යාලුවනේ ඔන්න අද කියන්න යන්නේ කාලින මාතෘකාවක් ගැන මගේ හිතට දැනෙන දෙයක්..පරාජ කියන දේ අපේ ජෙවිතෙට බලපාන්නේ කොහොමද කියල තමයි මේ කියන්නේ.මේ මන් ලබපු ඇත්ත අත්දැකීම් වලින් තමයි මේ දේවල් කියන්නේ.ඉතින් කියවලම බලන්නකෝ..
ඇත්තටම අපි ඉපදුනේ කාත් කවුරුවත් නැතුව.මැරෙන්නෙත් කාත් කවුරුවත් නැතුවයි....කොච්චර ය මැරුණට පස්සේ අඩනවද.
අයිය මරුන කියමුකෝ කෙනෙක්ගේ...
ඉතින් ඔන්න
අනේ මගේ අයියා අපහු එන්නේ නෑ..
මට අයිය ඕන.
එයා නැතුව බෑ මට ඉන්න..
කොච්චර නම් දේවල් කියනවද නේද..එත් යාලුවේ ඔය අඩන වැලපෙන කවුරුවත් අපි මැරුණට පස්සේ
වලට දානකොට වලට පැනල අනේ මාවත් වහල පස් දාන්න...
නැත්නම් පුච්චනකොට මාවත් චිතකයට දන්න දාල මටත් ගිනි තියන්න කියල අරක ඇතුලට පනින්න හදපු කෙනෙක්ව දැකල තියේද.... කියල කියනවා අහල තියේද...
නැහැ නේද...
එක තමයි යාලුවනේ අපි මේ ඇස් දෙක ඇරගෙනත් අන්දකාරයේ ජීවත් වෙනවා කියල කියන්නේ..
ඇත්තටම අපි ඉන්නේ කොයි වගේ තැනකද..හරිටම කල්පනා කරලා බලන්නකෝ.අපි මේ ආව ගමනේ පොඩ්ඩක් ආපස්සට හැරිලා.අපි අපේ ජීවිතයට අපේ එදිනෙදා වැඩ කරන කටයුතු වලින් අරගෙන තියෙන්නේ මොනවාද කියල...
ගොඩක් අත් දැකීම් තියෙන බව ඇත්ත..
අවුරුදු 20 කෙනාට නැති අත්දැකීම් අචුරුදු 59 කෙනාට තියෙනව..
එත් ඒ හැම අත්දැකීමක්ම තියෙන්නේ ඒ ඒ පුද්ගලයා ගැවසෙන සමාජයත් එක්ක විතරයි..
පහසුම උදාහරණයක් කියන්නම් .
හොදට අරක්කු,සිගරට් බොන කෙනාට තියෙන අත්දැකීම් ඒ දේවල් බාවිතා කරන්නේ නැති කෙනෙකුට නෑ...
(....මම සුරාව සුදුවෙන් තොරයි හොදද.......)
ඉතින් අන්න ඒ වගේ තමයි...ජයග්‍රහණයක් බුක්ති විදපු කෙනෙකුට පරාජයක තියෙන අත්දැකීම කවදාවත් දැනිල නෑ..
ඇත්තම කියන්න ඕන....ජීවිතේ අවුරුදු 20ක් ඇතුලට විදින්න පුළුවන් උපරිම පරාජය විදපු කෙනෙක් තමයි මම...මම උසස් පෙළ පලවෙනි පාර විෂයන් 3ම අසමත් උන කොල්ලෙක්..මගේ යාලුවෝ හොදට පස්ස උණා,,මත එක්ක එකට ඉගන ගනිපු යාලුවෝ තුන් දෙනෙක්ම හොදට පාස් උනා..එත් මන් ෆේල්..
මට හොදට මතකයි ඒ දවස..ගිය අවුරුද්දේ දෙසැම්බර් 26 උදේ..තමයි ප්‍රතිපල ආවේ..මම එදා නුවර යන්න ඉදියේ..ඉතින් ප්‍රතිපලත් අව.මම අසමත්.මට ගොඩක් දුක හිතුන..
මම මොනවාද කරලා තියෙන්නේ කියල හිතුන..
එත් මන් පස්සේ දුක් උනේ නෑ..
මන් බැලුව අයි මට වැරදුනේ කියල...
ඇත්තටම මට බවුතික විද්‍යාව,ජීව විද්‍යාව,රසායන විද්‍යාව,, ඒ විෂයන් තුනම එපා වුණා ප්‍රතිපල බැලුවම...
මන් ගොඩක් ආදරය කරන සින්දුවක් තිබුන..
ගහකොලද මල් පිපේ..
ඇල දොළ නිල කඩා හැලේ..
පෙරදාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ..//
දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා..
යව්වනේ අගට විය විරහයි
හද ගිලන් වෙලා........
මේ සින්දුවට ආදරේ කරන්න මන් ගොඩක් හේතු තිබුන..පස්සේ කියන්නම්කො..
එක හේතුවක් කියන්නම්
කිලිපොලා සැලී යමින් නොයින් සීතලේ..
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ..
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ..
හෙට උදේම අවදි වී ය යුතුව තිබේ...
මේ තමයි එකට එක උත්තරයක්...තෙරුම ගැනීම ඔබ සතුයි,පස්සේ දවසක කියන්නම්කො..
ඉතින් යාලුවනේ පැරදීම තුලම මම කල්පනා කර ඇයි මට මෙහෙම උනේ.
මන් ඇයි මේ දේවල් වලට වැඩි කැමැත්තක් නැත්තේ.ඇයි මට වෙන අයට වගේ පාස් වෙන්න බැරි උනේ කියල හිතුන..
එත් මන් ටික දවසකින් ඒ දේවල් අමතක කර,,
මට පෙ ගෙදර අය ගොඩක් බනින්න ගත්ත..
එතකොට ගොඩක් ලගින් ඉදපු අයත් එක එක ඒවා කියන්න ගත්ත..
එත් මන් හැම තිස්සෙම බැලුව..
හා හරි කමක් නෑ..
මට පුළුවන් විදියට නේ ලියුවේ...
මම එච්චර දක්ෂ නෑ නිසා ෆේල් කියල හිත හද ගත්ත...
එත් මන් ආස.කරන පැත්තක් සැගවිලා තිබුන....එක තමයි මේ පරිගණක පැත්ත..ඇත්තටම මන් පුදුම උවමනාවකින් ඒ දේ කරන්නේ..මන් අස කරන පැත්ත මට හොදින්ම තේරුම් ගිය..
මම ඒ පාර මගේ අනාගතේට උදව් වෙන්නේ ඇත්තටම මේ පරිගණක පැත්ත තමයි කියල කල්පනා කර..
එකෙත් මම ආස මෘදුකාංග නිර්මානයටයි,වෙබ් අඩවි නිර්මානයටයි ග්‍රැෆික් ඩිසයිනින් පැත්තටයි තමයි..
ඇත්තටම මට ඒ ගැන දැනටමත් යම් තාක් දුරට ලොකු අවබෝදයක් නැත්තේම නෑ කියල නිහතමානිව කියන්න ඕන..
මත එක්ක එකට විබාගේ කරලා අසමත් වුවන් අතර මම ඇත්තටම ඉහල තැනක ඉන්නවා වගේ දැනෙනවා..සමහර යහළුවෝ පාස් වෙලත් නිකන් ඉන්නවා...
එත් මන් කෙටියෙන් කියන්නම් මන් දැනට තත්පරයකට ශත 2.5කට වගේ ආසන්න මුදලක් උපයනවා කියල කියන්න මන් සතුටුයි...
මගේ අදුරන යාළුවෙක්..යාලු අයිය කෙනෙක් කියුව මල්ලි උබ මාරයි..
අපි බැංකුවට ඇවිත් අවුරුදු 8ක් වෙනවා තවමත් 45යි ලැබෙන්නේ කියුව...
ඇත්තටම මට ගොඩක් නිහතමානීව මන් ගැනම සතුටුයි...යාලුඅවනේ අපි මහන්සි වෙනවා නම් සල්ලි හොයන්න බැරි නෑ
තමන්ට බැරි දේවල් කරන්න යන්න එපා..
අපිට පුළුවන් දේ මොකද්ද කියල එක වෙලාවක අපේ ඇගෙන්ම මතු වෙනවා..
ඒ වෙලාවට ඒ දේ අදුරගෙන ඒ දේම කරන්න..
කවදාවත් වරදින්නේ නෑ...
විබාග කියන්නේ අපේ රටේ තියෙන දෙයක් විතරක් නෙවෙයි.මුළු ලෝකෙම තියේනවා..,පොඩ්ඩක් හිතන්න,,
අපිට තරග කරන්න ප්‍රශ්න හදන්නේ කගේ දනුමෙන්ද???
අපි වගේ විබාග කරපු..එහෙමත් නැත්නම් උපාධි ගනිපු අයගේ දැනුමින්ද??
නෑ නේද?
ඒ අය ඒ ඒ අය විසින්ම මහන්සි වෙලා,කල්පනා කරලා ලෝකෙට පෙන්වල දීපු දේවල් වලින් තමයි අපේ මේ අයත් වැඩ දාන්නේ..
ඉතින් ඇයි අපිට හිතුවොත් අලුත් දෙයක් හොයාගන්න බැරි...
අපිට තියෙන මේ දැනුම හොදටම ඇතයි කියල මට හිතෙනවා..පුළුවන් තරම් කල්පනා කරන්න..මොකද
මොන ප්‍රතිපලය අරගෙන මොන විශ්ව විද්‍යාලයට ගියත් මොන දැනුම ගත්තත් වැඩක් නෑ නව තාලයට ඔබින අලුත් දෙයක් ගැන හිතල නිරමාණයක් කරන්න බැරිනම්..
කෙටියෙන් කියුවොත් කොතන ගියත් හිතීම මත තමයි නව නිර්මාණ බිහි වෙන්නේ..
ඉතින් අපි හැමෝම මනුස්සයොනේ..ඇයි අපිට එහෙම වෙලා ලෝකය ජයගන්න බැරි..
පුළුවන් තරම් උත්සාහ ගන්න.අපිට බැරි නෑ..
අපි සිංහයෝ..කවදාවත් සිංහයෙක් තනියම මිසක් දෙන්න තුන් දෙන එක්ක දඩයමේ ගියේ නෑ..
මී හරක් තමයි රංචු පිටින් ඇවිදින්නේ...අන්න ඒ දේත් මතක තියාගෙන හයිය අරන් වැඩ කරන්න....

0 Comments
ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....