හොදම කට කතාව...

සුභ උදාසනක් දවසක් වේවා කයල එහෙනම් ඔන්න අදත් වෙනද වගේම පතනවා මුලින්ම..ඉතින් ඔන්න යාලුවනේ අද අපි හිතට දැනෙන්න කතාකරන්න හදන්නේ අලුත් මාතෘකාවක් ගැන..මුලින්ම මේ කියල තියෙන්නේ මොකක්ද කියල ඉතින් හැමෝටම පොඩියට හරි ත්රුම් යන්න ඇති කියල හිතනවා,,
ඇත්තටම යාලුවනේ අපි ගොඩක් වෙලාවට මේ මාතෘකාවට කොයි තරම් මුල් තැනක් දෙනවද කියල බැලුවොත් හැම වෙලාවකම මුල් තැන දීල තියෙන්නේ එකට නේද??
ඔන්න බලන්නකෝ එහෙනම් මොකද්ද මේ කට කතා කියල කියන්නේ කියල.
සරලව තේරුම් කරොත් නම් ඉතින්
"යම් පිරිසක් අතරේ කටින් කට හුවමාරුවට ලක්වෙන මාතෘකාවකට"
 අපි කියනව කට කතාවක් කියල..
ඔන්න ඉතින් හැමෝටම පැහැදිලි වෙන්න උදාහරණයක් දෙනවනම්
කවුරුහරි කෝල් කරලා කියනවා

"සුනාමියක් එනවා කියල කියනවා ඇත්තද  දන්නේ නෑ..පොඩ්ඩක් හොයල බලන්න.මේ පැත්තේ මිනිස්සු කලබල වෙලා"

ඔන්න ඉතින් එක ඇහුව ගමන් අපේ අයට අර අන්තිමට කියපු දේ අමතක වෙනවනේ..
මොකද ඉතින් ඔතන ජීව විද්‍යාත්මකව ගත්තොත් නම් අපේ ඇගේ ස්නායු වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් නියුරෝනවල වේගවත් විද්‍යුත් සංක්‍රමන ක්‍රියාත්මක වෙලා.අඩ්රිනලින් ශ්‍රාවය වීම මත අනුවේගී ස්නායු ක්‍රියාත්මක වෙලා...ඉන්න තැනත් අමතක වෙලා ටක්ගාල සල්ලි රත්තරං බඩු වගේ වටින කියන දේවල් ටික විතරක් අරගෙන දුවනවා කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව..
හැබැයි මේ කියුවේ උදාහරණයක් හොදද...මොකද දැන් නම් සුනාමි ගැන අපේ ජනතාව යම් තාක් දුරට දැනුවත් නිසා මෙහෙම වෙන්නේ නෑ කියල පොඩි විශ්වාසයක් තියෙනවා.එත් රෑට එහෙම උනොත් නම් පොඩ්ඩක් මේ හා සමානයි කියලත් හිතෙනවා.

මේ වගේ කට කතා විතරක් නෙවෙයි නේද යාලුවනේ අපි අතරේ තියෙන්නේ..ගණනය කරන්න බැරි තරම්..
අපේ ඉතින් නැන්දල, අක්කල ,නංගිලා ගාව තමයි ඇත්තම කියුවොත් මේ කට කතා වැඩිපුරම තියෙන්නේ..
බලන්න සමහරු කියවී ඕක තියෙන්නේ රස්සාවකට යන අය ලග නෙවෙයි..කරන්න වැඩක් නැති ගෙදරට වෙලා ඉන්න අරෙහෙ මෙහෙ ඇවිද ඇවිද ඕප දුප හොයා හොයා ඉන්න අය අතරේ තමයි කියල..

මම නම් එක පිළිගන්නේ නෑ..හොදට බලන්න රැකියාවකට ගිය අපේ යෙහෙළියෝ ඉස්කෝලේ කාලේ කරපු පුරුදු අත් අරිවිද එහෙමත් ලේසියෙන්...
කන්න පැයක් තියෙනවනම් විනාඩි 15න් කාල ඉවර වෙලා මොනවා ගැනද ඉතුරු විනාඩි 45ම කතා කරන්නේ...?
වැඩකට නැති දේවල් නේ?
ඉතින් ගෙදර ඇවිත් අර විනාඩි 45ට අහගනිපු දේවල් පැය දෙකක් විතර රස කර කර කියනවා..
ඉතින් ඔන්න ඊලග දවසේ ඒ යෙහෙළියගේ අම්ම අම්මගේ යාලුවෝ එක්ක ගෙදර ඉදන් කථාවෙනවා..
අනේ අපේ දූ ඊයේ රෑ කියුව කියල..
මොකද
අම්මලට ඉතින් දුලගේ විස්තර තමන්ගේ යාලුවොන්ට කියන එක හෙන ලොකු වැඩේනේ...?බොරුද මම කියන්නේ..
ඉතින් ඔන්න ඒ අම්ම ගොඩක් හොද වැදගත් පවුලක කෙනෙක් නම් ඒ කතාව අහන් ඉන්න කෙනා තව කෙනෙක්ට කියන්නේ..
බලන්න අර ලොකු මහත්තයාගේ නෝනා ඊයේ මාත් එක්ක කියුව අරක මේක කියල හෙන ලොකුවට කියනවා...
ඉතින් ඔන්න ඔහොම
මේ කතාව කොයි තරම් දුරට පැතිරෙනවද කියල කොටින්ම කියනවනම් 4 පෝයටම සිල් ගන්නවා කියන අය පන්සලට ගිහිල්ලත් කතාකරන්නේත්  ඔයවගේ දේවල් නේ?
මම පොඩි උදාහරණයක් කියන්නම්...
මගේ යෙහෙළියෝ දෙන්නෙක් දවසක් බස් එකේ යනවා උපකාරක පංති යනගමන්..ඉතින් බස් එකේ හිටගෙන යන්නේ..
මට නම් මතක් වෙනකොටත් හිනහයි.
මම වැලිගමින් නැග්ගේ..සාමාන්‍යයෙන් වැලිගම ඉදල මාතරට විනාඩි 20ක් වගේ තමයි දුර තියෙන්නේ..
යාලුවනේ එක යාලුවෙක්ගෙ නම L අකුරෙන් සදහන් කරන්නම්..අනිත් කෙනා H අකුරෙන් සදහන් කරන්නම්,,,ඔයාලට කියන්න L අකුර කතා කරන්න පටන් ගත්ත විතරයි හපෝ...පුදුම රේඩියෝ එකක්..අර H අකුරට වචනයක් කියන්න ඉඩ ලැබුනේ නෑ..මට ඉතින් හොදට ඇහෙනවා කතාව..මට ඉතින් අරය කියන ඒවාට හිනා යනවා..
මම ගෙදර ඇවිත් එක යාලුවෙක්ට නම් හොද නොන්ඩියක් දැම්ම...යාලුවනේ බලන්න
අවශ්‍ය දේ පමණක් කතා කරන ගොඩක් නිහඩ උගත් සහ බුද්ධිමත් සමාජයක අර වගේ කතා කරොත් ඒ කෙනා හිතන්නේ අපෝ මේ ළමයි හැදෙන විදියක් කියල...
නැත්නම් හොද රැකියාවක් කරන කෙනෙක් ඒ වගේ කතා කරනවා නම්,,හපෝ වැඩ කරන තැන මොකද්ද දන්නේ නෑ...ජොබ් එකටත් ලැජ්ජයි කියලනේ.
එහෙමත් නැත්නම් ඒ ගෑනු කෙනා විවාහක කෙනෙක් නම් තමන්ගේ ස්වාමි පුරුෂයාට කොයි තරම් ලැජ්ජාවක් ගෙන දෙන වැඩක්ද?
එත් සමහරු කියවී පණ්ඩිත කමට
"අපි මොකටද ලෝකෙට බයේ ජීවත් වෙන්නේ.අපිට ඕන නම් කතාකරනවා.ඔයාගේ කටින් නෙවෙයිනේ කතා කරන්නේ.මොකද සල්ලි යනවද?"
 අරක මේකේ කියල කියවී..
යාලුවනේ කෙනෙක්ගේ තත්වය මැනිය හැකි දේවල් ගොඩක් තියෙනවා..
තමන්ගේ තත්වය සහ උගත්කම සමාජයට පෙන්වන නාම පුවරුව තමයි කතා විලාශය කියන්නේ..
එකදිගට වැල නොකැඩී කතා කරනවා නම් ඒ කෙනාව එපා වෙනවා.ගොඩක් කතා කරන්නේ අඩුවෙන් නම් ඒ කෙනා කතා කරනවා අහන්න අසයි ගොඩක් අය.ඒ වගේම තමයි කතා විලාශය.
එය වචන භාවිතා කරන සංවර කම මත ඒ කෙනාව තීරණය වෙනවා..
ඔන්න ගෙදරදී මහා හයියෙන් බැනල..පරුෂ වචන කියන කෙනෙක් තැනකට ගිහින් නිකන් හොද විදියට හැසිරුණ කියල කියමු.එත් ඇත්ත මොකක්ද කියල දන්නා කෙනෙක් එතන ඉදියොත් තමන්ට හිත යටින් ලැජ්ජයි නේද?

ඇයි අපි එක එක තැන්වලදී වෙනස් වෙන්නේ උතසහ කරන්නේ...සමාජයට බයේ ද?
නෑ අපේ ගරුතවය කියන දේ රැක ගන්න දරන පොඩි උතසහයක් නේ..ඉතින් එකෙන් තමන්ට වගේම තමන් ඇසුරු කරන යාලුවෝ..ගෙදර අය.අම්මල තාත්තල.ඔයාල හැමෝගෙම නමට කැළලක් ඇති කරන්නේ නෑ.
තමන්ගේ අර තත්වය කියන දේ තව දුරටත් ඕප මට්ටම් වීමක් විතරයි වෙන්නේ..
ඉතින් යාලුවනේ අපි අපේ වචන මාලාව ගොඩක් සංවර කරගෙන.අවශ්‍ය තැනට උචිත වන විදියට ගොඩක් හොද සමාජයේ ආස කරන.හැමෝගෙම ගරුත්වයට ලක්වන උතුම් මනුස්සයෙක් වෙන්න පුළුවන් නම් ගොඩක් යහපත් නේ..
එකට මුලින්ම අපි බාවිතා කරන වචන මාලාව ලස්සන කරගනිමු..
එතකොට කවදාවත් කවුරුවත් කියන්නේ නෑ..
"අපෝ ඒ මිනිහට/ඒ ගෑනිට/ඒ යකාට/ඒ කෙල්ලට/ තියෙන්නේ මහා ජරා කටක්"
 කියල කියන වැකිය...
ඒ දේ මුනට නොකියුවට තව කෙනෙක් සමග අනන්තවත් කියනවා ඇති...
අපි මොකටද කොහෙවත් නැති ප්‍රශ්න අපේ ඔලු වලට  දා ගෙන වෙන වෙන අයගෙන් කතා අහන්නේ..
අපි අපේ හොද අනන්‍යතාවය රැකගත්ත නම් ඉවරයිනේ..එතකොට හැමෝගෙම කැමැත්ත අපිට ලැබෙනවා.මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා...
 කියල කියන්නේ හැම දෙයකින්ම හොද වෙන්න කියල කියන එකට..ඉතින් බුද්දිමත් අපේ යාලුවොන්ට හැදෙන්න තාමත් කල් තියෙනවා..මොකද අපි උසස් හිතීමේ හැකියාවක් තියෙන්න මනුස්සයෝ නේ...

Post a Comment

2 Comments

  1. හෙහ් හෙහ් නියම පෝස්ට් එක.කාන්තාවන් විතරක් නෙවේ පිරිමිත් ඉන්නවා ඔය වගේ.මගේ යාලුවොත් ඉන්නවා කෝල් එකක් ගත්තම එයාලම තමයි කියවන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නිශාන් යාලුව..මම නොදන්නවා නෙවෙයි..එත් අපේ පිරිමි උදවියට සාපේක්ෂව කාන්තාවන්ගේ වචන විලාශය හරි ස්තරම් නේ...?මේ පන දෙන්න වගේ කතා කරලා පොද්ද වැරදුන ගමන් පලු යන්න කියන්නේ...අර කටුස්සෝ පාට මරු කරනවා වගේ නේ...

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....