ඔන්න හවස් වේලාවකදී උනත් යාලුවනේ මුලින්ම සුභ සතියක් වේවා කියල පතලම අද ලිපිය ලියන්න ආරම්බ කරන්නම්..
හැබැයි ඔන්න වෙනද වගේම මුලින්ම කියනවා මේ ලිපියෙන් කියන්න යන්නේ...එහෙමත් නැත්නම් අදහස් කරන්නේ අපේ මේ ජෝතිෂ්‍යය හෑල්ලුවකට ලක් කරන්න කියන එකවත් ඒ දේ බොරුවක් වංචනික වැඩක් කියල කියන දේවත් ඒ දේට රැවටෙන්න එපා කියල කියන එකවත් නෙවෙයි හොදද යාලුවනේ.මොකද මම නම් ඇත්තම කියුවොත් කේන්දර බලන්න තියා එකේ තියෙන අර කොටුවල අකුරක තේරුමවත් දන්නේ නැති කෙනෙක් හොදද....වරදවා නම් තේරුම් ගන්න එපා.එත් මන් කියන මේ සංකල්ප එහෙම හරිද වැරදිද කියල විතරක් පොඩ්ඩක් හිතල බලල අදහසක් දැක්වුවට නම් කමක් නෑ...ඔන්න එහෙනම් පුරුදු විදියට අදත් කියවලම බලන්නකෝ මොකක්ද මේ කියන්න යන්නේ කියල..
යාලුවනේ ඔන්න බලන්න අපි දැන් කම්මැලි කමට හවසට පාලුවට තනිකමට යනවා කියල හිතමු මොකක් හරි පාර්ක් එකකට එහෙමත් නැත්නම් මුහුද අයිනට යනවා කියල හිතමුකෝ..දැන් ඔන්න කොහේ හරි බංකුවක ඉදගෙන ඉන්න වෙලාවක..අපි හිතමු තමන්ගේ ආදරවන්තය හෝ ආදරවන්තිය සමග ඉන්න වෙලාවක කියල..
ඔන්න ඉතින් ඔහොම ඉන්න වෙලාවක එකපාරටම ලගට එනවා ඔය සාස්තර කියන මනුස්සයෙක්..
"අනේ නෝනා..ලස්සන මහත්තය..බලන්න මුනේ තියෙන සිරියාව,පින්වන්ත ඇස දෙකක් මතු සසර පුරාවටම එකට ඉන්න ඕන..මහත්තය සැබෑවටම හරිම ආදරෙයි නෝනට.සල්ලි උතුරන දවසක් එනවා ඔන්න බලන්න නෝනා......කෝ අත දෙන්න"
කියල කියුව ගමන් අපේ ඉතින් අදරවන්තියෝ ගොඩක් ආසයිනේ..
ආ මෙන්න කියල ටක්ගාල අදරවන්තයගේ අත අල්ලලා අර මනුස්සයට දික් කරලා අහනවා..
ඉතින් ඔන්න මහත්තයාගේ වාසනාවන්ත කම ගැන රටේ නැති ඒවා කියනවා..
"ගොඩක් සල්ලි තියෙන දනවතෙක් වෙනව.ඉඩකඩම් යානවාහන මිලමුදල් කිසිම දෙකින් අඩුවක් වෙන්නේ නෑ කවදාකවත්..නෝනා ගොඩක් වාසනාවන්තයි මේ වගේ මහත්මයෙක් ලබන්න..මහත්තය ගොඩාක් පින්වන්තයි..ඒ නිසාම මහත්තයට ගොඩක් ලස්සන නෝනා කෙනෙක් ලැබිල තියෙනව..මේ විවාහේ ස්ථිරයි කියල රු 50 යි..මහත්තය ගැන..අනේ වාසනාවම උදාවේවා යහපත්කම් වේවා..!
කියල ඔන්න සාස්තරේ කියල යනවා ..මේ දේ ඇත්තනේ යාලුවනේ..
ඉතින් යාලුවනේ ඔන්න බලන්න බොහෝදුරට අපේ මේ ආදරවන්තය මොකද්ද කියන්නේ ඒ සාස්තරේ ඇහුව ගමන්ම..
"මොන පිස්සුද අනේ..විකාරද තනිකර බොරුනේ කියුවේ..අර කියුව දේවල් තියෙනවනම් මෙච්චර ප්‍රශ්න තියෙනවද...?"
ඔන්න ඔහොම කියපු ගමන් අපේ ආදරවන්තිය කියනවා..
"නෑ ඒ වුනාට කියපුව ටිකක් හරි ඇත්තනේ..ඔයාට ඉතින් කිසිම දෙයක් හරි නෑනේ.."
එහෙම කියනවා බොහෝ දුරට...සමහරවිට මේකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්..
ඔන්න බලන්න යාලුවනේ දැන් අර පිරිමි ළමයාගේ අම්ම ඉන්නවනේ ගෙදර..
ඔන්න ඔහොම කාලයක් යනකොට මොකක් හරි අනතුරක් හරි කරදරයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් මේ පිරිමි ළමයට ඇති උනා කියල හිතමු..
ඉතින් ඒ අම්ම ටක් ගාල කරන්නේ කේන්දරේ අරගෙන යනවනේ හොද ජෝතිෂ්යවරයෙක් ගාවට..අරන් ගිහින් බලනවා..බලල ඉතින් කියනවා ඔව් ගොඩක් අපලයි අරය මෙහෙ ඉන්නේ මෙයා අරෙහෙ ඉන්නේ..අරය මෙයට කැපිල නිසා මෙය නීච වෙලා..ඉතින් අර අපල තියෙනවා මේ අපල තියෙනවා කියල කොළ දෙක තුනක ලියල හෙන පුජාවක් ලියල දෙනවා..
ඉතින් ඔන්න අම්මත් ඒක කියවල ලෝක බයෙන් ටක්ගාල ගෙදර එනවා අනේ මගේ දරුවා ආරක්ෂාකරගන්න ඕන..හැම පුජවක්ම අකුරට කරන්න ඕන කියල..
ඉතින් ඔය එන අතරමගදී සිහිය තියෙන්නේ මේ දේ ගැන නේද..සමහරවිට අනතුරක් වෙන්නත් බැරි නෑ..
ඉතින් යාලුවනේ ඔන්න ඔහොම ඉන්නවෙලාවක බැරිවෙලාවත් කේන්දරේ බලපු කෙනා නිකමට හරි කියුවොත් මේ ළමයට අද හෙටම ධන ලාභ තියෙනව ඉක්මනට සල්ලි ලැබෙන්න තියෙන්නේ..අරක මේක කියුවොත් කොහොමද ගෙදරින් තියෙන ආරක්ෂාව..
යනකොට පුදුම සෙවිල්ලක් තියෙන්නේ..
ඉතින් ස්මහරවෙලාවකට කියුවොත් ප්‍රේමසම්බන්ධයක් නිසා ජීවිතේ නාස්ති වෙන්න පුළුවන් කියල..
ඔන්න ඉතින් එදා ඉදල ඉතින් ආයි ගෙදරින් එලියට බහලත් ඉවරයි...
ඉතින් ඔන්න බැරිවෙලාවත් කියුවොත්
හොද තැනකට යන්න ඉන්න කෙනෙක් වැඩිය බලපෑම් කරන්න එපා..කැමති දේ කරන්න දෙන්න එකට උදව් කරන්න කියල..අපේ අම්මල මොකද්ද කරන්නේ.මුළු සේසතම විකුණලා හරි හැම දෙටම සල්ලි දෙනවා..බොරුද??
ඔන්න කියුවොත් ලගකදී මොකක් හරි වැරැද්දකට හිරේ යන්නත් පුළුවන් තත්වයක් උදාවෙනවා කියල මොකා වෙන්නේ..අපහු ඉතින් යන යන හැම තැනකටම ගෙදර කෙනෙක් එනවා වල්ගේ වගේ...
මෙන්න මෙහෙමනේ යාලුවනේ අපේ සමාජය හැඩගැහිලා තියෙන්නේ..
යාලුවනේ පොඩ්ඩක් හිතන්න මෙන්න මේ දේ ගැන.අපි ඔය බලන කේන්දරේ හරියටම කියල තියෙනවා නම් අපි මැරෙන දවස මොකද්ද කියල ඔන්න මම නම් විශ්වාස කරනවා..ඔයාල නම් කොහොමද නම් මම දන්නේ නෑ.
මොකද මේ හැමදේම හදන්නේ අපි ඉපදෙන වෙලාව මත..අපි ඉපදෙන වෙලාව කවුරුචාත් දන්නේ නෑ..අපි හරියටම ඉපදෙන වෙලාව බලන ඔරලෝසුව හරියටම හරිද නැත්ද කියල කවුද දන්නේ..
බැරිවෙලාවත් ගොඩක් අපල තියෙන කෙනෙක්ගේ වෙලාව බැලුවම ඉපදුනේ උදේ 10 ට නම් ඒ කෙනා 10.01 ට ඉපදුන නම් ඔය කිසිම කරදරයක් නැති වෙන්නත් පුළුවන් නේද...?
යාලුවනේ හරියට බැලුවොත් අපි කේන්දරේ බලල විශ්වාස කරන දේවල් වලින් වැඩිම ප්‍රතිශතයක් ගත්තොත් අපි ගැන නරකක්/අවධානමක් ගැන කියුවොත් ඒ ගැන හොදටම හිතට ගන්නවා නේද..
එත් අපි ගැන හොදක් කියල තිබුනොත්..ලගකදී වාසියක් වෙන්න තියෙනවා කියුවොත් කියන්නේ අනේ ඉතින් බොරු තමයි ඕව..කියල හිතින් කල්පනා කරනවා කවද ලැබේවිද කවද දියුනු වෙවිද..කියල.
එත් අර බය වුණාම එක එක අය එක්ක කියනවනේ අනේ අපේ පුතාට අපල තියෙනව අරක මේක කියල කියනවා වගේ කියනවද
අනේ අපේ පුතාට මාර විදියට වාසියක් සිද්දවෙනවා කියල කියුව..ලගදීම සල්ලි ලැබෙනවා කියුව කියල කියා කියා ඇවිදිනවද..නෑනේ..?
ඇයි අපි එක දෙයක් හංගල එක දෙයක් එලියට දන්නේ...
කෙටියෙන් කියුවොත් තමන්ට හොදක් වෙනවා කියන එක හංගල නරකක් වෙනවා කියන එක සමාජය අතරට යවනවා...
යාලුවනේ අප අපිවම රවට්ටව ගන්නවා වගේ වැඩක් නේද...?
ඇත්තටම අපේ දියුණුව තියේන්න ඕන අපි ලගම නේද..
පොඩ්ඩක් හිතන්න හැබැවටම ඔය කේන්දර බලන කෙනා ඉන්න තත්වේ දිහා..
එයා එහෙනම් අද කොටි පතියෙක් වෙන්න ඕන නේද...?
කිසිම කරදරයක් බාධාවක් නැතුව ඉන්න ඕන..එත් එහෙම සත්‍යය පතුරුවන අය ගොඩක් හොද තැන්වල ඉන්නවා.එයාල සමාජයට ගොඩක් ලොකු සේවයක් කරනවා...
මම දැකල තියෙනව.එත් ගොඩක් බොරු කරන අයත් ඉන්නව..
පොඩ්ඩක් අපි මග නැවතිලා බැලුවොත් අපේ දියුණුව කියන දේ තියෙන්නේ අපි ගාවම නේද යාලුවනේ..
පොඩ්ඩක් මහන්සි උනොත් කේන්දරයට ඔනවිදියට අපිව හැඩගස්වගන්නේ නැතුව අපිට ඕන විදියට අපේ කේන්දරේ හැඩගස්වගන්න..ඔන්න සම්මතයෙන් අපි වෙනස් වෙන්ව.
අපි උත්සාහයෙන්/කැපවීමෙන් තමන්ට් පුලුවන් කියල හිතෙන පැත්තෙන් මහන්සි උනොත් අපේ දියුණුවට වැඩි ඈතක් නෑ කියලයි මගේ නම් විශ්වාසය..
එත් කවදාවත් කෙනෙක්ව රවට්ටලා සල්ලි හොයන එක නම් දියුණුව නෙවෙයි..
යම්කිසි සාදාරන විදියකට මුදල් උපයන්න පුරුදු වෙන්න..
මොකද එතකොටයි ඒ මුදලේ නියම වටිනාකමක් සමග සමාජයේ පිළිගැනීමකට ලක්වෙන්නේ...
යාලුවනේ අපි හැමෝම මනුස්සයෝ.අපිට ගොඩනැගෙන්න උසස් මනසක් තියෙනවා.කල්පනා කරන්න ශක්තියක් තියෙනව..
ඒ දේවල් වලින් අපිම ගොඩනැගෙනවා මිසක් ලෝකයට ඕන විදියට අපිව ගොඩනගන්න දෙන්න එපා..තමන්ට පුළුවන් දෙයින් උපරිමෙන් මහන්සි වෙන්න බැරි වෙන එකක් නෑ යාලුවනේ.මිත්‍යා මතවාද වලට නැවෙන්න පහත වෙන්න යන්න එපා..විශ්වාසය තමන් ලගම තියාගන්න..එකපාරක් බැරි උනාට තව පාරක් උත්සහ කරන්න..ඒ පාරත් බැරිනම් තව පාරක් උත්සහ කරන්න..
තමන් ආසකරන පැත්ත ඒ දේ නම් ඒ පැත්තට දහස්වතාවක් මහන්සිවෙලා උත්සාහ ගත්තත් පාඩුවක් වෙන්නේ නෑ යාලුවනේ...එහෙම නොවුන නම් අද අපි හැමෝම රෑට ගිනිදැල් මැද,ලාම්පු එලිඑ තමයි ජීවත් වෙන්න වෙන්නේ....එහෙම නේද යාලුවනේ....??

2 Comments
ඒක නම් සහතික ඇත්ත!
ReplyDeleteස්තුතියි යාලුව....
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....