මතක නැත්ද ආදරෙන් උන්න ලං වෙලා..
දවස තිස්සේ රෑ පුරා කතා කර ඔයා..
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගිය...
එන්නේ නැත්ද අයෙමත් රත්තරං ඔය.........
ඔන්න යාලුවනේ අද දවසේ මාතෘකාව උනේ මෙන්න මේ ගීතය සහ මගේ යාලුවෙක්ට වෙච්ච පොඩි සීන් එකක්..
අද මම පොඩ්ඩක් උදේ ගිය යාලුවෙක්ගෙ ගෙදර.
මටත් කම්මැලිනේ අනේ ගෙදරටම වෙලා ඉන්න..
අපිට ඉතින් වැලන්ටයින් කියලවත් යන්න එන්න අවස්තාවක් නැත...
ඉතින් ඔන්න ඔහොම ඉන්නකොට මම ඉතින් ගියා...
ගිහින් ගේට්ටුවත් අරගෙන ගෙදර දොර ලගට ගිහින් තට්ටුවක් දාන්න හදනකොට මට ඉතින් මේ සින්දුව ඇහුන හෙමිහිට...
ඒ කියුවේ ජංගම දුරකතනයක තමයි සින්දුව නාද වෙමින් තිබුනේ..
ඉතින් මං කතා කරා කරා කිසිම ප්‍රතිචාරයක් නෑ..
වෙනදට නම් ගේට්ටුව අරින සද්දෙටම මේ යාලුව දොරත් ඇරගෙන එලියට එනව.අද එහෙමත් නෑ..
ඉතින් මන් පොඩ්ඩක් මේ මනුස්සය එනකල් කියල එළියේ පුටුවේ වාඩිවෙලා විනාඩි 2ක් විතර උන්න..
එත් තවම නෑ..
මං ඉතින් හොදට දන්නා අදුරන කෙනා නිසා කෙලින්ම ඉතින් කාමරේ පැත්තට ගියා..
ගෙදර පිටිපස්සේ දොරත් ඇරලා දාල..
ඉතින් කෝකටත් ගේ ඇතුලට ගියා...(අපේ යාලුවෝ වැරදියට හිතාවිද දන්නෑ,බය වෙන්න එපා අක්කල නංගිලා මෙයාට නෑ හොදද)
ඉතින් මම ගිහින් හෙමිහිට දොර රෙද්ද ඇරලා බැලුව මේ මනුස්සය ඉන්නවද නැත්ද කියල...
මෙන්න එකපාරටම පොර උඩ ගියා මම දැකල..
බලනකොට මේ මනුස්සය මේ සිංදුව අහ අහ බර කල්පනාවක ඉදල තියෙන්නේ.
කිසිම සිහියක් නෑ..
මං අපු ගමන්..
"අඩෝ උබ කොයි වෙලාවෙයි ආවේ?? මන් දන්නෙවත් නැහැනේ..උබ දොරට තට්ටුවක් දැම්මනම් මං එනවනේ.."
ඉතින් මං කියුව
"මං ඇවිත් දැන් පැය බාගයක් වගේ වෙනවා උබ මෙතන මනෝ ගහ ගහ ඉදපන් කියල බොරුවටත් එක්ක වෙලාව පොඩ්ඩක් වැඩිකරලා කියුව.."
ඉතින් ඔන්න කියනවා
"ඔව් බං පොඩි මනොපාරක් ගහගෙන සිංදුවකුත් අහ අහ ඉදිය කියුව.."
ඉතින් ඔහොම කියනකොටම අර මුලින් සදහන් කල මෙයා අහ අහ ඉදපු සින්දුව ඉවර උනා..
ආපහු ටිකකින් ඒකම ඇහුන...
බලනකොට පොර මේ සින්දුවම තමයි අහ අහ කල්පනාවේ ඉදල තියෙන්නේ..
වැඩේ ඉතින් මට ටක් ගාල මීටර් උනා..
ගනිපු වැලන්ටයින් තෑග්ගත් හොදට ඔතල කියල මෙසේ උඩම තියල තිබුන..
ඉතින් මම ඇහුව
"මේ උබට ලැබුන තෑග්ග ද??
මොකෝ කැඩුවේ නැත්තේ කඩපන් බලන්න කියුව..."
ඊට පස්සේ කියුව
" නෑ නෑ ඔය මම දෙන්න ගනිපු තෑග්ග බං..
දෙන්න බැරි උනා,
කොහෙද ඊයේ සෙට් වෙන්න උන්නේ ඒකිට එන්න බැරිය කියුව...
මොන මගුලක්ද මමත් හොදවයින් බැනල කියුව...
දැන් ඉතින් msg/call මුකුත් නෑ සිංදුවක් අහගෙන ඉන්නවා බං..."
කියල කියුව ...
මට නම් ඉතින් එවෙලේම අද ලියන්න හොද ටොපික් එක මේක තමයි කියල හිතට ආව...
ඉතින් එත් එක්කම මම ඇහුව ඉතින් මොකද්ද හේතුව මොකෝ එකපාරටම එන්න බැරිය කියුවේ කියල...?
ඉතින් ඔන්න හේතුවට මොකද්ද දන්නවද කියුවේ,,,
නෑ බං මන් පෙරෙයිදා කියුව හෙට මීට් වෙමු කියල..හා කියුව.
ඉතින් ඔක්කොම සෙට් කරගෙන ඊයේ යන්න හදනකොට කියනව බං
අද මීට් වෙන්න බැලූ
අක්කගේ යාළුවෙක් එනවා කියල..
මොන මගුලක්ද මට මල පැන්න බං,
මේ......... අක්කගේ කවුරු ආවම මේකිට මොකෝ බං.එන්න බැරිකමක් නෑනේ..
ඉතින් මන් කියුව එකට මල පැනල දැන් තරහයි කියුව..
ඉතින් මං ඇහුව
"ඉතින් බං උබ ඇහුවේ නැත්ද එන්න බැරි හේතුව මොකද්ද කියල.."
"ඇහුව බං,,ගේ අස්කරන්න ඕන නිසා කිව්වා "
කියල කියුව...මන් ඉතින් එතනින් එහාට නම් මුකුත් අහන්න ගියේ නෑ..
ඊටපස්සේ මම කියුව
"ගණන් ගන්න එපා...ඉඩක් ආවම හමබ් වෙවිනේ..පොඩ්ඩක් ඉවසල ඉදපන් "
කියල මම වෙනකතාවක් ඇදල ගත්ත...
ඉතින් යාලුවනේ ඔන්න ඔහොමයි තත්වේ
අපේ ආදරේ කරන යහළුවෝ යෙහෙළියෝ අතරේ ඇතිවෙන්නේ ප්‍රශ්න අපි නොහිතන නොපහන ආකාර වලින්.ඉතින් ඒවාට ගොඩක් ඉවසීමෙන් සොයල බලල කටයුතු කරන්න ඕන නේද..
හරි අපි දැන් අපේ මාතෘකාවට හැරෙමුකො.....
පාළුවක් තනිකමක් දැනුනම මනෝ පාරක් ගහනවා කියන්නේ මොකද්ද කියලනේ අපේ මාතෘකාව..
ඇත්තටම යාලුවනේ ඇයි අපි ඒ විදියට හුරුපුරුදු වෙලා තියෙන්නේ..
පොඩ්ඩක් ඔන්න අපි වෙනද වගේම ආපස්සට හිතට එකගව කල්පනා කරලා බැලුවොත් ඔයා,මම අපි හැමෝටම පුංචි කාලයක් තිබුනනේ...
සාමාන්‍යයෙන් තේරෙන වයසක් කියන්නේ අවුරුදු 8-15ක් 16ක් වෙනකල්...
වගේ කාලේ ඇතුලත අපි දැන් වගේ මනෝ පාරක් ගෙන උන්නද??
පොඩ්ඩක් හිතල බලන්න..එහෙම නිකමටවත් අපේ මතකෙට එන්නේ නෑ වගේ නේ??
ඇයි අපි ඒ කාලේ මනෝ පාරක් දාලම නැත්ද එතකොට ඒ???
නෑ යාලුවනේ අපි ඒ කාලෙත් මනෝ පාරක් දාන්න ඇති.ඒත් දැන් කාලේ වගේ ඒ දේ වැඩිය හිතට ගත්තේ නෑ..
අම්ම,තාත්ත ගැහුවා බැන්න කියල ඉන්න ඇති..කල්පනා කරන්න ඇති..
එතකොට ටීචර් බැන්න ගැහුවා කියල කල්පනා කරන්න ඇති..
කවුරුහරි යාළුවෙක් තරහ උනාම කල්පනා කරන්න ඇති..
තව කවුරුහරි එක්ක ගහගත්තා කියමු එකට කල්පනා කරන්න ඇති..
ඉතින් ඔයවගේ නොයෙකුත් ප්‍රශ්න වලට අපි කල්පනා කරන්න ඇති නේද??
එත් ඒ දේවල් ගැන කල්පනා කර පලියට අප මේ වගේ දෙයකට දුක් වෙන තරමට ඒ කලෙත් දුක් වෙන්න ඇතිද...?
නිකමට කල්පනා කරොත් ඒ තරම් දුකක් නෑ කියල වගේ දැනෙනවා නේද යාලුවනේ....?
එකට හේතුව මොකද්ද යාලුවනේ??
අපි ඒ කාලේ වගකීමක් රහිත පුද්ගලයන් යාලුවනේ..
ඉගනගන්නවා,සෙල්ලම් කරනවා හදල දෙන දෙයක්
කනවා බොනවා,ඊට පස්සේ ඉතින් රෑට ස්කොලේ වැඩ ටික බැනුම් අහ අහ කරනවා ඊට පස්සේ නිදාගන්නවා,අපහු නැගිටලා උදේට ස්කොලේ යන්න ලෙස්තිවෙනවා අපහු ඉතින් යනවා ගිහින් ඉදල එනවා ආපහු අර පිලිවලටම වැඩ ටික කර කර ඉන්නවා..
එහෙම නේද යාලුවනේ....
ඉතින් යාලුවනේ ඔන්න ඔහොම අපි වගකීමකින් තොරව හරිම සැහැල්ලුවෙන් තමයි අපේ ජීවිතේ ගතකරේ.කිසිම දෙයක් ගැන වැඩිපුර අපි හිතුවේ නෑ..
මොකද හැමදෙයක් ගැනම අපේ ගෙදර කෙනෙක් හොයල බලල කටයුතු කරන නිසා..
ඒ කියුවේ අපි කරත් නොකරත් ඒ දේවල් අපිට කෙනෙක් කරලා දෙන නිසා අඩුපාඩුවක් වෙන්නේ නැති නිසා අපි ඒ ගැන වැඩිය හිතන්නේ නෑ..
එත් යාලුවනේ අද කාලේ තත්වේ වෙනස් නේද...
විශේෂයෙන්ම අපේ පවුද්ගලික දේවල් වයසත් එක්ක අපිම විසදගන්න ඕන වෙලා තියෙන්නේ..
ඉතින් අපේ ප්‍රශ්න අම්මල තත්තාලට කියල විසදා ගන්න බැරි නිසා අපිම විසදගන්න ඕන නිසා තනියම අපි ඒ දේවල් විසදගන්න උත්සහ ගන්නවා..
කොහොමද යාලුවනේ අපි ඒ දේවල් විසදගන්න හදන්නේ...
අපිට උදව් කරන්න එහෙමත් නැත්නම් අපේ ප්‍රශ්න වෙනේකෙනෙකුට කියන්න බැරිකම නිසා අපි තනියම විසදගන්න කියල හිතාගෙන සියලුම වැඩ පැත්තකට දාල ක්‍රමයක් කල්පනා කරම්නවා..
වෙච්ච දෙයක් ගැන හිත හිත දුක් වෙන්ව..
ඒ වෙච්ච දේ අනුව හිතනව මොකද්ද වෙන්නේ ඉස්සරහට කියල..
එහෙමත් නැත්නම් මොකක් හරි සතුටු හිතෙන දෙයක් වුනා කියල හිතමු අපි එතකොටත් එහෙමයි නේද..
ඒ සතුට ගැන හිත හිත හීන ගොඩක් මවනවා,,,
මේ කියන්නේ ඇත්ත නේද..??
ඉතින් ඔන්න ඔහොම කල්පනා ලෝකේ ජීවත් වෙනවට තමයි අපි මේ මනෝ පාරක් ගහනවා කියන්නේ...
මනෝ කියන්නේ මොකද්ද මනසත් එක්ක කරන ගනුදෙනුවකට නේද..ඉතින් කෙටි කරලා අපි කියනවා මනෝ පාරක් ගහනවා කියල..
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.කල්පනා කිරීම මත තමයි හැම දෙකටම හොදම විසදුම ලැබෙන්නේ..
ඒ වගේම ලෝකෙට අලුත් නිර්මාණ බිහි වෙන්නේ.
එත් ඒ කල්පනා කරන මාතෘකාවට අදාලව තමයි අපේ අනාගතය ඉස්සරහට යනවද එහෙමත් නැත්නම් පස්සට යනවද කියල තීරණය වන්නේ...
යාලුවනේ කල්පනා කරන්න
එහෙමත් නැත්නම් මනෝ පාරක් ගහන්න හැබැයි අනාගතේ ගැන විතරයි..මේ මොහොත ගැන කල්පනා කරලා වැඩක් නෑ..
මොකද සුළු මොහොතකින් ඒ දේ වෙලා ඉවරයි..
අතීතය ගැන කල්පනා කරලා කොහොමත් වැඩක් නෑ.හැබැයි අතීතය තුලින් ආදර්ශ ගන්න නම් අමතක කරන්න එපා..හොදද..
ඉතින් යාලුවනේ මනුස්සයෝ වෙච්ච අපි හැමෝටම මේ කල්පනා කිරීමේ ශක්තිය,මනසින් උසස් විදියට හිතීමේ ශක්තිය අනාගතය වෙනුවෙන් තමන්ගේ සහ අපේ රටේ සුභසිද්දීය වෙනුවෙන් කැප කරන්න කියල අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා...

4 Comments
ඔව් ඇත්ත එත් අතීතයෙනුත් සමහර වෙලාවට පාඩමක් ගන්න පුළුවන් නේද?
ReplyDeleteයාලුවා හරියටම හරි...අපි ඉතිහාසය තුල ඉගන ගන්නවා විෂයක් හැටියටත් අතීතය තුලින් වර්තමානය හැඩගස්වා ගන්නවා කියල..ඉතින් ඒ කියන්නේ අතීතයෙන් ආදර්ශ ගැනීම නේද...?
Deleteමෙහෙමයි ඉතින් මේවා කියන අයත් අ වගේ ආදර්ශයක් වෙන්න වැඩ කරනවානම් තමා වඩා වටින්නේ
ReplyDeleteයාළුවගේ අදහසට ගොඩක් ස්තුතිය්..ආදර්ශමත් වෙන්න තව ගොඩක් ක්‍රම තියෙනවා.දෙයක් අත්හදා බැලීමත් ආදර්ශ ගන්න ගොඩක් හොද ක්‍රියාමාර්ගයක් වෙන්නත් පුළුවන්..
Deleteඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....