සුභ උදෑසනක් යාලුවනේ..ඒ වගේම සුභ සතියක් වේවා කියල පතනවා...ගොඩක් කාලෙකට පස්සේ තමයි ලිපියක් ලියන්න කාලය ඉතුරු කරගත්තේ..මේ දවස්ටිකෙම ගොඩක් වැඩ තිබුන..ඇත්තම කියුවොත් අපේ පවුලේ දෙතුන් දෙනෙක්ම ගොඩක් අසනීප වෙලා..ඉතින් පොඩ්ඩක් කාර්යබහුල වෙලා උන්නේ..
ඔන්න යාලුවනේ අද ඉතින් කතා කරන්න යන්නේ ගොඩක් පිරිසක් ආස කරන ගොඩක් දෙනෙක් නරබන කියවන මාතෘකාවක් ගැන..හැබැයි මේ කතා කරන්න යන්නේ යම් කිසි සාධාරණයක් සහ අසාධාරණයක් ගැන..
හැබැයි මෙතන අර නීතිය නම් නීතිය කියන දේ තියෙන්නත් ඕන..ඒ වගේම තමයි මේ ලිපි ලියන්නේ යම් වගකීමකින් වෙන්නත් එපැයි.මොකද මේ වගේ මාතෘකා ගැන ලියන්නේ නැනේ ගොඩක් අය..හැබයි ඉතින් මුලින්ම කියන්න ඕන මේ දේවල් ලියන්නේ සමාජයේ ඉන්න ඔයාල අපි හැමෝම මනුස්සයෝ..නීති සම්පාධනය කරන්නෙත් නීති ක්‍රියාවට නගන්නෙත් මනුස්සයෝ කියන මතයේ ඉදගෙන තමයි ලියන්නේ..ඒ වගේම අපේ සමාජයේ සිද්දවෙන දේවල් ගැන හිතල බලල මට දැනෙන දේ නේ මම මේ අපේ මනුස්සයෝ ඉස්සරහ ලියන්නේ...
කවද හරි මම නැතත් මේ අදහස් ටික හරි මගේ නමින් ඉතුරු වෙයි කියන අදහස නම් නැතුවම නෙවෙයි..ඉතින් එහෙනම් කියවල බලල ඔයාලම කල්පනා කරන්නකෝ මෙතන මේ කියන දේ ගැන..
හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන සාධාරණ හෝ අසාධාරණ හෝ වේවා මමත් අපේ රටේ පුරවැසියෙක් නිසා ඒ ක්‍රියාත්මක වන නීති වලට යටත් කියල..
යාලුවනේ මේ කියන්න යන්නේ සත්‍ය කතාවක්..මගේ යාලුවෙක්ගෙ හිතවත් යාලුවෙකුට උන කරදරයක් ගැන...කරදරයක් කියන්නේ ඔය නිල් තිරය නිසා වුන කරදරයක් ගැන තමයි කියන්න යන්නේ...
හැබැයි මම වැඩි විස්තර නම් දන්නේ නෑ.එත් කතාව කෙටියෙන් ඇහුවට පස්සේ මගේ හිතට මාතෘකාවක් ආව මේ ගැන ලියන්න ඕන කියල.
මොකද මේ ගැටලුවේදී හිතන්න යම් යම් කාරණා නැතුවම නෙවෙයි..
යාලුවනේ ඒ යාළුවයි යාලුවාගේ හිතවත් යාළුවයි මේ ලගදි සම්මුඛ පරීක්ෂණයකට ගිහිල්ල තියෙනව ප්‍රසිද්ද ආයතනයක..ලොකු වැටුපකට නම් නෙවෙයි.රැකියාවක් අවශ්‍ය නිසා අසරණ කමට ගිහින් තියෙන්නේ..
ඉතින් මේ යාලුවෝ දෙන්න කෝච්චියේ ගිහිල්ල අදාළ දුම්රිය ස්ථානයේ බැහැල තියෙනව.ඉතින් ඔන්න ඊට පස්සේ එයාල ඊලග දුම්රිය එන්න ඕන කීයටද කියල දුම්රිය කාල සටහන බල බල ඉන්නකොට පොලිස් නිලධාරී මහත්මයෝ කීප දෙනෙක් ඇවිල්ල මේ අයගෙන් පවුද්ගලිකව තම තමන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කරලා බලල තියෙනව මේ නිල් තිරයේ චිත්‍රපට තමන් සතුව තමන් ලග තබාගෙන ඉන්නවද කියල..
ඉතින් ඔන්න ඔහොම පරීක්ෂා කරද්දී අර මගේ යාළුවගේ ලග නම් වාසනාවකට තිබිල නෑ.එත් එයාගේ හිතවත් යාලුව ලග තිබිල අහුවෙලා..
ඔන්න ඉතින් ඒ පාර ඒ නිලධාරීන් මේ මනුස්සයව පොලීසියට එක්කරන් සිර භාරයට අරගෙන..ඉතින් උසාවියට ඉදිරිපත් කරනවා කියලත් තියෙනවලු..දැන් නම් ඔන්න ඒ ඒ පවුල් වලින් ගොඩක් මේ යාලුවොන්ට ගහල බැනල ප්‍රශ්න කෝටියක් කියල තමයි දැනගන්න ලැබුනේ..තම තමන්ගේ ජංගම දුරකථන,පරිගණක හැම දෙයක්ම නැති වෙන තැන නේ මේ වගේ දෙයක් අහු උන කියන්නේ.මොකද ඔය අපි භාවිතා කරන ජංගම දුරකථනය,පරිගණකය,හෝ ඕනෑම දෙයකින ගන්න පුලුවන් ලොකුම නරකම උදව්ව ඔය දේ නේ යාලුවනේ..
ඉතින් ඒ දේ ගැන අහු උන කියන්නේ මූනවත් බලල ඉවරයිනේ වෙනේ කෙනෙකුගේ..
යාලුවනේ නීතියට අනුව අපි අහල තියෙනවා මේ අසභ්‍ය චිත්‍රපට රුගත කිරීම,ලග තබා ගැනීම,බෙදා හැරීම, වගේ දේවල් නීතියෙන් දඩුවම් ලැබිය හැකි ලොකු වැරැද්දක් කියල.එහෙම නේද...?
ඔව් ඒ දේ සම්පුර්ණ ඇත්ත..
ඉතින් ඒ වැරදි වලට අහු උන කෙනෙකුට නීතියෙන් ලබා දෙන්න ඕන සියලුම දඩුවම් ලබා දෙන්න ඕන කියල මම එකග වෙන්ව..ඒ වගේම තමයි යාලුවනේ තවත් නීතියක් තියෙනවා මුදලට තමන්ගේ ශරීරය විකුණන අපේ යහළුවෝ යෙහෙළියෝ අත් අඩංගුවට ගන්න ඕන කියල..(ඒ වගේ ජරා වැඩ කරන අයත් තමුසෙගෙ යහළුවෝ යෙහෙලියෝද කියල අහන්න එපා...හැමෝම එකම මිනිසත් අය නිසා පොදුවේ කියුවේ.)
ඉතින් අන්න ඒ දේවල් කරන අයත් අපේ රටේ නීතියට අනුව විවිධ වැටලීම් වලින් කණ්ඩායම් වශයෙන් අල්ලගත්ත කියල නොයෙකුත් පුවත් අපි අහල තියෙනවා අහනවා නේද යාලුවනේ..
එත් බලන්න යාලුවනේ ඔය දේ අපි පැත්තකින් තියල මේ අසභ්‍ය චිත්‍රපට ලග තබාගත්තා කියල කියන වරද ගැන බලුවොත් නීතිය කොයි තරම් දුරට ක්‍රියාත්මක වෙන්න ඕනද කියල ප්‍රශ්නයක් නැතුවම නෙවෙයි නේද යාලුවනේ..ඇත්තම කතාකරොත් අපේ යාළුවෙක් මේ ගැටලුවට අහු උන කියල කියමු..ඉතින් ප්‍රශ්නයක් අහනවා තමුසෙට කොහෙන්ද මේවා...?
ඉතින් ලේසියට කියනවා මේ යාළුවෙක්ගෙන් කියල කගේ හරි නමක් කියනවා..ඉතින් ඒ කෙනාගෙන් හෙව්වොත් එයාගෙත් ලේසියට තවත් කෙනෙක්ගේ නමක් කියන්න පුළුවන්..ඉතින් ඔහොම ඔහොම ගියොත් මේ මුළු ලංකාවේම අයව වැරදි වැඩක් නේද කරලා තියෙන්නේ..යාලුවනේ ඔය චිත්‍රපට නරබන පිරිසට සාපේක්ෂව ඔය චිත්‍රපට රූගත කරන අය ලංකාවේ තවමත් අඩුයි කියල මම හිතනවා..හැබැයි තියෙනව,නැතුව නෙවෙයි..
එත් එහෙම බලද්දී මෙහෙම කල්පනාකරොත් බලන්න ..
ඔය දැන් යාලුවොන්ගෙන් යාළුවොන්ගේ නම් ගම් කියා කියා ගිහින් අවසානයේ කෙනෙක් කියුවොත් මම හොයාගත්තේ අන්තර්ජාලයෙන් කියල..නීතියට අනුව හරිනම් ඒ ව්‍යාපාර නවත්වන්නත් අවශ්‍යයි නේද.,,?
විවිධ රට රටවල් මගින් එකතුකරපු ඔය චිත්‍රපට කීයක් නම් තියෙනවද..?ඇයි එහෙනම් ඒ දේවල් පිටුපස මේ ක්‍රියාත්මක නීතිය නැත්තේ කියන එක ගැටලුවක් නේද යාලුවනේ..ඒ වගේම එහෙම බැලුවොත් එතන සාධාරණය කුමක්ද යන්න ගැටලුවක් නැතුවම නෙවෙයි නේද යාලුවනේ..මේ ගැටළු අපි තවමත් සමාජය ඉස්සරහ කතාකරන්නේ බොහොම අඩුවෙන්..එත් හොරාට කතාකරනවා.සමාජයට හංගනවා..යාලුවනේ දැනගන්න ලැබුන මේ ලගදි නවසීලන්තයේ වෙන්න ඕන මතක විදියට..ඒ රටේ සමලිංගික විවාහ වලට නීතියෙන් අවසර දීල කියල..
ඉතින් මේ දේවල් කගේ ආදර්ෂද යාලුවනේ..සමාජය පරිහානියට පත්වෙන දේවල් නේද..එත් අපේ රටේ තවමත් ඒ සදාචාරසම්පන්න උතුම් සංස්කෘතිය රැකගන්න වෙර දරන පිරිස් ඉන්නවා නේද.
යාලුවනේ මේ හැම දෙයක්ම නිල තල මුදල් මත වෙන් උන දේවල් නේද..
අපේ රටේ ගොඩක් ලොකු තැන් වල ඉන්න අය,එහෙමත් නැත්නම් ඒ අයගේ ආදරණීය දුලා/පුතාල කරන මේ වගේ නොමනා ක්‍රියා කොයිතරම් අපේ නෙතට ගැටෙනවද..
නමුත් නීතිය හරහා කල්පනකරොත් ඒ අයට ඒ වගේ දේවල් කරන්න කොහොමද ආදර්ශ ලැබුනේ.තමන්ගේ දෙමව්පියෝ කියල දීලද..එහෙමනම් ගොඩක් ලැජ්ජයි නේද..?එහෙමත් නැත්නම් ඒ අය තනියම නේ ඒ දේවල් කරන්න පෙලබෙන්න ඇත්තේ..ඉතින් යාලුවනේ නිකන් කාටවත් මේ දේවල් හීනෙන් පෙන්නේ නෑ නේද...
ඉතින් අන්න එතන ඒ දේවල් හොය බලල රටේ අනිත් පුරවැසියන්ට හා සමානවම සලකල සමානාත්මතාව කියන දේට අනුව නීතිය ක්‍රියාත්මක වෙනවනම් ගොඩක් නීති ක්‍රියාත්මක කරන්න ඕන නේද යාලුවනේ..
කොයි තරම් නම් වැරදි අඩුපාඩු අපේ රටේ සිධ්ධවෙනවද,,?
නමුත් හැම දෙයක්ම අහිංසක මිනිස්සුන්ට තාඩන පීඩන වලට මැදිහත්කරලා නීතිය තුලින් උපරිමයට ගිහින් අන්ත අසරණ කරන එක නීතිය නියම අයුරින් ක්‍රියාත්මක කලත් අවසානයේ තනියම හිතුවොත් පාපකර්මයක් නේද..?
මොකද්ද යාලුවනේ එතනින් ලබන නිරාමිස සතුට...
තමන්ගේ නිල තල වලට අනුව කොයිතරම් වැරදි කරත් අවුලක් නෑ..එත් අහිංසක කෙනෙක්ගේ වරදකට උපරිමෙන් දඩුවම් කරනවා.තවමත් ඒ දේ නේද අපේ රටේ අහන්න දක්නින්න ලැබෙන්නේ..
යාලුවනේ ඇත්තම කියුවොත් හොදට හිතල බලල කල්පනාකරන කෙනෙක් මේ දේවල් තනියම හිතුවොත් ලොකු කලකිරීමක් ඇතිවෙනවා..
එත් කරන්න දෙයක් නෑ.අපි ජීවත් වෙන්නේ මේ වගේ ලෝකෙක නේ..ඉතින් කරන්න තියෙන්නේ එකම එක දෙයි යාලුවනේ..
අපි තනි තනියම ගොඩ නැගෙන්න ඕන.ගොඩ නැගිලා මේ සාදාරනය නිකන් මායාවල් පසුපස අසීමිත ලෙස මුදල් වැයකරමින් ලබන සතුට තුල ජීවිත අවභෝධයකින් තොර වුන නිරාමිස සතුටක් කියන දේ පසක් කරලා දෙන්න උත්සහ ගන්න ඕන..යම් වරදකට අහු උන කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කරද්දී මානුෂීය වෙලා සාධාරණය මුදලට පාවා නොදී සැබෑව ක්‍රියාවට අරන් නියම ආකාරයෙන් සමතුලිත තීරණ දී දඩුවම් ලබාදෙනවනම් එතන ඇත්තටම සතුටු වෙන්න පුළුවන් නේද..?
මං නම් දකින්නේ ඒ දේවල් ඒ කාලේ නියම අයුරින් මේ බවුද්ද රට තුල ක්‍රියාත්මක උනා.එත් දුකකට කාරණාව අද ඒ දේවල් නැති එකයි..අපිට යාලුවනේ අනුන් හදන්න අමාරුයි.ඉතින් අවසාන වශයෙන් අපි අපේ සුභ සිද්ධිය උදෙසා තනියම ගොඩ නැගී අනිත් අයට ආදර්ශමත් උතුම් මනුස්සයෙක් වෙමු කියල මතක් කරනවා....
හැබැයි හැම වෙලාවකම සාධාරණය ගැන හිතල අයුක්තියට බිය නොවී කතා කරන්න ශක්තිය ගන්න කියලත් මතක් කරන්න කැමතියි.මොකද එහෙම නැතුව මේ දේවල් හරහා බය වෙලා අපි ඉන්නවනම් එතන නිවටයෝ කියල නමක් හැදෙනවා නේද යාලුවනේ...

2 Comments
siravatama sampurna aththa ban.uba me liyana adahasa nam kiyala vadak naa.eth meva dakinna ona evun neveyi karumekata dakinne..
ReplyDeleteස්තුතියි යාලුවා....මටත් අවශ්‍ය මේ වගේ දේවල් ඒ ඒ අදාළ අය වෙනුවෙන් කාරුණිකව පහදලා දෙන්න යාලුවනේ...ඔයාලත් ඒ දේට පුළුවන් උපරිමෙන් දායක වීම ගැන ගොඩක් ස්තුතියි..
ReplyDeleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....