල..එත් මට නම්  හිතුනේ ගොඩක්ම කරුණාවන්ත පිරිසක් කියල ඇත්තටම කිසිම වැරැද්දක් මම නම් දැක්කේ නෑ එයාලගේ..
ගිලනුන්ට උපස්ථාන කිරීම අතින් නම් ගොඩක් ඉහල මට්ටමක එයාලගේ හැසිරීම තිබුන..
ඉතින් අර පැනඩෝල් බීව කෙනාගේ ඇස් දෙක ඇරියම රතුම රතු පාට වෙලා ඇස් ගිලිලා වගේ තිබුනේ..
පොඩ්ඩක්  සෙම  වගේ එලියට ඇවිත්..නිකන් අර ෆිට් එක කියල කියන්නේ අපස්මාරයට අන්න ඒ වගෙයි..
ඉතින් ඉක්මනට ක්‍රියාත්මක උන අපේ සහයක සහයිකාවෝ එයාට මොකක්හරි දෙයක් දියකරලා පෙව්වා මම ඒ දේ නම් දන්නේ නෑ යාළුවේ මොකක්ද කියල..
ඉතින් ඒ දෙයින් පස්සේ එයා හතර සැරයක් වගේ වමනේ දැම්ම අර බීපු පැනඩෝල් ටික..
ඔක්කොම එලියට ගියද නම් දන්නේ නෑ..
ඉතින් ඊට පස්සේ එයාව බලන්න දුවගෙන දුවගෙන ලස්සන ගෑනු ළමයෙක් ආව..
ඉතින් දැන් ඔන්න වැඩේ පැහැදිලියි..
ආපු ගමන් අර ඒ ලෙඩාව එක්කන් ආව අයියල දෙන්න ඒ ගෑනු ලමයට බැන්න..
ඉතින් ඒ  ගෑනු ළමය මාර විදියට අඩන්න ගත්ත..

ඉතින් ඔහොම ඉන්නකොට තව අයිය කෙනෙක් එතනට ආව..
ඇවිත් පොඩ්ඩක්  අර ගෑනු ළමය එක්ක කතාකරනවා දැක්ක..එකපාරටම පටාස් ගාල ගහන සද්දයක් ඇහුන..
මං බලනකොට ඒ අයිය අර ගෑනු ළමයාගේ කනට තුන් පාරක් විතර ගැහුවා..
මමත් ගැස්සිලා ගිය මේ මොකද්ද වෙන්නේ කියල..
ඉතින් අර ගෑනු ළමය අඩ අඩ අර අයියට වඳින්න ගත්ත..එකපාරටම තල්ලු කරලා ඒ කොල්ල යන්න ගියා..
හැබැයි ඒ කොල්ලත් අඩ අඩ යන්න ගියේ.....

මගේ ලග වතුර බෝතලයක් තිබුන අතේ..අර අපු අයියල දෙන්නගෙන් එක්කෙනෙක් මගෙන් වතුර ටිකක් ඉල්ලුව මම බෝතලේ දුන්න..
පස්සේ ඒ අපු ගෑනු ළමයත් වතුර ටිකක් බීල අර අයියට දුන්න බෝතලේ..අපහු මට වතුර බෝතලේ දෙනකොට මට එයා සිද්දිය කියුව..

"බලන්න මල්ලි මුංට ඔලුව හොද නැති වෙලා..මෙකි කලින් ලව් කලේ මේ කොල්ලට...ඉතින් මුට හොරා දැන් අර අපු කොල්ලට මෙකි ලව් කරා..ඌ දැන් ඇවිත් මේකිට ගැහුවා.ගහන්න නෙවෙයි මරන්නයි ඕනා..පව් අරු මැරෙනවා තව පොඩ්ඩෙන් නේද,මුන් වගේ කෙල්ලෝ මරලත් මදි ආ...බලන්ඩ අරූ පෙති 30ක් බිව්වා..තැන්ක්යූ"

කියල බෝතලේ අතට දුන්න..මං මුකුත්ම කියන්න ගියේ නෑ...අහගෙන ඉදල ඉතින් කියුව විදියටයි දැකපු විදියටයි හැම දෙයක්ම තේරුම් ගියා...

ඉතින් යාලුවනේ අපේ යෙහෙළියෝ නිසා කොයි තරම් නම් අපේ යහළුවෝ නොමගට යනවා ඇත්ද...
ඒ වගේම තමයි ඒ දේ අනිත් පැත්තත් එහෙම තමයි...
මේ හැම දෙයකටම හේතුව ඉතින් ආදරය කියන දේ හරි හැටි තේරුම් නොගැනීම තමයි...

වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද යාලුවනේ...
අර ගෑනු ළමය මුලින් ආදරේ කල කෙනා තමයි මේ පැනඩෝල් බීල ආවේ.මොකද ඒ ගෑනු ළමය ඒ පිරිමි ළමයට හොරෙන් අර පස්සේ ඇවිත් ගහපු පිරිමි ළමයට ආදරේ කරලා..
ඉතින් ඒ පිරිමි ළමය දන්නා නෑ කලින් මේ ගෑනු ළමය තව කෙනෙක් එක්ක යාලු වෙලා කියල.ඒ තරහට තමයි ගහල තියෙන්නේ...

ඉතින් මොකද්ද යාලුවනේ මෙතන වෙච්ච සිදුවීම හරියට අවබෝද කරගත්ත නම් තේරුම් යනවා..

මුලිනම ආදරේ කියන දේ මොකද්ද කියල මේ ගෑනු ළමය හරි විදියට තේරුම් අරගෙන නෑ..මොකද ආදරේ කියන දේ කිසිම වෙලාවක මනින්න බෑ..
කෙනෙක්ගේ ආදරේ හෑල්ලුවකට ලක් කරන්න බෑ කවදාවත්.ආදරේ කියන්නේ විශ්වාසය කියන දේ පරතෙරටම ගිය අවස්තාවක්..
ඉතින් ඕනෑම පිරිමි කෙනෙක්ගෙන් තමන්ගේ ආදර වන්තිට අඩුපාඩුවක් වෙන්න පුළුවන් එත් ඒ වගේම ගෑනු ළමයෙක්ගේ අතිනුත් පිරිමි කෙනාට අඩුපාඩුවක් ගැටලුවක් වෙන්න පුළුවන් එත් දෙන්න අතරේ ආදරේ වැඩි නම් ඒ දෙන්න ඒ දේ හරි විදියට තේරුම් අරන් දෙන්නම ගැටලුව විසදාගන්නවා...
එහෙම නැතුව ඔයා මට හරි යන්නේ නෑ කියල වෙනේ කෙනෙක්ව තෝරාගන්න එක නෙවෙයි නිවැරදි ආදරය කියන්නේ...

එත් අපි යාලුවෙන්න කලින් ඒ යාලුවෙන කෙනා ගැන හොදට හොයල බලල යාලු වෙන එකත් ගොඩක් වටිනවා..මොකද විස්වාස කරන්න ඕන විශ්වාසවන්ත පුද්ගලයෙක්..
ජීවිතේ කියන්නේ විදින්න තියෙන දෙයක්නේ..ජීවිතේ කවද හරි විදවන්න වෙන පුද්ගලයෙක් තෝරාගන්න එක වැරදි අවබෝදයක්.
හැබැයි ඉතින් අර කතාවක් තියෙනවනේ "බැදගත්ත බෙරේ ගහන්නත් ඕන" කියල...
ඒ වගේ සිදුවීම් නුත් නැතුවාම නෙවෙයි..
යාලුවනේ ආදරේ කරන කෙනෙක්ට වංචාවක් කරන්න හොද නෑ කවදාවත්,මොකද තමන් වංචාවක් කරනවා උනාට අනිත් කෙනා එහෙම නැති වෙන්න පුළුවන්..
දෙන්නට දෙන්න ගොඩක් විශ්වාසය ගොඩ නගා ගැනීමයි මුලිකම දේ..
කවදාවත් විවාහ උන පලියට දෙන්නෙක් එක්කෙනක් වෙන්නේ නෑ..ඒ දෙන්න දෙන්නේක්ම  තමයි නේද යාලුවනේ..
ඉතින් මේ ගෑනු ළමය අර අලුත් පිරිමි ළමයාගේ ආදරේට වංචාවක් කල නිසානේ එයාට තරහ ගිහින් ගැහුවේ,,
එත්
ගෑනු කෙනෙක්ට අතක් උස්සනවා කියන්නනේ නම් හරි පිරිමියෙක් නෙවෙයි..
ගෑනු කෙනෙක්ට අතක් උස්සල ගහනවනම් ඒ දේ පිරිමි කමට ඇත්තටම ලජ්ජා වෙන්න ඕන කරුණක්..

තමන්ගේ දුවෙක්ට ගහල බැනල හදා වඩා ගත්තේ තාත්ත කෙනෙක් මිසක්..
 ඒ තාත්ත ඒ ගෑනු ලමයව හදන්නේ පිට මිනිස්සුන්ගේ ගුටි කන්න නෙවෙයි නේ..ඒ දේ චක්‍රයක් කියල තේරුම් ගන්න පුළුවන් නේ යාලුවනේ මොකද අපි හැමෝම අම්මල තාත්තල වෙන්න ඉන්න අය එහෙමත් නැත්නම් උන අය...

ඉතින් යාලුවනේ හරි අවබෝදෙන් යුක්තව ආදරේ කියන්නේ මොකද්ද කියල දකින්න පුළුවන් නම් ගොඩක් වටිනවා නේද..පැනඩෝල් බිව්වා කියල තමන්ගේ ජීවිතේ නැතිකරගන්න හැදුව කියල ආදරේ ලබාගන්න පුලුවන්ද නැත්ද කියල නම් තේරුම් ගන්න අමාරුයි..
ප්‍රශ්නයක් සිද්ද වෙනවා නම් ඒකට පිළිතුරක් කොහේ හරි සැගවිලා තියෙනව යාලුවනේ.
ඉතින් ඒ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර සොයාගෙන ඒ අනුව කටයුතු කරන්න තමයි අපේ මිනිස්සුන්ට හිතන්න හැකියාව සමග බුද්දිමත් මොලයක් ලැබිල තියෙන්නේ...ඉතින් යාලුවනේ ගොඩක් බුද්දීමත්ව වැඩ කරන්න කල්පනාවට ගන්න කියල මේ උදාහරණෙන් සහ ලිපියෙන් ඉල්ලා සිටිනවා...

ගොඩක්ම වැදගත් වෙන්නේ යාලුවනේ අනාගතේ ගැන හිතල ආදරේ කරන එකද එහෙමත් නැත්නම් ආදරේ ගැන හිතල අනාගතේට වැඩ කරන එකද කියල අපේ බුද්දිමත් යාලුවෝ තමන් විසින්ම අවබෝද කරගත යුතු වැදගත්ම කරුණක් කියල මං දකිනවා...

Post a Comment

4 Comments

  1. @ ගෑනු කෙනෙක්ට අතක් උස්සනවා කියන්නනේ නම් හරි පිරිමියෙක් නෙවෙයි..
    ගෑනු කෙනෙක්ට අතක් උස්සල ගහනවනම් ඒ දේ පිරිමි කමට ඇත්තටම ලජ්ජා වෙන්න ඕන කරුණක්..


    වැ‍රැද්ද වැ‍රැද්දක් විදියට දකින්න ගැහැණු පිරිමි කම බාධාවක් කරගත්තොත් ජිවිතේම වරදිනවා..ඒ හින්ද ඒ කතාව පිළිගන්න බෑ මට..අනිත් එක බහුතරයක් කාන්තාවන් ආදරයේදි විශ්වාසය තමන්ට වාසි විදියට තුරුම්පුවක් කරගන්නවා..අත්දැකීමෙන් කියන්නේ.....ස්තී-පුරුෂ සමාජභාවයේ වෙනස නිසාමද කොහෙද විශ්වාසය ..අවබෝධය වගේ කාරණා කාන්තාවන් තමන්ගේ ආත්මීය බැදීම් සදහා යොදාගන්නේ නෑ...මානුෂීය වශයෙන් සංවේදී බවට මම වැඩි වැඩියෙන් සමීප නිසා ජිවිතේ මේ ගෙවී ගෙන යන කාලයේ මට ආදරයත් තිත්තයි...නරියට මිදි වගේ නෙමෙයි.....අත්දැකීම් බොහොම නීරසයි....ඇත්ත කතාව ඒකයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් යාලුවා...ඇත්තෙන්ම ඔය නිවැරදි කියල මම පිලිගන්නවා..එත් ආදරය පැත්තෙන් නෙවෙයි මම ඒ දේ කියුවේ එකට නම් මට සමාවෙන්න ඕන.මම ඒ දේ කියුවේ සමාජීය පැත්තෙන්.
      ඔව් ඇත්තෙන්ම ඔය කියුව වගේ ස්ත්‍රීන් නිසා ජීවිතේ නිසි මගට ගියේ නැති ආදරයේ මායාවෙන් සිතට වේදනාවක් ඇති කරපු අවස්ථා ගොඩක් තියෙනව.කී දෙනෙක් නම් තමන්ගේ ජීවිතේ නැති කරගන්න ඇත්ද..
      ඇත්තටම දැක්කොත් ආදරේ කියන දේ අපේ හිතේ ඉබේ ඇති උනාට ඒ දේට වටිනාකමක් දෙන්න බහුතරයක් ස්ත්‍රීන් දන්නේ නෑ....එකයි වැරැද්ද..

      Delete
  2. me..siddiyen hodatama oppu wenawa..e..kolla sira love kara kiyala..! habai kella ehema karala na..kiyala..! love seen walata kawadaawath gewalwalin dhaduwam hamba wenne na..! ekata dhaduwama labenna oni samajayen..! eka nisa..me..wage pahath thirisan gathi lakshana thiyena ballage ganu sathata karanna puluwan ''awama'' sadaranaya ara kolla kara kiyala kiyanna puluwan..! u..ge athe waraddak na..! (apith manussayo)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා අදහසට....
      කෙනෙක් ගේ ආදරයට වටින කමක් නොදී කරපු ඒ වැඩේනම් වැරදි තමයි...එත් අපි එකිනෙකාගේ වැරදි එකෙඉනෙක හදුනාගැනේ නම් විතරක් අපි හැමෝටම ආදරෙන් හැමදාකම ඉන්න පුළුවන් වෙයි...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....