ඔයාගේ කෑල්ලෙන් උපරිම ප්‍රයෝජන ගන්න...

සුභ සති අන්තයක් වේවා යාලුවනේ හැමෝටම එහෙනම්...ඉතින් ඉතින් යාලුවනේ කොහොමද මේ දවස්වල සැප සනීප...?දැන් නම් ඉතින් අලුත් අවුරුද්දේ උණුසුම ටිකෙන් ටික අවසාන වීගෙන ගිහින් නේද.දැන් නම් නිකන් සාමාන්‍ය තත්වෙටම පත් වෙන්න ආසන්නයි වගේ නේ...
ඉතින් ඔන්න දැන් කාලේ හරි වගේ අපේ පහු ගිය ලිපි දෙක තුනක් නැවත කියවල බලන්න.මොකද අපි ගොඩක් මේ වගේ වෙනවා කියල කලින්ම සදහන් කළා නේ...?
ඉතින් යාලුවනේ ඔන්න අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වෙනස්ම විදියේ කතාවක් ගැන..කොහොමද තමන්ට එක දෙයකින් උපරිම ප්‍රයෝජන ගන්නේ කියල තමයි කතා කරන්න හදන්නේ..හැබැයි ඔයාගේ කෑල්ලෙන් හොදද..ඇත්තටම කෑල්ල කියල කියන්නේ මොකද්ද යාලුවනේ..
දැන් නම් ඉතින් කාටත් තේරෙන භාෂාවෙන් කියුවොත් ඉතින් අපේ යහළුවෝ අතරේ නේ මේ වචනේ ගොඩක්ම ප්‍රසිද්ද..
තමන්ගේ ආදරවන්තිට කොල්ලෙක් කියන්නේ කෑල්ල කියල..
ආයි ඉතින් බොරුවට කතා මොකටද නේද..?
මගෙන් උනත්.. කවුරු හරි අහන්න පුළුවන්."මචං උබට කෑල්ලක් එහෙම නැත්ද...?"
ඉතින් මම අහනවද "කෑල්ලක්" කියුවේ මොන කෑල්ලක්ද කියල අහනවා ද...?
නෑනේ යාලුවනේ මම උනත් එකපාරට කියනවා "නෑ බං තාම නෑ" කියල හරි මොකක් හරි කියනවා.ඉතින් අපි පුරුදුවෙලා ඉන්නේ ඒ සම්මතයටනේ...
සම්මතය උනාට ඒ තමයි අපි භාවිතා කරන වචන මාලාව.ඒ වගේම අපිට ලේසි විදියට යහළු කමට වගේම ගොඩක් හිතවත් කමට සහ පහසුවට බාවිතා කරන වචන නේද යාලුවනේ...
ඉතින් අපි මේ වගේ කොයි තරම් දේවල් බාවිතා කරනවද...?
කාලෙන් කාලෙට එක එක වචන කෑලි එනව...?
සමහර ඒවා සමාජයට දෙන්නේ අපේ වැදගත් මාද්‍ය ජාල වලින් ජනතාව සැහැල්ලුවට ලක් කරන්න රාත්‍රියේ විකාශනය වන එක එක ටෙලි නාට්‍ය වලින් නේද??
අපේ යාළුවොන්ටත් ඉතින් ඒක කනට වැටුන ගමන් ඇති.ඊට පහු වෙනිදාම බාවිතයට ගන්නවා..
"ටින් ටින් ගාල මේ වගේ වචන බාවිතයට ගනිද්දී එකෙන්ම අපි ඉතින් සමාජයට අලුත් පුද්ගලයෙක් වෙනවා"
දැන් නිකන් තේරුම් ගිය නේද ඒ දේවල් බාවිතයට ගත්තම හොදට තේරුම් ගිය කියල..
යාලුවනේ අපි තනියම ටිකක් කල්පනා කරලා බලනවා නම් අපි කරන කියන වැඩ වල හරය මොකද්ද කියල අපිට අපි ගැනම යම් තාක් දුරට ලජ්ජා වෙන්න පුළුවන් අවස්ථා බොහොමයක් ඇති.
තනියම හිතල බලන්නකෝ..
හොදයි අපි අද මාතෘකාව දෙසට යමුකෝ..මේ කියන්න යන්නේ ඔයාගේ අදරවන්තිගෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැටි නම් නෙවෙයි ඒ ගැන අපි පස්සේ කතාකරමුකෝ.....
මාතෘකාවට පදනම් උනේ මම අද උදේ දැකපු පොඩි දර්ශනයක්...?
යාලුවනේ මම මාතර නේ..?ඉතින් මම අද පොඩි උවමනාවකට මාතරට අසන්න නගරයක් වන අකුරැස්ස කියන නගරයට ගිය..ඉතින් ගිහින් එන අතරතුරේ මම තිබහට බීම එකක් බොන්න කෑම කඩයක් ලග නතර උනා,ඉතින් එතනින් මම බීම එකක් ගන්න එනකොට හිගන මනුස්සයෙක් "අම්ම කෙනෙක්" ඇවිත් මටත් අත දික් කරා..
බොරු ඕන නෑ යාලුවනේ මගේ ලග රු 17ක් පොඩි සල්ලි තිබුන.5 කාසි දෙකයි රුපියලේ කාසි 3යි.රුපියල් දෙකේ කාසි 2යි.
ඉතින් මම ඒ ටික දුන්න..
ඉතින් ඔහොම දුන්නට පස්සේ එතන එලියට වෙලා එක මහත්මයෙක් මයිලෝ එකක් බිබී ඉදිය "ඩබල් බනිස්"
එකක් කකා..
ඉතින් ඒ මහත්මයට අත දිගු කරාම එයා අර එක බනිස් පාළුවක් දුන්න.මම එච්චරයි දැක්කේ යාලුවනේ..ඉතින් ඊ ගාවට මම බීම එකක් බීල අපහු එන්න ආව..ඉතින් වැඩි දුරක් නෑ මීටර 50ක් විතර එනකොට මම දැක්ක අර අම්ම ඉන්නවා තව පොඩි ළමයෙක් එක්ක..
මම දැක්කේ මොකද්ද දන්නවද යාලුවනේ.එයා අර මහත්මය දීපු බනිස් පාළුවෙන් කොටසක් අර ළමයට දීල කන්න..ඉතින් දෙන්නම කකා උන්නේ..
ඇත්තටම ගොඩක් දුක හිතුන...ඒ වගේම අද ලිපියට මේ ගැන ලියන්න ඕන කියල අදහසකුත් ආව..ඇත්තටම යාලුවනේ අපේ සමාජයට ඒ අවස්ථාවෙන් ගන්න ගොඩක් ප්‍රයෝජන තියෙනවා නේද..?මතකද අපේ සමහර යහළුවෝ නිකරුනේ  අවුරුදු දවස්වල වියදන් කරපුව..අරක්කු වලට සිගරට් වලට වියදන් කරනවා ඔයාල අපි හැමෝම දකින්න ඇති නේද..එත් අපි කතා කර මතකද ඒ අතරේම මේ වගේ අයත් නැතුවම නෙවයි කියල..
බලන්න ඒ අම්ම කොයිතරම් බඩගින්නේ උන්නත් තමන්ගේ දරුවාගේ කුසගින්න නිවන්න ගත්තු උත්සාහය.
ඒ වගේම තමන්ගේ දරුවට තියෙන ආදරය කොයි තරම්ද යාලුවනේ..
හැම අම්ම කෙනෙකුගේම ආදරය රැකවරණයට සීමා මායිම් නෑ.
එත් බලන්න අද කාලේ අංග විකල දරුවෙක් තමන්ට ලැබුනොත් සමහර අම්මල ලැජ්ජාවට ඒ දරුවාව ළමා නිවාසෙකට දෙන්න තරම හිත හදාගෙන ඉන්න අයත් ඉන්නව.එත් කවදාවත් හරි අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට එහෙම බෑ නේද..?
ආදරය කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි නේද යාලුවනේ..අපි අපේ අම්මට ආදරේ කරන්නේ අම්මගේ කුස තුලට අපු දවසේ ඉදන්ම නේද..අම්මත් එහෙම තමයි අපිට ආදරේ කරන්නේ....සමහරවිට ඊටත් කලින්ම හිටහ්ගෙන ඉන්නවා මගේ අදරුවට මම මේ මේ විදියට ආදරේ කරනවා කියලත් නේද..
එත් අවාසනාවකට කාලයත් එක්ක ඒ දේවල් වෙනස් වීගෙන යනවා..
බලන්න අපිට කෙනෙක් මොකක් හරි අපි ආස කරන කෑමක් බීමක් දුන්නොත් ඒ දේ එකපාර කාල රස විදිනවා..හැබැයි ලග ඉන්න කෙනෙක්ට දීල තමයි කන්නේ.එතන හොදයි..බෙදා හදාගෙන කෑම තමයි ගොඩක්ම වටින්නේ..
අන්න ඒ හේතුව මතම තමයි අපේ අර උතුම් මනුසත් කමින් යුක්ත මහත්මා ගතිය විධාහා දක්වමින් අර අසරණ අම්මට කන්න තමන්ට හැකි පමණින් දායක උනේ.ඉතින් ඒ අම්ම තමන්ගෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුකම් සහ වගකීම පුළුවන් උපරිමෙන් පෙන්වපු අවස්ථාවක් නේද යාලුවනේ.
අපිත් යාලුවනේ අපිට පුළුවන් උපරිම ප්‍රයෝජන අපිට ලැබෙන කෑමකින් අපි ආස කරන කෑමකින් ගන්න පුළුවන් නේද..ගෙදර හදන දෙයක් නම් ඒ දේ අසල්වසිනටත් භුක්ති විදින්න කොටසක් දෙන්න පුළුවන්..තම හුරුතලේට හදන සත්තුන්ට වගේම එළියේ ඉන්න සතෙක්ට උනත් දුන්න කියල අපිට වැරැද්දක් වෙන්නේ නෑ නේද..?
"දුන් දේ සුවදයි කෑ දේ ගදයි" කියල කතාවක් අහල ඇති කියල මම හිතනවා..ඉතින් යාලුවනේ අපිත් පුළුවන් උපරිමෙන් අපේ සතුට විදිමින් වර්තමානයට වගේම අනාගතය උදෙසා සහ අපේ ඊලග භවයට බලපාන විදියට අද අදම කුසල් ක්‍රියවෙහිම නිරත වෙනවනම් නේද හොද..?
හැමදාම කියනවා වගේ කවද හරි ඉතුරුවන දේ සදහා පුළුවන් උපරිමෙන් අපි විසින්ම දායක වෙනවනම් නේද හොද..තමන් වෙනුවෙන් අනුන්ට පිං කරන්න බෑ නේද යාලුවනේ.ඒ වගේම අපි දෙවි වරු නෙවෙයිනේ අනුන්ගේ පිං ගන්න..ඉතින් අපි අපිම පිං කරන්න ඕන අපි වෙනුවෙන්ම..
ඒ සදහා කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද කියල අපි හැමෝම දන්නවා නේද..
තමන්ට හැකි අයුරින් කිරීම තමයි වඩාත්ම හොද..
ඉතින් අපේ "කෑලි" වලට...ඒ කියුවේ කාටද...?අපේ යෙහෙලියෝන්ට තමයි..මොකද බලන්න ගෙදරක තාත්තට වඩා අම්ම තමයි පිනට දහමට ලැදි වෙලා තියෙන්නේ.ඉතින් ඒ අභාෂයෙන් තමන්ගේ දුවට ලැබෙනවා හොද උපදෙස් ටිකක්..
ඉතින් ඔන්න ඔයි විදියට ආපහු අම්ම කෙනෙක් උනාම එයත් පන්සලට ආගමට දහමට නැබුරු වෙනවා...
හැබැයි අපේ යෙහෙලියෝන්ට හැකියාවක් තියෙන්න ඕන තමන්ගේ අරයවත් ඒ කුසලට එකතු කරගන්න.මොකද එතන තවත් පිනක් කෙනෙක්ව පිනට දහමට පුරුදු කිරීම තවත් පිනක් නේද යාලුවනේ..
ඉතින් හැමදාම කියනවා වගේ අපි මේ සමාජය තුලින් දකින දේවල් රුප රමුවලටම පමණක් සීමා කරන්නේ නැතුව ඒ හැමදෙයක් තුලින්ම ලබන්න පුළුවන් උපරිම ප්‍රයෝජන තනියම හිතල හිතට ගන්නවා නම් හැදෙන්න කොයිතරම් ක්‍රම තියෙනවද යාලුවනේ...
හොද ගුණ දම් කියන දේ අපි අපි විසින්ම ලබාගත්තොත් සහ ඒ ආශ්‍රයෙන් හැඩ ගැහුනොත් අපේ අම්මල තාත්තල උනත් පුදුම කරවන්න සහ ඒ අයව උපරිමෙනම සතුටු කරන්න බැරි කමක් නෑ නේද...
ඉතින් හැදෙන කෙනෙක්ට උපරිම අවස්ථාව නැතුව නෙවෙයි නේද යාලුවනේ...මොකද අපි හැමෝම උතුම් මිනිසත් කමින් යුක්ත මනුස්සයෝ නේ....කවද හරි අපි ආදර්ශමත් කෙනෙක් උනොත් හැමදාකම ජීවත්  වෙන අමරණීය චරිතයක් වෙන්නත් පුළුවන් නේද...?

Post a Comment

9 Comments

  1. ape future 1 ta godaaaaaaaaaak important article 1k.niyamai......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුව...ඔයාට පුළුවන් උඅපරිමෙන් දායක වෙන්න.ඔයාලගේ අනාගතේ වගේම අපි හැමෝගෙම අනාගතේ වෙනුවෙන් තමයි මනුස්සකම තියෙන්නේ...

      Delete
  2. මචං අපේ ගෙවල් ලග හරක් සෙට් එකක් ඊයේ රෑත් බොන්න සෙට් වෙලා.උන් නම් real හරක් රැලක්.කවදාවත් හදන්න බෑ.උන් වියදන් කරපු සල්ලි වලින් හිගන මිනිස්සු 50ට විටර කන්න දෙන්න තිබ්බ.අම්මප.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...එකනේ යාලුව.අපි අතරේ ගොඩක් දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන් විසින්ම වැරදි කරන ය ගොඩක් දකින්න ලැබෙනවා.එත් ඒ අයට කියන්න ඕන ඒ දේවල් හදාගන්න කියල මුනට නෙවෙයි.හිතට කවදින්නයි කියන්න ඕන..පුළුවන් නම් ඔය උත්සහ ගන්න.ගොඩක් ලොකු පිනක්.

      Delete
  3. mn topic aka dekkma nm hituve kata katavk kiala,at atta tami kiyla tiynee ne.gd gd osaa

    ReplyDelete
    Replies
    1. යාලු..ඔයාගේ අදහස ගොඩක් වටිනවා.මම බලාපොරොත්තු වෙන්නෙත් මිනිස්සු දකින දේ නෙවෙයි.ඒ දකින දේ තුල හැංගිලා තියෙන ඇතුලාන්තය මොකද්ද කියල පහදන්න...ඒ දේ වෙනවා කියල දැනගත්තම ගොඩක් සතුටුයි...ස්තුතියි යාලුව....

      Delete
  4. හඩු භාෂාවෙන් ලියන්න එපා. සරල වෙනවා යතාර්ථවාදී වෙනවා කියන්නේ භාෂාව කනවා කියන එක නෙවෙයි. වටිනා අදහස් උතුම් සද්ධර්මයක් වෙන්නේ සරල නිවැරදි සිංහලෙන් ලිව්වොත් විතරයි. මේවා පාසල් ළමුන් බලනවා. ඒගොල්ලෝ හිතනවා මේ තමයි නිවැරදි භාෂා විලාශය කියලා. ඒ නිසා තමයි ජරා එෆ්.එම්. නිවේදක නිවෙදිකාවන්ව එලවා දාන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ යාලුවා...මේ පල කරන ලිපි වලට බාවිතා කරපු භාෂා විලාශය හොද මදි කියලද....?එහෙමත් නැත්නම් ඔයා දරන යම් මතයක් පිළිබදවද.හරියටම මට පැහැදිලි නෑ යාලුව,තරහ නැතුව ඒ දේ පහදලා දෙනවනම් ගොඩක් සතුටුයි...මොකද අපේ වැරදි ගොඩක් ය මේ වගේ පෙන්වල දෙනවනම් ගොඩක් දුර යන්න පුළුවන්...ස්තුතියි....!!!

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....