ඉතින් ඒ සතුටු උන හිත ගැන තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ...
එහෙමත් නැත්නම් මගේ වගේම ඔයාලගේ හිතත් ගොඩක් සතුටු උන අවස්ථාවකදී කොයි වගේද හැසිරෙන්නේ ඇයි ඒ විදියට හැසිරෙන්නේ කියල තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ.ඉතින් අපේ යාලුවෝ කොහොමද තම තමන්ගේ සිතේ ඇතිවන සතුටු හිතෙන අවස්තාවන් බෙදා හදා ගන්නේ කියල මේ ලිපියත් කියවලම බලන්නකෝ....
යාලුවනේ අපේ සිත ගොඩක් පුදුම සහගත දෙයක්.ඒ දේ අපේ ශරීරයේ තියෙන එක ඉන්ද්‍රියයක් නෙවෙයි.එහෙමත් නැත්නම් අපේ ශරීරයේ අවයවයක්වත් කොටසක්වත් නම් නෙවෙයි..
අපිට අල්ලන්න කියන්න බැරි දැනෙන්නේ නැති දෙයක්..
සිත කියන දේ යාලුවනේ ගොඩක්ම ඉක්මනටම වෙනස් වෙනවා..ඒ වෙනස් වෙන වෙලාව ගනින්න බෑ..මනින්න මිනුමක් ඇත්තෙත් නෑ..එත් අපේ ලොවුතුරා බුදුරජානන් වහන්සේ මේ සිත වෙනස්වන මොහොත අපුරු විදියට අර්ථ දක්වල තියෙනවා..
ඒ තමයි මේ වෙනස් වීමට ගතවන කාලයට මිනුමක් දීල තියෙනව..ඉතින් යාලුවනේ ඒ මිනුම තමයි ක්ෂණයක් කියල කියන්නේ...
මුලින්ම බලමු මේ ක්ෂණය කියන්නේ මොකක්ද කියල...එකට ගොඩක් නිර්වචන නෑ..තේරුම් ගැනීමට පහසුම එක ක්‍රමයක් තියෙනව හැබැයි ඒ ගැන ගොඩක් ගැබුරින් හිතන්න.තේරුම් ගත්ත ගමන්ම මාර සතුටක් දැනේවි.නිකන් හිතට වෙනසක් දැනිල එකපාරට ඔවමයි නේ??ඒ මාරයිනේ කියල දැනේවි..ඔන්න එහෙනම් බලන්නකෝ මේ කියන දේ ඇත්තක්ද කියල..
යාලුවනේ නිකන් අපි ඇගිලි වලින් ගනින්න පටන් ගන්නකො..කොහොමද ගනින්නේ නිකන් මේ වගේ.
ඔන්න දකුණු අතේ ඇගිලි පහම ගුලි කරගෙන එක පාරට මහපට ඇගිල්ල විතරක් එලියට දිග ඇරලා කෙනෙක්ගෙන් අහන්න මේ කීයද කියල..
ඔන්න එයා උත්තරයක් දෙනවා එකයි..
ඔන්න දැන් ඔයා මහපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි දෙකම එලියට දික් කරනවා.ඊට පස්සේ අහනවා අර කලින් අහපු කෙනාගෙන් හරි දැන් මේ කීයද???
එය කියනවා දෙකයි කියල...
ඔන්න ඔය දේ අතරේ තියෙනවා යාලුවනේ අපිට නොදැනීම ක්ෂණය කියන කාලය..දැන් මන් කියන්නම් මොකද්ද මෙතැන දැකපු ක්ෂණය කියන කාලය කියල..
පොඩ්ඩක් ඔයා හෙමිහිට කල්පනා කරන්නකෝ..
මුළින් එක ඇගිල්ලක් පෙන්නුවම කියුව නේද,මේ එකයි කියල...
ඊට පස්සේ ඇගිලි දෙකම පෙන්නුවා ගමන් දෙකයි කියුව....
අන්න ඒ ඇගිලි දෙකක් දැකපු ගමන් එකයි කියල කීව කෙනා දෙකයි කියල කියද්දීම ටක්ගාල අපේ හිතේ තිබුන එක කියන අදහස නැතිවෙලානේ දෙක කියන අදහස කටින් පිටවෙන්නේ..
ඒ කියුවේ දෙක කියල කියන තැනදීම එක කියන එක අමතක වෙනවනේ..
එහෙම දැනෙනවා නේද??
අන්න ඒ පොඩි මොහොතට තමයි ක්ෂණයක් කියල කියන්නේ...
ඉතින් යාලුවනේ මේ පොඩි ක්ෂණයක් උනත් ඇති අපේ සිතට සතුටක් ලැබෙන්න..කවුරුහරි නිකන් බස් එකේ යනකොට ඔයා ගැන අහල තියෙන කෙනෙක්.ඒ වුනාට ඔයා අදුරන්නේ නෑ එයාව.එයා ඔයාව දැකලවත් නැති නම්.එත් ඔය ගැන අහල තියෙන කෙනෙක් නිකමට එයාගේ යාළුවෙක් එක්ක කතා වෙනවා නිකන් මේ වගේ...
ඒ මේ ඔය දන්නවද අරය..අර අර කසුන්..අර physics ක්ලාස් එකේ වැඩිම ලකුණු ගත්ත කියල සර් කියුවේ.මගේ යාළුවෙක් යනවා ඒ ක්ලාස් එකට.එයත් මට කියුව පොර මාර මීටරේ කියල..
ඔන්න ඔය වගේ තමන් ගැන අනුන් කතාකරද්දී නිකන් කොහොමද දැනෙන්නේ..හෙන ගැම්මක් දැනෙනවා නේ??
ඉතින් ඒ කතාවට ඔයාට සතුටක් ආවේ කොහොමද...ඒ දේ ඇහිච්ච නිසානේ..??
නෑ යාලුවනේ ඇහිච්ච ගමන් ඔයාට තේරුණා ආ මේ කියන්නේ මම ගැන නේ කියල..
අන්න එහෙම හිතුන ගමන් තමයි හිතට මාර ගැම්මක් ආවේ..
ඔයා නිකමට කල්පනා කලාද කොච්චර ඉක්මනට මේ කියන්නේ මන් ගැන කියල මන් අවබෝද කරගත්තද කියල..
නැහැ නේද..
ක්ෂණයක් වගේ පොඩි කාලයක් යහලුවනේ ඒ දේට ගතවුනේ...
ඉතින් මෙන්න මේ වගේ පොඩි කාලයක් ඇති අපේ හිත වගේම තවත් කෙනෙකුගේ හිතකට සතුටක් දෙන්න..
කෙටියෙන් කියුවොත් ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක්ට ඔයා හිටී හැටියේම sms එකක් යවනවා කියමු "මම ඔයාට ආදරේ කරනවා " කියල...කොහොමට තියේවිද ඒ සතුට..අර sms එක කියවන වෙලාව විතරයි නේ ගතවෙන්නේ..ඒ වගේ තමයි යහලුවනේ අපේ මේ සිත ගොඩක් අපුරු දෙයක්....මේ ගැන මම තව ඉස්සරහට ගොඩක් හොදට කියල දෙන්නම්.
අපේ වාහනය හෙවත් අපේ ශරීරය මෙහෙයවන්නේ එහෙමත් නැත්නම් අපේ වාහනයේ රියදුරා තමයි මේ සිත කියල කියන්නේ..අපි වැඩ කරන්නේ සිතට ඕන විදියට මිසක් අපිට ඕන විදියට සිත වැඩ කරන්නේ නැහැ නේද...හැබැයි වෙන්න ඕන යහලුවනේ අපිට ඕන විදියට අපි අපේ සිත මෙහෙයවා ගන්න එක තමයි.එක තමයි අපේ ආගමේ කියල දෙන්නේ.
සිත එකතැන් කරනවා කියල කියන්නේ අන්න ඒ දේට...
කොහොම හරි අපි සතුටින් ඉන්නකොට අපේ හිතේ කිසිම ප්‍රශ්නයක් නෑ කියල වගේ දැනෙනවා නේද..දැන් නම් කිසි අවුලක් නෑ අම්මෝ....පුදුම වාසනාවක් ඇත්තමයි කියල අපි කියනවා නේ??
එත් යහලුවනේ අපි ගැබුරින් බැලුවොත් අපි සතුටින් ඉන්න වෙලාවේ තමයි හිතේ ගොඩක්ම ප්‍රශ්න තියෙන්නේ..
මොකද දන්නවද...?
අපේ හිතේ තියෙන උඩු සිත සහ යටි සිත කියන දෙකෙන් යටි හිතේ වැඩ කරන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සතුට නැති වෙයිදෝ කියන බය...
ඉතින් ඒ සතුට රැකගන්න අපි කොයිතරම් නම් දේවල් කරනවද...
හරියට කල්පනා කරොත් ප්‍රශ්න නෑ කියල කියන තැනම ප්‍රශ්න ගොඩක් නේද...
එක තමයි අපේ මනුස්ස ස්වබාවය...
මේ දේ අත අරින්න පුළුවන් නම් අපි හැමදාම සතුටින් තමයි.
මන් ටික ටික කියල දෙන්නම්කො සිත හැමදාකම පාලනය කරගෙන සැබෑ සතුටක් ලබන්නේ කොහොමද කියල...
අපි හැමෝම මනුස්සයොනේ..ඉගන ගන්න පුළුවන් වෙයි අපිට..
අපි උත්සාහ කරලා බලමුකෝ..මේ ලිපිය ගැන අදහස් ඉතින් පල කරලා අඩු පාඩු පෙන්වල දෙනවා නම් ගොඩක් ඊලග ලිපියට උදව්වක් වෙයි කියල හිතෙනවා....

0 Comments
ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....