බොන්න කලින් බෝතලේ හංගගෙන ආවට වැඩක් නෑ.....

යාලුවනේ ඔන්න ඉතින් අද මේ කියන්න යන්නේ අපේ අතරේම ඉන්න අපේම ලස්සන කොල්ලෝ කරන දෙයක් ගැන..කොල්ලෝ කියුවට තරහ ගන්න එපා..
බහුතරයක් පිරිමි අය..ගැහැණු අයත් නැතුවම නෙවෙයි.ඒ වුනාට බහුතරයක්ම පිරිමි අය තමයි මේ වැඩේ කරන්නේ..
උඩ මාතෘකාවෙන්ම සමහරවිට තේරෙනවා ඇති මේ කියන්න යන්නේ මොකක් ගැනද කියල.
ආ ඔව් ඔව් මේ ඉතින් මේ කියන්න අරක ගැන නේ??කියල මතක් වුන අයත් ඇති...
ඔව් යාලුවනේ අද මේ කියන්න හදන්නේ අපි අතරේ ඉදන් අපිව නොදැනුවත්වම අපිව  වනසන දේ ගැන තමයි..

මත්ද්‍රවය ගැන...

මත්ද්‍රව්‍ය කියල කියන්නේ ඉතින් මොනවාද කියල අලුතෙන් කියන්න ඕන නැහැනේ..අපේ ලංකාවේ බාවිතා නොකරන අයත් හොදටම දන්නා එකම දේ තමයි මත්ද්‍රව්‍ය කියන්නේ මොකද්ද කියල..
ඇත්තටම අපි එක ගැන කල්පනා කරාද නිකමටවත්..
අපි අතරේ මත්ද්‍රව්‍ය බාවිතා කරන කෙනයි..නොකරන කෙනයි යන දෙන්නම හොදටම දන්නවා නේද මේ මත්ද්‍රව්‍ය කියන්නේ මොකද්ද,බාවිතා කරාම මොකද වෙන්නේ කියල..
එත් වෙනත් දෙයක් ගැන ඇහුවොත්....??
කෙටියෙන් කියනවා නම්,
පරිගණකයේ කොටසක් ගැන ඇහුවොත් බොහොම සුළු පිරිසක්නේ ඒ ගැන හරි අවබොදයක් තියෙන්නේ..
අන්න ඒක තමයි යාලුවනේ අපි හැම පැත්තකින්ම යාවත්කාලින වෙන්නේ නැහැ කියල කියන්නේ...
එහෙම යාවත්කාලින නොවී අලුත් නිර්මාණ සහ අලුත් රටක් බිහිකරන්න අමාරුයි කියල තමයි මගේ හැගීම නම්,,,

ඉත්න් අපි හැරෙමුකො අපේ මාතෘකාවට..
මේ මත්ද්‍රවය අතරින් අපි ගනිමුකෝ ගොඩක්ම බාවිතා කකරන දේ..අරක්කු..
ඉතින් මේ මන් අද දැකපු පොඩි සිදුවීමක් ගැන තමයි කියන්න යන්නේ.මේ දේ දැකල තමයි මට අද මේ ලිපිය ලියන්න හිතට ආවේ..සමහරවිට ඔයාලත් දැකල ඇති..

යාලුවනේ මම අද ගියා මගේ යතුරු පැදියේ තිරිංග පොඩ්ඩක් තද කරගන්න..ඉතින් ඔන්න ගිහින් එනකොට මම ආවේ වැලිගම මුහුද අයිනේ ප්‍රදාන මාර්ගයෙන්..
ඉතින් ඒ පාරේ ඇවිත් වැලිගම නගරයට පිවිසෙනකොට තමයි සුරා සැල මුණ ගැහෙන්නේ..
ඔන්න ඉතින් ටිකක් පෙනුම තියෙන උස කොල්ලෙක්.
ඒ කියන්නේ සාමාන්‍ය  වයස අවුරුදු 30ක් විතර වගේ තරුණ මහත්මයෙක් එක පාරට කළු පාට ලොකු ටියුලිප් බෑග් දෙකක් අත් දෙකට අරගෙන පාර හරහා මාරු උනා...
මම ඉතින් පොඩ්ඩක් මගේ යතුරු පැදියේ වේගය අඩු කරා.
මොකද කවුරු උනත් පාරේ හරහා යද්දී වේගෙන් යන්න හොද නැහැනේ.ඉතින් ඔන්න මන් ලං වෙලා එයාව පහු කරගෙනම යනකොටම එක පාරටම මට ඇහුන දඩ බඩ ගාල විදුරු බෝතල් වගයක් පෙරළෙනවා වගේ..
මන් හිතුවේ සුරා සැලේ මොකක් හරි පෙරලුන කියල..
කෝකටත් මන් නවත්තල බැලුව..
බැලුව ගමන් දැක්කේ අර මනුස්සයාගේ අතේ තිබුන එක බෑග් එකක් කැඩිලා බෝතල් දෙකක් විතර බිම වැටිලා..ඉතින් බිමට වැටෙන සද්දේ තමයි ඇහුනේ..
"අඩෝ හොද වේලාවට බිදුනේ නෑ බන්..නැත්නම් කීයක්ද නේ?,හෙන ගේමක් දීල 500ක් හොයාගත්තේ.."
ඔන්න ඔච්චරයි මට ඇහුනේ..එයා තව එයා එක්ක ආව යාලුවෙක්ට කියුවේ..

යාලුවනේ
ඉතින් මෙන්න මේ දේ තමයි මට කියන්න ඕන ඔයාලට...
අපේ මේ අරක්කු බාවිතා කරන යාලුවෝ ඒ දේ ගෙනියන්නේ ලෝකෙටම වහගෙන..අදුරන අය ඉන්නවා නම් බාර් එකට යන්නේ නෑ.හැංගි මුත්තන් ගහල ගහල හෙන අමාරුවෙන් තමයි ටක් ගාල බාර් එකට ගිහින් බෝතලයක් අරගෙන එකත් තව කොහේ හරි ගහගෙන හංග ගෙන බොහොම අමාරුවෙන් කොහේ හරි තැනකට හොරාට ගිහින් සෙට් වෙන්ව..
හැබැයි එතකල් හිතාගෙන ඉන්නේ මම මාර පොරක් තමයි,,බලපන් මන් කාටවත් අහු නොවෙන්න වැඩේ කරනේ..හෙන ලොකුවෙන් කතා කරන්නේ නේ??
මන් මේ කියන්නේ ඇත්ත නේද යාලුවනේ...

ඉතින් ඇයි එයාල තේරුම් නොගන්නේ මෙන්න මේ දේ....?

කොච්චර හංග ගෙන මොන යුද්දේ කරලා හරි අරගෙන ආව කියමුකෝ..
කාටවත් පෙන්නේ නැති වෙන්න හොරාටම පානය කරා කියමුකෝ..
එඅත් යාලුවනේ ඕක බාවිතා කරලා ටික වෙලාවක් ගිහින් හොදට ඇගට දැනෙන්න පටන් ගත්තම නේ අපේ මිනිස්සු අමනුස්සයෝ ගානට වැටෙන්නේ..

කෙටියෙන් කියුවොත් එක අකුරක් බීල සුද්ද සිංහලයම කියවන්නේ ඒ වගේ උනාම නේ???
එක අකුරක් බීව කියුවේ " රා " බීල ඔක්කොම කියවනවා කියන අරුත හොදද...

ඉතින් මෙන්න මේ තත්වෙට පත් උන ගමන් අරම කොච්චර හංග ගෙන වැඩ දාල මේ දේ බිව්වත් වැඩක් නෑ නේ??
ඊට පස්සේ කරන වැඩ වලින් මේ කරපු වැඩ ඔක්කොම අහු වෙනවා නේද?
ඇයි මේ අපේ මොලයක් තියෙන බුද්දිමත් මිනිස්සු කියල නාමිකව වැජබෙන අය මේ වගේ වැඩ කරන්නේ..
නමට විතරක් ඇයි උපාසක මහත්මයෙක් වෙලා තියෙන්නේ??
පොඩ්ඩක් කෙනෙක්ට ආදර්ශමත් වෙලා ජීවත් වෙන්න පුළුවන් නේද..
එහෙම වෙනවනම් ලංකාවේ සුරා සැල් මෙච්චර ප්‍රමාණයක් විවෘත වෙන්නේ නැහැ නේද..
පොඩ්ඩක් අපිම කල්පනා කරලා අපිව පාලනය කරගමු යාලුවනේ.
ඒ දේ තමයි මන් නම් දකින්නේ අපි වෙනුවෙන් අපි කියන සංකල්පයට වඩාත්ම හොද...මොකද අපි හැමෝම මනුස්සයෝ නේ...

Post a Comment

0 Comments