ඇත්තටම පන්සලක් කියන්නේ මොකද්ද...??

තින් යාලුවනේ ඔයාලට කොහොමද...?
හොදින් ඉන්නවා ඇති කියල හිතනවා...මුලින්ම සමාවෙන්න ඕන ලිපි එකදිගට ලියන්න නොහැකි වීම ගැන...මට පොඩි විභාගයක් තිබුන ඊයේ.ඉතින් ඒක නිසා පොඩ්ඩක් අන්තර්ජාලයෙන් ඈත් වෙන්න සිදු උනා..දැන් ඉතින් හරි.
ඔන්න ඉතින් අද ඉදල වෙනද වගේම ලිපයක් ලියන්න පුළුවන් වෙයි කියල හිතනවා..
ඉතින් ඔන්න මගේ යාළුවෙක් කියපු එහෙමත් නැත්නම් යාලුවෙකුගේ ආරාධනාවක් නිසා තමයි මේ ලිපියේ මාතෘකාව හිතට ආවේ...
මම දන්නා විදියට අහල තියෙන විදියට තමයි මේ ලිපියේ කරුණු කාරනා එකතු වෙලා තියෙන්නේ.සමහරවිට 100%කම හරි නැතුව ඇති..එත් බුද්දීමත්ව කල්පනා කරලා බැලුවොත් යම්කිසි නිවැරදි බවක් තියෙනවා කියල මම හිතන නිසා ලියන්න හිතුව.
ඉතින් යාලුවනේ එහෙනම් කියවලම බලන්නකෝ ඔයාල..

යාලුවනේ අපි හැමෝම මනුස්සයොනේ...ඉතින් අපි හැමෝම ලේ,මස් ඇට වලින් සමන්විත මෙහෙයවීමට අදාළ මොළයකින් යුක්ත බුද්දියෙන් උසස්ම ලොව වෙසෙන සත්වයෝ නේ...
ඉතින් අපේ නායක තුමා...උතුම් බුදුන් වහන්සේ පවා අපි වගේම මනුස්සයෙක්..එත් එතුමා කල්ප ගානක් තිස්සේ ඒ උත්තරීතර පදවියට එන්න පෙරුම් පුරපු මනුස්සයෙක්..ඉතින් අවසානයේ එතුමා ලබාගත්ත දේ බෙදාහැරීම මත අපේ ආගම ප්‍රචලිත උනා.ඒ වගේම දැනටත් උතුන්ම දානමය පින්කමක් කියල සලකන ධර්ම දානය මගින් අපේ ආගම යම් කිසි අයුරකින් ප්‍රචලිත වනවා කියල අපි දන්නවා නේද..?

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ මේ අපේ බුදු බැතිමතුන් හැමදාම යන එන,පුද පුජා පවත්වන,සිල් ගන්න,,බවුද්ධ අපට තියෙන උතුම්ම ස්ථානය හෙවත් පන්සල කියන දේ හැදුන විදිය...

යාලුවනේ ඇයි අපට තවමත් අපේ හිත එක තැනකට ගන්න බැරි...ඇයි අපිට තවමත් නියම අයුරින් අපේ ආගමට එකගව වැඩ කරන්න බැරි වෙලා තියෙන්නේ...
එහෙමත් නැත්නම් යාලුවනේ ගිහියෙකුට රකින්න පුළුවන් උතුම්ම දේ වන පස් පවින් වැලකිලා ඉන්න තරම් වත් හිත ඉඩ දෙන්නේ නැත්තේ....?
අපි නිකමටවත් ඇයි අපේ ආගමට අනුකුලව ඉන්න බැරි කියල කල්පනා කරන්නේ නැත්තේ...කල්පනා කරත් ඒ වෙනත් කෙනෙක් ඒ ප්‍රශ්නය යොමු කරොත් විතරයි.එහෙම නැතුව තමන් විසින්ම කල්පනා කරන්නේ බොහොම කලාතුරකින්.එහෙම නේද??
යාලුවනේ ඇත්තටම අපි ගොඩාක් බැදීම් වලට වහල් වෙච්ච මිනිස්සු කොට්ටාශයක්...ඒ කියන්නේ අපේ බැදීම් අපමණයි..ඒ බැදීම් වලින් අපි පිනවන්න හදන්නේ අපිවද එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්වද..
ඇත්තටම කල්පනා කරොත් යාලුවනේ අපි මේ කරන දෙයින් අපිව නෙවෙයි නේද පිනවෙන්නේ.එහෙමත් නැත්නම් අපි සතුටු වෙන්නේ පොඩි දෙකට.හැබැයි වෙනත් කෙනෙක්ව සතුටු කිරීම පැත්තෙන් ගත්තම ඒ දේ නම් පිනක්...
ඔන්න බලන්නකෝ..කවුරු හරි ගෑනු ළමයෙක් දවසක ලස්සනට ඇඳලා,ඔය එක එක පාට පාට විකාර ගාල..දාන්න පුළුවන් වැඩ කාලි දාල කොහේ හරි යනවනම් ඒ කෙනාට වඩා සතුටක් ලබන්නේ ඒ කෙනාව දකින,එහෙමත් නැත්නම් ඒ කෙනාව දකින්න කැමති අය එයාව දැක්කම නම් ගොඩක් සතුටු වෙනවා නේද...ඒ වගේම තමයි.අනිත් පැත්තත් ඒ වගේම තමයි..අපි   ලස්සනට ගියාම අපිව දකින්න ආස කෙනාට ගොඩක් සතුටුයි...
යාලුවනේ ඔන්න දැන් බලන්න ඇයි අපි මේ දේවල් වලට හැඩගැහිලා තියෙන්නේ....
ලස්සනට ඉන්නවා දකින්න ආස,ඒ වගේම කෙනෙක්ව ලස්සනට කතාකරනවා අහන්න,එහෙමත් නැත්නම් තා කෙනෙක් එක්ක කතාකරන්න,කටහඩ අහන්න,සින්දුවක් අහන්න ආස..නැත්නම් කෑමක සුවද විදින්න එහෙමත් නැත්නම් අලුත් සුවද විලවුන් බාවිතා කරන්න..ඒ සුවදට ආදරේ කරන්න...
නැත්නම් රසම රස කෑමක් කන්න..
එක එක කෑම ජාති වල රස බලන්න එහෙමත් නැත්නම් කාත් එක්ක හරි දැවටිලා බදාගෙන සිපගනිමින් අතින් අල්ලාගෙන වගේ මොනවා මොනවා හරි දෙයකින් සතුටු වෙන්න ගොඩක් ආසටි නේද යාලුවනේ.....
ඉතින් බලන්න යාලුවනේ අපි නොදැනුවත්වම අපේ අතින් මොකද්ද වෙලා තියෙන්නේ..
අපේ ආගමට අනුකුලව අපි නොදැනුවත්වම මොනවාද අපි කරලා තියෙන්නේ...
පොඩ්ඩක් ඉතින් කල්පනා කරලා බලල බැලුවොත් මොකක්ද වෙලා තියෙන්නේ කියල හොදට තේරුම් ගැනීමට පුළුවන්..
යාලුවනේ අපේ උතුම් ආගමට අනුකුලව අපි නොදැනුවත්වම ඇස/කන/නාසය/දිව/ශරීරය කියන පංච ඉන්ද්‍රයයන් ආගමට පිටස්තරව පිනවල නේද,,,??
 ඉතින් යාලුවනේ ඒ කාලේ මිනිසුන් අතරේ බිහි උන අපේ නායකතුමා සහ අපේ ආගමට අදාලව අපිට ඉගැන්නුවේ මේ පංච ඉන්ද්‍රයයන් සංවර කරගැනීම හෙවත් ඒ දේවල් පිනවීමෙන් වැලකි සිටීම තුලින් ගොඩනැගෙන දේ තමයි ගිහියෙකුට කරන්න පුළුවන් උපරිමම දේ කියල.ඇත්තටම ගිහි පැවිදි දෙපක්ෂයටම මේ දේ පොදු උන දෙයක්.ඉතින් අපේ ධර්මයට අනුව ඒ කාලේ පන්සල කියන දේ හැදිලා තියෙන්නේ මෙන්න මේ විදියට...

ඇත්තටම ඒ කලේ "පන්සල" කියල දෙයක් තිබුනේ නැහැ කියලයි අහන්න ලැබුනේ.. ඊට සමාන වචනයකින් සම්න්විත් වුන ස්ථානයක් තමයි තිබුනේ.ඒ කියන්නේ මෙන්න මේ පංච ඉන්ද්‍රියයන් ගෙන් අත් මිදිච්ච ස්ථානය..එහෙමත් නැත්නම් ඒ දේවල් මගහරින්න ක්‍රියාත්මක උනේ ඒ කාලේ වෘක්ෂ මුල ගතවෙලා හෝ යම්කිසි නිස්කලංක ස්ථානයකට ගිහන් භාවනානු යෝගිව ඉන්න පුළුවන් ස්ථානයකට ගිහින්..
ඉතින් මෙන්න මේ ස්ථානය තමයි මේ දේවල් අත අරින්න දායක උනේ..
ඉතින් පංච ඉන්ද්‍රියයන් සමානයි "පන්" මේ ඉන්ද්‍රියයන් මග හැරපු එහෙමත් නැත්නම් ඇත ඇරපු ස්ථානය "හල"
ඒ කාලේ තිබුනේ "පනහල" නම් වුන ස්ථානයක්..ඒ දේ තමයි අද වනවිට "පන්සල" කියන තැනට පත්වෙලා තියෙන්නේ.ඉතින් ඒ කාලේ වගේම අපේ ආගම රැකගන්න දායක වන භික්ෂු භික්ශුනී උපාසක උපාසිකා කියන සියුවනක් පිරිස එක තැන් වුන ස්ථානය හා සමානවූ පන්හල නම් පන්සල වූ ස්ථානය තමයි අද අපි අතර මේ පවතින්නේ...
ඉතින් යාලුවනේ මෙච්චර වටිනාකමකින් යුක්ත අපේ මේ වැදගත් ස්ථාන වලින් අපි නිසි ප්‍රයෝජන ගන්නවද නැත්ද කියල අපි නැවත දෙපාරක් නෙවෙයි හත් අට වතාවක් වත් සිතිය යුතු කරුණක්...එහෙම නේද...??
මේ දේවල් රැකගනිමින් ඉදිරියට යන්න පුළුවන් නම් ඇත්තටම අපි සාරදර්ම සුරකින ආගමට නැබුරු උතුම් පුරවැසියෙක් විදියට දකින්න පුළුවන්.....

Post a Comment

6 Comments

  1. පන්සල යන ස්ථානයෙන් අපේ සාරධර්ම ‍රැක ගැනීම කොහොම උනත් බෞද්ධ දර්ශණයේ මූලික සිදධානතවත් ‍රැකෙනවද කියල ප්‍රශ්ණයක් තියෙනව නේද??????????

    ReplyDelete
    Replies
    1. ක්‍රි.පූ.6 වන සියවසට සමානව ආගම ප්‍රචලිත කිරීමේ උපදෙස්වලට අනුව නම් වර්තමානයේ ඒ සිද්ධාන්ත රකෙනවද නැත්ද යන්න ගැන නම් ගැටලුවක් නැතුවම නෙවෙයි....

      Delete
  2. ඇත්තටම "පන්සල" යන වචනය පිළිබඳ ඔබේ විග්‍රහය කොයිතරම් දුරට නිවැරදි දැයි සැක සහිතය. මනුස්සයෝ පි‍ටුව තුළින් නිවැරදිම දේ සමාජ ගත කරන්නේනම් මා ඔබට ස්තුතිවන්ත වෙමි. "පන්සල" යනු පන්නසාලා යන වචනයෙන් බිදී ආවකි. පන්නසාලාව = අතු සෙවිලි ගෙය තේරුම ගෙන දෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට..ඔව් ඇත්තෙන්ම ඔව් ඔබ නිවැරදියි. එත් දෙන්න කෙටි පිළිතුරයි තියෙන්නේ ඒ කාලේ පන් අතු වලින් සෙවිලි කල හිසට සෙවනක් දුන්න ස්ථානයකට පන්හල යන නම බාවිතා කළා..එත් එම ස්ථානය කුමක් සදහා බාවිතා වුවක්ද කියල පෙන්වීම තමයි මේ ලිපියෙන් කියල තියෙන්නේ...අතු සෙවිලි කල (නිවසකට) (පන්නසාලව)කියන දේ ගැලපෙනවද නැත්ද යන්න නම් මම හරියටම දන්නේ නෑ..එත් මන් සොයා බලූ කරුණු මත පදනම් වුන කතාවක් ඇසුරින් තමයි මේ ලිපිය ලියුවේ...අඩුපාඩු පෙන්වල දුන්නට ගොඩක් ස්තුතියි යාලුවා...

      Delete
  3. ඔබ ගෙය හා නිවස යන වචනද පටලවාගෙන ඇති සැටිය. ගෙයක් නිවසක් වීමට තව බොහෝ දේ අවශ්‍යය. මා "පන්සල" යන වචනයේ "අර්ථය" වර නැගීම පමනක් ගෙන හැර දැක්වූයෙමි. ඔබේ තර්කය අනුව එහි සිදුවන ක්‍රියාව සැලකිල්ලට ගෙන "පන්සල" වර නැගුවහොත්, මුහුදේ පාවෙන නැවක් හෝ අහසේ පියාසර කරන ගුවන් යානයක් ද "පන්සල"ක් විය හැක.
    විචාරය පිණිසයි...

    ReplyDelete
  4. ඉතාම නිවැරදියි ..........

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....