ඇස් දෙකෙන්ම දෙවි කෙනෙක් දකින්න නියම ක්‍රමයක්.....

සුභ සති අන්තයක් වේවා යාලුවනේ හැමෝටම...අනේ යාලුවනේ මුලින්ම සමාවෙන්න ඕන ඉතින් මේ දවස් ටිකේ ලිපි පල කරන්න බැරි උනාට.මම ගොඩක් අසනීප තත්වෙන් තමයි උන්නේ..කෙටියෙන් කියනවනම් කතාකරගන්නත් අමාරු තත්වෙක උන්නේ.ඒ කියුවේ කතා කලාට වචන පැහැදිලි නෑ සෙම වැඩි වෙලා.ඉතින් දැන් නම් ටිකක් හොදයි..
ඔන්න ඉතින් පහුගිය පෝය දවසේ ලියන්න ඉදපු ලිපිය අයින් කරලා දාල අලුතින්ම එකක් ලියන්න හිතුව..
ඉතින් යාලුවනේ දැන් ඔන්න අවුරුද්දේ උණුසුම නම් සම්පුර්නෙන්ම වගේ ඉවර වෙලා ගිහිල්ල නේද..දැන් ඔන්න වෙසක් උත්සවය සමරන්න..
එහෙමත් නැත්නම් වෙසක් එකට සැරසෙන්න තමයි ඊලගට තියෙන්නේ..
ඉතින් මට මතක් වෙන දෙයක් කියන්නම්කො.දැන් ඔන්න අපේ උසස්පෙළ/සාමය පෙළ හදාරන යහළුවෝ යෙහෙළියෝ අවුරුදු මාසේ අවුරුද්දට අත අරිනවා..ඉතින් වෙසක් කිට්ටු උනාම ඒ මාසෙත් වෙසක් සදහා අත අරිනවා..ඉතින් ඔන්න ඊට පස්සේ කියනවා.."යකෝ අවුරුද්දෙන් බාගයක් ඉවරයිනේ,දැනුනෙවත් නෑ" කියල එහෙම නේද...යාලුවනේ.
ඉතින් යාලුවනේ කාලයත් එක්ක ගැටෙන සමාජයක අපිට අපේ එදිනෙදා කාර්ය භාරයන් සදහා වැඩ කරන්න ගියාම සහ කාලයට අවනත නොවී අපිට අවශ්‍ය විදියට අපේ පහසුවට පමණක් වැඩ කරද්දී කාලය යනවා දැනෙන්නේවත් නෑ නේද...
අපි කලින් කතා කළා නේද යාලුවනේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කරන්න ඕන දේවල් කීපයක්..ඉතින් යාලුවනේ ඔන්න අද මම ඊට ටිකක් ගැලපෙන තවත් දෙයක් කියන්නම්..
යාලුවනේ අපිට දියුණුව ලගා කරගන්න එහෙමත් නැත්නම් අපිට අපේ අවශ්‍ය තාවයට එහෙමත් නැත්නම් අපිට අපේ ඉලක්කයට යන්න නම් ගොඩක් භාදක කම් කටොලු වලට නොභියව මුහුණ දෙන්න ඕන නේද..
ගැටළු කියන දේ අපිට කියා කියා අපේ ලගට එන්නේ නෑ කියල අපි හැමෝම දන්නනව.ඒ වගේම තමයි තමන්ට වෙන්න පුළුවන් හදිසි අනතුරු පවා කියා කියා නෙවෙයි වෙන්නේ..
අන්න ඒ නිසා අපි හැම දේටම නොබියව මුණ දෙන්න තමා විසින්ම යම් ශක්තියක් ජනනය කරගන්න ඕන නේද..?
හැමදේටම වඩා කියන දේ කරන්න නම් ඒ දේ ගැන හිතට වදින්න දෙයක් කියන්න එපැයි.ඉතින් උදාහරණ වලින් කියන එකම තමයි ගොඩක් ගැලපෙන්නේ එහෙම නේද..?
යාලුවනේ හිතන්න මෙහෙම ...
අපි ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍ය නායක කණ්ඩායමට ඉල්ලුම් පත්‍ර දානවා කියල කියමු,ඉතින් ඔන්න හොදට ඉගන ගන්න ළමයි ටිකක් ඉන්නව කියමු..ඉතින් ඒ ඉගනගන්න ළමයි සෙට් එක සාමන්‍යයෙන් ඕනෑම පන්තියක එකට නේ ඉන්නේ.ඔන්න ඉතින් ඒ සෙට් එකම ඉල්ලුම් පත්‍ර දානකොට එක ළමයෙක් නොදා ඉන්නව කියල හිතමු.දැන් ඔන්න එයා කියනවා අනේ බෑ මචං මම කැමති නෑ,ඕවට ගියාම වැඩ පාඩු වෙනවා,අරක මේක ගොඩක් බැරි අමාරුකම් කියනවනේ,,,
ඉතින් ඔන්න අනිත් යාලුවෝ ටික එකතුවෙලා බලෙන් දානවා මෙයාගේ නමත්..නෑ නෑ බං හැමෝම දාන එකේ උබත් දාපන් කියල කොහොම කොහොම හරි ඔන්න නම දාල දැන් ඔන්න ඔක්කොමල ශිෂ්‍ය නායකයෝ උනා කියමු...(එතන කොහොමද යාලුවනේ එකමුතු කම තිබුනේ..හැබැයි ඔය අතරේ ඒ ඉගන ගන්න ළමයට ඊර්ශ්‍ය කරපු ය නැත්ද..එක්කෙනක් හරි ඉන්නවා නේ..)
ඉතින් කාලයක් ගියාම ඔතනින් ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් තොරනවනේ..?
අන්න ඒ ප්‍රධාන ශිෂ්‍ය නායකයට ඉල්ලනවා කියල කියමු එක ළමයෙක් ඔයාල අතරේම ඉදපු...
ඉතින් යාලුවනේ ඒ ළමයට කොයි තරම් නම අනිත් ළමයි,උඩින් කැමැත්ත පෙන්වල යටින් කොයි තරම් අර කකුලෙන් අදිනවා වගේ වැඩ කරනවද...
ළමයි විතරක් නෙවෙයි,පාසලේ යම් යම් ගුරුවරු පවා ඒ දේ කරනවා නේද..?මේවා ඉතින් අමුතුවෙන් කියන්න ඕන දේවල් නෙවෙයි ඔයාල අපි හැමෝටම ලැබුණු අත් දැකීම්..මේ අත්දැකීම් ඔයාලටත් ඇති කියල මම හිතනවා...මොකද අපි අහසින් පාත් උන අය නෙවෙයිනේ..
ඉතින් යාලුවනේ අර ශිෂ්‍ය නායකයන් අතරෙන් බිහිවන ප්‍රධානියාට කොයි තරම් මානසික බලපෑමක් තියෙනවද කියල හිතාගන්න පුළුවන් නේද..
අන්න ඒ වගේ දේවල් එල්ල වෙනකොට එයාට නොසැලී ඉන්න පුළුවන් කමක් තියෙන්න ඕන..
ඒ වගේම තමයි යාලුවනේ අපි හැමෝටම අපි මේ සමාජය තුල ජීවත් වෙනකොට අපිට වටපිටාවෙන් එන තර්ජන ගර්ජනවලට එහෙමත් නැත්නම් ගැටළු කරදරවලට පුළුවන් උපරිමෙන් ශක්තිමත්ව නැගී සිටින්න ඕන..
අපේ නායකතුමා මේ ගැන කියල තියෙනවා යාලුවනේ "සතර අගතියෙන් යුක්ත පාලකයෙක් සහ සතර අගතියෙන් වැළකුණු පාලකයෙකු"කියන මාතෘකාවෙන්...
මොකද්ද යාලුවනේ මේ දේ තුල සැගවිලා තියෙන්නේ...මොකද්ද මේ සතර අගතියෙන් යුක්ත පාලකයෙකුගේ එහෙමත් නැත්නම් නායකයෙකුගේ එහෙමත් නැත්නම් ප්‍රධානියෙකුගේ ලක්ෂණ..
යාලුවනේ අපි මොනම දෙයක් කරත් අපි කතාවට උනත් කියනවනේ කාටවත් යටත් නොවී  කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න ඕන කියල...
එත් අපි අනුන්ට බන කියනවා එත් තමන්ගේ ගෙදර කෙනෙක් වැඩිහිටියෙක් හෝ තමන්ගේ අම්ම තාත්ත හෝ පෙනී පෙනී වැරැද්දක් කරද්දී ඒ දේ නොදැක්ක වගේ ඉන්නවා නම් එයාගේ අර බන වලින් වැඩක් තියෙනවද යාලුවනේ වැඩක් නෑ නේද...?
යාලුවනේ මේ සතර අගතියෙන් යුක්ත පාලකයා හෝ ප්‍රධානියා සතුව තියෙන දුර්වල ගති ලක්ෂණ අතුරින් මම ප්‍රධාන කීපයක් කියන්නම්...
* තමන්ගේ පවුලේ නෑ හිත මිත්‍ර ආදීන්ට නීතියට/ධර්මයට පටහැනිව තමන්ගේ කැමැත්තට සංග්‍රහ කිරීම.
*යම් කෙනෙකුට හෝ යම් දෙයක් තමන්ට නැතිවෙයිදෝ යන බිය නිසා වැරදි තීරණ ගැනීම.
*යම් පුද්ගලයෙකුට තියෙන බියගොළු බව නිසා මුලා වී තීරණ ගැනීම.
*තමන්ගේ වාසියට තමන් සතු දේවල්(හිත මිතුරන් /මෙහෙකරුවන්) පාවල දීම.
*දන්නා අදුරන හිත මිතුරන්ට අවනීතියට ඕනෑම වැඩක් කරන්න ඉඩ ලබා දීම..
*අධික තෘෂ්ණාව හා ලෝභ කම නිසා දහමි පාලනයක ධාර්මිකව තම ක්‍රයාවන් නොකිරීම.
ඉතින් අවසානයේ තමන්ගේ වට පිටාවේ ඉන්න අයට අර ජනහිතකාමී පාලනයකින් තොර උන පුගලයෙකුට යාලුවනේ අපේ බුදු ධහමට අනුව පෙන්වල දීල තියෙන්නේ "සතර අගතියෙන් යුක්ත පාලකයෙකු "
කියල..
ඉතින් යාලුවනේ බලන්න මේ වගේ කෙනක් නිසා ඔයාල අපි යම්කිසි සාමුහිකව කරන්න යන යහපත් ක්‍රියාවක් තියෙනවනම් ඒ දේට යම්කිසි කම්මැලි බවක් අත්කරලා දෙනවා නේද,,,?
ඒ කියන්නේ එපාවීමක්/කලකිරීමක් වගේ දේවල්...
බලන්න ඔයාල රැකියාව කරන ආයතනයේ ප්‍රධානියා අතින් මේ වගේ අසාධාරනකම් සිද්දවෙනවනම් ඔයාලට තමන්ගේ ආයතනය කෙරෙයි මොකද්ද ඇතිවෙන ආකල්පය...
ඒ වගේම අර කලින් අපි සදහන් කල ප්‍රධාන ශිෂ්‍ය නායකයා තේරීමේදී මේ වගේ දෙයක් උනාම මොකද්ද ඇති වෙන්නේ..?
එකත් එහෙමයි අපි හිතමු අර තොරාපත්කර ගනිපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා කාලයක් යද්දී අර පට්ටම උසස් නිසා මේ වගේ වුනොත් මොකද වෙන්නේ...?
කොයි තරම් යාලුවනේ මේ දේවල් නිසා තමන්ව සමාජයේ පිරිහෙන්න පුළුවන් ද...?
තනියම කල්පනා කරොත් ඇත්තටම අපි මොනවාද මේ කරන්නේ කියල අපිටම හිතෙනවා නේද...?
යාළුවනේ අපි කොයි තරම් උසස්වීම නිල තල වලට ආවත් අපි අපේ මුල්ම තැන එහෙමත් නැත්නම් මේ තැනට දැන් ආවට, කලින් කොයි වගේ කෙනෙක්ද කියල තනියම හිතනවානම් ගොඩක් මේ ලොකුකම් උද්දච්චකම් ආඩම්බරකම් නැතිවෙලා නිහතමානී බව අපිට ලබෙනව නේද යාලුවනේ.එහෙම නොකර අපි කෙනෙකුට උපදෙස් දුන්නොත් කවදාවත් වැඩක් නෑ නේද යාලුවනේ...
එහෙම කලොත් අවසානයේදී අපිට අහන්න වෙන්නේත් අපේ වැරදි අඩුපාඩුම නේද...
"අපෝ ඔයි යකා බන කියුවට මෙන්න මෙහෙමයි කියල.."
යාලුවනේ අපි කරන දේ ගැන ගොඩක් අවබෝධයකින් යුක්තව මනා සංයමයකින් යුක්තව කල්පනා කාරීව සිද්ද කරන්න ඕන යාලුවනේ..
ඔයාල අපි හැමෝම අංගුලිමාල කතා වස්තුව අහල තියෙනවා නේද..එතන කියනවා බුදු හාමුදුරුවෝ අහිංසකට අසල ගසකින් ඉත්තක් කඩලා දීල අපහු මේක ඒ ආකාරයෙන්ම සවිකරන්න කියුව කියල..
යාලුවනේ එතන මොකද්ද බුදු හාමුදුරුවෝ අහිංසකට/(අංගුලිමාල)ට පැවසුවේ....
ගොඩක් ලොකු ගැබුරු අර්ථවත් දෙයක් නේද...?
එතන යමක් කිරීමට උපදෙස් දුන්නේ නෑ යාලුවනේ...
මේ වගේ කැඩුණු ඉත්තක් අපහු ඒ ආකාරයෙන්ම සවි කරන කවදාවත් බෑ..නමුත් එතනින් ඊලගට ගොඩ නැගෙන්න පුළුවන් කැඩුණු තැනින් අපහු නැවත සකස් වෙන්න පුළුවන්..හැබැයි ඒ කලින් තිබුන ආකාරයටම නොවෙන්න පුළුවන් ඊට සමානවම හැඩගැහෙන්න බැරි කමකුත් නෑ..
අන්න ඒ වගේ තමයි අහිංසක කියන චරිතය නැවත අපහු ඒ වගේම ලබාගන්න අමාරුයි..එත් නැවත ඒ හා සමානව ගොඩ නැගෙන්න පුළුවන්..මේ වැරදුනු තැන ඉදල නැවත නිවැරදි වෙන්න පුළුවන් යන්න බුදු හාමුදුරුවෝ කියුවේ නෑ.ඒ දේ අංගුලිමාලට තමන් විසින්ම හිතල තේරුම් ගන්න අවස්ථාවක් සලසල දුන්න නේද...?
අන්න ඒ වගේ යාලුවනේ ඇයි අපිටත් ගොඩ නැගෙන්න බැරි...
අපි අංගුලිමාල ල නොවන නිසාද....?
නෑ නේ.අපිට අවංකවම උවමනාවක් සහ කැපවීමක් නැති නිසා නේද යාලුවනේ...
ඉතින් ආදර්ශමත් පුරවැසියෙක් වෙලා අපි අපේ වැරදී අඩුපාඩු හදාගෙන මේ අපි යන ගමන ගියොත් හැමදාකම අපිට සතුටින් ඉන්න පුළුවන් නේද යාලුවනේ..පුළුවන් උපරිමෙන් උත්සහ කරලා බලන්න..බැරි වෙන්නේ නෑ..මොකද දෙවි කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ මේ දේවල් කරන්න..
අර චන්ද්‍රලේකා පෙරේරා මහත්මියගේ ගීතයකුත් තියෙනවනේ
"වන සිව්පවුන් වැනි මිනිසුන් මැද- දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත"
කියල...ඉතින් මේ දේම ඇති නේද යමක් හිතල බලල අපේ සමාජය තුල අපිට ගොඩ නැගෙන්න....මොකද අපි නේද ලෝකේ ඉන්න උසස්ම බුද්ධියක් තියෙන සත්ව කොට්ඨාශය...

Post a Comment

0 Comments