"ආගම" කියල කියන්නේ මොකක්ද....?

තින් යාලුවනේ ඔන්න හැමෝටම සුභ සතියක් කියල පතනවා...අද ඉතින් මුල්ම ලිපියෙන් අපි වැඩිය නොදන්නා කරුණක් ගැන තමයි කියන්න හැදුවේ.අපි ඉතින් ඇදහුවට එක එක අය සමග කතා කරට අපේ ආගම ගැන.අපේ මේ ශිෂ්ටාචාරයන්ට අනුකුලව ගොඩ නැගිච්ච ආකාරය බොහෝ යහළුවෝ දන්නේ නැහැනේ..ඉතින් හොයාගත්ත මම පොඩි පොඩි කරුණු ටිකක් ඉතින් කියවල බලන්නකෝ...

සින්දු ගංගා නිම්නයේ තිබි හමු වු විශාල ප්‍රතිමා සංඛ්‍යාවක් හේතුකොට ගෙන හරප්පන් ජනය සංශ්‍රිත භාවය සංකේතවත් කරන මනව් දේවතාවියට වැදුම් පිදුම් කරන ලද්දේදැයි පෘථුල ලෙස අදහස් ඉදිරිත් විය. කෙසේ වුවද මෙම මතය දැන් එකස්. ක්ලාක් විසින් නිෂ්ප්‍රභ කරල  ඒ උනාට සමහර සින්දු නිම්න මුද්‍රවන්හි, පසු කාලයේ අනෙකුත් ආගම් හා මිථ්‍යා කාන්තාවන්හි , විශේෂයෙන් හින්දු ආගම වැනි ඉන්දියානු ආගම්වල හමුවු, ස්වස්තිතයෙහි සලකුණු  තිබුන කියලත් කියනවා. හින්දු ආගමේ ආගම්වල හුමුවු ස්වස්තිතයෙහි සලකුණු තිබුන.හින්දු ආගමේ මුලික අංග පිළිබද පැරණිම සාක්ෂි මුල් හරප්පන් සමයේ හා ඊට පෙර පවතින නිසා. හරප්පන් වරුන් ඔවුන්ගේ සංස්කෘති‍යේ මුල් අවධින්හි දි සිය මළවුන් මිහිදන් කලා කියල තමයි යාලුවනේ දැනගන්න ලැබුනේ... කොහොම උනත් පස්සේ කාලයේදී විශේෂයෙන් පශ්තාත් හරප්පන් සමයේ එච් (4) සුසාන භුමි සංස්කෘතියේ ඔවුන් සිය මළවුන් අදායහනයද කළ අතර ඒවායේ අළු මිහිදන් නුවාන්හි මිහිදන් කළා කියලත් කියනවා...
බොහෝ සින්දු නිම්න මුදාවන්හි සතුන්ගේ රූප දක්නට ලැබේනවනේ. උදාහරණ ලෙස යෝගාසනයට සමහාන ව වැඩ වි සිටින, සතුන් විසිනි වටකරගත් වේදය අනුව සතුන්ගේ දේවියා වු පශුපතිට සමාන යැයි සැලකෙන රූපයක් සහිත මුද්‍රවක් වේ. පශුපති මුදාව සමකාලින හින්දු අගමෙහි බ්‍රහ්ම , විශ්ණු ශිව මුර්තිය (මැවුම් කරූ- පවත්වණනා - වනසන්නා) හා සමාන කමක් දක්වන එකක්. මේක වසර පන්දහසකට පමණ පෙර සිට ආගමික චාරිත්‍රයන් හින්දු ආගම තුලට ආපු හැටි හැඩ  ගැසුණු ආකාරය නිරූපණය කරනවලු. කෙසේ වුවද සර්නුනෝස් නැමැති සෙල්ටික් දෙවියන් නියෝජනය කරන ඒ හා සමාන ආකෘතියක් ගුන්ඩේස් ට්‍රප් (ඩෙන්මාර්කය) වලින් හමුවි ඇත.

ඔන්න ඉතින් තව තව නිර්වචන ටිකක් අපේ යාලුවොන්ට දැනගන්න අරෙහෙන් මෙහෙන් හොයාගත්ත.ඒවත් පලකරන්නම්කො හැමෝගෙම දැනගැනීම සදහා...
ඉතින් කියවල බලන්නකෝ.

" වෙන් කොට ගනුලැබුවහොත් තහනම් කරනු ලැබුවහොත් ශුද්ධූ වස්තූන් සමගින් ඒකාබද්ධ වීපවත්නා වූත් සහ විශ්වාස සහ පිළිවෙත් හා සම්බන්ධවූ ක්‍රමයකි"
 -එමිල් ඩූර්ක්හයිම් -

" පරිසරය හා මානව ජීවිතය මෙහෙයවනු ලබන හා පාලනය කරනු ලබන මිනිසාට වඩා උසස්වූ බලවේගයන් පිළිබද විශ්වාසයයි."
 - ජේමිස් පේසර් -

" දෛනික ජීවිතයේ ඇති අන්තරාදායක බව හා වික්ෂිප්තබව තුළින් ශාන්ත බවක් සොයා යෑම සදහා මිනිසා තුළ පවත්නා නොනවත්නාවූ ප්‍රයන්තය ආගමෙහි සාරයයි."
  - එඩ්වඩ් සපීර් -

"පීඩිත ජනතාවගේ සුසුමයි.හදවතක් නැති ලෝක‍යේ අභිප්‍රායයි. ආත්මයක් නැතිවුන්ගේ ආත්මයයි.එය ජනතාවට අබිං විශේෂයකි."
  - කාල් මාක්ස් -

"මිනිසා තුල ලොව පවතින අප්‍රමාණ බව වටහා ගැනීම සදහා පවතින මානසික හැකියාවයි."
  - මැක්ස් මුලර් -

"අධිභෞතික බලවේගයන් පිළිපදව පවතින ආකල්පයයි."
   - ඔග්බර්න් -


ඉති ඔන්න ඔය වගේ දේවල් තමයි ආගම කියන වචනය ගොඩ නැගෙන්න මුල් වුන කතාව..හැබැයි මීට වැඩ ගොඩක් වෙනස් උන කතා වස්තු නැතුවම නෙවෙයි දැනට මේ ටික කියවන්නකෝ...තව තව සොයාගත්තා ගමන් අපේ මනුස්සකම හැමෝගෙම ලග පතුරවන්න ඉක්මනටම පල කරන්නම්....











Post a Comment

2 Comments

  1. ආත්මය ගලවා ගැනීමේ මාර්ගය.ආ ග ම

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොද නිර්මාණයක්..පොඩ්ඩක් විග්‍රහ කරන්න පුළුවන් නම් නියමයි..

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....