දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා...

යාලුවනේ ඔයාල හැමෝටම ගොඩක්ම ගොඩක් යහපත් සාමය සතුට රජයන මනුසත් කමින් පෙරටම ගිය ගුණ දම් සපිරුණ යතාර්තවත් 65 වසරක් සපිරෙන නිදහස් දිනයක් වේවා කියල මුලින්ම පතනවා....!!


ඔන්න අද ඉතින් කියන්න හදන්නේ අපේ හැම යහළුවෙක්ටම ආස කරන දෙයක් ගැන..
ඒ කියන්නේ හැමෝම කරන දෙයක් ගැන...කෙටියෙන් කියනවා නම් ඉතින් සිංදු ගැන...
සිංදු...සිංදු...සිංදු...කොච්චර නම් ලෝකේ සිංදු තියනවද නේද??
කොයි තරම් අපේ යාලුවෝ මේ සිංදු අහනවද..
ඇත්තම කියන්න එපයි ඉතින් ලංකාවේ අය මේ ගීත අහන ක්‍රම වේද කිහිපයක් තියෙනවා..
ඒ කියන්නේ එක එක අයගේ රුචිකත්වය අනුව තමයි එක වෙනස් වෙන්නේ..සමහරවිට අපේ මිනිස්සුන්ගේ වයස අනුව ඒ ඒ රුචිකත්වය වෙනස් වෙනවා...

මට මතක් වෙච්ච පොඩි දෙයක් කියන්නම්කො..

දවසක් ඔන්න මම පොඩි කාලේ..මට පරිගණකයක් ලැබිච්ච මුල්ම දවස්වල..ඉතින් ඔන්න ඒ කාලේ ඉතින් හැමෝටම වගේ මාර උණක් තිබුන ඩී.ජේ සින්දු..ගැන.
ඉතින් මගේ වැඩේම තමයි music.lk එකට යනවා එකේ තියෙනවා නේ DJ songs and Remix කියල එකක්..
DJLanka.com එකෙන්ද කොහෙද මතක විදියට..ඉතින් ඕකට යනවා ඇති වෙනකල් එක එක ඩී ජේ සින්දු ඩවුන්ලෝඩ් කරගෙන අහනවා ගොඩක් සද්දෙන්..
අපේ තාත්ත එන්නේ ගෙදර සති අන්තයේ..
ඉතින් තාත්ත ඉන්න වෙලාවට ඕව දැම්මම තාත්ත කියන්නේ මෙන්න මෙච්චරයි.තාත්ත අපිට බනින්නේ බොහොම කලාතුරකින්.ගොඩක් ආදරෙයි අපිට..ඉතින් තාත්ත කියනවා...
 "චී චී ලොකු පුතා,මොනාද ඔයාල ඔය අහන සිංදු?ම්ම්ම්....අයියෝ...ඇත්තට ඔයාල මොනවාද ඉස්කෝලෙකට ගිහින් ඉගන ගන්නේ..පහත් රුචිකත්වයක් ඇත්තටම ඔයාලට තියෙන්නේ කියල..පොඩ්ඩක් බනිනවා.."

ඉතින් අපි මොකද  කරන්නේ ටක්ගාල ඒ ටික වහා දාල වෙන කාගේ හරි එකක් දාල ඔහේ අහගෙන ඉන්නවා.එක්කෝ පන්ඩිත් අමරදේව මහත්මයාගේ,නැත්නම් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ එහෙමත් නැත්නම් ටී.එම් ජයරත්න මහත්මයාගේ...ඔන්න දැන් තේරෙනවා ඇති අපේ තාත්ත අහන්න කැමති මොන වගේ අයගේ සිංදු ද කියල...

ඉතින් ඔන්න ඔහොම කාලයක් තිබුන ඒ කාලේ ,ඉතින් ඒ කාලේ කියුවට ඉතින් වැඩිය ඈතක නෙවෙයි අර "මට සිතන්න බෑ අදහගන්න බෑ" ඔන්න ඕකට තමයි මාර ගැම්මක් තිබුනේ ඒ කාලේ..බොරුද ඔයාලට උනත් මතක ඇතිනේ ඒ සින්දුවනේ අපේ ඉරාජ් වීරරත්න මහත්මයව උඩින් තිබ්බේ..
ඉතින් අපේ යාළුවොන්ටත් ඒ කාලේ කටේම තිබුනේ ඒ සිංදුව තමයි.මගේ කටෙත් ඉතින් ඕකම තමයි..

ඔන්න ඉතින් කාලෙන් කාලෙට එක එක පිස්සු ආව..එක එක සිංදු ආව..අපිත් අහන්න පටන් ගත්ත..
ඒ කාලේ ඉතින් පොඩි මානසික රෝගයක් තිබුන අලුතින්ම එන සින්දුව තමන් ලග තියෙනවා නම් ඔන්න එයා තමයි ඉන්න එකම පොර..
ඉතින් අපේ වැඩෙත් කොහොම කොහොම හරි අලුත් සිංදු ඉතින් හොයල හොයල ඒක දාගන්න තමයි බැලුවේ..
 ඉතින් යාලුවනේ ඇත්තටම අපි ඒ කාලේ එහෙම සිංදු අහනවා තමයි..කාලයක් ආව මල් සිංදු කියල..මොකද බැලුවොත් ඇත්නම් කියන්නෙම මොකක් හරි මල් වර්ගයක් ගැන..බොරුද??
රටේම තියෙන මල් ගැන එකතු කරලා මල් සින්දු කියන්න පටන් ගත්තනේ අපේ යාලුවෝ...
එකත් එක කලාවක් උන..
හැබැයි ඔය හැම ගීතයක් අතරම අමරණීය ගීතයක් කියල දෙයක් ගායන කරන්න අපේ ගායකවරු අමතක කරෙත් නෑ...
ඒ කියුවේ යාලුවනේ
ගොඩක් අර්ථවත් ගීතයක් තමන්ගේ ගීත ඇල්බමයට එකතුකරන්න අමතක කරේ නෑ..
පොඩ්ඩක් බලන්න අපිට මේ මෑත කාලයේදී ඇහුන ගීත අතරින් එක ගීතයක් ගත්තම ඒ ගීතය හැම අවුරුද්දකම හැම මාසයකම හැම සතියකම හැම දවසකම හැම පැයකදිම එක සැරයක් හරි එක රේඩියෝ නාලිකාවකින් හරි ඇහෙන්න සැලැස්සුව හොත් අපිට එපා වෙන්නේ නැත්ද???
නිසැකවම එපා වෙනවා නේද..
ඇහුන ගමන් අපි කියන්නේ අපෝ ඕක දැන් අහල අහලම එපා වෙලා බඩ දගලනවා අහල අහලම කියල ලග ඉන්න කෙනාට කියනවා වෙන එකක් දාන්න කියල..
මන් මේ කියන්නේ ඇත්ත නේ??

යාලුවනේ එක අතකින් ඒ දේ කරන්නේ අපේ රේඩියෝ නාලිකාවන්..මොකද හැමතිස්සෙම ජනප්‍රිය ගීතය කියා කියා එකම ගීතය දැම්මම නිකන්ම ඒක ජනතාව අතරින් ගිලිහෙන තත්වෙකට පත්වෙනවා..
එත් ඉතින් එම නාලිකාවේ ශ්‍රාවකයෝ වැඩිකරගන්න කියල එයාලත් ඒ දේ අත අරින්නේ නෑ..
ඉතින් නිකන්ම සිංදුවට තියෙන තැන නැතිවෙලා යනවා..
එත් කාලයක් ගිහින් ආපහු ඒ සින්දුව අහන්න ලැබුනොත් අපි ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා.
එක තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන විශේෂත්වය..
අපි කොච්චර බැන්නත් අන්තිමට අපිටම තේරුම් යනවා සමහර වෙලාවට ඒ දේ තුල වටිනාකමක් නැත්තේම නෑ කියල..
ඔන්න ඉතින් අපහු දවසක් දෙකක් ඒ සිංදුව අහනවා එක දිගට..ඉතින් අපහු එපාවෙනවා..ඇත්ත නේ??

එත් යාලුවනේ ගොඩක් අර්ථවත් ගීතයක් මොනම හෝ ගායකයෙක් කියුවොත් ඒ ගීතය සදා අමරණීයයි..
බලන්න එච්.ආර්.ජෝතිපාල මහත්මයාගේ ගීත..
සමහරු බනිනවා හින්දි කොපි කියල...
ඒ උනාට ඔය ටී.වී තරගවලට එන ගායක ගායිකාවන්ගෙන් ජෝතිපාල මහත්මයාගේ ගීතයක් කියන්න බැරි වුන නම් ඒ තරගකරුව කැපෙනවා නේද...
එතැනින්ම තියෙනවා ජෝතිපාල මහත්මයට අපේ සමාජය තුල තාමත් විශිෂ්ට තැනක් තියෙනවා කියල.
එතුමාගේ තියෙන ගායන හැකියාව,හඩ සහ මනුෂ්‍යත්වය කියන දේවල් ඔක්කොම තාමත් අපි අතරේ රැදිලා තියෙනවා..
මම අහපු දෙයක් මේ කියන්න යන්නේ.
එතුමා ඒ කාලේ සිංදු කියන්න සල්ලි වලට ගියේ බොහොම අඩුවෙන්ලු..
නිකන් යාලුවෝ කතාකර වගේ ගිහින් කියල එනවලු..හැබැයි එයා ගොඩක් අරක්කු බීල ෆන් එකේ ඉන්නලු ගොඩක් ආස..
ඉතින් ඒ නිසාම අපේ ලංකාවේ වගේම මුළු ලෝකෙම ය ගොඩක් අදුරන ගොඩක් ප්‍රසිද්ද ගායකයෙක් බවට පත් උනා..අරක්කු බීපු නිසා නෙවෙයි හොදද..ලස්සන හිතට වදින ගීත ගායන කරපු නිසා..

යාලුවනේ ගීතයක තියෙන්න ඕන ඇත්තටම හොද තේරුමක්/විරිතක් සහ වියන්ගාර්තයක් ඒ කියන්නේ අභ්‍යන්තර හොද තේරුමක්..ලස්සන උපමා උපමේයයන් එක්ක ගොඩ නැගුන පද රචනයක් තියෙනවනම් ඒ ගීතය හැමදාමත් අපේ හිත්වල රැදෙනවා..
මේ ලිපිය ලියන්න වැදගත් උනේ මෙන්න මේ පහල තියෙන ගීතය.,
මන් අද උදේ ගුනදාස කපුගේ මහත්මයාගේ ගීත ටිකක් අහ අහ ඉන්නකොට තමයි මේ ගීතය ඇහුනේ.
මන් දෙපාරක් තුන්පාරක් ඇහුවම තමයි ලිපිය ලියන්න හිතට ආවේ..
බලන්න කොච්චර ලස්සනද කියල.
මේ ගීතයේ ඇතුලත තේරුම මොකද්ද කියල හරියට තේරුම් ගත්තම තමයි ගීතයේ ලස්සන තේරුම් යන්නේ..
ඒ වගේම වටිනාකම පැහැදිලි වෙන්නේ..
ගොඩක් සංවරව අදහස සමාජයට දීල තියෙනවා..අයිය කෙනෙක්ගේ හිතේ තමන්ගේ නංගිගේ හිතේ තියෙන ආදර සම්බන්දය ගැන තමයි මේ ගීතයෙනේ කියන්නේ..
අයිය නන්ගිගෙන් ඇහුවම නංගි උත්තරයක් දෙන්නේ නැති උනාට නංගිගේ ඇස් වලින් අයිය දැකපු දේ තමයි මුල් පද පෙලින් කියන්නේ..
ඇත්තටම ලස්සන ගීතයක්,,

දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා..
වසන් කරන හිත මුහුණේ ලියවෙනවා..
නංගිගේ පාමුල ඉර හද තියල..
ආදර හිත ලග කවුරුද මුවා උනේ...

හැඩරුව බලල කැඩපත වෙහෙසන්නේ..
පුංචි හිතේ පොඩි මදුමල් පිපිලාදෝ..//
ගෙදර බුදුන් මුව උදානයක් වූ..
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා..

බාල බොලදියේ ඉස්සර සුරතල් වූ.
කවට සිනා කෙලි සගවා තබුවාදෝ...//
වසන්තයට පෙර කකුලට ලංවී..
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා.

යාලුවනේ ඇත්තටම මෙන්න මේ වගේ නිර්මාණ අද කාලේ ගීත රචකයෝන්ගේ අතින් නැවත නැවතත් ලියවෙනවානම්,එහෙමත් නැත්නම් ආදුනික ගීත රචකයෝනට මේ වගේ ගීත ලියල ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඇත්තටම අපේ කළා ලෝකය තාමත් ඉහලම තැනකට එනවා..
ගීතයක තියෙන වටිනාකම කියන දේ උඩට ගන්න නම් හැම වෙලාවකම හොද නිර්මාණයක් දකින්න ඕන..
එක ඒ රචකයාගේ වගේම ගායකයගේත් තියෙන දක්ෂ කම..
ඒ උනාට තනුව මත තමයි මේ දෙකම පවතින්නේ..
ලස්සන පද රචනයකට හැකියාව තියෙන ගායකයෙක් එකතු කරලා...වැඩකට නැති තනුවකට ගායනා කරාට වැඩක් නෑ නේද..?
අන්න ඒ නිසා හොද තනුවක් ඔස්සේ ගීත අපේ සමාජයට දෙන්න ඕන..
එතකොටයි එම ගීත වලට අදාළ ඇත්තම ස්ථානය නොවරදවාම අපේ සමාජය තුලින් ලැබෙන්නේ..
ඉතින් යාලුවනේ ඔයාලට හැකියාව ඇති ලස්සන ගීත ලියන්න..\පදවැල් ගොතන්න...මුමුනන්න කොයිතරම් හැකියාවක් ඇත්ද??

පොඩ්ඩක් උත්සාහ අරන් බලන්නකෝ..මට බෑ මට බෑ කියා කියා ඉන්න එපා..නිකමට උත්සාහයක් අරන් බලන්න..ඒ වගේම හැම වෙලාවකම හොද නිර්මාණයකට තැන දෙන්න.මොකද එතකොට තමයි අපේ සමාජය වගේම අපේ ගීත රචකයෝ බලන්නේ හොද නිර්මාණ විතරක් එලියට දාන්න...එහෙම නේද..??
ඉතින් අපි හැම තිස්සෙම ඒ දේට මුල් තැන දීල අපේ මනුස්සකම තුලින් මේ කළා ලෝකය තුල අපේ ලංකාවට හොදම තැනක් අරන් දෙන්න උත්සාහ ගමු,,බැරි වෙන එකක් නෑ....

Post a Comment

0 Comments