ඔන්න යාලුවනේ අද ඉතින් ආදරවනතයින්ගේ සහ ආදරවන්තියන්ගේ දවසලු නේ???
ඉතින් ඔන්න අද අපි ඇත්තටම මොකද්ද මේ ආදරය කියල කියන්නේ කියල අවබෝදෙන් යුක්තව බලන්න පුරුදු වෙමු නේද..?
මන් මුලින්ම අහන්නම් ඇත්තටම ආදරය සමරන්න විෂේශිත වෙනමම දවසක් ඕනද??
තව ප්‍රශ්නයක් අහන්නද????
ආදරවන්තයින්ගේ දිනේ සමරන අය අතරේ වැඩිපුරම ඉන්නේ ආදරේ කරන තවමත් විවාහ උනේ නැති අයද එහෙමත් නැත්නම් විවාහ උන අයද එහෙමත් නැත්නම් විවාහ වෙලා අම්මල තාත්තලත් වුන අයද??
මෙතන හැබැයි එක ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්න කීපයක් නේ?
ඒකට නම් සමාවෙන්න ඕන..
හොදයි කොහොම උනත් අහපු ගැටළු වලට උත්තර සොයන් ගියොත් ඇත්තටම මොකද්ද ලැබෙන උත්තරේ....?
පොඩ්ඩක් ආපස්සට හැරිලා අපේ සමාජය දිහා හරියට ඇස් ඇරලා බලල කතා කරනවානම් මේ ආදරවන්තයින්ගේ දිනය සමරන වැඩිම පිරිසක් ඉන්නේ වයස අවුරුදු 16-35/40 ත් පමණ කාල සීමාවේ ඉන්න දැනට අවිවාහක ආදරේ කරන දෙන්නෙක් අතරේ විතරයි නේද...?
එත් මේ දිනය සාමාන්‍යයෙන් විවාහ උනාට පස්සේ සමරන්නේ විවාහ වෙලා අවුරුදු 5ක් විතර යනකල් සාමාන්‍යයෙන් හොදට සමරනවා වෙනද වගේම රෝසමලක් දීල කාඩ් එකක් දීල ඔන්න ඔය වගේ..
ඊට පස්සේ ඉතින් වැඩ රාජකාරි එක්ක මේ දවසත් අමතකයි අනේ දෙයියනේ අද වැලන්ටයින් නේ?
කියල ටක්ගාල ගිහින්
"අපේ මහත්තයට බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා....."
කියල මොනව හරි මුමුනල කටින් සුබපතල ශේප් වෙනවා නේ??
ඉතින් ඊට පස්සේ එහෙමවත් සුභ පැතීමක් නැති වෙනවා..
කාලයක් ගියාම ඒ දවස්වල් කරපුව මතක් කර කර සතුටු වෙනවා ඒ කාලේ අපි මෙහෙමයි නේද?
කියල විස්තර කතා කර කර..
ඉතින් යාලුවනේ ඔන්න ඔහොමයි අපි මේ දිනය සමරන්න පුරුදුවෙලා තියෙන්නේ..
මේ දිනය ගොඩක්ම අපි අතරේ ජනප්‍රිය කරන්න,එහෙමත් නැත්නම් අපේ හදවත් තුලට ඇතුලත් කරන්න බලපාන ලොකුම හේතුව තමයි අපි භාවිතා කරන මාද්‍ය නාලිකාවන් රේඩියෝ/ටීවී/අන්තර්ජාලය/වගේ හැම දෙකින්ම දෙන වැරදි අදහසක් නිසා..
මොකද්ද යාලුවනේ වැරදි අදහස??
ආදරවන්තයින්ගේ දිනයක් නැත්ද එතකොට....?
නෑ යාලුවනේ මෙන්න මේ දිනය ඇති උනේ කොහොමද කියල අපේ මාද්‍ය නාලිකා වලින් අපේ සමාජයට දෙන්නේ හරියටම පෙබරවාරි 14 වෙනිදා විතරයි..
ඊට කලින් මේ දේ අපේ සමාජයට කවුරුහරි දෙනවනම් මේ දවස ගැන අවබෝදයෙන් යුක්තව අපි හැමෝම වැඩකරනවා.බොරු නෙවෙයි නේද?
හැබැයි ඇත්තටම මමත් වැරදි දෙයක් කියුවේ එක අතකින්.
මොකද මේ කියපු කතාවේ හැටියට මමත් කලින් මේ අදහස පලකරන්න ඕන එහෙමනම් ,අද නැතුව නේද?
ලබන අවුරුද්දේ වත් ඒ දේ කලින් මතක් කරන්න පොරොන්දු වෙන්නම්කො හොදද...
යාලුවනේ ඔයාල හැමෝම දන්නවා ඇති දැනටමත්
එක ස්වාමි වරයෙක් ආදරය නිසා තමන්ගේ ජීවිතය අද වගේ දවසක පූජා කරා.ඉතින් අන්න ඒ අහිංසක මනුස්සයව සිහිකිරීම වෙනුවෙන් හැම අවුරුද්දකම පෙබරවාරි 14 වෙනිදා දවස ආදරය වෙනුවෙන් කැපකළ ජීවිතයක් නිසා ඒ ස්වාමි වරයට පින් දීමට සහ මතක් කිරීමට යොදාගත්තා,,,ඉතින් ඔන්න ඔහොම වෙන් උන දවස පසුකාලීනව ආදරවන්තයින්ගේ සහ ආදරවන්තියන්ගේ දවසක් කියල වෙන් වුනා..
එත් අද කාලේ මේ දිනය සමරන බහුතරයක් මේ ඇත්ත කතාව මොකද්ද කියල දන්නේ නෑ..
හරියට මේ දවස සමරනවනම් මුලින්ම කරන්න ඕන
ඒ ස්වාමි වරයට පින් අනුමෝදන් කරන එක..
ඊට පස්සේ එයාගේ ගුණ වර්ණනා කරන එක.එයාගේ ජීවිතයෙන් අපේ ආදරය ගොඩනගාගන්න ගත හැකි ආදර්ශ මොනවාද කියල හොයල බලල ඒ ගැන හිතල කටයුතු කිරීම..
එහෙම නැතුව රෝසමලක් දීල තෑග්ගක් දුන්න පමණින් තමන්ගේ ආදරය තහවුරු වෙන්නේ නෑ නේද..?
ආදරේ කර කර ඉන්න ගමන් දෙන්නෙක් තරහ උන කියමු මොනම හෝ ගැටලුවකට.
ඉතින් යාලුවෙන්න ආපහු හොදම දවස තමයි අදවගේ දවසක්..එහෙම බැලුවම මේ දවස තරම් වටිනාම දවසක් නෑ ලෝකේ.
මොකද කෙනෙක්ගේ ආදරයක් කියන දේ බලහත්කාරෙන් ලබාගන්න බෑ.
එයාගේ හිතේ ඇතිවන ඇල්මක්/විශ්වාසයක් නිසා තමයි ආදරය කියන දේ ඉබේටම ඇති වෙලා
මෙයා මගේම උනොත් හොදයි කියල හිතෙන්නේ..
හැබැයි ආදරයට මුලපුරන අවස්තාව තරම් සතුටුම අවස්ථාවක් කොහෙවත් නෑ..
කොයිතරම් ප්‍රශ්නවලට මුහුණ දෙනවද තමන්ගේ ආදරේ තව කෙනෙකුට කියාගන්න බැරුව නේද?
ඒ දේ සම්මතය තුල තියෙන්නේ පිරිමි අයට පමණයි කියල.
එත් අපි නොදැනුවත්වම පිරිමි ළමයෙක්ට ආදරේ කරන ගෑනු ලමයි අනන්තවත් ඉන්නව.
එත් ඒ අය ඒ දේ හිතේ තියන් ඉන්නව..
මොකද හැගීම කියන දේ අපි හැමෝටම පොදු වෙච්ච දෙයක්.
එත් ලැජ්ජාව කියල කියන දේ පිරිමි අයට සාපේක්ෂව ගැහැණු අය තුල වැඩිකම නිසා එයාල ගොඩක් නිහඩව තනියම ආදරේ කරනවා..මේ කියන්නේ ඇත්ත නේ?
අපේ මාතෘකාව තමයි ඇත්තටම කෙල්ලෙක් ආදරේ කරන්න දන්නවද කියන එක..
ඉතින් ඒ ප්‍රශ්නේ ඇහුව ගමන් පිරිමි අය බහුතරයක් දෙවි
"පිස්සුද බං ලව් කරන්න මුලක ඉදන් කියල දෙන්න ඕන.."
"අපෝ...කෙල්ලොත් එක්ක නම් ලව් කරනවා බොරු..අප්පිරියයි"
කියාවි,
"එහෙම අවුලකුත් නෑ ශේප් එකේ යනවා,"
"එක අතකට මහා වදයක් බං,"
"මං හින්දා එයා දුක් විදිනවා වෙලාවකට හිතෙනවා නවත්තන්න,"
"ඔව් එයා මට මාර විදියට ආදරෙයි,මමත් එහෙමයි."
ඔන්න ඔය වගේ දෙයක් නේ කොල්ලෝ කොල්ලෝ අතරේ නම් ඔය ප්‍රශ්නේ ඇහුවම උත්තර දෙන්නේ...?
නේද??
එත් අර බුදු බොක්ක කියල කියන්නේ යාලුවෝ දෙන්නෙක් අතරේ..
ඉතින් අන්න එහෙම කොල්ලෝ
දෙන්නෙක් පොඩි වේලාවකදී තමන්ගේ ආදරවන්තිය ගැන අදහස් හුවමාරු කරගත්තොත් නම් ටිකක් ආදරේ ගැන කතා කියනවා..
තමන්ගේ ආදරවන්තිය කරපු ලස්සන ලස්සන දේවල් ගැන සතුටින් කතාකරනවා.
ඉතින් ටික වෙලාවකින් පස්සේ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ කටින් කියවෙනවා
"එක අතකට කෙල්ලෝ පව් නේ බං,අපි ගැන කොච්චර හිතනවද"
මන් මේ කියන්නේ බොරුවක් නෙවෙයි නේ?
ඉතින් ඇයි යාලුවනේ අපි කොහොම කොහොම හරි ගිහින් ගෑනු ළමයෙක් ගේ ආදරේ ගැන අනුකම්පා සහගතව වචන දෙක තුනක් පිටකරන්නේ...?
අපේ හිතේ කොච්චර උනත් ඒ ආදරය ගැන විශ්වාසයක් හෝ ආදරණීය ශක්තියක් තියෙනවා කියල අපි නොදැනුවත්වම අපේ හිතේ තියන නිසා නේද..?
ඇත්ත ඕනෑම කොල්ලෙක් බලන්නේ තමන්ගේ ගෑනු ළමය ඉස්සරහ හොද චරිතවත් කෙනෙක් වෙන්න..
ඒ ගොඩක් පැතිවලින්,,,
ඕනෑම කොල්ලෙක්ට තමන් සතු සහජ හැකියාවන් තියෙනව.ඒ දේවල් තමන්ගේ ගෑනු ලමයට පෙන්වන්න ඒ කොල්ල අසයි..
ඒ වගේම තමයි ඕනෑම ගෑනු ළමයෙක් ආසයි පිරිමි ළමයෙක් ඉස්සරහ සංවරව විනීතව ඉදල එක දාගන්න..
මොකද ඒ කොල්ල ඉන්න තැන විතරක් පොඩ්ඩක් හොද විදියට හැසිරුනම තමයි කොල්ලෙක්ට තමන් ගැන පැහැදීමක් ඇතිවෙන්නේ කියල ඕනෑම ගනු කෙනෙක් දන්නවා..
එත් යාලුවනේ ආදරය කියන දේට කිසිම බාදාවක් නෑ..
ගෑනු ළමයෙක් ආදරේ කරන්න පිරිමි ළමයෙක්ට වඩා දන්නවා.
ඒ දේ පිරිමි අයට හරියටම පෙන්වන්න ගෑනු ළමයි දන්නේ නෑ,එකයි දෙන්නෙක් අතර මතවාද ඇතිවෙන්න ප්‍රදානතම හේතුව..
මොකද ගෑනු ළමයෙක් තමන්ගේ ආදරය හැම වෙලාවකම පිටට පෙන්වන්න කැමති නෑ.එත් පිරිමි අයට එහෙම බෑ.
අපි හැම තිස්සෙම කල්පනා කරන්නේ තමන්ගේ ගෑනු ලමයව තව කෙනෙක් ඉස්සරහ පෙන්වන්න,
එතකොට අපිට මාර ගැම්මක් එනවා කියල හිතනවා,ඉතින් ගෑනු ළමය අකමැති නේ දෙන්න එක්ක යන්න..
ඉතින් ඔන්න ප්‍රශ්නයක් ඇති වෙන්ව..
එත් ඒ අකමැති වෙන්නේ ගොඩක් හේතු තියෙන නිසා.
පොඩ්ඩක් ඒ හේතු ගැන එයාගෙන් අහල තනියම කල්පනා කරොත් ඇත්තටම ගෑනු ලමයෙක් තරම් පිරිමි අපි නුවන ඇතුව ආදරේ කරන්නේ නෑ කියල පොඩ්ඩක් හරි තේරුම් යනවා..
යාලුවනේ තමන්ගේ ආදරවන්තියට ගොඩක් ගරු කරන්න,සමහරවිට එයා සොයන දේවල් ඔයා ලග නැතුව ඇති..
ඒ වගේම ගෑනු ළමයිනුත් තමන්ගේ ආදරවන්තයට ආදරය කරනවා වගේම ගොඩක් ගරුකරන්න
සමහරවිට ගෑනු ළමයි සොයන හැමදේමත් පිරිමි අපි ගාව නැතුව ඇති..
එත් යම්කිසි දෙකින් ඕනෑම කෙනෙක් සම්පුර්ණ වෙලා ඇති ඒ දෙයින් දෙන්නම ආදරේ කරනවා නම් හැමදාම සතුට කියන දේ රැදිලා තියේවි..
ඉතින් මේ ආදරණීය දවස ගොඩක් ආදරෙන් ගතකරන්න පුළුවන් වෙන්න කියල මම සුබ පතනවා.
හැබැයි ආදරේ කියන දේට දවසක් කාලයක් වලංගු වෙන්නේ නෑ යාලුවනේ...
හැමදාම ආදරෙන් ඉන්න මිනිස්සු පිරිසක් බිහිකරන්න පුළුවන් නම් අපේ රට වගේම මේ මුළු ලෝකෙම ලස්සන වෙනවා..ඒ දේ ස්ථිරයි.
තවත් ආදරේට ආදරේ කරන්න හිතෙන ලිපියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට නවතිනවා හොදද...

6 Comments
අපූරු විග්‍රහයක්.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි යාලුවා...
ReplyDelete"....හැම දෙයක්ම අල්ලපු තැනම අත අරින්න..."
ReplyDeleteමේකනම් සිරා
අනිවා....ඒ දේ තේරුම් ගත්තොත් නම් ජීවිතයම නොදැනුවත්වම සිරා.....
Deleteආදරවන්තයන්ගේ දිනය කියන්නේ එත්තටම තේරුමක් නැති දෙයක් මම දකින විදියට නම්.ආදරයට වෙනමම දවසක් ඕනද?එතකොට අනිත් දවස් වලට ආදරය කරන්නේ නැද්ද?නමුත් අද සමාජෙත් එක්ක බලනකොට අ වගේ දෙයක් සැමරුවේ නැත්නම් මාර ?ක් තමා වෙන්නේ.මේක දෙන රැල්ලක් වෙලා.ඒක වෙනස් කරන්න දැන් අපි කාටවත් බැ.මම හිතන්නේ නැ මේක ලියන ඔයාවත් මේක සමරන්නේ නැතුව ඉදී කියලා.මාත් එහෙමයි.මේ වගේ දේවල් නැති කරන්න දෙයක් ලියනවා නම් ගොඩක් හොදි කියලා හිතනවා.
ReplyDeleteඅදරවතයින්ගේ සහ ආදරවන්තියන්ගේ දිනය තුලදී මේ පාර්ශවයන් දෙකෙන් එක්කෙනෙක් යම් අයුරකින් මේ දිනය සැමරීම ඇත හරිනවානම් දෙන්නටම ඒ දේ ඇත අරින්න පුළුවන් කියල මම හිතනවා..මොකද යථාර්තය තුල එහෙම නිරර්ථක මානසික හැගීමක් මගේ ලග නෑ කියලත් අදහස් දක්වපු අපේ නලින්ද යාලුවට කියන්න කමතයි...ගොඩක් ස්තුතියි...!!
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....