ලස්සන කෙල්ලෙක්ට කොහොම කොල්ලෙක්ද ඕන.....

ඔන්න ඉතින් මේ කියන්න යන්නේ අමුතුම කතාවක්.එක අතකට මේ කතාව හැම ගනු ළමයෙක්ම පිලිගන්නවා ඇති.එත් මං හොදටම දන්නා අදුරන ගනු ළමයි දෙන්නෙක් ඉන්නවා.ඇත්තකියන්න ඕන නේ ඉතින්මේ ගනු ළමයි දෙන්න නම් මේ කියන කතාව එක්කෙනෙක් එක විදියට හිතන්නේ.තව කෙනෙක් දෙවිදියටම හිතනවා.මාරයි වෙලාවකට.මම ඉතින් ගොනා වගේ නිකන් ඉන්නගමන් මේ වගේ ප්‍රශ්න මේ අයගෙන් අහල දෙන උත්තර ගැන කල්පනා කරලා මේ වගේ ලියනවා...ඉතින් කියවලම බලන්නකෝ.

ඔන්න ඉතින් මං මේ ගනු ළමයි දෙන්න මුලින් හදුන්වල දෙන්නම්,,එක්කෙනෙක් හසන්‍යා අනිත් කෙනා රසන්‍යා දෙන්න නිවුන්නු වගේ..යන්නේ එන්නේ ඔක්කොම එකට..හැබැයි එක්කෙනෙක්ට පිරිමි ළමයෙක් ඉන්නවා මං හිතන්නේ.රසන්යට තමයි ඉන්නේ.ඉතින් ඔන්න මං දවසක් ඇහුව රසන්යගෙන් හලෝ ඔය ආස කොඉවගේ කොල්ලෙක්ටද කියල.දැන් ඔය යාලු වෙලා ඉන්න කෙනා ඔයට ගැලපෙනවද කියල ගොන් කතාවක් ඇහුව...
මෙන්න තද වුන හොදටම.මහා ගොනෝ ඇහුවොත් අහන්නේ ගොන් කතාවක්ම තමයි කියල මට බාන්න හොදද..ඉතින් මං ඇහුව හරි හරි ඇහුව දේට උත්තරේ දෙන්නකෝ කියල මං කියුව.
ඉතින් ඔන්න කියුව මෙන්න මෙහෙම..
ඔය ඔයි ප්‍රශ්නේ මගෙන් දැන් කීවෙනි සරෙටද අහන්නේ.ඔව් මට හොදට ගැලපෙනවා.එකනේ මං එය එක්ක යාලු වුනේ.ආදරේ කරන්නේ,මට හොදටම ගැලපෙන නිසා තමයි කියුව,,,,

ඔන්න මේ තමයි ඇත්ත කතාව හොදද..මගේ යාළුවෙක් එක්ක තමයි මේ යාලු කෙල්ල යාලු වෙලා ඉන්නේ.ඒ කියන්නේ රසන්යා යාළුවෙලා ඉන්නේ මගේ හොද යාළුවෙක් එක්ක.ඉතින් මේ කොල්ල මටනොක්යන දෙයක් නැති තරම්..


ඉතින් මේ රසන්ය අපිට බොරුවට තමයි අර ම කියන්නේ ගැලපෙනවා අරක මේක කියල..මේ  ළමය ඇත්තටම ආස කොයිවගේ කෙනෙක්ටද කියල මං හොයාගත්ත.හැම කෙල්ලෙක්ම නම් මෙහෙමද කියල මම දන්නේ නෑ.
මේ කෙල්ල කැමති නෑලු ඇත්තටම සුදු කොල්ලොන්ට.
තව දෙයක් වැඩිය මහත කොල්ලොන්ට අසත් නැහැලු.
කොන්ඩේ පොඩ්ඩක් වවපු වගේ
ගොඩාක් උස වෙන්න ඕනලු.

දන්නවද හැමදාකම අර කොල්ල මීට් වෙන්න ලැබුනම ඉතින් හැමදාම කෑගහනවලු,උස යන්නලු,ටිකක් මහත් වෙන්නලු,අපේ ගෙදර අය කැමති වෙන්නේ එතකොටලු.අරක මේක කියා කියා හැමදාම කෑගහනවලු.ඉතින් ඔන්න මගේ යාලුව මේ කෑගැහිල්ලෙන් බේරෙන්න ජිම් යනවා.ගිහින් හැමදාම උදේට යකඩ ගොඩවල් උස්සනවා.පව් එක අතකට......
මොකටද අනේ තමන්ට ස්වබාවිකවම ලැබුණු ශරීරය අස්වාබවික කරගන්නේ.වියායාම අවශ්‍යයි තමයි.ඒත් සමාජය රවට්ටන්න.බොරු අග පතක් පෙන්වන්නේ මොකටද....???

එඅක නම් කමක් නෑ කියමුකෝ...ආදරේ දිනන්නන ඒ දවස්වල නම් තිබුනේ දෙන්නගේ කැමැත්ත විතරයි.කේන්දර කුල මල ගැලපුනත් නැතත් ගෙදර මිනිස්සු දෙන්නගේ සතුට අපෙත් සතුට කියාලා කැමති උන.එඅත් දැන් කාලේ කෙල්ලෝ හිතන විදිය හරි වෙනස්..බොරු මායා වලට රැවටිලා තමයි ජීවත් වෙන්න බලන්නේ..
පුදුම මානසිකත්ව තමයි තියෙන්නේ.කොන්දෙට එක එක විස්කුරුත්ත දැම්මේ නැත්නම් එය සමාජයෙන් කපෙනවලු..ඇහිබැම හැදුවේ නැත්නම් එඅත් එහෙමයිලු.
නියපොතු පාට නොකරත් එහෙමලු..එඅත් මේ ය ඉතිහාසය ඉගන ගත්ත නම් ඔයි දේවල් කරන්නේ නෑ කියල මං හිතන්නේ.නියපොතු පාට කරන කලාව ගැන මම ඊලග ලිපියෙන් කියන්නම්,,,හොදද....

ඔන්න ඔය අතරේ මං කියුව මතකද මගේ අනිත් යාලුව ගැන....එයට නම් තාම කොල්ලෙක් නෑ මං හිතන්නේ.
එයා නම් ජීවිතේ ටිකක් අවබෝද කරගෙන තමයි කතා කරන්නේ.හරිම සරලයි..කියන කතාවලත් ගොඩක් හොද අර්ථයක් තියෙනවා..කවුරු හරි දුක හිතිලා අඩනවා කිඋවොත් ටක් ගාල එයාගේ දුක නිවෙන්න හිත හදනවා.මං දැකල තියෙනවා...
දවසක් එයා කියනවා මෙන්න මෙහෙම දෙයක්..

"ජීවිතේ කියන්නේ ඒ ලෙවල් නෙවෙයි..අනික කෙනෙක්ගේ වටිනාකම ඒ ලෙවල් වලින් මනින්න බෑ.ඒ නිසා දුක් වෙන්න එපා.යන්න පුළුවන් පැත්තෙන් ඉදිරියටම යන්න කියල.."

මෙන්න මේකයි යථාර්තය මං දකින විදියට..ඇත්ත නැත්ත මොකක් උනත් අපි හැමෝම මනුස්සයෝ.එහෙමත් නැත්නම් සත්තු කොට්ටාශයක්..හැබැයි මේ යාලුව නම් දවසක් මත එක්ක තර්ක කර මිනිස්සු කියන්නේ සත්තු නෙවෙයි කියල.ඒ එයා ගණිත අංශයෙන් හදාරපු නිසාද දන්නා.පස්සේ මං කියල දුන්න අපිත් සත්තු කොට්ටාශයක් කියල.
ඇත්තටම අපිත් දවසක සමහරවිට ඊලග මොහොතේ මැරෙන්න පුලුව.සමහරවිට මේ ලිපිය කියව කියව ඉන්න ගමන් ඔයාගේ පරිගණකය ස්ක්‍රීන් එක පිප්රුවොත් ඔකද වෙන්නේ.මැරෙන්න පුළුවන් නේ???

අන්න ඒ වගේ තමයි...
"යන නොසිතු වෙලාවක වියැකී,ජීවය තැන අග පිනි බිදකී.."
කියල සින්දුවක කෑල්ලක් මතක් උන..
ඉතින් කරන්න තියෙන්නේ එක දෙයි යාලුවනේ.පුළුවන් හැම මොහොතකම පොඩි පොඩි පිං දහම් කරන්න.අඩුම තරමේ සතෙකුට කෑම ටිකක් හරි දෙන්න.ඒ පිනම දවසක ඔයාගේ සතුටට උදව් වෙන්නත් පුළුවන්...
ආදරේ කියන දේ බලෙන් ලබාගන්න බෑ...එක ලැබෙන්න ඕන,,ඒ ලැබුන නම් ලැබෙන්නේ වාසනාවකට මිසක් අවාසනාවකට නෙවෙයි.ඒ ආදරේට ගොඩක් ගරු කරන්න.ආරක්ෂා කරන්න...
හැම වෙලාවෙම ආදරේට ආදරේ කරන්න,...හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙයි....මොකද අපි හැමෝම උසස් මනසකින් යුක්ත මනුස්සයෝ.....








Post a Comment

1 Comments

  1. වැරදි නිවැරදි කිරීමක් තියෙනවා ගෑනු = ගනු හොදද.....
    සමාවෙන්න ඕන ඒ පිලිබදව...

    ReplyDelete

ඔයාගේ වැදගත් අදහසට ඇත්තටම අපි ගරු කරනවා.....