කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේ නම්.....


මියුරු කල්පනා නෙතක දැල්වුණා...
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා...
වරෙක නැලවුනා,වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා...

හිමගිර මට වැලි අහුරකි
මහා සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්.....

පිණි බිදකින් මුතු අමුණමි
දිනි සුරුගෙන් සීතල දෙමි
කඩතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...


මියුරු කල්පනා නෙතක දැල්වුණා...
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා...
වරෙක නැලවුනා,වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා...


යාලුවනේ ඔන්න අද ගී පද වැල් වලින් වික්ටර් රත්නායක මහත්මයාගේ ගීතයකින් හමුවෙන්න හිතුව ගොඩක් කාලෙකට පස්සේ,,මොකද හිතෙන්නේ මේ ගීතය ගැන..ගීතය අහන් ඉන්නකොටත් ලස්සනයි.ඒ වගේම ගීතයේ පද මාලාව ගැන හිතුවම මොකද දැනෙන්නේ..කොච්චර ලස්සනයිද,,?
යාලුවනේ ආදරය වෙනුවෙන් අපේ ආදරවන්තයෝ ආදරවන්තියෝ කොච්චර නම් කැපවෙනවද නේද..?
සියලුම වැඩ ඇත ඇරලා ඒ සදහා කැපවෙලා වැඩ කරනවා..
ඉති ඒ වගේ තමයි මේ ගීතයෙන් කියන්නෙත් ආදරවන්තිය හෝ ආදරවන්තයා ලැබෙනවනම් මට කරන්න බැරි දෙයක් නෑ කියලනේ..
ඔව් ඇත්තටම අපේ ආදරේ වෙනුවෙන් ගහමරාගන්න යන අය අපේ යහළුවෝ කොච්චර ඉන්නවදේ නේද...?
හැබැයි යාලුවනේ ආදරේ පරිත්‍යාග කිරීමත් අදරේම කොටසක් කියලත් මතක තියාගන්න ඕන හොදද...
ඇත්තටම මේ ගීතය රචනා කරපු කෙනාගේ හිත කොයි වගේ ඇත්ද නේද..?
ආදරේ ගැන කොයි වගේ අදහස් එය ලග ඇත්ද..
හොද නිර්මාණ බිහිවෙන්නේ පිරිසිදු සිත් තියෙන අයගෙන්..
කලාවට ගොඩක් ආදරේ කරන කෙනාට වැඩිය තරහ එන්නේ නෑ කියල කියනවනේ..සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන්..
පොඩ්ඩක් අපිත් නිකන් ඉන්න වෙලාවට හිතට එන ලස්සන ලස්සන සිතුවිලි මේ වගේ පද පෙළකට අමුණලා බැලුවොත් නරකද යාලුවනේ..
පොඩ්ඩක් උත්සහ කරලා බලන්නකෝ.බැරි වෙන එකක් නෑ..
අපේ හිතවලත් මේ ගීතයේ කියල තියෙන ශක්තිය නොඅඩුවම තියෙනවනේ..
ඉතින් තමන්ගේ ආදරවන්තය හෝ ආදරවන්තිය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැත්නම් ඒ වෙනුවෙන් ගීතයක් ලියන්න බැරි නම් ඉතින් වැඩක් නෑනේ නේද...?
ඉතින් උත්සාහ කරලා බලන්නකෝ යාලුවනේ,,,


Post a Comment

0 Comments