කොxxx පාවිච්චි කරේ නැත්නම් ජීවිතේම නෑ..

සුබ දවසක් වේවා කියල ඔන්න ඉතින් අදත් මුලින්ම පතනවා එහෙනම්..
අද ඉතින් කියනන යන්නේ ඔන්න ගොඩක් හොදට හිතල බලන්න ඕන මාතෘකාවක් ගැන..අපේ සමාජයේ යහළුවෝ යෙහෙළියෝ පුරුදු වෙලා ඉන්න දෙයක් ගැන..පුරුදු වෙලා නෙවෙයි ඇබ්බැහි වෙලා ඉන්න අය ගොඩක් ඉන්නවා මේ දේට...
ඇබ්බැහි උනාට  නිකන් ඉන්නව නම් කමක් නෑ මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්නේ නැතුව තමන්ව විනාශයට ලක්වෙන දේවල් විතරක්ම ගන්න ඇබ්බැහි උන අය ගොඩක් ඉන්නවා නේ..
අන්න ඒ අය සදහා වෙන් වුන ලිපියක් තමයි අද කියන්න යන්නේ..හැබැයි ඔන්න මුලින්ම තොප්පිය හරි නම් දාගන්න කියල කියන වැකිය කියන්න ඕන.මොකද නැත්නම් මේකට අදහස් පළකරද්දී මටත් ඔයාල බනිවිනේ...
යාලුවනේ මොකද්ද අපි මාතෘකාවෙන් සදහන් කලේ..මේ මොකද්ද මම "කොxxx" කියල යම් කුතුහලයක් ඇතිකරපු වචනේ..??
හැබැයි තේරුම් ගන්නත් ඕන මේ කියන විදියට නම්.අපේ යාලුවොන්ට පොඩ්ඩක් හිතන්න තමයි මේ දේ මම බාවිතා කරේ..
(කොxxx = කොම්පියුටරේ) ගැන තමයි අද ලියන්න හදන්නේ..
මේ කොමියුටරෙන් අපේ යහළුවෝ යෙහෙළියෝ ගන්න ප්‍රයෝජන වගේම විනාශයට ලක්වෙන විදිය ගැන සරලච සහ කෙටියෙන් හදුන්වල දෙන්න තමයි අද ලියන්න හදන්නේ.හැබැයි මේක ගොඩක් ගැබුරු සහ වගකීමක් සහිත මාතෘකාවක්.
යාලුවනේ ඇත්තටම කියුවොත් මේ පරිගණකය නැත්නම් ජීවිතේ නෑ වගේ තමයි..එත් අද කාලේ නම් පරිගණකය සමග අන්තර්ජාලය නැත්නම් කාල වතුර බිව්වේ නෑ වගේ නේ?
යාලුවනේ ඇත්ත එක තමයි,පොඩ්ඩක් හිතන්නකෝ.
අද වර්තමානේ බිහිවන හැම දෙයකට මුලිකම හේතුව මොකද්ද..ඒ නිර්මාණ ගොඩ නැගෙන්න මුල් උන දේ මොකද්ද??
පරිගණකය කියල කියුවොත් නිවරදීයි..හැබැයි මුලිකම දේ තමයි හරියටම බැලුවොත් මේ හැමදේකටම මුලික උනේ සිලිකන් සහ ජෙර්මෙනියම් කියන දේ මාත්‍රණයට ලක් කරමින් ගොඩ නැගුනු ට්‍රාන්ස්සිස්ටර්ස් කියන දේ..ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය ඔස්සේ තර්ක කිරීමේ හැකියාව පදනම් වීම මත ගොඩ නැගුන සංගෘහිත පරිපත සමගින් තමයි මුලින්ම නිර්මාණය වුනු ඇබකස් පරිගණකය මුලික කරගනිමින් අද දක්වා අපු ගමන සැකසුනේ...
යාලුවනේ පරිගණක ඉතිහාසය ගැන සොයල බලද්දී හරිම පුදුමයි..
ඇත්තටම අන්න මිනිස්සු..ඒ දේවල් කොහොමද වෙන්නේ කියල එදා අපි අතරේම උන්න ගොඩක් බුද්ධිමත්
මිනිස්සු ගොඩක් දේවල් ගැන කල්පනා කල නිසා නව නිර්මාණ බිහිවෙන්න සාදක උනා..ඉතින් ඒ ඔස්සේ අවුරුදු ගානකට පස්සේ අද මේ අපි බාවිතා කරන හැම තාක්ෂනයකටම මුලික වෙන්න ගත්ත..
නිකමට හිතන්න යාලුවනේ අද කාලේ තියෙන හොදම රැකියා අවස්ථාව මම හිතන්නේ මේ මට දැනෙන විදියට කියන්නේ...හැබැයි රැකියාවකට නිගරු කරනවා නම් නෙවෙයි..
මෘදුකාංග නිපදවන්න පුළුවන් නම් එයට ගොඩක් හොද තැනක් ගන්න පුළුවන් වෙයි කියල මගේ හැගීමක් තියෙනවා..
යාලුවනේ බලන්න අද කාලේ තියෙන ඒ වගේම ඉස්සරහට නිපදවන්න අවශ්‍ය ඕනෑම දෙයකට අපිට යම්කිසි තර්කයක් එහෙමත් නැත්නම් මේක මේ මේ විදියට උනොත් මේක මෙහෙම වෙන්න ඕන කියල නිර්මාණය කරන්න නම් ඒ මෘදුකාංගයක් අසුරින් තමයි ගොඩ නගන්න ඕන.අද අපි මේ දේවල් මෙහෙම ඉක්මනටම ලියල.ඔයාල හැමෝටම පේන විදියට හදල හැමෝගෙම දැනගැනීමට ඒක බෙදා හරින්න තරම් දියුණු මට්ටමකට පත් උනෙත් මෘදුකාංගයක් නිසා නේ..?
බලන්න යාලුවනේ විද්‍යා ක්ෂේස්ත්‍රය ගත්තම එතන ගොඩ නැගෙන්නේත් මේ මෘදුකාංග නිසා..අපේ අම්ම කෙනෙක්ට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියල බලාගන්නෙත් මොකකින්ද යාලුවනේ..යම්කිසි මෘදුකාංගයකින් මෙහෙයවන ඉලෙක්ට්‍රොනික පද්දතියක් මුල් කරගෙන නේද..ඉතින් එතනත් මුල් වෙලා තියෙන්නේ මේ පරිගනකයම නේද..යාලුවනේ හැම පැත්තකින්ම ඉස්සර උනේ මේ පරිගණකය තමයි..හැම දේම නිර්මාණය කරගන්න ලේසි උනෙත් මේ පරිගණකය මගින්ම නේද??
CRT මොනිටරයක් ආශ්‍රයෙන් LCD මොනිටරයක් නිපදවෙව්වනේ...ඒ දේ උදාහරනෙකට ගත්තොත් හරි කියල හිතනවා...ඒ කියුවේ LCD මොනිටරයක් කොහොමද වෙන්න ඕන කියල තාක්ෂණික මෙවලම් පරිපත පද්දතිය පවා නිර්මාණය කරලා එහි සැකැස්ම මුලින්ම හදුනා ගන්න මුල් උනේ වෙනත් පරණ පරිගණකයක්...එහෙම නේද?

ලෝකයේ වෙනස් වෙන ගොඩක්ම දේවල් අතරීන් මේ තාක්ෂනය කියල කියන දේ වෙනස් වෙන්නේ බොහොම ඉක්මනින්..බලන්න අද ජංගම දුරකතනයක තියෙන පහසුකම් එදා තිබුනද??
ඒ වගේම අද ගන්න දුරකතනයේ මිල තවත් දවස් කීපයකින් ගොඩක් අඩුයි..එක පහසුකමක් අලුතින් එකතු වුන දුරකතනයක් අවොත් ඒ දේ ගොඩක් ඉහල මට්ටමකට ලක් වෙනවා..එක තමයි තාක්ෂණයේ දියුණුව කියන්නේ.එත් ඒ දේ ගොඩනගන්නත් පාදක උනේ මේ පරිගණකය නේ...

යාලුවනේ ඇයි අපි ඒ තරම් වටින කියන දේ නරකට බාවිතා කරන්නේ..
පොඩ්ඩක් මෙන්න මෙහෙම හිතන්න ද කාලේ අපේ පරිගණකය ඇසුරින් බාවිතා කරන අයුතු ප්‍රයෝජන ගැන හිතන්න.ඒ දේවල් මම කියන්න ඕන නෑනේ..අපේ යාලුවෝ හොදටම දන්නව..
ඒ දේවල් කියන්න ගියොත් මේක පොඩි බබාගේ රචනයක් වගේ වෙනවනේ.....හිතන්නකෝ මෙහෙම.මේ පරිගණකය නිපද්වේව්වේ මොකටද???ඔය නරක දේවල් කරන්නද...?
නෑනේ...?
අපේ එදිනෙද වැඩ පහසු කරගන්න සහ ගණනය කිරීම් ඇසුරින් ගණිතමය ගැටළු පහසුවෙන් විසදගන්න..
මුලිකම දේ එක.
එත් තාර්කික ක්‍රම මගින් ඒ දේවල් දියුණුවීමත් සමගම  මේ දියුණු වන සංගෘහිත පරිපත එහෙමත් නැත්නම් IC කියල කියන්නේ..micro processor කියල කියන දේ  සම්පාදක කරගනිමින් හැඩ ගැහුනා ජීවිතේ විනාශයට පත්කරන දේවලුත් ගොඩක් බිහි උනා..
කවදාවත් ඒ කාලේ උගතුන් සහ බුද්දිමතුන් මිනිහෙක්ව මරන්න මේ දේවල් නිපදවෙව්වේ නැනේ නේ??
තාක්ෂනය ඔස්සේ ඉහලට යාම සදහා පාදක කරගත්ත විතරයි..
ඒ කාලේ දඩයම් කරගෙන සතුන්ගේ මස් මාංශ ආහාරයට ගත්තට මිනිස්සු මරගේම මස් කෑවේ නැහැනේ..
ඉතින් මොකටද මේ අවි ආයුද නිපදවන්න හැදුවේ මේ තාක්ෂනය මගින්..
මිනිස්සු ආත්මාර්ථකාමී වෙලා කියන දේට කදිම උදාහරණය තමයි ඒ දේ..
යාලුවනේ අපි මේ පරිගණකය සහ අන්තර්ජාලය අපේ නරකට යොදාගන්න විදිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ...මොකටද යාලුවනේ අපි මනසින් විකුර්තිමත් පුද්ගලයෝ වෙන්නේ..?
ඒ කාලේ මේ දේවල් නිපදවන්න කලින් අපේ ආච්චිලා සීයල තමන්ගේ වර්ගයා බෝ කලේ අද කාලේ වගේ පරිගණකයක් ඇසුරෙන් විවිද දේවල් බලල වත් ඒ දේවල් ක්‍රිරියවටවත් නංවල නෙවෙයිනේ...?
අඩුම තරමේ අපේ අම්මල තත්තලවත් එහෙම නෙවෙයි.මොකද මීට අවුරුදු 50 කට කලින් මේ වගේ පරිගණක හරහා ශබ්යත්වය කියන දේ පිරිහුනේ නැනේ..?
යාලුවනේ අපේ අවශ්‍යතාවයට අපි පරිගණකය මගින් ඉගනගැනීමට...තාක්ෂනය කොයි වගේද කියල හදුනා ගැනීමට..පුළුවන් නම් එතන පරිගණකය ඇසුරින් ලබන්න පුළුවන් උපරිම දැනුම ලැබුවා කියල කියන්න පුළුවන්,,
ඇත්තම කියුවොත් අපේ ඉංග්‍රීසි බෑ කියා කියා ඉන්න අයට හොදම දේ මේ පරිගණකය සහ අන්තර්ජාලය..
යාලුවනේ ඉංග්‍රීසි බැරිනම් අපි කොහොමද මේ පරිගණකය හසුරවන්නේ..?එන error message කියවන්න පුළුවන් නම්..මෘදුකාංගයකින් වැඩ කරන්න පුළුවන් නම් ඇයි ඉංග්‍රීසි බැරි..වචනෙන් වචනේ ඉගන ගන්න පුළුවන් නම් ඇයි අපිට ඉංග්‍රීසි මේ ඔස්සේ හදාගන්න බෑ කියල කියන්නේ...
යථාර්ථය ඔතන නේද යාලුවනේ.අපි සම්මතය තුලින් වෙනස් වෙන්න බලන්න යාලුවනේ..

"මම ගැන පොඩි දෙයක් කියනවා ඉතාම නිහතමානීව...මේ දේට මුලින්ම මම ස්තුතියි කියල කියනවා ආදරණීය සනත් අයියට.මොකද එයා තමයි මුලින්ම මට පරිගණකයක් බාවිතා කරන්න කියල දුන්නේ..මම පරිගණකයක් මුලින්ම බාවිතා කරේ මීට අවුරුදු 11කට කලින්.එතකොට මම 5 වසරේ...
ඉතින් මට ඇත්තටම ගොඩක් සතුටුයි අද මම ඉන්න තැන ගැන..නිහතමානිව මම කියන්නම්.මම පරිගණක උපකාරක පන්තියකට ගියේ ගිය අවුරුද්දේ..php/my SQL සදහා මම ගියා..ඉතින් මම කියන්නේ මව උදහරනෙට ගන්න කියල නෙවෙයි.මට වඩා ගොඩක් අය ඉහල තැන්වල ඉන්නවා.මම මේ පරිගණක ඇසුරින් ගත්ත දැනුම අංශු මාත්‍රයයි යාලුවනේ.."

 තව අනන්තවත් දේවල් තියෙනවා ඉගන ගන්න..යාලුවනේ ඉදිරි අනාගතය ගොඩ නගන්න නම් මේ දේ පලදායිව බාවිතා කිරීම සහ හොද දෙයකට පමණක් යෙදවේම තමයි කල යුතු වන්නේ..
පුළුවන් තරම් මේ දේ සිද්දවෙන්නේ කොහොමද කියල කල්පනා කලොත් ඇත්තටම හොද නව නිර්මාණ තව ගොඩක් බිහිවෙයි කියල හිතනව්.
ඒ කියුවේ අපි  හිතමු දැන් මේ ලිපිය කියවන ඔයාට මේ වැකිය පෙන්නේ සිංහල කුරෙන් නේ??ඒ සිංහල අකුර ගොඩනැගුනේ කොහොමද මොන තාක්ෂනේකින්ද කියල සෙව්වොත් තව නිර්මාණ අපේ හිතට එන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා.....
අන්න එතනයි මේ හැම දේම පලදායිව ගොඩනගනවා කියල කියන්නේ.
ඉතින් හිතල බලල කාලය කා දැමීමට අපේ යහළු යෙහෙළියෝ බාවිතයට ගන්න පෙලබෙන්නේ නැතුව  මේ දේ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන  තමන්ගේ දැනුමද වැඩිකරගනිමින් දැනුම බෙදා හැරීමට මුලික වන විදියේ දේවල් කරන්න කියල විතරක් අපේ මනුස්සයෝන්ගෙන් ඉල්ලා හිටිනවා...යාලුවනේ බලන්න අපි ඔය වැරදි දේවල් අන්තර්ජාලය හරහා මිනිස්සුන්ට දීල කරගන්නේ එක අතකින් පවක්...ඒ දේවල් වලට ගොදුරු උන කෙනා සමාජයේ පහත් තත්වෙකට වැටෙන්න පුළුවන්.මානසික රෝගියෝ වෙන්නත් බැරි නෑ..
ඉතින් කවද හරි දවසක ඔය නරක දේවල් අපි විසින්ම වර්ජනය කරොත් ඒ දේවල් මේ සමාජයට එකතු කරන එකත් නතර වෙනවා..හැබැයි ඒ දේ කරන්න ගොඩක් අමාරුයි...එත් අපේ රටේ හරි ඒ දේ කරන්න පුළුවන් නම් ගොඩක් ලොකු දෙයක්..අපේ බාල පරපුර ගොඩ නගන්න හොදම දෙයක් කියල මම හිතනවා..එහෙම වෙනවනම් අපේ රට ඉංග්‍රීසි අකුරු තුනක් ගහල සෙවුම් යන්ත්‍ර වලින් ලෝකේ පලුමු තැනට එන්නේ නෑ නේ යාලුවනේ..?ඉතින් පුළුවන් නම් අපි විසින්ම ගොඩ නැගිලා..අපේ සමාජය ගොඩක් ඉහල තැනකට ගන්න උත්සහ කරමු...

Post a Comment

2 Comments

  1. මම නම් තනියම පරිගණකයක් අරන් තනියෙන්ම පුරුදු වෙලා අනිත් යටත් කියලා දෙන තැනටම ආවා.දැනට වුනත් මගේ ගාවට හාඩ්වෙයා/සොෆ්ට්වෙයා වැඩ අහගන්න කට්ටිය එනවා.මටත් කාලයක් මේක නැතුවම බැරුව ගියා ඒ අන්තරජාලේ ආවට පස්සේ.ඒත් මම පස්සේ තේරුම් ගත්තා ජීවිතේ කියන්නේ ඉන්ටනෙට් නෙවේ කියලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොදයි යාලුව...තමන් දන්නා දැනුම මගින් මුදල් උපයනවා හා සමානවම ඒ මුදලට හරියන සදරනත්වයක් සාමජයට දායාද කරලා යම් අමිල දෙයක් ඉතුරු කරන එක තමයි උතුම් පුරවැසියෙකුගේ ලක්ෂණය...ඔයාල වගේ ය තමයි මේ සමාජයට අවශ්‍ය..

      Delete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....