වයිදික ඉගැන්වුමට අනුව ඒ කාලේ කාන්තාව.....

න්න යාලුඅවනේ අපුඋරු කතාවක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ.මන් මේ නිකන් ඉන්න ගම අපේ ආත්තම්මා ඒ කාලේ කියවපු බන පොතක පිටු ටිකක් පෙරලා පෙරලා මොනවාද අනේ මේවයි තියෙන්නේ කියල බල බල ඉදිය.ඉතින් ඔන්න එක පාරටම පොඩි ලස්සන මාතෘකාවක් මගේ අතට අහු උන...
මෙන්න මේක තමයි මාතෘකාව...

වයිදික ඉගැන්වුමට අනුව ඒ කාලේ කාන්තාව.....

ඉතින් ඔන්න මාත් නිකමට වගේ කියවල බැලුව මොනවාද මේකේ තියෙන්නේ කියල..
ඇත්තටම අපේ මේ ආගමට අපි ආදරයක් නෑ කියල මට දැනුන.මොකද මමත් අපේ ආගම ගැන හරියටම දන්නවනම් මේ දේ කියවන්න කලින් ම මේ ගැන දැනගන්න ඕන නේ..??
එඅත් මන් දන්නේ න අවුරුදු 20ක් තිස්සෙම බුද්දාගම ඉගන ගත්තට...
ඔන්න ඉතින් කොහොම හරි මම මේ ලිපිය කියවුව...
ඔන්න එකේ තිබුන දේවල් තමයි අද මම මේ ලිපියෙන් ලියන්න කල්පනා කරේ..ඉතින් කියවලම බලන්නකෝ..

යාලුවනේ ඇත්තම කියුවොත් අපේ සමාජයේ ඉන්න අපිට වඩා වැඩිමල් අය විවාහ වෙන්න හදනවා..සමහරවිට විවාහ වෙලා දැනටමත්..අපේ වයසේ අයත් විවාහ වෙනවා..ඒ වගේම විවාහ වෙලා..එහෙමත් නැත්නම් අපිට වඩා බාල අයත් විවාහ වෙන්න උත්සාහ ගන්නවා.නැත්නම් විවාහ වෙලා...

කොහොම හරි අපි අද මේ ජීවත් වෙන්නෙත් විවාහ  වෙච්ච දෙන්නෙක් නිසානේ...
එහෙමත් නැත්නම් අපේ අම්මයි තාත්තයි නිසානේ අපි මේ ලෝකෙට ආවේ...

ඔන්න ඉතින් ඒ කාලේ අපේ අම්මලාට සමාජයේ තිබුන උසස්ම තැන ගැන තමයි අපේ යහළුවන්ට දැනගැනීම පිණිස අද කියන්න යන්නේ..

යාලුවනේ දෙන්නෙක් විවාහ උනාට  පස්සේ ගොඩක් ආදරේ කරනවාද?
එහෙමත් නැත්නම් විවාහ වෙන්න කලින් ආදරේ කරලා විවාහ වෙලා ඉන් පස්සේ තව ගොඩක් ආදරෙන් ඉන්නවද?
නැත්නම් විවාහ වෙලා දරුවන් හදල ඉවර උනාම ගොඩක් ආදරෙන් ඉන්නවද?

ඔන්න මේ කතාව කියද්දී මගේ යාලුවෙක් කියපු කතාවක් මතක් උන.එකත් කියන්නම්කො..
මගේ හොදම යාළුවෙක් ඉන්නවා මතකයිනේ හසන්යා...
අන්න එයා කියුවේ,,
මේ ලදී එයා තෙලිගු චිත්‍රපටයක් බලල oh my friend කියල...
ඉතින් එකේ ඉන්න කොල්ලගේ හොදමම යාලුවා කෙල්ලෙක්ලු..
ඉතින් එයා කියනවලු ආදරේ කියන එක ගොඩක් වෙනස්ලු.යාලු වෙද්දී එකෙක්ලු,විවාහ උනාම එකක්ලු,දරුවන් හැදුවම තා එකක්ලු...
ඒ වුනාට හොදම යාළුවගේ අතරේ තියෙන ආදරේ හැමදාම එක වගේ කියල..

ඉතින් මේ කතාව මත එක්ක මගේ යාලුව කියුව.එත් මන් කියුව මන් ඕකට එකග වෙන්නේ නෑ..මොකද ආදාරයට නිර්වචනයක් නෑ කියල...
ඇත්තද මේ කතාව..ඔයාලටත් තේරෙනවා ඇති කියල හිතනවා..
ඔයාලගේ මතයත් අපේ පහල කොමෙන්ට් බොක්ස් එකේ දාන්නකෝ...

ඔන්න ඉතින් බලන්නකෝ මන් කලින් අහපු ගැටළු දෙක තුන ආපහු කොයි වගේද කියල...
ඇත්තටම අපේ දෙන්නෙක් විවාහ උනාම කොයි වගේද ආදරේ කරන්නේ...
ඇත්තම තත්වේ ගත්තොත් නම් වගකීම් වැඩි වෙනකොට දෙන්නට දෙන්න ගොඩක් කාර්ය බහුල වෙනවා නේ.ඉතින් ආදරේ කරන වෙලාවක් නැතුවද මන්ද...පොද්ද ඇත්නම් කාට හරි මල පනිනවනේ..එකනේ ඉතින් හැමදාකම දෙන්න අතාරේ මොකක් හරි ගැටලුවක් මතුවෙන්නේ...
එඅත් ඉතින් ටික දවසක් යනකොට ඕව ඔක්කොම අමතකයි..
එඅකනේ අර කතාවක් කියන්නේ දෙන්න අතරේ ප්‍රශ්න බත ඉදෙනකල් විතරයි කියල..

එඅත් යාලුවනේ මේ කියන්න යන්නේ ඒ කාලේ අපේ විවාහයක් උනාට පස්සේ විවාහ වෙන කාන්තාව..නැත්නම් තේරෙන සිංහලෙන් කියන්නම්කො කෙල්ල කොල්ලට පුදුම විදියට තමයි සලකන්න ඕන.නැතනම් ඉතින් මාර දඩුවම් තමයි ලැබෙන්නේ..
ඉතින් ඔන්න මම මුලින් කියන්නම්කො කොහොම කෙල්ල තමන්ගේ කොල්ලට විවාහ උනාට පස්සේ සලකන ආකාර දෙක තුනක්..

01: තමන් සතුව තියෙන සියලුම දේපල වස්තුව ධනය ඔක්කොම වියදම් කර කර ජීවත් වෙලා ඉනා තාක් කල්ම තමන්ගේ ස්වාමියා වෙනුවෙන් යාග හෝම පුද පුඋජ පවත්වල ආරක්ෂාව ආදරය සුරකින පවුලක් ලැබේව කියල පුද පුජා කරන්න ඕනලු.....

මේ කතාව දැක්කම දැන් නම් හිනා යාවි..මොන පිස්සුද අනේ මේ ගොන් කඩකට එච්චර වියදම් කරන්නේ මොලේ අමාරුවටද කියල නේ????
එහෙමනේ අද කාලේ අපේ අක්කල නංගිලා ඇන්ටිලා හිතන්නේ...
හැබැයි ඉතින් එයාලම තමයි කියන්නේ තන්හාව කියන දේ නම් මගේ අගේ ගෑවිලාවත් නෑ...කියල..

ඔන්න අපි තව කරුණක් ගැන බලමුකෝ ...

02:ඒ කාලේ තිබිල තියෙනවා එක සම්ප්‍රදායක්..බ්‍රාහ්මණ සම්ප්‍රදාය කියල.ඉතින් අන්න ඒ බ්‍රාහ්මණ සම්ප්‍රදායට අනුව නම් පුද පුඋජා පවත්වමින් දරුවන් රැක බලා ගන්න ඕනලු...
එක නම් ඉතින් අපේ සම්ප්‍රදායට අනුවත් දැනටමත් අපේ ගම වල ඉන්න අම්මල ,අක්කල, ඇන්ටිලා විතරක් නෙවෙයි අපේ යෙහෙලියොත් කරනවා නේ ලැබෙන්න ඉන්නවා නම් දරුවෙක් එල කිරි වගේ ලස්සන කොල්ලෙක් ලැබේව කියල...
ඇත්ත ඒ කතාව නම් දැනටත් අපේ කස්ටිය කරනවා.. 


තව කරුණක් බලමුකෝ....
03: ඔන්න හිටි හැටියේම මහත්තය මරුන කියමු..එහෙම උනොත් අර කනවැන්දුම් කියන තත්වෙට පත් වෙනවනේ..එහෙම උනොත් ජීවත් වෙලා ඉන්න තාක් කල්,අවිවාහකව.ඒ කියන්නේ තව කෙනෙක්ව විවාහ කරගන්නේ නැතුව තමන්ගේ නෑයෝන්ට/කුලවලට දාසියක් වගේ වැඩ කරන්න ඕනලු... 

සමහරු නම් කියි හපෝ මිනිහ මැරුණත් එකයි අපිට නම් නැතත් එකයි  කොහොමත් ඒ වගේ තමයි දැනටමත් මේ කරන වැඩ ටික කියල..
තව සමහරු කියයි 
මේ මොන විකාරයක්ද..අනේ අම්මේ මම නම් වෙන එකෙක්ව හොයාගෙන ආතල් එකේ සල්ලි කාරයෙක් එක්ක හොදට ෆන් එකේ ඉන්නවා කියල...
ඔය දෙකෙන් එකක්වත් නැති ඇත්තටම තමන්ගේ ස්වාමියට ආදරේ කල කෙල්ලෙක්නම් තමන්ට දරුවන් ඉන්නවනම් ඒ දරුවන්ට සලකාගෙන තමන්ගේ පවුල්වල මවු දෙමවුපියනටත් සලකාගෙන පිනක් දහමක් කරගෙන ජීවත් වෙනවා..
එහෙම නේ??

තව කරුණක් බලමුකෝ...

04: තම වැඩිමහල් පුතෙක් ඉන්නවා නම් ඒ වැඩිමහල් පුතා යටතේ මෙහෙකාර සේවයේ සහ ඔහුට යටත්ව ඉන්න ඕනලු...

එක නම් ඉතින් අත්තටම මමත් පිළිගන්නේ නෑ..මොකද තමන්ගේ අම්මට එහෙම කරනවා නම් ඒ පුතෙක් නෙවෙයිනේ අපේ ආගමට අනුව..මේ ඉතින් වයිදික ඉගැන්වීම් වලට අනුවනේ මේ ක්‍රම...කොහොම උනත් ඒ කාලේ මේ වගේ නේ සමාජය සංවිදානය වෙලා තියෙන්න ඇත්තේ...

ඉතින් ඔන්න මම දැකපු සිරාම කාරනාව තමයි අන්තිමටම කියන්න හදන්නේ...
මට මේ දේ දැක්කට පස්සේ තමයි මේ ලිපිය ලියන්නත් හිතට ආවේ..ඇත්තටම ඒ කාලේ ගෑනු අය මේ දේ කරන්න ඇතයි කියල.කරන්න එපයි ඉතින් ඒ කාලේ නීති රීති වලට අනුව..

ඉතින් බලන්නකො මේ කරුණ දිහා...

04: තම ස්වාමියා මිය ගිය පසු මළ සිරුර දැවෙන දර සෑයට පැන තම ජීවිතය පූජා කිරීම..

ඔන්න බලන්න යාලුවනේ මේ නීතිය දිහා...ඇත්තටම ඒ කාලේ අපේ ස්ත්‍රීන් කොච්චර තමන්ගේ ස්වාමියට ආදරය කරන්න ඇත්ද..ඒ ආදරය පෙන්වීම සදහා තමයි මේ වගේ අවසානයේ දෙයක් කරන්නේ..හැබැයි ඉතින් කොහොමද හිතකින් ගිනි ගොඩකට පනින්නේ නෙද???
පනින්න බැරුව නතර වෙලා ඉදියොත් අසල සිටින කට්ටිය ගිනි ගොඩට උස්සල දානවනේ...ඉතින් කොහොමත් මැරෙන්නේ නැතුව ඉන්න බෑ...ඔන්න ඕකයි තත්වේ..
පොඩ්ඩක් හිතල බලන්න අද කාලේ අපේ කස්ටිය කොහොමද...

ගිනිගොඩට පනින එක පැත්තකින් තියමුකෝ..
අඩුම තරමේ මහත්තය මරුන කියල අපේ ය ගිනි කුරකින් පුච්චගනිවිද???
නැහැනේ..ඕන නම් ලස්සනට ආර්ට් එකකට අරය මලා කියල පච්චයක් නම් කොටා ගනීවි ...

එහෙම නේද...?
ඇත්තටම අද කාලේ සමාජය හදාගස්වන්න නම් මන් නම් හිතන්නේ අතීතය තුල අපි යන්න ඕන.ඒවායින් තමයි අපි ගන්නවනම් ආදර්ශ ගන්න ඕන..කොහොමත් අපේ මේ කස්ටිය අපේ ඉතිහාසය දන්නේ නෑ බහුතරයක්..මොකද නැත්නම් ඉතිහාසය ඉගන ගැනීමේ තියෙන ප්‍රයෝජන යටතේ තියෙනවා නේ මුලික කරුණක් අතීතය තුලින් වර්තමානය ගොඩනගා ගැනීම කියල..

ඉතින් අන්න ඒ දේ කරනෙම න වගේ නේ...
කොහොම උනත් මෙන්න මේක තමයි ඒ කාලේ අපේ ස්ත්‍රීන්ට ලැබිල තිබුන ස්ථානය..කොච්චර ගැබුරින් ඒ කාලේ පවුලක් සංවිදානය වෙන්න ඇත්ද.එහෙම බැලුවම අද කාලේ කිඅනවා කාන්තාවට නිදහසක් නැහැලු..ඇත්තක්ද බොරුවක්ද කියල මම කියන්න ඕන නැහැනේ.ඔයාලටම තේරෙනවනේ....නිදහස ඕනෑවටත් වඩා වැඩි....
ඉතින් මනුස්සකම සුරකින්න මන් මේ ලිපියෙන් ඉල්ලන්නේ මෙච්චරයි..අපි තාමත් ගොඩ නැගෙන සමාජයක්ලුනේ..හැබැයි මතක තියාගන්න කලින් ගොඩ නැගිච්ච රටක් හොදද...අන්න ඒ රට අපහු ඒ තත්වෙට ගන්න පොඩ්ඩක් අපේ ඉතිහාසයත් දැනගන්න හොදද...යාලුවනේ..

ඉතින් එහෙනම් අදට නවතිනවා..තවත් ලිපියකින් ලගදීම හම්බ වෙමුකෝ..

Post a Comment

0 Comments