කනවනම් කන්න මෙව්වා...

න්න යාලුවනේ අද ඉතින් සතියේ අවසාන දවස නේ..ගොඩක් අයට හිතට ලොකු සැහල්ලුවකුත් දැනෙනවා හැබැයි ඉතින් හවස් වෙලාව එනකොට නම් ඉතින් ආපහු එපාවෙනවා...
හපෝ.....හෙට උදේ ඉදන් ඉතින් ආපහු යුද්ධ පිටිය වගේ වැඩ කරන්න ඕන නේ කියල මතක් වෙනකොට ඉතින් අප්පිරියයි නේ...?
ඉතින් අපේ ස්කොලේ යන යන එන යහළුවෝ නම් ඉතින් කම්මැලි කමේ තමයි යන්නේ...යෙහෙළියෝ නම් ඉතින් ගොඩක් ආසයි නේ.ඇයි ඉතින් සති අන්තේ ගතකරපු හැටි කියව කියව ඉන්න නේ අපේ යෙහෙලියෝන්ගේ ශ්‍රී මුඛය හැඩ ගැහිලා තියෙන්නේ නේද....?
ඉතින් ඔන්න හෙට ගිහින් යාලුවෝ එක්ක කතා කරල හිනා වෙන්න අපි පොඩි විහිළු කතාවකින් අද ලිපි ලියන එක ආරම්භ කරන්න හිතුව...කියවලම බලන්නකෝ.

ඔන්න ඉතින් හවස් වෙලාවක දවසක් එක ළමයෙක් ලොකූ චොක්ලට් පෙට්ටියකුත් අරගෙන මුහුද අයිනට ගියාලු තනියම කකා රස විදින්න...
ඉති ඔන්න දෙකක් තුනක් කකා ඉන්නකොට එතනට ආවලු අවුරුදු 65ක පමණ වයස ඇති සීය කෙනෙක්..
ඉතින් ඔන්න මේ කාලේ සීයල පොඩ්ඩක් උපදෙස් දෙන්න යනවා වැඩියිනේ..
ඉතින් අර ළමය චොක්ලට් කකා ඉන්නවා දැකපු ගමන සීය එකපාරටම මෙහෙම කියනවලු..ඔන්න ඉතින් දෙන්න අතර සිද්ද උන කතා බහ මෙහෙමලු..

සීය: හපෝ...ළමයෝ උබට මොලයක් කියල දෙයක් නැත්ද හැබෑටම...?ඔච්චර චෝකොලොට් කන්න උබට පිස්සුද...?

ළමය: ඇයි මොකද සීයේ..මගේ සල්ලිවලින් නේ ගෙනාවේ මට ඕන නම් කනවා..

සීය: උබලගේ පොඩි වයසට දන්නේ නැති කමට ඔහොම කනවා..උබ දන්නවද ඕකෙන් වෙන දේ...?

ළමය: නෑ දන්නේ නෑ..කියන්න මොකද්ද වෙන්නේ??

සීය: ළමයෝ....චොකොලට් වැඩිපුර කෑවම බොල ඉක්මනට මැරෙනවා..උබලගේ වයස ඉක්මනට කොට වෙනවා තෙරුනයි.ඕව කන එක නවත්තපන් දැන්මම...
කියල කියුවම ඔන්න ළමය ඊට පස්සේ කියනවා...

ළමය: හා ඇත්තෙයි සීයේ..මම දන්නේ නෑනේ???

සීය: ඔව් ඔව් බොල...උබල දැන්නෑ අපේ සීය අවුරුදු 85ක් ජීවත් උනා..කොහොමද දන්නවද?
ඔය චෝකොලොට් ජරාව කටේ තියන්නේ නැතුව .තෙරුනයි.

ළමය: අනේ සීයේ යනවා හලෝ යන්න...අපේ සීය අවුරුදු 120ක් ජීවත් උනා කොහොමද දන්නවයි..?

සීය: මොකා........ ඒ කොහොමෙයි කියපන් බලන්න.

ළමය: චොක්ලට් නොකා ඉදල නෙවෙයි..අනුන්ගේ ප්‍රශ්න වලට හොට නොදා ඉදල..තෙරුනයි..

Post a Comment

8 Comments

  1. kauda bn...ubata me..wage katha..kiyanne..? ube..ara yaluwo dennak inne rasannai,hasannai kiyala.. e..dennage nam daanawa wage.. me..kathawa ubata kiyapu ekaage namath dapankoo :p (kellonta eka vidiyak kollonta eka vidiyak.. anee..''mehemath manussayo'')

    ReplyDelete
    Replies
    1. මේ කතාව මට දවසක් කියුවේ මත එක්ක ඉන්න හොද විකට චරිතයක්...අපි නම් ඉතින් එයට කියන්නේ ජනක කියල..මාර පුධාලය හැබැයි..එයාගේ කටේ තියෙන්නේ ඉතින් මේ වගේ මරු මරු කතා....ඇත්තටම ස්තුතියි ජනක.

      Delete
  2. Replies
    1. ස්තුතියි යාලුව අදහසට...ඔයාලටත් පුළුවන් මේ වගේ රසවත් කතා අපිට එවන්න...

      Delete
    2. ගයානි,ඇයි අනේ ඔයා තමන් ගැනම මෙහෙම ඇඩ් දාගන්නේ? ලැජ්ජා නැද්ද?

      Delete
    3. ගයනි යාලුව..ඔයාගේ ලින්ක් එකක් අපේ අඩවියේ පලකරන්න පුළුවන් මාර්ගය අනුගමනය කරොත් මීට වඩා යහපත් කියල සතුටින් දැනුම් දෙනවා....

      Delete
  3. niyamai me bar ekak nisa zoom karanna bene akuru podiyata pene

    ReplyDelete
    Replies
    1. නොකද්ද යාලුව බාර් එක එන...පොඩ්ඩක් පැහැදිලිව කියනවද. Ctrl + "+" ලකුණ එක පාරක් එබුවනම් හරි කියල හිතනවා..

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....